ජාතිවාදයද?

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා.

    මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන අලව ගන්නවා කියලා හිතාගෙන පහළට එද්දී සෙරෙප්පු හදන මනුස්සයා හැමදාම ඉන්න තැන වැඩ කර කර ඉන්නවා මම දැක්කා.

    ඒත් කාලයක් තිස්සේ එතැන හිටිය මනුස්සයා නෙවේ මේ ඉන්න කියලා ළඟට ආවම මට හිතුණා. එතැන හිටියේ තරුණා හාදයෙක්. අපි 1st year කැම්පස් එද්දී හිටිය මනුස්සයා අපි අවුරුදු 4 ක් ඉදලා out වෙද්දිත් හිටියා නේද කියලා හෙමින් සැරේ මට මතක් වුණා. මොකා හිටියත් කමක් නැහැ සෙරෙප්පුව අලවලා දෙනවා නම් කියලා හිතපු මම සෙරෙප්පුව ගලවලා එයාට දුන්නා.

    "සෙරෙප්පුව ඉස්සරහින් ගැලවිලා. මොකක් හරි කරන්න පුලුවන් වෙයි නේද?" මම කිව්වා.

    "කෝ දෙන්න මහත්තයා සෙරෙප්පුව" තරුණ හාදයා මගෙන් සෙරෙප්පුව ඉල්ලගෙන ගැලවුණු තැන බ්‍රෂ් එකකින් පිහදාන්න පටන් ගත්තා.

    සෙරෙප්පුව හදන දිහා බලාගෙන හිටිය මගේ ඇස් දෙක එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. සෙරෙප්පු හදන්න ගන්න ආවුද ආම්පන්න දාලා තිබුණු ප්ලාස්ටික් පෙට්ටියක අලවලා තිබුණු මරණ දැන්වීමක් එක පාරටම මම දැක්කා.

    දැකලා පුරුදු කෙනෙක්ගේ මරණ දැන්වීමක්. මරණ දැන්වීමේ උඩින් සුපුරුදු වචන සෙට් එක වෙන වයධම්මා සංඛාරා හරි අනිච්ඡාවත සංඛාරා වෙනුවට දැන් කාලේ ට්‍රෙන්ඩ් එක විදිහට එන "පිය සෙනෙහස නිමාවිය" කියලා තිබුණා.

    එක පාරටම මේ මරණ දැන්වීමේ හිටියේ කාලයක් තිස්සේ මෙතැන සෙරෙප්පු හැදුව මනුස්සයා නේද කියලා මට මතක් වුණා.

    තරුණ හාදයා තාම සෙරෙප්පුව අලවන වැඩ.

    "මේ පෝස්ටරේ ඉන්නේ කලින් මෙතන සෙරෙප්පු හැදුව කෙනා නේද ?" මම කතාව පටන් ගත්තා.

    "ඔව් මහත්තයා. ඒ අපේ තාත්තා" තරුණ හාදයා උත්තර දුන්නා.

    "මේ අවුරුද්දේ මුලත් හොඳට හිටිය නේද එයා? මොකද වුණේ හදිස්සියේම" මම විස්තර හාරවුස්සන්න පටන් ගත්තා.

    "එයා හොඳට බිව්වා මහත්තයා. ඒක නිසා පපුවේ අසනීප තියන් හිටියේ. මැරෙන්න කලින් දවසෙත් මෙතැන සෙරෙප්පු හැදුවා. පහුවදා ටිකක් අමාරු වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවේ තමා ලේ වමනේ කරලා මැරුණේ"

    තරුණ හාදයා එහෙම උත්තර බඳිද්දී එයාගේ මූණෙන් මට පෙනුනේ තාත්තා මැරුණු නිසා දුකෙන් ඉන්න පුතෙක්වද එහෙමත් නැත්නම් තමන්ගේ තාත්තාට ඒ මරණේ තමා උරුම කියලා හිත හදාගත්තු පුතෙක්වද කියන එක මට හිතාගන්න බැරුව ගියා.

    "අපි 1st year කැම්පස් එද්දිත් ඔයාලගේ තාත්තා මෙතන හිටියා. අවුරුදු හතරක්ම එයා අපිත් එක්ක හිටියා" තරුණ පුතාගේ දුක නැතිවෙන්න වගේ මම කිව්වා.

    "තාත්තා කැම්පස් එක ගාව සෙරෙප්පු හදන්න ඇවිත් අවුරුදු 20 කටත් කිට්ටුයි මහත්තයා. එයා නැතිවුණාම ඉතින් කවුරුත් මෙතන නැති නිසා මම වැඩට ආවා" තරුණ හාදයා මම නොදන්න ඉතිහාසයක් මට කියලා දුන්නා.

    කතාව මැද්දෙම සෙරෙප්පුව අලවන වැඩේ අන්තිම හරියටත් තරුණ හාදයා ඇවිත් තිබුණා. මගේ හිතේ දඟල දඟල හිටිය ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් තරුණ හාදයා ඒක මොන විදිහට බාරගනිද කියලත් මට නොහිතුණාම නෙමෙයි.

    "ඔයාලා දෙමළ නේද? ඒත් මොකද මේ තාත්තගේ පෝස්ටරේ සිංහලෙන් ගහලා තියෙන්නේ" මම ප්‍රශ්නය ඇහුවේ දෙගිඩියාවෙන්.

    "අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ. අපේ තාත්තට විතරයි හොඳට දෙමළ කතා කරන්න වගේම ලියන්න පුලුවන්. අම්මටවත් එච්චරම බෑ. තාත්තව දන්න අඳුරන ඔක්කොම වගේ සිංහල අය. ඒක නිසා අපි පෝස්ටරේ සිංහලෙන් ගැහුවා"

    මගේ මූණ දිහා බලාගෙනම තරුණ හාදයා උත්තර දුන්නා.

    උත්තර විදිහට මොනවා කියන්නද කියලා මම කල්පනා කළා.

    "හරි මහත්තයා සෙරෙප්පුව හදලා ඉවරයි" තරුණ හාදයාම මට උත්තරයක් දුන්නා.

    "රුපියල් 40 ක් දෙන්නකෝ" තරුණ හාදයා ආයි කිව්වා.

    "බොහොම ස්තුතියි" රුපියල් 40 ක් තරුණ හාදයාට දීලා දීපු මම සෙරෙප්පුවත් කකුලට දාගත්තු මම තරුණ හාදයා දිහා බලලා කිව්වා.

    හිනාවෙලා මගෙන් සල්ලි ගත්තු තරුණ හාදයාට ආයි හිනාවකින් සංග්‍රහ කරපු මම ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.

    "අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ" තරුණ හාදයාගේ කතාව මට ආයි ආයි මතක් වුණා.

    ප.ලි.: මේ කතාවේ ඇතුළත් සියලු චරිත, සිද්ධි සියල්ලම සත්‍ය ඒවා බව කරුණාවෙන් සළකන්න.

    http://aagiyakatha.blogspot.com/
     
    • Like
    Reactions: jeewantha05

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෙරෙප්පු හාදයෙක් මොකටද බන්, මාව බලපන්.. හින්දු උනේ මම කිරි සප්පයා කාලේ.. යාන්තමට මතකයි අක්කා, අම්මා එක්ක වැල්ලවත්තේ පැත්තේ ගෙදරක අනාත වෙලා ඉන්නවා, ඊට පස්සේ දෙමල කියන නාමයක් මතක නැ බන්..
     
    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    අවංකවම කියනවනම් තම්බි බල්ලෝ තරම් දෙමල උන් සක්කිලි නෑ බං. මේ රටේ ඉන්න දෙමල උන් ටිකත් විනාශ කරන්නෙ පිටරට ඉන්න ගස් දෙමලු. මගෙ න තරම් හිතවත්තු බිස්නස් කරන උන් ඉන්නවා දෙමල උන්ට කවදාවත් ජාතිවාදී ප්‍ර්ශ්න. උන්ගෙ ආගමට අපේ උන් හරවගන්න ප්‍ර්ශ්න නෑ ලස්සනට කාල බීලා උන්ගෙ වැඩක් කරගෙන ඉන්නවා. උතුරෙ උනත් අහින්සක උන්ව අවුස්සන්නේ අර දෙමල සංධානෙ ගස් බල්ලෝ. මම එක ස්ඇරයක් යාපනේ ගිය වෙලාවක කඩේක මිනිහෙක් කිව්වා දෙමල සංධානෙ උන් ඔක්කොම මරලා දානවනම් හොදයි මහත්ත්යා කියලා.

