ඉන්දු;16442412 said:
නැකැත් රාල;16 ඉස්සලම කියන්න ඕනේ අපි කාන්තා දිනයට පමණක් සේවය කරන හා එදිනට පමණක් පුරාජේරු ගහන අය නෙමේ කියලත්. නැකැත් රාලට ඕන නම් ලබන මැයි මාසේ අපි විවාහක කාන්තාවන් 500 පමණ සහභාගී කරගෙන වැඩ සටහනක් කරනවා BMICH එකේ. ඔයාත් ඕන නම් එන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා අපි කාන්තා දිනයට පමණක් සේවය කරන අය නොවයි කියල. එහෙම බොරුවට සෝබනය පෙන්වන්න කරන අයත් ඇති. නමුත් අපි හැම මාසෙකම 3 පාරකට වඩා අපේ සංගමය රැස්වෙනවා . අපි කරපු සේවාවන් ගොඩක් තියනවා. ලගදීම වෙබ් සයිට් එකකුත් දානවා. එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් අපේ සේවාවන්.
දෙවෙනියට කියන්න ඕනේ ඔයා මේ පහල දාල තියන එක මම මේ කියන දේත් එක්ක ගැලපෙන්නේ නැහැ නැත්නම් ඒක ඔයා වටහාගෙන නැහැ. තුන්වෙනියට කියන්න තියෙන්නේ ඔබ යම්කිසි දෙයක් ලියන්න උත්සහ කිරීම ගොඩක් වටිනවා සහ නමුත් අවාසනාවට මේකේ 60 % - 70% අතර ප්‍රතිශතයක් වැරදියි. කොහොම උනත් මම අගය කරනවා ඔයාගේ උත්සාහයට . නමුත් මම ඔයාට මේක පැහැදිලි කරලා දෙන්නම්. මට සිංහල අකුරු ලියන්න සැහෙන වෙලාවක් සහ වෙහෙසක් යනවා. එක නිසා මම මේක ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කලොත් මට ලේසියි. මම ගොඩක් උත්සහයක් දෙන්නම් සිංහලෙන්ම ලියන්න. මම මේ මොහොතේ යම් රාජකාරි මට්ටමක ඉන්න නිසා මම මේක පසුවට පැහැදිලි කරලා දෙන්නම්. ගොඩක් වෙලාවට මට හෙට හවස් වෙලාවට අයෙ online එන්න පුළුවන් වෙයි.
ඔයාලා වැනි අය අපේ කාන්තාවන්ගේ ඔලුවට විසබීජ නොදාන තාක් කල් පවුල් ප්රෂ්න ඇති වෙන්නෙ නෑ. අපේ රටේ කාන්තාවට සම තැන දුන්නේ නෑ නිසි තැන දුන්නා.. ඔයාලාවගේ බටහිර සිරිත් ඔලුවට දාගත්ත මොඩ් ගෙවිලියෝ නිසයි මේ නැති ප්‍රශ්න ගොඩක්. මම කියන්නේ නෑ පිරිමි හැම වෙලේම නිවැරදියි කියලා ගෑනුන්ට අත උස්සන හා වෙනත් හිරිහැර කරන නපුන්සකයිනුත් පිරිමි අතර ඉන්නවා. නමුත් ඔවුන්ගෙන් පවුලට වෙනවට වඩා හානියක් ඔයාලා විසින් අටවගන්න මේ සංගම් වලින් වෙනවා. අර වැරදියි කිව්ව 70% ඔයා අනිවාර්යෙන් නිවැරදි කරයි කියලා බලන් ඉන්නවා.. මොකද එහෙම වුනොත් මට මනෝ විද්‍යාව උගන්නපු මහචාර්ය වරයා හෙන බොරු කාරයෙක්.. ඉතින් මොක නැතත් මට ඒ වැරදි තැන් පෙන්නන්න ඔනේ හොඳද
Last edited:





