ලංකාව හරහා යන අපූරු ගමන...!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාව හරහා යන අපූරු ගමන...!

    කොපි පේස්ට් ත්‍රෙඩ් කලාවට අකමැති උනත්, මේ ලිපිය ගොඩක් හිතට වැදුන එකක් නිසා බෙදා ගන්න හිතුනා... :)

    :):)ඉස්සර කාලේ මිනිස්සුන්ගේ තිබුන මනුස්සකම, කැපවීම, දුන්න පොරොන්දු ඉෂ්ඨ කිරීම වගේ අද කාලෙ නැති ගොඩාක් හොඳ ගති ගුණ ගැන මේකෙ තියෙනව දැක්ක.. :dull::dull:

    කට්ට්ය කියවලම බලන්නකෝ....



    400228_299098260191335_514647932_n.jpg


    වසර හතලිස්‌ පහක්‌ පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති.

    එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ සිට අනෙක්‌ කෙළවරේ ඈත බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හද්දා පිටිසර ගම්මානයක්‌ කරා දිවෙන ලංගමයට අයත් මේ රථය නම් පානදුරයේ සිට බදුල්ල හරහා කැටවත්තට යන බස්‌ රථයයි.

    බැලූ බැල්මට මෙය සාමාන්‍ය දුර ගමන් සේවාවක්‌ ලෙස පෙනුනත් මෙම බස්‌ රථයත් එම ගමන් වාරයත් තුළ එය සැඟව ඇති අපූරු කථාන්තරයක සුලමුල සොයා කැටවත්තට ගියෙමි.


    සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී කථා නායකයෙකු සේ දඟර ගැසෙමින් දිවෙන දුන්හිඳ හරහා මහියංගන මාර්ගයේ සැතපුම් 20 ක්‌ ගෙවූ පසු "මීගහකිවුල" නගරය හමුවේ. මීගහකිවුල හන්දියෙන් හැරී යන කුඩා පටු තාර දැමූ මාර්ගයේ තවත් සැතැපුම් නවයක්‌ දුර ගිය තැන කැටවත්ත නම් වූ පුංචි ගම්මානය මුණගැසේ.


    අප්පුහාමි ගම්පති තැන කැටවත්ත ගමේම ඉපදී හැදී වැඩුණු අයෙකි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවත ආ ඔහු එකල කැටවත්ත ගමට තිබූ එකම සිල්ලර කඩයේ හිමිකරු ද විය. වසර ගණනාවක්‌ තිස්‌සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මූලාදෑනි තැන හිත හොඳ එඩිතර ජවසම්පන්න නායකයකු විය. ගමනා ගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්‍රවාහන කටයුතු සිදුකෙරුණේ ප්‍රධාන මාර්ගවල පමණකි. මීගහකිවුල සිට කැටවත්ත දක්‌වා දිවෙන මාර්ගය ගුරු පාරක්‌ වූ ඒ අවධියේ එයද සෝදාපාළුවට ලක්‌වී දැඩි ලෙස අබලන්ව පවතින විට පිළිසකර කිරීමට පෙරමුණ ගත්තේද අප්පුහාමි මුලාදෑනි තැනය.


    ඒ 1963 වසරයි. ගමට මගී ප්‍රවාහන සේවයක්‌ ලබා ගැනීමට මූලාදෑනි තැනට මෙන්ම ගම්මුන්ටද දැඩිව අවශ්‍ය වී තිබිණ. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මහියංගනය හා බදුල්ලයි. මහියංගන ඩිපෝව උප එකක්‌ වූ අතර එය සතුව තිබුණේ සීමිත බස්‌ රථ ප්‍රමාණයකි. ගමට බස්‌ රථයක්‌ ලබා ගැනීමට ගම් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව් කොට ප්‍රථමයෙන්ම ගම්පති තැන ගියේ මහියංගන ඩිපෝවටය.


    "හාපෝ අලුතෙන් බස්‌ දාන්න තරම් බස්‌ අපිට නෑ. අනික ඔය පාර හොඳටම අබලන්" අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගන මහියංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ විය. මෙසේ කීප වතාවක්‌ම මහියංගන ඩිපෝවට ඉල්ලීම් කළත් එය ප්‍රතික්‌ෂේප වුවත් පසුබට වූයේ ගම්පති තැන නොවේ. බලධාරීන් වෙත ලියූ ලිපි කබා සාක්‌කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවෙනතුරු ඇවිද ගියේය. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මහියංගන ඩිපෝවේ නිලධාරීන් තරමටවත් මේ අහිංසක ගැමියන්ට සවන් දුන්නේ නැත." එය හද්දා පිටිසරට මොකද බස්‌" ඔවුන් එසේ පවසමින් ඔලොක්‌කුවට සිනාසුනහ..


    "මේ වැඩේ හරියන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙල්ලා බං යන්න" මෙසේ ගිය එක්‌ දිනෙක ගම්පති තැන ඩිපෝ භූමියෙන් පිටවෙමින් තම සඟයනට පැවැසූයේ තරමක කේන්තියෙනි. කලකිරුණු සිතින් යුතුව එදා ගමන් කළ අප්පුහාමි මුලාදෑනි ඇතුළු ගම්වැසියන් කීප දෙනා නගරයේ ආපන ශාලාවට ඇතුළු වූයේ ගමන් වෙහෙස මඟහරවා ගැනීමට තේ කෝප්පයක්‌ පානය කිරීමේ අදහසිනි. එවකට ඉතා ප්‍රසිද්ධ හෝටලයක්‌ වූ මෙය බදුල්ල නගරයටම තිබූ විශාලතම එකද විය. රටේ පිට පළාත්වලින් බදුල්ල හරහා දිවෙන දුර ගමන් සේවා බස්‌ රථ තේ පානයට නතර කළේ ද මෙම ආපන ශාලාව අසලය. ගම්පති තැන ඇතුළු පිරිස එහි පැමිණෙන විට පානදුර සිට මඩකලපුව බලා යන බස්‌ රථයද තේ බීමට එහි නවතා තිබිණ. තේ පානය කරන අතර තුර මේසයේ කෙළවරේ පුටුවේ හිඳ තේ බොමින් සිටි අයකු සමඟ කථාවට වැටුණු අප්පුහාමි මුලාදෑනි තැන තමන්ට සිදුවූ අසාධාරණය ඔහු හා සමඟ පැවැසුවේ හිත සැහැල්ලු කර ගන්නට මෙනි. එහෙත් ඔහු නොදැනුවත්වම කථාවට වැටී තිබුණේ පානදුර, මඩකලපු බස්‌ රථයේ රියෑදුරා සමඟය. ඒ වන විට පානදුර ලංගම ඩිපෝව ද ලංකාවේ සතර දිග්බාගය සිට දුර ගමන් සේවා ඇරැඹූ කාලයයි. මේ නිසාම මඳ වේලාවක්‌ කල්පනා කළ රියෑදුරා ඒ ගම්පති තැන අමතමින් "ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩී. එස්‌. (ඩිපෝ කළමනාකාර) මහත්තයට දෙන්නම්." එදා එසේ බස්‌ රථයක්‌ ඉල්ලා ලියූ ලිපිය මඩකලපුව බස්‌ රථයේ රියෑදුරාට දී ආපසු ගමට යන අතරතුර තම සගයන්ට එම සිද්ධිය පැවැසුවත් තම ගමට ආසන්න ඩිපෝවලින් නොදෙන බස්‌ රථය ඈත මූදුකරේ පානදුරයෙන් නොලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුංචිම පුංචි බලාපොරොත්තුවක්‌ ඔහු සිත තුළ නොතිබුණාම නොවේ. මේ නිසාම දින කීපයකට පසු ඔහු බදුල්ලට ගියේ ලිපියට සිදුවූ දේ දැන ගැනීමටය.


    එහෙත් සුන්වූ බලාපොරොත්තු සහිතව ගම්මුලාදෑනි තැනට ආපසු ගමට ඒමට සිදුවූයේ එදා පැමිණි රියෑදුරා එදින නොපැමිණි හෙයිනි. දුර ගමන් සේවා බස්‌ රථවල සේවය කරන රියෑදුරු, කොන්දොස්‌තර මහත්වරුන් දින 14 න් මාරුවන ක්‍රමයක්‌ පවතින බවත් ඒ අනුව අප්පුහාමි මුලාදෑනි තැනගේ ඉල්ලීම බාරගත් රියෑදුරා නැවත පැමිණෙන්නේ සති දෙකකින් බවත් එදා බස්‌ රථයේ රාජකාරී කළ රියෑදුරාගෙන් දැනගත් ගම්පති තැන හරියටම දින ගණන් බලා ඔහු මුණගැසීමට බදුලු ගියේය. "මම ඒ ලියුම ඩී. එස්‌. මහත්තයට දුන්න ගම්පති තැන හඳුනාගත් රියෑදුරා කීය.


    මෙම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවීමෙන් පසුව නමුනුකුල කඳු අග්ගිස්‌සෙන් මලහිරු කහපාට වී තිබූ එක්‌ සවස්‌ ජාමයක කැටවත්ත වල ගොඩැලි මතින් උඩ පනිමින් ගොර ගොර ගා ගෙන පැමිණ පරණ පහේ ජීප් රථයක්‌ ගුරුපාර කෙළවර අප්පුහාමි ගම්පතිවරයාගේ වෙළෙඳසල අබියස නතර කෙරිණි. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනකු වට පිට බලන්නට විය. ගමට අමුත්තන් වූ හෙයින් ගම්පති තැනද හෙමි හෙමින් එතැනට කිට්‌ටු කළේය. ඒ කාලයේ ගමට වාහනයක්‌ පැමිණීම ගම්මුන්ට ඉතා බරපතල කාරණයක්‌ විය. ඒ නිසාම දෝ ජීප් රිය අසලට රැස්‌වන පිරිසද ක්‍රමයෙන් වැඩිවන්නට විය. රැස්‌ව සිටි පිරිසට සිනාවකින් සංග්‍රහ කළ ජීප්a රථයෙන් පැමිණි එක්‌ අයෙකු ගම්පති තැන දෙසට හැරී "අපි පානදුර ඩිපෝවෙන් ගමට බස්‌ එකක්‌ ඕන කියල ඉල්ලීමක්‌ කරලා තිබුණ. පාර තොට බලාගෙන යන්නයි ආවේ" ගම්පති තැනගේ හිසේ එකවර මල් දහසක්‌ පිපුනා සේ විය. අමුත්තන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් තම නිවෙසට කැඳවාගෙන ගොස්‌ ආගන්තුක සත්කාර ඉටුකළේය. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ ධාවන කළමනාකරුවෙකු සහ ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ නිලධාරියෙකි. මගී ප්‍රවාහනය මුළුමනින්ම රජය සතුවූ ඒකාලයේ බස්‌ ධාවනය කිරීම ඩිපෝවකට අවසර ලැබුණේ පූර්ණ පරීක්‍ෂාවකින් අනතුරුවයි. එදිනම ආපසු යැමට නොහැකි හෙයින් පානදුරයෙන් පැමිණි නිලධාරීන්ට ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කළේ ඉතා කැමැත්තෙනි. රෑ මැදියම තෙක්‌ම ගම්මුන් හා කථාබහ කරමින් සිටි ඔවුන්ට බස්‌ කථාවේ සියලු තතු ගම්පති තැන නොවලහා කීය. කැටවත්ත ගමේ වැඩියෙන් අද මෙන්ම එදාද ආගන්තුක සත්කාරයෙහි ලැදි සැබෑම ගැමියෝ වූහ. පසුදා උදේ නිලධාරීන් ආපසු යන විට කිතුල් හකුරු පැණි පට්‌ටා, කෙසෙල්, එළවළු ආදී තුටු පඬුරුවලින් ජීප් රිය පිරි තිබිණි. "හොඳයි අපි මේ ගැන ඉහළටම දන්වන්නම්" සමුගත් ඔවුන් ආපසු ගියහ.