    පොර කියනවා අඩුම ගානෙ බයක් නැතුව ලමයෙක් හදන්න , බයක් නැතුව ජීවත් වෙන්න උන්ට දැන් පුලුවන් ලු. උන්ට එහෙ ප්‍ර්ශ්න නෑ බං තිබ්බත් ඉස්සර තරම් ප්‍ර්ශ්න උන්ට නෑ. උන් කවදාවත් කැමති නෑ ආයෙම ඉල්ලගෙන පරිප්පු කන්න
     
    • Like
    Reactions: king_pandukabaya

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    demala ewunge ehema awulak naha ban,ratawal wala inna ,thamilnadu inna ewunta thiyena amaruwak lankawe inna demala ayata naha.ratawala idan kegahana godak ewun jiwitheta lankawata awewath nathi ewun.thambi thami ban ekama hene.yudde kale unath colombo wala nuwaraeliya wala demala aya sinhala ayath ekka hodata hitiyane.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අවංකවම කියනවනම් තම්බි බල්ලෝ තරම් දෙමල උන් සක්කිලි නෑ බං. මේ රටේ ඉන්න දෙමල උන් ටිකත් විනාශ කරන්නෙ පිටරට ඉන්න ගස් දෙමලු
     
    • Like
    Reactions: djjaya

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අවංකවම කියනවනම් තම්බි බල්ලෝ තරම් දෙමල උන් සක්කිලි නෑ බං. මේ රටේ ඉන්න දෙමල උන් ටිකත් විනාශ කරන්නෙ පිටරට ඉන්න ගස් දෙමලු

    sirawata, demala buwala awulak na. muslim ewun nam itin wadak na. 90% witara chater
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අවංකවම කියනවනම් තම්බි බල්ලෝ තරම් දෙමල උන් සක්කිලි නෑ බං. මේ රටේ ඉන්න දෙමල උන් ටිකත් විනාශ කරන්නෙ පිටරට ඉන්න ගස් දෙමලු. මගෙ න තරම් හිතවත්තු බිස්නස් කරන උන් ඉන්නවා දෙමල උන්ට කවදාවත් ජාතිවාදී ප්‍ර්ශ්න. උන්ගෙ ආගමට අපේ උන් හරවගන්න ප්‍ර්ශ්න නෑ ලස්සනට කාල බීලා උන්ගෙ වැඩක් කරගෙන ඉන්නවා. උතුරෙ උනත් අහින්සක උන්ව අවුස්සන්නේ අර දෙමල සංධානෙ ගස් බල්ලෝ. මම එක ස්ඇරයක් යාපනේ ගිය වෙලාවක කඩේක මිනිහෙක් කිව්වා දෙමල සංධානෙ උන් ඔක්කොම මරලා දානවනම් හොදයි මහත්ත්යා කියලා.

    පොර කියනවා අඩුම ගානෙ බයක් නැතුව ලමයෙක් හදන්න , බයක් නැතුව ජීවත් වෙන්න උන්ට දැන් පුලුවන් ලු. උන්ට එහෙ ප්‍ර්ශ්න නෑ බං තිබ්බත් ඉස්සර තරම් ප්‍ර්ශ්න උන්ට නෑ. උන් කවදාවත් කැමති නෑ ආයෙම ඉල්ලගෙන පරිප්පු කන්න

    මචන් උඹ සිංහල බෞද්ධ වෙලා උපදින්න හොඳට හොයලා බලලා තෝරගන්න පුළුවන් උනාට අනිත් එවුන්ට එහෙම බෑනේ. මුස්ලිම් හරි දෙමල හරි මොකක් හරි අම්මෙකුගේ කුසේනේ උපදින්නේ. ඉපදිලත් අවුරුදුගානකට පස්සෙනේ තේරෙන්නේ හුටා මම වැරදි ජාතියකනේ ඉපදිලා තියෙන්නේ කියලා. ඒක හින්දා ඉබේටම සිංහල බෞද්ධ නැතිව වෙන ජාතිවල උපන් එවුන්ට බනින්න එපා. බැහැයි හිතාමතමෙ අනිත් ජාති හොඳයි කියලා තෝරගෙන ඉපදෙන එවුන්ට බැනපන්.
    යාපනේ කවුද දෙමළ සංධානේ සේරම මැරෙන්න ඕන කිවුවානේද? ඒකටනම් කියන්න තියෙන්නේ අර මත්තල හා හබ්බන්තොට බලන්න ගියපු එවුන්ට ගහලා එලවපු මිනිස්සු ජාතියේම දෙමල වර්ෂන් එකක් තමයි උඹට හම්බ වෙලා තියන්නේ. මොකද උන්ට ආශ්චර්යයෙන් සැප සම්පත් දෝරේ ගලනවනේ.
     
    සැම දෙයකම දෙපැත්තක් ඇත, නිවුටන් නම් පොරට අනුව සැම ක්‍රියාවට සමානවූද ප්‍රතිවිරුද්ද වූද ක්‍රියාවක් ඇත.. උතුරේ දෙමෙල්ලු සහා දකුනේ සින්හලු ඇති උනේ නිවුටන්ගේ තුන්වෙනි නියමය අනුව බව මෙහිදී ප්‍රත්යක්ශ වේ..

    සනත් k. බන්ඩාර
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අවංකවම කියනවනම් තම්බි බල්ලෝ තරම් දෙමල උන් සක්කිලි නෑ බං. මේ රටේ ඉන්න දෙමල උන් ටිකත් විනාශ කරන්නෙ පිටරට ඉන්න ගස් දෙමලු. මගෙ න තරම් හිතවත්තු බිස්නස් කරන උන් ඉන්නවා දෙමල උන්ට කවදාවත් ජාතිවාදී ප්‍ර්ශ්න. උන්ගෙ ආගමට අපේ උන් හරවගන්න ප්‍ර්ශ්න නෑ ලස්සනට කාල බීලා උන්ගෙ වැඩක් කරගෙන ඉන්නවා. උතුරෙ උනත් අහින්සක උන්ව අවුස්සන්නේ අර දෙමල සංධානෙ ගස් බල්ලෝ. මම එක ස්ඇරයක් යාපනේ ගිය වෙලාවක කඩේක මිනිහෙක් කිව්වා දෙමල සංධානෙ උන් ඔක්කොම මරලා දානවනම් හොදයි මහත්ත්යා කියලා.

    පොර කියනවා අඩුම ගානෙ බයක් නැතුව ලමයෙක් හදන්න , බයක් නැතුව ජීවත් වෙන්න උන්ට දැන් පුලුවන් ලු. උන්ට එහෙ ප්‍ර්ශ්න නෑ බං තිබ්බත් ඉස්සර තරම් ප්‍ර්ශ්න උන්ට නෑ. උන් කවදාවත් කැමති නෑ ආයෙම ඉල්ලගෙන පරිප්පු කන්න
    :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අවංකවම කියනවනම් තම්බි බල්ලෝ තරම් දෙමල උන් සක්කිලි නෑ බං. මේ රටේ ඉන්න දෙමල උන් ටිකත් විනාශ කරන්නෙ පිටරට ඉන්න ගස් දෙමලු
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් උඹ සිංහල බෞද්ධ වෙලා උපදින්න හොඳට හොයලා බලලා තෝරගන්න පුළුවන් උනාට අනිත් එවුන්ට එහෙම බෑනේ. මුස්ලිම් හරි දෙමල හරි මොකක් හරි අම්මෙකුගේ කුසේනේ උපදින්නේ. ඉපදිලත් අවුරුදුගානකට පස්සෙනේ තේරෙන්නේ හුටා මම වැරදි ජාතියකනේ ඉපදිලා තියෙන්නේ කියලා. ඒක හින්දා ඉබේටම සිංහල බෞද්ධ නැතිව වෙන ජාතිවල උපන් එවුන්ට බනින්න එපා. බැහැයි හිතාමතමෙ අනිත් ජාති හොඳයි කියලා තෝරගෙන ඉපදෙන එවුන්ට බැනපන්.
    යාපනේ කවුද දෙමළ සංධානේ සේරම මැරෙන්න ඕන කිවුවානේද? ඒකටනම් කියන්න තියෙන්නේ අර මත්තල හා හබ්බන්තොට බලන්න ගියපු එවුන්ට ගහලා එලවපු මිනිස්සු ජාතියේම දෙමල වර්ෂන් එකක් තමයි උඹට හම්බ වෙලා තියන්නේ. මොකද උන්ට ආශ්චර්යයෙන් සැප සම්පත් දෝරේ ගලනවනේ.

    මෙ රටෙ ඉන්න ගොත්‍රික කාරයො සෙට් එකටද බන් ලොජික් කියන්නෙ උබ , 83 පර දෙමලු කියල දෙමලුන්ව රටෙන් එලවන්න ගිය එකෙ part 2 හෙට අනිද්දම මෙහෙ වෙනව ,ලන්කාවෙ වෙන ආගමක ජතියක ඉපදුනු එකම වැරද්දට මැරෙන්න වෙයි ලගදිම , යකා ඉන්නෙ ලෙ පිපාසෙන් කියල දකින දකින තැන පෙනව
    ගිය පාරත් කොහෙදො හිටපු දෙමල මැර කල්ලියක අලුගුත්තෙරු වැඩක් නිසා එවට කිසිම අදාලත්වයක් නැති රටෙ අහින්සක දෙමල මිනිහ මැරුම් කැව,උලමා ල , බදුර්දින්ල , රායප්පුල , ගලබොඩල ,උන් උන් මරා ගත්තටනම් මට කිසි දුකක් නැ , හැබැයි උන් ඇරෙන්න එද වෙල හරිහම්බ කරගෙන ජිවත් උනු ඔවට අදාලවත් නැති උන් දාස් ගානක් ආගම ජතිය වෙනස් උනාට පාරෙ බල්ලො වගෙ මැරුම් කයි .

    එක නිසා ඉලග පාර ඉපදෙනකොට තැන අම්ම තාත්ත කවුද කියල තොරගෙන ඉපදියන් ඇ !
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    dhemala minissu hondai,, oya kurusa dhemalu thamai godak awul,, thambi nam dakka thana appiriyay,, munata kela gahanda hithenwa
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මෙ රටෙ ඉන්න ගොත්‍රික කාරයො සෙට් එකටද බන් ලොජික් කියන්නෙ උබ , 83 පර දෙමලු කියල දෙමලුන්ව රටෙන් එලවන්න ගිය එකෙ part 2 හෙට අනිද්දම මෙහෙ වෙනව ,ලන්කාවෙ වෙන ආගමක ජතියක ඉපදුනු එකම වැරද්දට මැරෙන්න වෙයි ලගදිම , යකා ඉන්නෙ ලෙ පිපාසෙන් කියල දකින දකින තැන පෙනව
    ගිය පාරත් කොහෙදො හිටපු දෙමල මැර කල්ලියක අලුගුත්තෙරු වැඩක් නිසා එවට කිසිම අදාලත්වයක් නැති රටෙ අහින්සක දෙමල මිනිහ මැරුම් කැව,උලමා ල , බදුර්දින්ල , රායප්පුල , ගලබොඩල ,උන් උන් මරා ගත්තටනම් මට කිසි දුකක් නැ , හැබැයි උන් ඇරෙන්න එද වෙල හරිහම්බ කරගෙන ජිවත් උනු ඔවට අදාලවත් නැති උන් දාස් ගානක් ආගම ජතිය වෙනස් උනාට පාරෙ බල්ලො වගෙ මැරුම් කයි .

    එක නිසා ඉලග පාර ඉපදෙනකොට තැන අම්ම තාත්ත කවුද කියල තොරගෙන ඉපදියන් ඇ !

    :)
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උලමා ල , බදුර්දින්ල , රායප්පුල , ගලබොඩල ,උන් උන් මරා ගත්තටනම් මට කිසි දුකක් නැ , හැබැයි උන් ඇරෙන්න එද වෙල හරිහම්බ කරගෙන ජිවත් උනු ඔවට අදාලවත් නැති උන් දාස් ගානක් ආගම ජතිය වෙනස් උනාට පාරෙ බල්ලො වගෙ මැරුම් කයි .

    එක නිසා ඉලග පාර ඉපදෙනකොට තැන අම්ම තාත්ත කවුද කියල තොරගෙන ඉපදියන් ඇ !

    මේ යථාර්තය තේරුම්ගන්න.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එක් අතකට දෙමෙල්ලු හොදයි බං. හම්බ සක්කිලියන්ට වඩා