Pubic Hair 21+++(යූනික රෝම)
(මෙය අන්සතු දිනපොත නමැති බ්ලොග් අඩවියෙන් උපුටා ගැනීමක් වන අතර මෙහි සියලු ගෞරවය අමිල චතුරංග සහෝදරයා වෙත හිමිවිය යුතුය.)
යූනික රෝම යැයි හඳුන්වන්නේ මනුෂ්‍යයින්ගේ ප්‍රජනක ඉන්ද්‍රියන්ට උඩින් පිහිටා ඇති මවිල් වැවෙන ප්‍රෙද්ශය වෙයි. මේ යූනික රෝම යනු අමු අමුවේ ඉංගිරිසි වචනය පෙරළීමක් වෙන අතර අප සිංහල බස කතාකරන අය අතර ලිංගිකත්වය එළිපිට කතාකිරීමේ ලක්ෂණයක් නොමැති බැවින් දෝ ඒ විශේෂ මවිල් පදාසය හැඳින්වීමට වදනක් නොමැත.
හිස වූ විශාල කෙස් තොගය හැරුන කල වෙනත් ස්ථාන කිහිපයකම මනුෂ්‍යයින්ට මයිල් පිහිටයි. ඉතාම කළාතුරකින් මිනිසකුගේ මුහුනේද සිරුරේද වලසකුගේ මෙන් ඝනව මයිල් පිහිටා තිබුනත් බොහෝ මිනිසුන්ට ඇත්තේ සම පේන තරම් වූ රෝම කූපයන් අඩු ප්රමාණයකි. විශේෂයෙන් දෙකකුල් අතර ඉකිලි යන ස්ථානයේත් අත් සිරුරට එකතු වන කිහිලි නැමැත් ස්ථානවලත් රෝම කූපයන් වැඩේ. එසේ වැඩීමෙන්
· සන්ධියේදී, ඝර්ෂණය නිසා ඇතිවෙන තාපය පිටකිරීමත්.
· එම ස්ථානවලට පිටස්තර බලයකින් වෙන හානිය අවම කිරීමත්. (පහරකදි ලිස්සා යෑම ආදී)
· මනුෂ්‍ය ශරීරයේ සංඥා විෂේෂයක් ලෙස ක්‍රියාකරන සුවඳකාරක නිකුත් කිරීමත්.
සිද්ද වෙන බව සොයාගෙන ඇත.
.
යූනික ස්ථානයේ (Pubic Area) හි වැවෙන රෝමකූපයන්ගෙන් කිනම් ඵලයක්ද? යම් කිසි ඵලයක් එයින් තිබේනම් ඒ මයිල් බූටෑව (bush) අයින් කල මතු යම් කිසි උවදුරක් විය යුතුයි නේද? යැයි පිරිසක් කල්පනා කරති. මනුෂ්‍ය පරිණාමය සලකන කල මිනිසා මේ පවතින අන්දමින් ශිෂ්ඨාචාරගත වී සිටියේ ඉතාම අඩු කලකි. බොහෝ කලක් මිනිසා ජීවත් වූයේ හෙලුවැල්ලෙන් දඩයම් කරමිනි.
එකල් හී වූ කිසියම් හේතුවක් පිට මේ යූනික රෝම වැවුනාද නැතහොත් එය යම් කිසි හේතුවක් රහිතවම ඇතිවී දැයි කියන්නට විද්‍යාඥයෝද අපොහොසත් වෙති.
· වැඩිවිය පැමිණි ගැහැනු සහ පිරිමි වැඩිවිය පැමිණීම පෙන්වීමේ සංඥාවක් ලෙස
· ලිංගික ප්‍රෙද්ශයන් බාහිර උවදුරු වලින් ආරක්ෂා වීමේ වැසුමක් ලෙස.
· ලිංගික ආකර්ශනය වර්ධනය කරන යෙදවුමක් ලෙස.
· මනුෂ්‍ය ගැහැනු පිරිමි ආකර්ශනය වීමට යොදාගැනුන ස්වභාවික සුවඳ කාරක ගබඩා කරගත් ස්ථානයක් ලෙස
· යම් කිසි අමතර පීඩනයක් එල්ල වූ කල්හි එය බෙදාහරින ලෝම ආස්තරයක් ලෙස.