    තවත් තුන් මාසයක්‌ ගත විය. නිලධාරීන් ගියා ගියාමය. හාවක්‌ හූවක්‌ නැත. ඉනික්‌බිති එක්‌ දවසක එදා මෙන්ම හවස්‌ ජාමයක ගුරු පාර දිගේ නලාව හඬවාගෙන පැමිණ කුඩා ප්‍රමාණයේ තනි දොරේ බස්‌ රියක්‌ ගම්මුලාදෑනි තැනගේ වෙළඳසල අසල නතර කෙරිණි. බදුල්ල හරහා කැටවත්තට යන්න නාම පුරුවේ සටහන් වී තිබූ අතර පානදුර ඩිපෝව යන්න ඉදිරිපස සහ පසුපස කෙළවර පින්තාරු කොට තිබිණි. තමා වෙළඳ සලෙන් එළියට පැමිණියා නොව පිටතට විසිවූවාක්‌ මෙන් ගම්පතිතැනට දැනුණි. ගම්මු පැමිණ බස්‌ රථය වටකොට ගත්හ. කොහෙන්දෝ සොයාගත් රතිඤ්ඤා කරල් කීපයක්‌ චට පට හඬින් පිපිරී ගියේය. රියෑදුරු කොන්දොස්‌තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය අප්පුහාමි ගම්පති කෑම බීම පිළියෙල කොට දුන්නේය. ඔවුනට විවේක ගැනීමට එහිම කාමරයක්‌ වෙන් කළේය. ගම්වැසියන් පිරිසක්‌ වහ වහා බස්‌ රථය සෝදා පිරිසිදු කළේය. එදා මුළු ගමටම මඟුල්ය. පසුදා අලුයම 6.15 ට බස්‌ රථය ආපසු පිටත්වන විට එය පිරෙන්නට මගීන් සිටියහ. එදා හවස අනෙක්‌ බස්‌ රථය කැටවත්තට පැමිණියේය. එදා පටන් අද දක්‌වාම පානදුර කැටවත්ත බස්‌ රථය නොකඩවාම ගිරි දුර්ග හරහා ගමනේ යෙදේ. මෙම බස්‌ රථය නිසා අද වනවිට පානදුර හා කැටවත්ත අතර අපූරු සබැඳියාවක්‌ ගොඩනැගී ඇත. එය එක්‌තරා ආකාරයක උප සංස්‌කෘතියක්‌ ලෙසින් හැඳින්වුවහොත් අතිශයෝක්‌තියක්‌ නොවේ. කළටවත්ත ගමේ ඉපදෙන එළවළු පළතුරු පැණි හකුරු පානදුරට රැගෙන එන ගම්මු පානදුර පොළේදී ඒවා මුදල් කරති. පානදුරේ අලුත්ම අලුත් මූදු මාළු තැඹිලි ආදිය කැටවත්තට යති. කැටවත්තේ තරුණයන් පානදුර නගරයේ ව්‍යාපාරවල නිරත වේ. පානදුර හොරණ පාරේ කුරුස හන්දියේ පළතුරු අලෙවිසලක්‌ පවත්වාගෙන යන ඩී. එම්. ගාමිණී දිසානායක තරුණයා එවැන්නෙකි. කැටවත්තේ තරුණයන් පානදුරේ තරුණියන් හා අවාහ විවාහ වී සිටීම පානදුරයේ තරුණයන් කැටවත්තේ බින්න බැස හිඳිති. හොරණ, ඉංගිරිය, දෙහිවල, ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කම්හල්වල කැටවත්ත මීගහකිවුලේ තරුණියෝ ජුකී මසති. සිංහල අලුත් අවුරුදු සමයට මේ බස්‌ රථයේ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන්නේ නෑගම් යන්නටය.


    පානදුරයෙන් දිනපතා හිමිදිරියේ ගමන් අරඹන කැටවත්ත බස්‌ රථය බදුල්ලට ළඟාවන විට පස්‌වරු 2 පමණ වේ. එතැනදී බස්‌ රථය මඳක්‌ හිස්‌ වුවත් එය විනාඩි ගණනකට පමණි හිමිදිරි පාන්දර කැටවත්තෙන් පිටත්වන බස්‌ රථයෙන් බදුල්ලට පැමිණ තම අත්‍යවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක්‌ බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්‌වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක්‌ නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස්‌ රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්‌තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස්‌ රථය සෝදා පවිත්‍ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස්‌ රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්‍රියේම බස්‌ රථය තුළ අසුරා තැබේ.


    ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත.


    පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටවත්ත බස්‌ රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස්‌ රථය රැක ගන්නේ තම දෑස්‌ මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්‌තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස්‌ රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල්a ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස්‌ රථය හෙටද කැටවත්තට එනු ඇත.


    සටහන ඡායාරූප ; තිලක්‌ පුෂ්පකුමාර


    Page sourse :
    http://www.amazingbanta.com/2012/11/blog-post_305.html
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මීට මාස දෙක තුනකට කලින් මේ කතාව දාල තිබුනේ දිවයිනෙ එක්කො ලක්බිමේ. එතකොට මම මේක කියවුවා. ඇත්තටම සිරා ස්ටොරි එකක්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තොට කදුලු ආව නම් ඉතිං අ.....
    කියවන්න ගියොත් බඩු මාට්ටු....
    කටයි *කයි පියං ඉංඥ්ඥං:baffled:
    නැ. බන්. ලිපිය සිරා හිතට වදිනවා.. ආයේ ලොග් වෙන්න කම්මැලි නිසා මේකෙන්ම දැම්මා කියහන්කො.. :P
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    අපේ රටේ කොච්චර වටින මිනිස්සු ඉන්නවද ,,,,මගේ රට ගැන ගොඩාක් ආඩ්ම්බරයි ...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඈග්........
    මේ බස් රථය ඇත්තේ මගේ සිරිලංකාවේ ද?

    ඔව් අපේ අතීත සිරි ලංකාවේ....:(:(
    දැං නං වෙනස් ඇති... මේ ලිපියෙ ඉන්නව වගේ මිනිස්සු දැං ගොඩාක් අඩුයි...!:(:(

    මීට මාස දෙක තුනකට කලින් මේ කතාව දාල තිබුනේ දිවයිනෙ එක්කො ලක්බිමේ. එතකොට මම මේක කියවුවා. ඇත්තටම සිරා ස්ටොරි එකක්

    :):):):)

    Uthsahawantha minissu

    සිරාවටම!

    menna minissau

    :):)

    sirawata.. hithata wadina lipiyak. supirima gane minissunge kathawak

    සිරාවට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී,
    අනුන්ගේ දෙයක් වෙනුවෙන් තමන්ගේ දේවල් කැමැත්තෙන් කැප කරන මිනිස්සු....
    :nerd::nerd:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ රටේ කොච්චර වටින මිනිස්සු ඉන්නවද ,,,,මගේ රට ගැන ගොඩාක් ආඩ්ම්බරයි ...

    ඉස්සර නං ගොඩාක් ඉඳල තියෙනවා... :):)
    ඒත් දැං බොහෝම ටික දෙනෙක් ඉන්නව ඇති මචං..
    :(:(
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත.

    ayyio me wage moda harak tikak!:nerd::lol: Badulla dipo ekata hariyata ridenna athi weden!:P me game mottoyo nam SCURVY kiyanawa wage real sonnayo
    :rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    issara school yaddi hemadama hambenawa bus eka...gaanata time ekata pitath wenawa bus eka..bus eka enna payakata kalin indan miniussu polime....kawadawath e bus eka nathi wen ne hemadama duwanawa