බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    physics walin, chemistry walin minissunta unu hoda dewal one taram tiyenawa. backeryakin minissunta unu hoda dewalut tiyenawa, eladenek hadana eken minissunta una hoda dewal tiyenawa, prayogikawa pennanna puluwan.

    dan kiyapan balanna jyotishyen minissunta wela tiyena wadagat dewal tikak....

    මම මගේ ජිවිතයට ජෝතිෂ්‍ය සම්බන්ධ කරගෙන නැත... එමනිසා ජෝතිෂ්‍යයෙන් යෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබාගෙන නැත.. නමුත් එහි යම් සත්‍යතාවයක් තිබෙනා බව දනිමි.... :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    1. මම මේ ප්‍රශ්නේ ඇහුවේ යලූ ගෙන් නෙවෙයි...:)
    2.
    භෞතික විද්‍යාවේ දියුණුව කියලා ඔබතුමා කොහොමද කියන්නේ?? ඒ පිළිබඳව දැනුමක් තියෙනවද???? :yes: :yes: :yes:

    මෙයට වෙනත් අයගේ පිළිතුරු බලාපොරොත්තු නොවෙමි.. y2j2 සහෝදරයාගෙන් පමණක් පිළිතුරක් බලාපොරොත්තුවෙමි!!!!!

    අනිවාර්යෙන්ම. භෞතික විද්‍යාව කියන්නේ භෞතික ලෝකය පිළිබද හැදෑරීමේ විද්‍යාව.
    ඉස්සර මිනිස්සු හිටියේ විදුලි කොටනවා කියන්නේ දෙයියෝ කෝප වෙලා කියල,
    දැන් එක අපිට කාමරයක් තුල ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්.
    ඉස්සර මිනිස්සු ඕක දැක්කොත් හිතයි දෙවියෝ පොලවට ඇවිත් කියල, එ
    ත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ භෞතික සංසිද්ධි වෙන හැටි ගැන පෙර අවබෝධයට වඩා වැඩි දෙයක් මිනිස්සු දැනගෙන සිටීම.
    ඉස්සර මිනිස්සුන්ට ඕක මැජික් එකක් වෙන්නත්, දැන් මිනිස්සුන් ඕකට හේතුව දැනගැනීම අතර වෙනස , දැන් ඉස්සරට වඩා විද්‍යාවේ දියුණුව. :):)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙකෙ ඉන්න එවුන්ට ඔව කියල වැඩක්නැ මච්න් මුන් බුද්දාග්ම ගැන දන්නෙත් නැ. මෙ ලොකෙ ගැන දන්නෙත් නැ විද්‍යව ඩන්නෙත් නැ . quantum science ගැන ගිහින් ඉගෙන ගෙන වරෙව්. කතාවනම් මුන්ගෙ අලි පුකෙන්. විද්යත්මකව මෙව ගැන තියෙනව. ඔප්පුකරන එක බ්හෞතිකව 100%ක් බැ. හරියටම නියශ්ටිය, ඉලෙක්ට්‍රොනය කවුරුත් දැකල නැ , but අපි තියෙනව කිල හිතගෙන වැඩ කරනව. අන එවගෙ තම යන්ත්‍ර විඩ්‍යව ජොතිශ්‍ය හස්ත රෙකා. සෙත් කවි නම් විඩ්‍යත්මකව පිලිගන්නව. ඔම් , සාදු වගෙ වචන වල ලොකු ශක්තියක් තියෙනව තව ජල අනු වෙනස් විම, තව ගොඩක් තියෙනව උබ්ලගෙ ඔය ඩියුනු මොලෙට එව තෙරෙන 1ක් නැ .
    ++++++++++++ :) ඇත්ත...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනිවාර්යෙන්ම. භෞතික විද්‍යාව කියන්නේ භෞතික ලෝකය පිළිබද හැදෑරීමේ විද්‍යාව.
    ඉස්සර මිනිස්සු හිටියේ විදුලි කොටනවා කියන්නේ දෙයියෝ කෝප වෙලා කියල,
    දැන් එක අපිට කාමරයක් තුල ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්.
    ඉස්සර මිනිස්සු ඕක දැක්කොත් හිතයි දෙවියෝ පොලවට ඇවිත් කියල, එ
    ත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ භෞතික සංසිද්ධි වෙන හැටි ගැන පෙර අවබෝධයට වඩා වැඩි දෙයක් මිනිස්සු දැනගෙන සිටීම.
    ඉස්සර මිනිස්සුන්ට ඕක මැජික් එකක් වෙන්නත්, දැන් මිනිස්සුන් ඕකට හේතුව දැනගැනීම අතර වෙනස , දැන් ඉස්සරට වඩා විද්‍යාවේ දියුණුව. :):)

    මම ඔබත්මගෙන් ඇහුවේ ඔබතුම ඒ පිළිබඳව හදාරා තිබෙනවද කියලයි...
    >>????

    2.භෞතික විද්‍යාවේ දියුණුව කියලා ඔබතුමා කොහොමද කියන්නේ?? ඒ පිළිබඳව දැනුමක් තියෙනවද????ඉගෙනගෙනතියෙනවද>?හදාරලාතියෙනවද??? :shocked: :)
    මෙයට වෙනත් අයගේ පිළිතුරු බලාපොරොත්තු නොවෙමි.. y2j2 සහෝදරයාගෙන් පමණක් පිළිතුරක් බලාපොරොත්තුවෙමි!!!!!
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH

    මම ඔබත්මගෙන් ඇහුවේ ඔබතුම ඒ පිළිබඳව හදාරා තිබෙනවද කියලයි...
    >>????

    2.භෞතික විද්‍යාවේ දියුණුව කියලා ඔබතුමා කොහොමද කියන්නේ?? ඒ පිළිබඳව දැනුමක් තියෙනවද????ඉගෙනගෙනතියෙනවද>?හදාරලාතියෙනවද??? :shocked: :)
    මෙයට වෙනත් අයගේ පිළිතුරු බලාපොරොත්තු නොවෙමි.. y2j2 සහෝදරයාගෙන් පමණක් පිළිතුරක් බලාපොරොත්තුවෙමි!!!!!

    ඔව් මම හදාරලා තියනවා, මගේ ක්ෂේත්‍රය ඒ හා සම්බන්ධ එකක්.

    ඊලග ප්‍රශ්නය-

    ඔබ භෞතික විද්‍යා මහාචාර්ය කෙනෙක්ද? නැහැ

    එසේ නම් කොහොමද භෞතික විද්‍යාව ගැන හර්යටම කියන්නේ.?
    භෞතික විද්‍යා මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනි නැහැ , අද අන්තර්ජාලය නිසා කොටසකට පමණක් කේන්ද්‍රගතව තබූ දැනුම ව්‍යාප්ත වෙලා තියනවා. කියවන්න දන්න ඕනේ කෙනෙක්ට , ඕනේ විෂයක් පිළිබද වැඩි දුර තොරතුරු ලබාගත හැකියියි.

    තේරුමක් ඇති ප්‍රශ්න ඇහුවොත් වැඩක් තියෙයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    තර්ක බිදුනා නම් ආයෙ දානවද?

    යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ නෙමෙයි රයිගමයි ගම්පොලයයි කියල ඔයා කිව්ව පලියට පිලිගන්න තරම එලකිරි කට්ටිය මෝඩ නෑ. ඔයානේ ඔයාගෙ සබ්ජෙක්ට් එක දන්නෙ ඔයාම ඔප්පු කරන්න යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ තමයි කියල. ඔයා අපෙ හෙලයො ජොතිශය භාවිතා කල බව කියල තියෙනවා. එහෙනම් රාවණ රජු ගෙ පුතා වෙච්චි මේඝ නාද හැදින්නුවෙ ඉන්ද්‍රජිත් කියල. ඉන්ද්‍රජිත් කියන්නේ ඉන්ද්‍රයා හා යුදවැද ජයගත් නිසා.දැන් ඔයා කියන්නේ මේඝනාද යුද්ද කලේ ග්‍රහයෙක් එක්ක එක්ක කියල ද.ඊලගට බලන්න විකිපීඩියා ඉන්ද්‍ර ගැන මොකක්ද කියන්නේ කියල.

    "ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ආක‍්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.
    පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප‍්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත."
    ඔන්න වරුණ

    "සූර්ය,සෝම, අග්නි, වායු, පෘථිවි, උෂස්, මරුත්, ඉන්ද්‍ර, වරුණ, මිත්‍ර, අදිති, පුෂන්, රුද්‍ර, පර්ජන්‍ය, අශ්වින්, විෂ්ණු යනු වෛදික ආර්යයන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් සමහර දෙවිවරුය. අහස වරුණ හෝ අදිති ලෙසත්, පොළව අහසේ බිරිඳ ලෙසත්, සූර්යයා යනු ඒ වරුණ දෙවියා ලෝකය දෙස බලන ඇස ලෙසත් සලකා තිබේ. අශ්වින් ආලෝකයේ දෙවියායි"

    ඔයාගේ මනස් ගාත ඔප්පු කරන්න ,අර කෝවූර්ගෙ අභියොග වලින් පැනල ගියා වගේ මාරු වෙන්න එපා. එතන මට සම්බන්ද වෙන්න වාතාවරණයක් තිබ්බෙ නැති නිසා හා හම්බයො කියල හන්වඩු ගහපු එවුන්ට සහය දෙන්න අරන් නොන්ඩි වෙන්න ඕනෙ නැති නිසා මම පාඩුවේ හිටියා. හැබයි ඇත්ත උඹ මාරු වුනා...

    අනික ඔයාගේ පරණ ත්‍රෙඩ් නෙමෙයි කොතන බැලුවත් වන්ගෙඩියට වඩා බ්‍රහස්පති ප්‍රබල නෑ කියල ඔප්පු කරන්න කවුද පොරක් ට්‍රයි කලාට බැරි වුනා.ගනන් දන්න එකෙක් හදල බලනකෝ. කුරුනෑගල ගල එහෙම බ්‍රහස්පතිට වඩා කොටි ප්‍රකොටි ගානක් ප්‍රබලයි. අය්යො...

    උඹ ඉස්කොලෙ ගියෙ නැත්ද කියල මම දන්නේ නෑ. හැබයි උඹ කියන කතා පිලිගන්නේ ඉස්කොලේ ගිය නැති එවුන් තමයි. අනික් කතාව අලි මන්තර මම ඇත්ත කිව්වලු. මම කිව්වේ අලි මන්තරේ ශබ්දයෙන් අලිය බය වෙනව කියල මිසක් වචන් අර්ත ජප කිරිලි, හත්පාර 108 පාර මැතිරිලි අමූලික බොරු කියල.බීරි අලියෙකුට එහෙම ගිහින් ඔව්ව කියල මැරුම් කන්න එපා.

    ඔන්න ඕකයි කිව්වේ ඉස්සෙල්ල පොතක් දෙකක් කියවන්න කියලා. එකම නමින් දෙකක් හඳුන්වන්න තහනමක් නෑනේ. වරුන කියන නමින් දෙවි කෙනෙක් ගැනත් බුද්ධාගමේ සඳහන් වෙන්නේ. තප්පුලන්න කලින් දැනුමෙන් පොෂනය වෙන්න. එතකොට තප්පුලන්නේ නැතුව තර්ක කරන්න පුලුවන් වෙයි.
    අනිත් ලොකුම විහිලුව තමයි කොවූර්ගේ අභියෝග ජ්‍යොතිර් වේදියෙක්ට ඉදිරිපත් කරන එක. ඒකෙන් තේරෙනවා ජ්‍යොතිශ කියන විශය තුල අන්තර්ගත මොනාද කියලවත් නොදන්න බව..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔව් මම හදාරලා තියනවා, මගේ ක්ෂේත්‍රය ඒ හා සම්බන්ධ එකක්.

    ඊලග ප්‍රශ්නය-

    ඔබ භෞතික විද්‍යා මහාචාර්ය කෙනෙක්ද? නැහැ

    එසේ නම් කොහොමද භෞතික විද්‍යාව ගැන හර්යටම කියන්නේ.?
    භෞතික විද්‍යා මහාචාර්ය කෙනෙක් වෙන්න ඕනි නැහැ , අද අන්තර්ජාලය නිසා කොටසකට පමණක් කේන්ද්‍රගතව තබූ දැනුම ව්‍යාප්ත වෙලා තියනවා. කියවන්න දන්න ඕනේ කෙනෙක්ට , ඕනේ විෂයක් පිළිබද වැඩි දුර තොරතුරු ලබාගත හැකියියි.

    තේරුමක් ඇති ප්‍රශ්න ඇහුවොත් වැඩක් තියෙයි
    1.තේරුමක් ඇති ප්‍රශ්නයක් තමයි ඇහුවේ:)
    2.කෙටි ප්‍රශ්නයට මෙච්චර උත්තර ප්‍රශ්න බලාපොරොත්තු උනේ නෑ... :P
    ඊලග ප්‍රශ්නයක් නෑ මහත්තයෝ... මම ඒ ප්‍රශ්නය ඇහුවේ ඔබතුමාට මෙන්න මේ දේ තේරුම් කරලා දෙන්න.. ඔබතුම භෞතික විද්‍යාව පිළිබඳව හදාරා තිබෙනවා.. ඉගෙන ගෙන තිබෙනවා... පොල්ගෙඩිය පොල්ගහේ ඉදන් බිමට වැටෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබතුමා කියයි ගුරුත්වාකර්ෂණය නිසා කියලා... ඔබතුමා ගුරුත්වාකර්ෂණය ගැන කියන්නේ ඔබතුම ඒ පිළිබඳව දැනුමක් තියෙන හින්දා.. හැබැයි ඔය පිළිබඳව දැනුමක් නැති කෙනා කියයි නෑ මුට පිස්සු මු මගුලක් කතා කරනවා.. පොල්ගෙඩිය වැටෙන්නේ ගහ උඩ තියෙන හින්ද කියලා...
    අන්න ඒවගේ තමයි අද ගොඩක් මිනිස්සු ජොතිශය කියන විෂයට කෑගහන්නේ... බොරු කියන ජෝතිෂ විද්‍යාව විනාශ කරන්න හදන ජෝතිෂ්‍ය වේදීන්ට බැනපල්ලා.. ජෝතිෂ්‍ය විද්‍යාවට බනින්න එපා... මොනාහරි දෙකට බොරුයි කියලා කියනවනම් මතුපිටින් පෙනෙන දේ දැකල බොරුයි කියල කියන්න එපා.. ඒ පිළිබඳව යම් හැදෑරීමකින් පසුව විවේචන , චෝදනා එල්ල කරන්න..

    බුදුසරණයි..
     
    Last edited:

    මන් ජ්‍යෝතිෂයට චෝදනා කරේ නැහැ, මගේ කමෙන්ට්ස් කියවන්න.
    මම ඔබ විද්‍යාව ගැන කියා තිබු සමහර දුර්මත ගැන අදහස් පල කළා.

    මට කිසිම දෙයක් සාධක නැතිව පිළිගැනීමට නොහැකි නිසා ජ්යෝතිෂය ගැන මගේ පැහැදීමක් නැහැ.
    එත් අනික් මිනිස්සු මොක පිළිගත්තත් මට ඇති රුදාවක් නැහැ
    .
    කවුරු හරි හෙට ඉදන් පොල් ගහකට වැද වැද කිවුවොත් , පොල් දෙවියෝ තමයි මගේ දෙය්යෝ,
    පොල් දෙය්යෝ ගැන දන්නේ නැතුව පොල් දෙය්යෝන්ට බනින්න එපා කියල, ඌ කියන කතාව සහතික ඇත්ත.
    ඇත්ත උනත් බොරු උනත් ඕනේ දෙයක් අදහන්න මිනිහෙකුට අයිතියක් තියෙන්න ඕනේ.
    හැබැයි අදහද්දී අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී අදහන්නත් අදහන මිනිස්සු දැනගන්න ඕනේ.:):):):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    :yes::yes::yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    කොන්ද පණ නැති අවජතකයෙක්ට රිදිලා...:angry::angry::angry::angry:
    picture.php
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ජ්‍යෝතිෂ්‍ය භාවිතා නොකළ යුතුයි කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ. සිදුහත් කුමරා ඉගෙන ගත්ත 18ක් ශිල්ප හා කලා වලට ජ්‍යෝතිෂ්‍ය ඇතුලත්.... මේ ඉගෙන ගත්ත කිසිම ශිල්පයක් භාවිතා නොකළ යුතුයි කියල බුදුන් වහන්සේ කිසි තැනක කියල නැහැ.

    හිස් කබලකට තට්ටු කරල එම මිනිසා උපන් තැන කියන පුද්ගලයෙක් බුදුන් වහන්සේ හමුවට ආවා. රහතන් වහන්සේ කෙනෙක්ගේ හිස් කබලක් ගෙනාවහම අර පුද්ගලයා නිරුත්තර උනා (ඒ කියන්නේ ශිල්පය නිවැරදියි). තමන්ගේ ශිල්පයේ අඩුව සොයා ගැනීම සඳහා මහණ වූ අර බ්‍රාහ්මණයා පසුව නිවන් දුටුවා.

    බුදුන් වහන්සේ කලේ ඒ ශිල්පය හෙලා දැකීම නෙවෙයි. එයින් සසර ගමන කෙටි කර ගැනීමට වැඩක් නැති බව පෙන්වා දීමයි.

    ජ්‍යෝතිෂ්‍ය මඟින් සසර ගමන කෙටි කර ගැනීමට වැඩක් වෙන්නේ නෑ. නමුත් ඒ තර්කයෙන් 'භාවිතා නොකළ යුතුයි..' කියල ගම්‍ය වෙන්නේ නෑ. සරලම දෙයක් කියනව නම් උපන් වේලාවෙන් ස්ත්‍රී පුරුෂ බව කියන එක ගන්න. උපන් නැකත මඟින් ස්ත්‍රී පුරුෂ බව කීම සෑහෙන දුරට නිවැරදියි කියල ජ්‍යෝතිෂ්‍ය ගැන අල්පමාත්‍ර දැනුමක් තියන කෙනෙක් දන්නවා. ජ්‍යෝතිෂ්‍ය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කළ යුතු දෙයක් නම් මෙහෙම වෙන්නේ ඇයි?
     
    බොහොම හොඳ අදහසක් සහෝදරයා. මෙතන ජ්‍යොතිශ ගැන බුදුන් වහන්සේටත් නොතිබ්බ ගැටලු තියන පිරිසක් ඉන්නවා. නිර්වාන ගාමි වෙන්න ජ්‍යොතිශය කිසිම වැඩක් නෑ කියන එක ජ්‍යෝතිර්වේදියෙක් විදිහට මමත් පිලිගන්නවා. ඒකට අවෂ්‍ය කරන්නේ භාවනාව හා අනෙකුත් දෑ. ජ්‍යොතිශ කියන්නේ පෘතක්ජන මිනිස්සුන්ට එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයට භාවිහාකරන්න පුලුවන් ශාස්ත්‍රයක් පමනයි.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මන් ජ්‍යෝතිෂයට චෝදනා කරේ නැහැ, මගේ කමෙන්ට්ස් කියවන්න.
    මම ඔබ විද්‍යාව ගැන කියා තිබු සමහර දුර්මත ගැන අදහස් පල කළා.

    මට කිසිම දෙයක් සාධක නැතිව පිළිගැනීමට නොහැකි නිසා ජ්යෝතිෂය ගැන මගේ පැහැදීමක් නැහැ.
    එත් අනික් මිනිස්සු මොක පිළිගත්තත් මට ඇති රුදාවක් නැහැ
    .
    කවුරු හරි හෙට ඉදන් පොල් ගහකට වැද වැද කිවුවොත් , පොල් දෙවියෝ තමයි මගේ දෙය්යෝ,
    පොල් දෙය්යෝ ගැන දන්නේ නැතුව පොල් දෙය්යෝන්ට බනින්න එපා කියල, ඌ කියන කතාව සහතික ඇත්ත.
    ඇත්ත උනත් බොරු උනත් ඕනේ දෙයක් අදහන්න මිනිහෙකුට අයිතියක් තියෙන්න ඕනේ.
    හැබැයි අදහද්දී අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී අදහන්නත් අදහන මිනිස්සු දැනගන්න ඕනේ.:):):):)

    මොනවද යාලු මම විද්‍යාව ගැන කියාපු දුර්මත???:shocked: දුර්මතයක් වෙන හැටිත් කෙටියෙන් කියන්නකෝ...:)
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    [FONT=&quot]ජ්‍යොතිෂය ගැන මේ දවස් වල එක එක ත්‍රෙඩ් පලවෙනවා. මේ නිසා ජ්‍යොතිෂය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුනා. [/FONT]
    [FONT=&quot]ජ්‍යෙතිෂය කියන්නේ ගණිත ක්‍රම අනුව කෙරෙන තවත් එක් විද්‍යාවක්. මෙහිදී පුද්ලගයන්ගේ අතීත කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුව සුබ සහ අසුබ කාල පිළිබ්‍දව පලාඵල කථනයේ දී විස්තර කෙරෙනවා. බුද්ධ ධර්මයට අනුව නියාම ධර්ම 5ක් මත පුද්ගලයෙකුගේ ජීවිතය ගැන විස්තර කළ හැකි. ඒ නියාම ධර්ම 5 නම් උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම ,කම්ම නියාම කියලා දක්වන්න පුලුවන්. ජ්‍යොතිෂයෙදී විස්තර කරන්නේ මෙහි සදහන් නියාම ධර්ම පහෙන් කම්ම නියාමය පිළිබදව පමණයි. මේ නිසා ජීවිතයට සුභ සහ අසුබ කාල ලැබෙන බව සදහන් කළ හැකි වෙනවා. සෑම පුද්ගලයෙක්ම පෙර කුසල් මෙන්ම අකුසල් ද සහිතව මේ ආත්ම භාවය ලබාගෙන තියෙනවා. අපි කරන ලද කුසල් හා අකුසල් වලින් මනුෂ්‍ය ආත්ම භාවයකදී ඵල දිය හැකි කුසල් මෙන්ම අකුසල් පමණක් අපට මෙම ආත්ම භාවයේදී ඵල දෙන අතර ඒ පිළිබද විග්‍රහයක් ජ්‍යොතිෂය මගින් ලබා ගත හැකි වී තිබෙනවා. යමෙක් ජ්‍යොතිෂය හෝ කුසල් අකුසල් විශ්වාස කළද නොකළද ඒවා පල දීම වැළැක් වීමට අපට හැකියාවක් නැත. එහෙත් යම් යම් ප්‍රයෝග භාවිතයෙන් ජීවිතයේදී සිදුවිය හැකි යම් අකටයුතුකම් මග හරවා ගැනීමට පිටිවහලක් ජ්‍යොතිෂය මගින් ලබා ගැනීමට හැකි වේ[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]යම් පුද්ලගලයකු ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගත් විට එම කාලයට අදාලව පලාඵල කතනයක් සිදු කරනු ලැබේ. මෙහිදී ග්‍රහයන් පිහිටන ස්ථාන අනුව එක් එක් සුභ හෝ අසුභ ඵල දැක්වීම සිදු කෙරේ. ග්‍රහ චාරයට අනුව එක් එක් පුද්ගලයාට හදිසි අනතුරැ සිදු වීමට ඉඩ ඇති බව, කේන්ති ගති වැඩි වීම, පවුලේ අඩදබර ආදි අශුභතා ජන්ම පත්‍රය මගින් ප්‍රකාශ කළ හැකි වේ. ( මෙය එක් උදාහරණයක් පමණි) මෙවැනි පලාඵල විස්තරයක් ලත් පුද්ගලයකුට ගමන් බිමන් වලදී මෙන්ම එදිනෙදා කටයුතු වලදී ප්‍රවේශම් වීමෙන් ඇති විය හැකි අනතුරැ අවම කර ගත හැක. මෙය ප්‍රයෝගකාරීව ජීවිතය ජය ගැනීමේ එක් අවස්ථාවකට උදාහරණයකි. මෙහි සදහන් අනෙකුත් උදාහරණ අනුව කේන්ති ගති වැඩි වන ස්වභාවයක් ජන්ම පත්‍ර යෙන් පෙන්නුම කරන විට එම පුද්ගලයාට තම බුද්ධියට මුල් තැන දී ඉවසීම ප්‍රගුණ කළ හැක. එමගින අඩදබර අවම කර ගත හැක. මේවා ජ්‍යොතිෂය උපයෝගී කරගනිමන් පුද්ගලයන්ගේ එදිනෙදා ජීවිතය ප්‍රයෝග කාරීව ජය ගැනීමට සුලු උදාහරණ වේ.[/FONT]
    [FONT=&quot]එමෙන්ම මේ දින වල එළකිරියේ පළ වුනු එක් නූලක රාහු කාලය බැලීම නිසා සහ නැකැත අනුගමනය කිරීම නිසා වැදගත් අවස්ථාවන් මග හැරැනු අවස්ථාවක් ගැන ස්‍දහන් කර තිබුනා. එහෙත් එය හුදෙක්ම ජ්‍යොතිෂය පිළිබද මනා දැනුමක් නොමැති පුද්ගලයකුගේ තර්කයක් බැව් පැහැදිලි කළ හැකිය. මන්ද යත් රාහු කාලය යනු සෑම දිනකම පෙර වරැවේ මෙන්ම පස් වරැවේ ද පවතින පැයක පමණ කාලයක් පමණක් පවතින අසුභ කාලයකි. එහෙත් යමෙක්ට විභාගයක් හෝ වෙනත් සුභ ගමනක් සදහා පිටත් වීමට ඇවැසි නම් රාහු කාලය ලැබීමට පෙර තමන්ගේ කාර්යයට කල් වේලා ඇතිව ගමන් ඇරඹීමට හැකි වේ. එම නිසා ශාස්ත්‍රය නොදත් අයෙක් රාහු කාලය බලා ගන්නට ගොස් තම කාර්යයන් අතපසු කර ගැනීම ජ්‍යොතිෂයේ වරදක් නොවන බැව් දැක්විය හැකිය.[/FONT]
    [FONT=&quot]නැකත[/FONT]
    [FONT=&quot]නැකතක් යනු ශුභ අවස්ථාවකි. අප නැකතක් ලබා ගැනීමෙන් සිදු කරනුයේ අප සිදු කරන ක්‍රියාවේ ඵලදායීත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වර්ධනය කර ගැනීමයි. එනම් ප්‍රතික්‍රියාවක් සිදු වීමේදී උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවේ ඵල සෑදීම ඉක්මන් කරනුයේ යම් සේ ද නැකතක් ද එ ලෙසම ක්‍රියා කරන බැව් දැක්විය හැක. සුභ නැකතක් ගෙන හිස සිට රෙද්දක් පොරවාගෙන අලසව සිට තම කාර්යයන් නිෂ්ඵල වූ විට ජ්‍යොතිෂයට බැන වැදීම නොකළ යුතු වේ. තමාගේ උත්සාහයෙන් හ ධෛර්යයෙන් කරන්නා වූ කාර්යයන්හි සුභ ඵල ලැබීම ඉක්මන් කිරීම හා විය හැකි අන්තරායන් වලින් ආරක්ෂා කිරීම සුභ නැකතකින අපේක්ෂා කළ හැකිය.[/FONT]
    [FONT=&quot]පොරොන්දම් බැලීම [/FONT]
    [FONT=&quot]විවාහයක් සිදු කිරීමට ප්‍රථම පොරොන්දම් බැලීම ජ්‍යොතිෂයට අනුව සිදු කරනු ලැබේ. මෙහිදී මූලිකව මනමාල යුවලගේ අදහස් හා අපේක්ෂාවන් ගැලපෙන්නේ දැයි බැලීමක් සිදු වේ. එනම් අප වසර ගණනක් ආශ්‍රක කළ ද ඇතැමුන් තමන් ගේ හැබෑ ස්වරෑපයන් සගවන අතර එවන් දෑ පිළිබදව ක්ෂේත්‍රෙය් හසල දැනුමක් ඇති ජ්‍යොතිෂඥයෙකුට ජන්ම පත්‍රය ආධාරයෙන් දැක්විය හැක. එනම් පුද්ගලයකුගේ ගති ලක්ෂණ අපට ජන්ම පත්‍රයක් තුළින් නිවැරදිව දැක්විය හැක. අප කන්නාඩියක් ඉදිරියේ සිට ගත් විට අපගේ පිළිබිඹුව පෙනෙන්නේ යම් සේ ද එසේම හසල දැනුමක් ඇති ජ්‍යොතිෂඥයෙකුට ජන්ම පත්‍රය බලා අයෙක් සිතන ආකාරය පවා කිව හැක. මේ නිසා පොරොන්දම් ගැලපීමෙන් පුද්ගලයන් දෙදෙනාගේ අදහස් වල බැදීම, ශාරීරික බැදීම සහ ලිංගික බැදීම යන දෑ පිළිබදව පුරෝකතනයක් කළ හැකි වේ. එනම් ජ්‍යොතිෂය නිවැරදිව ආධාර කර ගැනීමෙන් විවාහයේදී තමාට වඩාත්ම සුදුසු සහකරැහෝ සහකාරිය ප්‍රයෝග කාරීව තෝරා ගත හැකිය.[/FONT]
    [FONT=&quot]ජ්‍යොතිෂය මගින් පුද්ගලයන්ගේ විවිධත්වය ජාන තාක්ෂණය තරම්ම හොදින් නිරෑපණය කළ හැක. එනම් නිවුන්නු දෙදෙනෙක් පිළිබදව සලකා බැලීමේදී මහපට ඇගිලි සලකුණු මගින් දෙදෙනාගේ වෙනස්කම් පෙන්විය හැකි බැව් ( එනම් ජානමය වෙනස්කමක් ඇති බැවි ) විද්‍යාඥයින්ගේ මතය වී ඇත. එමෙන්ම ජ්‍යොතිෂයේදී ද සූක්ෂ්මව ගණනය කිරීම මගින් නිවුන්නු දෙදෙනෙකුගේ වෙනස්කම් දැකිය හැකි වේ. එනම් ගෙවෙන හැම තත්පරයක් පාසාම ග්‍රහයන් සිටින අංශක කලා හා විකලා වෙනස් වන බැවිනි.[/FONT]
    [FONT=&quot]ජ්‍යොතිෂය යනු ගණිත ක්‍රමයකි. මූලිකව බෙදීම එකතු කිරීම හා අඩු කිරීම යෙදා ගනී. මෙම ශාස්ත්‍රය මගින් පුද්ගලයකුගේ ජීවිතය පිළිබද මනා විග්‍රහයක් කළ හැකි වේ. එහෙත් වර්තමානයේ දී සුලුවෙන් ශාස්ත්‍රය උගත් පුද්ගලයන් විසින් මිනිසුන් රැවටීම හේතුවෙන් මෙම වටිනා ශාස්ත්‍රය බොහෝ පුද්ගලයන්ගේ විචිකිච්ඡාවට භාජනය වී ඇත. පෙර කල ජ්‍යොතිශය ආයුර්වේදය මන්ත්‍ර ශාස්ත්‍රය ආදිය ගත ලකුණු බලා යහපත් ගති ලක්ෂණ ඇති සුදනන් හටම පමණක් ඉගැන්වූ අතර වර්තමානය වන විට විවිධ පන්ති පැවැත්වීමෙන් මුදල් මත ඕනෑම අයෙක්ට මෙම ශාස්ත්‍රය ඉගැන්වීමක් සිදු වේ. මේ හේතුවෙන් ඇතැම් කු හක අදහස් ඇත්තෝ අනෙකෙක් තමන්ට වඩා සැපවත් ජීවිතයක් ගත කිරීම වළක්වනු සදහා අපල අවස්ථාවන්හිදී අනවශ්‍ය ලෙස පුද්ගලයන් බය කොට ඔවුන්ගේ ජීවිත අදුරැ කිරීම ද අසුභ අවස්ථාවන් නැකැත් ලෙස ලබා දී නිවාස තැනීම් ව්‍යාපාර ආදිය කඩාකප්පල් කිරීම ද දැකිය හැකි අවස්ථාවන් ඇත. මෙම තත්වය වර්තමානය වන විට ජ්‍යෙතිෂය මන්ත්‍ර ශාස්ත්‍රය මත පමණක් නොව නීතිඥ වෘත්තිය බටහිර වෛද්‍ය වෘත්තිය මතද දැකිය හැක. එනම් තම සේවා දායකයා පිළිබද පහන් සිතුවිල්ලකින් තොරව තම ලාභ ප්‍ර යෝජනය තකා ක්‍රියා කරන පවුද්ගලික රෝහල් වල වෛද්‍ය වරැන් මේ සදහා කදිම උදාහරණයක් ලෙස දැක්විය හැක. කෙසේ වෙතත් අප ජීවිතය යහපත් ලෙස පවත්වා ගෙන යාම සදහා ජ්‍යොතිෂය ඇසුරින් ප්‍රයෝග කාරීව සුභ ඵල අත් කර ගැනීමට උනන්දු වීම වඩාත් යහපත් වේ.. [/FONT]
     
