ඔව් ගුරුකම්/හූනියම් කරන්න පුලුවන් ක්රම කිහිපයකට.
පිල්ලි යවලා - මළගිය ප්රාණියෙක්ව බන්දලා යවනවා කරදර කරන්න නමුත් මේකෙන් හානි වෙන්නේ ගොඩක් අකුසල කර්ම වැඩි මිනිස්සුන්ටයි.
මොනවා හරි මතුරලා දෙනවා - කෑමට ,බීමට වගේ.
මොකක් හරි උඩින් පන්නනවා - කාපට් එක යට නූලක් දාලා එහෙම වගේ.
මතුරලා තෙල් ගාලා - වශී කරගන්නේ මේ විදියටයි මිනිස්සුන්ව, අතට අත දෙන කොට තමන්ගේ අතේ මතුරපු තෙල් ගාලා කාට හරි අතට අත දෙන්න.
හූනියම් කඩන්න පුලුවන් ජලනන්ද පිරිත නිතරම ගෙදර මතුරනවා නම්, ජලනන්දන පිරිත මතුරපු සුර 4 ක් ගේ මුළු හතරේ දාලා වලලනවා නම්. නමුත් එතකොට මස් මාංශ අනුභව කිරිම, අකුසල කර්ම කිරිමෙන් වැලකිලා ඉන්න ඕනේ.
මේවා බොරු නෙවෙයි හරියට කරනවා නම්. අතීතයේ දැනුම තමයි මේ ගුරුකම්/හූනියම් වල තියෙන්නේ නමුත් යූරෝපේ පුනරුදය (renaissance) සහා යුරෝපානු අක්රමණ , ඒබ්රාමික් ආගම් වල බලපෑම නිසා මේ පරණ දැනුම ගොඩක් ඒවා දැන් වැලලිලා තියෙන්නේ. එක පාරටම මේවා ප්රතික්ෂේප කරන එක වැරදියි.