මේ යූනික රෝම පෙළ සකස් වන්නට ඇතැයි විද්‍යඥයෝ සැක කරති. නමුත් මේ මතයෝ සියල්ලම අභියෝගයින්ට ලක් වී ඇති අතර මෙතෙක් මේ කාරණය නිසා මේ මයිල් සැකසුනේ යැයි ස්ථිරවම පිළිගත හැකි කාරණාවක් සොයාගන්නට නැත.
මේ මයිල් විශාල වශයෙන් තිබීමෙන් යම් යම් බැක්ටීරියා, කුඩා සතුන්, පුස් ජාති ආදිය ඇති වීමටත් ඉකිලි කැසීම ආදී රෝගාබාධ ඇතිවීමටත් හේතුකාරක විය හැකි බවට මතයක් ඇත. මේ මයිල් සියල්ල ඉවත් කර තැබීම පිරිසිදු බවට හේතු වේ යැයිද එය පිරිසිදු කම දැක්වෙන සංකේතයක් ලෙසද විශාල මතයක් සමාජය තුල ඇත.
මේ මයිල් වනාහී ඒ සිනිදු සමැති පරිසරයේ තෙත් බවක් ආරක්ෂා කරන ආස්තරයක් නිසා ඒ තුල යම් යම් සමට අහිතකර ජීවින් වර්ධනයක් විය හැකිය. නමුත් පිරිසිදුකාරක සහ බාහිර වියලීමේ ක්රෙමාපායන් වඩාත් ජනප්‍රිය වී ඇති මෙකල යම් අයෙක්ට අවැසි නම් ඒ මයිල් බූටෑව තබාගෙන එය පිරිසිදුව තබාගැනීමටද හැකියාවක් ඇත.
යුරෝප ඇමරිකා ආදී දියුනු රටවල ගෑනු විවේක දවසට ඇඳුම් ඉතා සුළු වශයෙන් ඇඳගෙන නාන්නට සහ විනෝද වන්නට යති. එවන් අවස්ථාවලදී ඔවුන් බිකිනිය නැමැති ඇඳුමක් අඳිති. එහිදී ශරීරයේ යට ඇති ගැහැනු රහසඟ සැඟවීමට ඇති එකම වැස්ම බිකිනිය වන බැවින් මේ මයිල් කලාපය තිබුනහොත් ඒ බිකිනිය නිසි අයුරින් යටි කයට සවි නොවන ගැටලුවක් සහ දිගු රෝම කොටස් පිටට පෙනීමේ ගැටලුවක් ඇති වන බැවින් ඒ රටවල බොහෝ ගෑනු සිරිතක් වශයෙන් මේ මේ රෝම කොටස ඉවත් කරති.
සංස්කෘතිය සහ යූනික රෝම
ආදම් සහ ඒවා නිරූපනය කරන සිතුවම් වල මේ මයිල් කොටස නොපෙන්වා සිටීමට වැර වෑයම් කොට ඇත. බොහෝ පුරාණ ප්රතිමාවන්හීද මේ මයිල් කොටස නොපෙන්වා ඇති අයුරක් පෙනෙයි. නමුත් ස්ත්රින් කොටට ඇඳීම ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලයන්හී වෙනස් වූවා පරිද්දෙන්ම මෙම යූනික රෝම තබාගැනීම හෝ ඉවත්කිරීම කාලය සහ සංස්කෘතිය අනුව වෙනස ්වී ඇත.
මයිල් ඉවත්කිරීම පිරිසිදු බවේ සංකේතයක් ලෙස දකින මුස්ලිම් කාන්තාවන්ද සිය ආගමික ග්රන්ථයට ගරු කරමින මේ මයිල් ඉවත් කිරීම සිදු කරති. මේ මයිල් ගැන කියන ලිපිය ඇතැමෙක් ඉතාම අප්‍රිය බවින් කියවනවා විය හැකි වුවද යුරෝපයේ වික්ටෝරියා රැජින රජ කරන කල්හී පෙම්වතුන් මේ යූනික රෝම සිය සිහිවටන ලෙස තබාගන ඇත. එලෙස සිහිවටන ලෙස වූ මයිල් ගස් සමහරක් කෞතුකාගාරවලද ඇත.