    • Like
    Reactions: kingkong619

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    නැකැත් රාල;16387165 said:
    බොහොම හොඳ අදහසක් සහෝදරයා. මෙතන ජ්‍යොතිශ ගැන බුදුන් වහන්සේටත් නොතිබ්බ ගැටලු තියන පිරිසක් ඉන්නවා. නිර්වාන ගාමි වෙන්න ජ්‍යොතිශය කිසිම වැඩක් නෑ කියන එක ජ්‍යෝතිර්වේදියෙක් විදිහට මමත් පිලිගන්නවා. ඒකට අවෂ්‍ය කරන්නේ භාවනාව හා අනෙකුත් දෑ. ජ්‍යොතිශ කියන්නේ පෘතක්ජන මිනිස්සුන්ට එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වයට භාවිහාකරන්න පුලුවන් ශාස්ත්‍රයක් පමනයි.

    මචං, බුදුරජානන් වහන්සේට ජ්‍යොතිශ ගැන විතරක් නෙමෙයි වෙන කිසිම දෙයක් ගැන ගැටලුවක් තිබුනෙ නැහැ. තිබිච්ච ගැටලු වලට පිලියම් හොයාගෙන තමයි ලොව්තුරා බුද්ධත්වයට පත් උනේ. මිනිස්සුන්ගෙ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගතහැකි කිසියම් ක්‍රමවේදයක්, ශාශ්ත්‍රයක්, විද්යාවක් ධර්මයක් තිබුණානම් උන්වහන්සේ ඒදෙය පැහැදිලිව දේශනාකොට වදාරළා තියනවා. එතකොට උන්වහන්සේ කුමක්හෝ ක්‍රමවේදයක්, ශාශ්ත්‍රයක්, විද්යාවක් හෝ ධර්මයක් වඳාරා නැතිනම්, අපි ඒදෙය ගැණ එල්බ සිටිණවානම් අප හඳුණාගතයුතුයි එය මිත්යාදෘෂ්ඨියක් බව. එසේනම් කෙටියෙන් යමක් මිත්යාදෘෂ්ඨියද නැද්ද යන්න හඳුණාගතහැකිවන්නේ එය බුධුන්වහන්සේ දේශනාකොටවඳාල ධර්මයට සහ විණයට එකඟද යන්න බව නුවණින් විමසාබැලීමෙනුයි. මේ දෙය වටහාගැණීමට උතුම්වූ රහත් භාවයට හෝ සකුර්ඳාගමී වීමටහෝ ධ්යාණ වඩවාගෙන සිටියයුතු නොවේ. ඉතින් ඒ අනුව මාගේ නිගමණය හා අදහස වෙනුයේ ජ්‍යොතිශය මිත්යාදෘෂ්ඨියක් බවයි. නමුත් තව පුද්ගලයෙකුගේ දැණුමට අනුව එය එසේ නොවිය හැකියි. එය එසේ වන්නේ එම පුද්ගලයාගේ දණුමේ මදකමක් නිසාම මිස වෙනකිසිවක්නිසා නොවෙයි.
    නමුත් දැන් මෙතන සිදුවෙන්නේ ජ්‍යොතිශය තම ජීවිකාව කරගත් එය තම නෑකොටගත් එය තම සරණකොටගත් පුද්ගලයන් කීපදෙනෙකු විසින් එකිණෙකාගේ පිටකසාගැණීමක් පමණි. අරමුණක් නැති දෙයක් වෙනුවෙන් අපි කුමටනම් වාදකරගන්නවාදැයි මම මගෙන්ම ප්‍රශ්ණකොටගනිමි.
     
    ජ්‍යොතිශ බුදුන් වහසේ බැහැර කලේ එය නිවනට යන මග නොවන නිසායි.එහෙම නැතුව බොරුවක් කියල නෙමෙයි. උන්වහන්සේ කිව්වේ ජ්‍යෝතිශ යනු ලාමක විද්‍යාවක් කියලා. ඒ වගේම තව විද්‍යාවන් ගනනාවක්("(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම") ඒ ගොඩට උන්වහන්සේ ඇතුලු කලා (මේක තියෙන්නේ දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ). එහෙම කියලා මේ පෘතක්ජන මිනිස්සු කොට්ටාශයක් ඒක විතරක් අල්ලගෙන කරන විහිලුව නම් ඉල ඇදෙන තරමට හිනා යන දෙයක්. බුදුන් වගන්සේ කිසි තැනක ජ්‍යොතිෂ යන විශය බොරුවක් කියලා කිව්වේ නෑ. කිව්වේ හාමුදුරුවරුන්ට හෝ පෘතක්ජනයාට ඒ මගින් නිර්වාන අවබෝදයට සත පහක වැඩක් වෙන්නෙ නැ කියලා. මිනිස්සු නොදන්න කමට ඔය සුත්‍රය වැරදියට තේරුන්ගත්තට හෝ කුහක කමට ඔය කොටස පමනක් උලුප්පලා දැක්වුවට විෂය කිසි තැනක බොරුවක් වෙන්නේ නෑ. ඔය කියන අර්ථයෙන්ම සුත්‍රය ගත්තොත් යහපත් බෞද්ධයා බෙහෙත් ගන්නත් සුදුසු නෑ. එහෙම නැත්තන් ඒ කොටසට එක අර්ථයකුත් ජ්‍යෝතිශයට කොටසට එක අර්ථයකුත් එන්නේ කොහොමද කියන එක නම් හරි ගැටලුවක්.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචං මට දැන් පොඩි ගැටලුවක් එනව අපි මේ කථාකරන්නෙ මොකක්ගැනද කියලා. අපි මේ කථාකරන්නෙ බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන කියන එකද? එහෙම නැත්නම් ජ්‍යොතිශය හරිද වැරදිද කියලද? මම මචං බ්‍රහ්මජාල සූත්‍රය කියවල නැහැ. මොනවා තියනවද කියල අවබෝධයක් නැහැ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං මට දැන් පොඩි ගැටලුවක් එනව අපි මේ කථාකරන්නෙ මොකක්ගැනද කියලා. අපි මේ කථාකරන්නෙ බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන කියන එකද? එහෙම නැත්නම් ජ්‍යොතිශය හරිද වැරදිද කියලද? මම මචං බ්‍රහ්මජාල සූත්‍රය කියවල නැහැ. මොනවා තියනවද කියල අවබෝධයක් නැහැ.

    නෑ මචන් ඔයා කියන එක හරි මෙතන ඇත්තටම ඉතා සුලුපිරිසක් තමයි පටලවන් තියන්නේ. නමුත් ඇත්තටම ඒ දෙක පටලවාගන්න කිසිම හේතුවක් නෑ. බුදුදහම කියන්නේ සන්සාරය කෙලවර කරන්න නිවන් දකින්න තියන මාර්ගය. ජ්‍යොතිශ කියන්නේ මේ පෘතක්ජන අපිට එදිනෙදා ජීවත් වෙන්න පාවිච්චි කරන්න පුලුවන් යම් ශාස්ත්‍රීය ක්‍රමවේදයක්. හරියටම කියනවනම් අපේ වැඩ පහසු කරගන්න අපි පරිගනකය නිර්මානය කලා වගේ. මිනිස්සුන්ට එන සුභ හා අසුභ ගැන කල්තියා දැන ගන්න පුරාන සෘෂිවරු ජ්‍යොතිෂ කියන ගණිතය මත පදනම් වුන විෂය නිර්මානය කලා. නමුත් ඒක ලොවුතුරා සැනසීමට මග නෙමෙයි. කලයුත්තේ මේ විශය ආධාරයෙන් එදින් එදා වැඩවලට යම උදව්වක් ගන්න අතර හැකිතරම් නිර්වාන ගාමිව කටයුතු කිරීමයි. බුදුන් වහන්සේ ජ්‍යොතිෂය නෙමෙයි වෙන ඕනම දෙයක් තුල අන්තගාමි වීම ප්‍රතික්ශේප කලා.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    නැකැත් රාල;16388215 said:

    මෙහෙමයි මචං. මට ජ්‍යොතිශයෙන් ඇත්තටම වැඩක් නැහැ. නමුත් ඕනම කෙනෙකුට ඒක පිහිටකොට ගන්න නෑකොටගන්න සරණකොටගන්න අයිතියක් තියනවා. ඒක මට කොහෙත්ම ගැටලුවක් නැහැ. මට ගැටලුව තියෙන්නෙ ජ්‍යොතිශය බුද්ධගමට පූට්ටුකරන්ඩ හදන එකට. සුද්ධෝධන රජ්ජුරුවො සිදුහත් කුමාරය ඉපදුනු වෙලාවෙ ජ්‍යොතිශ උදවිය කැදෙව්වෙ, එතුමා මිත්යාදුෂ්ඨිකයෙක්වෙලා හිටපු හින්දා. ඒවගේම සිදුහත් කුමාරයා ජ්‍යොතිශය ඉගෙනගත්තෙ පියරජ්ජුරුවන්ගෙ උවමණාවට සහ කළයුතුමදෙයක් නිසා රාජකුමාරයෙක් විදියට. (පැහැදිලි ධර්මයක් එකළ නොතිබූනිසා) ඉතින් ඒහෙතුව නිසා ජ්‍යොතිශ මහත්වරු හිතනවනම් බෞද්ධ වෙච්ච අපිත් මිත්යාදුෂ්ඨිකවෙලා ඒක පිලිගන්න ඕනෙ කියලා ඒක මුලාවක්. මිත්යාදුෂ්ඨික හාමුදුරුවරු මචං එදත් හිටිය අදත් ඉන්නවා. හෙටත් ඉදීවි. අනන්ද මෛත්‍රීය හාමුදුරුවො වගේ අනිත් සෑම හාමුදුරුකෙනෙක්මත් මිත්යාදුෂ්ඨික වෙනවනම් මම දන්නවා ඔය ජ්‍යොතිශ මහත්වරු සතුටුවෙයි. ඒවාපෙන්නල බෞද්ධ මිනිස්සු ගොණාට අන්දන්න ලේසිනිසා. මම දැක්කා ජ්‍යොතිශ උත්තමයෙක් (මහත්තයෙක් නෙමෙයි)ඇවිල්ල මිත්යාදුෂ්ඨික හාමුදුරුකෙනෙක් ලියපු පත්තර කෑල්ලක් දාලා ලොකු සද්දයක් දාල ගිහින් තිබ්බා. බුදුරජානන්වහන්සේ මෝහයයි කියලා හැදිවූවෙ ඕකම තමයි.
    අනික කව්රුහරි නිවන් අරමුණුකරණවානම් ශ්‍රද්ධාව සකස්කරගන්න වෙනවා. ශ්‍රද්ධාව සකස්කරගන්න නම් සක්කාය දිට්ඨිය නැතිකරන්නවෙනවා. සක්කාය දිට්ඨිය නැතිකරන්න නම් වැරදි වෘතවලින් ඉවත්වෙන්න වෙනවා. ඒක එහෙම නම් බුද්ධාගමේ කොහෙද ජ්‍යොතිශයට ඉඩක්.