මට මේ සංචාරක කාන්තාව දුටු විට මහත් අනුකම්පාවක් ඉපදින.
බුදුරුවක් පච්චා කොටාගෙන සිටීමේ වරදට ඇයව පිටිවහල් කර තිබේ.
අර මගේ අනෙකා කීවාක් මෙන් හම්බන්තොට සිට පැමිණි ගැමියන් පිරිසක් පාලනය කරන සිරි ලංකාවෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද..?
මට කියන්නට කාරණා තුනක් තිබේ,
1. දේශාන්තර සංචාරය කාට වුවත් බොහෝ වියදම් සහිතය. එසේ තිබියදීත් දුර බැහැර ගෙවාගෙන අප සොයා එන සංචාරකයන්ට අප ස්තූති විය යුතුය. ලෝකයේ ලස්සනම රටත් ලෝකයේ ආගන්තුක සත්කාරයෙන් ඉහළම රටත් ලංකාව නොවේ. ලංකාවට වඩා බොහෝ ලස්සන රටවල් ලෝකයේ තිබේ. ලංකාවට වඩා සංචාරකයන්ට දෙවියන්ට මෙන් සළකණ රටවල්ද බොහෝය. එසේ තිබියදීත් සංචාරකයන් තවමත් ලංකාවට පැමිණීම ගැන අප සතුටු විය යුතුය. ඒ පළමු වැන්නයි.
2. "අම්මා බුදු වේවා මරුවා සමඟ වාසේ" කියා පච්චා ගැසූවේ පෙර කළය. අද පච්චා ගැසීම කලාවකි. පච්චා ගැසීම ටැටූ එකක් කර ගන්නවා ලෙස පොශ් වී ඇත. කෙනෙක් තමන් අකමැති දෙයක් තම ශරීරයේ ටැටූ කර ගන්නේ නැත. බොහෝ විට මිනිසුන් ටැටූ එකක් යොදා ගන්නේ යම් ප්රකාශනයක් ලෙසය. චේ, ජීසස්, චීන අකුරු, කෙටි වැකි, තම රටේ කොඩිය, කුරුසය, ස්වස්තික ආදී එකී නොකී ටැටූ ඇද ගන්නේ එයින් අනෙකාට යම් සංනිවේදනයක් ලබාදීමටය. වෙනකෙනෙකුට අපහාස කරන්නට තම ශරීරයේ ටැටූ ගසා ගන්නේ නැත. එය දෙවැනි කරුණයි.
3. අපේ රටේ ගොබ්බයන් නොදන්නවා වූවාට බුදු දහමට, ඉන්දියානු යෝග ව්‍යායාම වලට, භාවනාවට [මෙඩිටේශන්] බටහිරයන් අතර බොහෝ ඉඩක් වෙන්වී තිබේ. තාවකාලික පැවිද්ද ලැබීමට ඉන්දියාවට හෝ තායිලන්තයට යන බටහිරයන් පිරිස් බොහෝය. එය ඒ රටවල් ලාබ ලබන ව්‍යාපාරයක් කරගෙන තිබේ. අපේ රටටද බුදු දහම ඉගැනීමට, භාවනා කිරීමට, තාවකාලික පැවිද්ද ලැබීමට බටහිරයන් එනබව අපේ ගොබ්බ නිළධාරීන් නොදන්නවා වූවාට දන්නෝ දනිති. ලංකාවේ වනගත අරාණ්යවල සිට ලොවට බුදු දහම ඉන්ග්‍රීසියෙන් කියාදෙන බටහිරයන් සිටින බව Google වලින් "SEX" සොයන අපේ ගොබ්බ නිළධාරීන් නොදන්නවා වූවාට Google වලින් තමන් කවුදැයි සොයන බටහිරයන් දනිති. ඒ තෙවැනි කරුණයි.
මේ මයි ෆෙයාර් ලේඩීට මින් කුමන කරුණ අදාල වේදැයි මම නොදනිමි.
එහෙත් අවසානයට වෙන තැනක ඇසූ පැනය මම අසමි.
"බුදු හාමුදුරුවන්ව අතේ පච්ච කොටා ගත්තොත් මාව මොන රටකට යවයිද දන්නේ නෑ නේද..?"
ඔය ස්විට්සර්ලන්ඩ් වගේ හොඳ රටකට යවනවනම් අම්මපා මාත් කොටා ගන්නවා.
ප.ලි: සිරි ලාංකිකයෙක් වීම ආඩම්බරයිනම් ශෙයාර් කරන්න.
ආච්චිගේ රෙද්ද..!
FB
Last edited:




naha 