වර්ථමානයේදීද ජපාන චීන ආදී රටවල ගැහැනුන් සහ මිනිසුන් බොහෝ අය මේ මයිල් කැපීමට විරුද්ධය. ඔවුන් ගේ අශ්ශීල චිත්රකතාදියේ(hentai comics) පවා නිරූපනය වන ගැහැනුන්ගේ යූනික රෝම දිගට වැවී තිබෙනු නිරීක්ෂනය කල හැකිය. සිනමා කර්මාන්ත ආදියේදී නිරුවත පෙන්වීම මහත් වූ අසැබි ලකුනක් ලෙස යුරෝපීය සමාජ බහුතරයක් නොසිතයි. එනමුදු ඒ රටවල සිනමා කෘති වුවද ස්ත්‍රි නිමිත්ත දැඩි ලෙස ප්රක්ෂේපනය කර පෙන්වීම නොහොබිනා දෙයක් ලෙස සලකති. ඒ රටවල ඇති සිනමාපටවලදී ස්ත්‍රි නිමිත්ත වසා දර්ශන ගැනීමට අවශ්‍ය ආවරණයක් ලෙස මේ යූනික රෝම සලකති. සුප්‍රකට ටයිටනික් සිනමා පටයේ රෝස් ගේ චිත්‍රය අඳින දර්ශනයේ රෝස්ගේ රහසඟ නොපෙන්වීමට මේ මයිල් බූටෑව භාවිත කොට ඇත.
ජනප්‍රිය අමරිකානු අශ්ශීල වීඩියෝ කලාවෙහි රඟපාන ගෑනු බොහෝවිට සියලුම රෝමයෝ ඉවත් කර සිටිති. රෝම සහිත වීඩියෝද ලබා ගත හැකි මුත් වඩාත්ම පැතිර ඇත්තේ රෝම රහිත වටපිටාවන්හී සෙල්ලම් කරන වීඩියෝ ජාතිය. සමහර විට යූනික රෝම ආදිය තිබුන විට නියම ආකාරයේ දර්ශන හසු කරගැන්මේ අපහසුවක් ඇතිවිය හැකි නිසා එසේ කරනවා වන්නට ඇත.
මේ යූනික රෝම කොටසේ ස්වභාවයද සංස්කෘතිය සහ ජාතින් අනුව විවිධ වෙයි. බොහෝවිට ඇස් බැමි වල ස්වභාවයම මේ යූනික රෝම සඳහාද අදාල වෙන බැව් ඇතැමෙක් කියා ඇත.
ධනවාදය සහ යූනික රෝම
දැන් දැන් අප දියුනු යැයි සැලකූ බටහිර ඇතුලු ධනවත් රටවල්ද සිය මහජනයාගේ ධනවත් කම පවත්වා ගැනීම සම්බන්ධ ගැටළු වලට මුහුනපා ඇත. එවන් ආර්ථික වටපිටාවන් තුල තවදුරටත් මිනිසුන්ගේ මුදල් වියදම් වන මෝස්තර සහ අවස්ථා නිර්මාණය කිරීමෙන්,මිනිසුන් අතර මුදල් නොමැති අඩුව දරුණුවට දැනීම නිසා ඔවුන්ගේ දේශපාලන අධිකාරින් අභියෝගයට ලක් විය හැකිය. මිනිසුන් වඩාත් ගිජුකමින් අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන්නට යන සංස්කෘතියෙන් මිනිසුන් ගලවාගැන්මේ සියුම් උත්සාහයන් ඒ දියුනු ධනවාදී සමාජවලදී අද දවසේ දකින්නට ඇත.
රූපලාවන්‍ය යන කෂේත්රය ඒ රටවලද විශාල වශයෙන් මිනිසුන් මුදල් වැයකරන පැත්තකි. මාගේ පුද්ගලික මතයක් මෙහි දැක්වීමට මදක් අවසර.
මා බස්රියේ යන අතර මීට මාස කීපයකට පෙර රේඩියෝ එකක වූ වැඩසටහනක් අසමින් ගියෙමි. එකල්හී ඒ රේඩියෝවේ ගියේ බැක්ටීරියා නසන අලුත් ජාතියේ යට ඇඳුම් ජාතියක් ගැනය. එහිදී නිවේදිකාව එක්වරම පැවසුවේ. “ හිතන්න ඔයා ඔෆිස් එකේදි හරි පාරෙදි හරි එකපාර අනතුරකට ලක්වෙනවා. අපි දන්නව ඇක්සිඩන්ට් එකක් වුනාම කවුරු වුනත් ඔබේ ඇඳුම් ගලවලා ඔබව ප්‍රථමාධාර වලට යොමු කරනවා. ඒ වගේ වෙලාවක තමුන්ගේ යට ඇඳුම පරණ සිදුරු සහිත එකක් වුනොත් ? ඔබේ ආත්ම විශ්වාසය එයින් පළුදු වෙන්න පුලුවන් නේද? “ ආදී ලෙසයි. පරණ ඉරුණු යට ඇඳුමක් ඇන්දාට කමක් නැතිය. ඕක කාරුවත් ගලෝල බලනවාදැයි යන පැරණි මුත්තලාගේ සංකල්පයේ සිටි මගේ මනසේද, පැරණි වෙඩි වැදුන යට ඇඳුම් ඉවත් කර අලුත් ඒවා ගන්නට, ඒ නිවේදිකාවගේ දැන්වීමෙන් දැඩි උත්තේජනයක් ලැබුනි.
සුසුදු කාරක, ෂැමුපු,රෝම ඉවත්කිරීම, යට ඇඳුම් ආදී එතරම් වැදගත් නොවන ක්ෂේත්රයන් ගනනාවකට අද දවසේ ලෝකයේ මිනිසුන් නිකරුනේ මුදල් වියදම් කරති. සමාරවිට රෝගයක් නැති විටෙකදී මායා රෝගයන් වෙළඳපොල මගින් තනා ඒවාට විසඳුම්ද මේ වෙළඳපොල මගින්ම ලබාදෙති. එවන් වූ අප සමාජයට ඇටුවම් බැස්සූ එහෙත් සිරුරට වැදගත් නොවන ආහාර ජාතියකි කිරිපිටි. දැන් ලංකාවේ අයට නියම එළකිරි දුන්නද ඔවුන් බොන කිරිපිටි ජාතිය තරම් ඒවා රසවත් නොවීමේ ගැටළුවක් ඇත.
කැමරුන් ඩයස් නැමැති චාලිස් ඒන්ජල් හරහා ජනප්‍රියත්වයට පැමිණි කුප්‍රකට හොලිවුඩ් නිළියක විසින් මේ යූනික රෝම ගැන විප්ලවීය අදහසක් ඇය විසින් ශරීර සෞඛ්‍ය ගැන ලියූ පොතක ගෙන හැර දක්වා ඇත. ඇය කියා ඇත්තේ මේ යූනික රෝම පදාසය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට විශාල මුදලක් ගෑනුන්ට දරන්නට වන බවත් එහෙත් එසේ ඉවත් කිරීමෙන් ගෑනුන්ට සිද්ධ වෙන විශේෂ දෙයක් නොමැති බවත්ය. ඇගේ මතය විවිධ තැන්වල අභියෝගයන්ට ලක් වී ඇති අතර යූනික රෝම ඉවත් නොකර නාන ඇඳුම් ඇඳීමේ නවතම මෝස්තරයක්ද ඉදිරිපත් කිරීමට ඇමරිකාවේ මෝස්තර නිර්මාණ ආයතන ක්‍රියාත්මක වී ඇත. එහිදී දැඩි ලෙස යූනික රෝම පැවතීම අශෝබන දෙයක් ලෙස සලකා නැත.
හඳුන්වා දී ඇති නව නාන ඇඳුම්
ප්‍රබල පිරිසිදුකාරක ඇති කලෙක මයිල් ඉවත්කිරීමෙන් විශාල වාසියක් ඇතැයි කියන කීමද මයිල් ඉවත් කිරීමෙන් අමතර ශොභාවක් ආකර්ශනයක් එතැයි යන කීමද සැබැවින්ම පිලිගත නොහැක. අනික් අතින් යමෙක් ඉතා ලේසියෙන් රේසර් කර ඉවත් කරගත හැකි මේ මයිල් තබාගෙන කුමටදැයි සිතා ඉවත් කලහොත් එයද එතරම් ලොකු සිද්ධියක් නොවේ. ආකර්ශණය වනාහී විවිධාකාරය. ලිංගිකත්වය ජනිත වන්නේ දෙකකුල් අතර ඇති ඉන්ද්රියන්හි නොව, හිසේ ඇති කන්දෙක අතර මොලයේ බව පන්ඩිතයන්ගේ අදහස වෙයි. යූනික රෝමවලින් ලැබෙන ආකර්ශනය සම්බන්ධයෙන්ද ඇත්තේ එවන් වූ කතාවකි.
http://ansathudinapotha.blogspot.co...ampaign=Feed:+sbu/blogs+(Sinhala+Blog+Reader)

Last edited: