තර්ක බිදුනා නම් ආයෙ දානවද?
යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ නෙමෙයි රයිගමයි ගම්පොලයයි කියල ඔයා කිව්ව පලියට පිලිගන්න තරම එලකිරි කට්ටිය මෝඩ නෑ. ඔයානේ ඔයාගෙ සබ්ජෙක්ට් එක දන්නෙ ඔයාම ඔප්පු කරන්න යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ තමයි කියල. ඔයා අපෙ හෙලයො ජොතිශය භාවිතා කල බව කියල තියෙනවා. එහෙනම් රාවණ රජු ගෙ පුතා වෙච්චි මේඝ නාද හැදින්නුවෙ ඉන්ද්‍රජිත් කියල. ඉන්ද්‍රජිත් කියන්නේ ඉන්ද්රයා හා යුදවැද ජයගත් නිසා.දැන් ඔයා කියන්නේ මේඝනාද යුද්ද කලේ ග්‍රහයෙක් එක්ක එක්ක කියල ද.ඊලගට බලන්න විකිපීඩියා ඉන්ද්‍ර ගැන මොකක්ද කියන්නේ කියල.
"ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප්‍රධාන දෙවියා වන අතර ආක්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.
පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත."
ඔන්න වරුණ
"සූර්ය,සෝම, අග්නි, වායු, පෘථිවි, උෂස්, මරුත්, ඉන්ද්‍ර, වරුණ, මිත්‍ර, අදිති, පුෂන්, රුද්‍ර, පර්ජන්‍ය, අශ්වින්, විෂ්ණු යනු වෛදික ආර්යයන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් සමහර දෙවිවරුය. අහස වරුණ හෝ අදිති ලෙසත්, පොළව අහසේ බිරිඳ ලෙසත්, සූර්යයා යනු ඒ වරුණ දෙවියා ලෝකය දෙස බලන ඇස ලෙසත් සලකා තිබේ. අශ්වින් ආලෝකයේ දෙවියායි"
ඔයාගේ මනස් ගාත ඔප්පු කරන්න ,අර කෝවූර්ගෙ අභියොග වලින් පැනල ගියා වගේ මාරු වෙන්න එපා. එතන මට සම්බන්ද වෙන්න වාතාවරණයක් තිබ්බෙ නැති නිසා හා හම්බයො කියල හන්වඩු ගහපු එවුන්ට සහය දෙන්න අරන් නොන්ඩි වෙන්න ඕනෙ නැති නිසා මම පාඩුවේ හිටියා. හැබයි ඇත්ත උඹ මාරු වුනා...
අනික ඔයාගේ පරණ ත්‍රෙඩ් නෙමෙයි කොතන බැලුවත් වන්ගෙඩියට වඩා බ්‍රහස්පති ප්‍රබල නෑ කියල ඔප්පු කරන්න කවුද පොරක් ට්‍රයි කලාට බැරි වුනා.ගනන් දන්න එකෙක් හදල බලනකෝ. කුරුනෑගල ගල එහෙම බ්‍රහස්පතිට වඩා කොටි ප්‍රකොටි ගානක් ප්‍රබලයි. අය්යො...
උඹ ඉස්කොලෙ ගියෙ නැත්ද කියල මම දන්නේ නෑ. හැබයි උඹ කියන කතා පිලිගන්නේ ඉස්කොලේ ගිය නැති එවුන් තමයි. අනික් කතාව අලි මන්තර මම ඇත්ත කිව්වලු. මම කිව්වේ අලි මන්තරේ ශබ්දයෙන් අලිය බය වෙනව කියල මිසක් වචන් අර්ත ජප කිරිලි, හත්පාර 108 පාර මැතිරිලි අමූලික බොරු කියල.බීරි අලියෙකුට එහෙම ගිහින් ඔව්ව කියල මැරුම් කන්න එපා.