ගොතමු කවියක් නිමාවක් නැති...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොතමු කවියක් නිමාවක් නැති...

    අත් පසුර හැර ඇවිද යමු අපි
    නොපෑගෙන ලෙස සිඟිති මල් පෙති...
    නොදැක්කා වාගේම ඉමු අපි
    සුළං රැල්ලක් හාදු දෙන හැටි...
    රන් හුයෙන් දෑඟිලි බඳින්නැති
    එක කැදැල්ලක් කොහේ හරි ඇති ...
    අත් පසුර හැර ඇවිද යමු අපි
    ගොතමු කවියක් නිමාවක් නැති...


    කිරි සුවඳ විසිරුණ මල් හීන වල
    බිදුණු සිල් මුවරද වෙලා ...
    නින්ද නුඹ ළඟ තියා නෙක රෑ
    කිරි හිනා නෙත ඇහැරිලා...
    කන්ද පාමුල මගේ ගෙපැලේ
    ඇසෙන නැළවිලි ගී රටා ..
    කන්ද මුදුනේ සකි සඳේ
    වැට කඩොළු වී මග ඇහිරිලා...

    ඉන්නකොට ළය මඩල ඇවිලී
    ඔහේ හිස් දෑසින් බලා...
    අපිට අපි ගැන අයිතියක් නැති
    මොහොතකට ඔබ මගෙ වෙලා...
    සින්න කර ගන්න බැරි වග
    කියද්දී සිත කොඳුරලා...
    අහස හිනැහෙනු හැටි දුටිමි
    මහ පොළව දෙස හොරැහින් බලා...

    W.A.w.k.W@[email protected]
    4/13/14

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ishara wage dan wadiya kawi liyanna naha neda....

    godake dawasakin dakka kawiyake.......

    ammi kenake unada lagadi:lol::lol:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ishara wage dan wadiya kawi liyanna naha neda....

    godake dawasakin dakka kawiyake.......

    ammi kenake unada lagadi:lol::lol:

    welawak neha liyanna dan. meka liwweth kenek karapu illeemakata. ammi kenek nam une naha. eth job ekath ekka godak busy. :)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලස්සනයි...!
    11.gif
     
    • Like
    Reactions: Dewrangi

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඩින් එක තේරුමක් ‍යටින් තව තේරුමක් වගේ දෙ‍යක් ති‍යනවා වගේ......:oo:

    හැබැ‍යි ලස්සන නිර්මාණ‍යක්.......Rep+:)
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    උඩින් එක තේරුමක් ‍යටින් තව තේරුමක් වගේ දෙ‍යක් ති‍යනවා වගේ......:oo:

    හැබැ‍යි ලස්සන නිර්මාණ‍යක්.......Rep+:)

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔව් පේනවට වඩා ගැඹුරු අදහසක් තියනවා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ශා අදනේ මේක දැක්කේ ... ගොඩ දවසකින් ඔයාගේ නිර්මාණයක් දැක්කේ sis
    thanx :)
     
    • Like
    Reactions: Dewrangi