ගොඩක් අය ඇක්වා එකක් ගන්න ගොහින් අනාගන්නවා. සමහර අය අහු වෙනවා (මා ත් අහු උනා නමුත් ෂේප්) ඉතිං අනිත් අය අහු වෙන එක නවත්තන්න මම G/S/L Grades හඳුනා ගන්න හැටි කියලා දෙන්නම්.
ඕනම Toyota වාහනයක සියළු නිපැවුම් තොරතුරු ඇලුමීනියම් ප්ලේට් එකක ගහලයි තියෙන්නේ. ඇක්වා වල ඒ ප්ලේට් එක තියෙන්නේ වම් ඉදිරි පස දොරේ පසුපස දාරයේ
Notice: Please Login to Elakiri.com to view Images
ඉතිං ඇක්වා වල නියම චැසි මොඩල් නොම්මරය තමා DAA-NHP10 මේ චැසි වර්ගය යට තේ අනු මොඩල 3ක් තියෙනවා.
- G Grade - DAA-NHP10-AHXEB
- S Grade - DAA-NHP10-AHXNB
- L Grade - DAA-NHP10-AHXCB
ඒ ඒ මොඩල වලට අදාල details පහල වගුවෙන් ලබා ගන්න පුළුවන්
Download ZIP
ඉතිං හොර කාර් සේල් කාරයෝ මොනා කිව්වත් නියම මොඩල් එක අදුරගන්නේ කොහොමද කියලා දැන් දැනගන්න පුළුවන්නේ..
අනිත් එක OPTION වැඩි උනා කියලා G Grade වෙන්නේ නෑ. ඔප්ෂන් තීරණය වෙන්නේ කාර් එක මුලින් ගත්ත ජපනා ඕඩර් කරපු ඒවා අනුව. උදාහරණයක් ලෙස මගේ S Grade එකේ තියෙන OPTION සමහර G Grade වල නෑ.
දැක්ක ගමන් G Grade අඳුර ගන්න පුළුවන් එක ක්රමයක් තියෙනවා ඒක තමයි දුඹුරු පැහැති Interior නමුත් හැම වෙලාවෙම ටැග් එක verify කරලා සැකය දුරු කරගන්න.
Update 01
Aqua Head Lights ( automatic වංගු කඳු lights & Adjustable Head Lights )
පහත ඇක්වා වාහන දෙක පොඩ්ඩක් බලන්න
ඒ දෙකෙන් කළු Head Lights තියෙන වාහන වල head Lights කදු නගිද්දි බහිද්දි සහ වංගු ගනිද්දී ස්වයංක්රීයව හැරවෙනවා ඉස්සෙනවා සහ පාත් වෙනවා (මම test කලා)
නමුත් full chrome ලයිට්ස් තියෙන වාහන වල වෙනම controller එකක් තියෙනවා light beam එක උස් පහත් කරන්න
Notice: Please Login to Elakiri.com to view Images
ඔය උඩින් තියෙන්නේ ඒ Light Beam controller eka
තව මියුසිකල් නෝට් එකක ලකුණ තියෙන Button එක තියෙන්නේ toyota prius vehicle proximity notification system එක off කරන්න. ඒ කියන්නේ battery power එකෙන් යද්දි කිසිම සද්දයක් නෑනේ. ඉතිං පාරේ යන මිනිස්සුන් ට වාහනේ එනවා කියලා දනවන්න පොඩි සද්දයක් දාගෙන තමයි යන්නේ
මිනීමරන්න/ හොරෙන් යන්න කැමති අය ඉතිං EV Mode දාලා අර button එක ඔබලා යන්න
(කොමෙන්ට් වලට රිප්ලයි නොලැබුනාට තරහා වෙන්ඩ එපා. වෙලාවක් හම්බ උන ගමන් රිප්ලයි කරන්නම්)
Attachments
Last edited:
