"මැරි කලේ හරි කෙනාවමද කියල දන්නෙ නෑ?"
මෙය කමල් නැමැත්තෙකුගේ පෞද්ගලික අත්දැකීමක් අනුසාරයෙන් ලියවුන ලිපියකි...
මම විවහවුයේ හරි කෙනා සමගදැයි මා නොදනිමි? හරි හෝ වැරදි දැන් කළහැකි දෙයක් නැත. හැම කෙනාම 100% ක්ම ගැලපෙන්නේ නැත. පරිපුර්ණ මිනිසුන් මෙහි නැත. යහපත් උත්සහ වන්ත බිරිඳක් ලැබුනොත් ඉතින් "මල් හතයි". මගේ බිරිඳ යහපත් ගොඩට වැටෙනවද කියන එකනම් මට දැන් සැකයි. මන්ද ඇගේ SMS සහ කෝල් වලට මගෙන් ප්‍රතිචාර නොලැබුනොත් හෝ ප්‍රමාද වුවහොත් ඇය තෝරාගෙන ඇත්තේ වැරදි කෙනා යැයි කියමින් මට දෙස් දෙවොල් තියයි. කොච්චර සමාව ඉල්ලුවද කිසිම සමාවක් නැත. දුම්මල වරම අතට ගත් යකැදුරා සේ පරලවෙයි. සපින්නක සේ කිපෙයි. ඇයට මගේ රාජකාරි ස්ථානයේ අහස උසට ගොඩගැසුණු වැඩ කන්දරාව ගැනවත්, වචනයක්වත් පාඩම් කර නැති හෙට අනිද්දා මා සහභාගී වීමට සිටින විභාගය ගැනවත් වැඩක් නැත. ඇයව නොසලකා හැරීම සම්බන්දව මට එල්ලවූ දෝෂාරෝපණ නයිල් ගංගාවටත් වඩා දිගය, එවරස්ට් කන්දටත් වඩා උසය, බ්රහප්රතීටත් වඩා විශාලය. ඇය කිහිපවිටක්ම මේ විවාහ සම්බන්දය නැවැත්විය යුතුයැයි මට පවසා ඇත, නොසෑහෙන තරම් මානසිකව බලපෑම්,පිඩා මට එල්ලකර ඇත.
ඇයි මම මේවගේ ගෑනියෙක්ව කසාද බැන්දේ කියලා මගෙන්ම අසන තරමටම මම අසරණවෙලා සිටියෙමි. කොහොම හෝ ඇයවත්, රාජකාරි කටයුතුත්, අද්යාපන කටයුතුත් සමබරව පවත්වාගෙන යාමට මම එතෙක් ගත් සියලු උත්සාහයන් සාර්ථක නොවිය. ඒවනතෙක් ඇය ගෙන් එල්ලවන දෝෂාරෝපණ මම බොහොම සංවේදීව භාරගෙන දින දෙක තුනක් යනතුරු ඒගැන කල්පනාකරමින්, බොහොම කනගාටුවට පත්වෙමින් "කොහොමද මේවගේ ගැනියෙක් එක්ක අනාගතේ දියුණුවක් ලබන්නේ" යැයි සිතමින් මහත් වූ සිත් තව්ලෙන් කල්ගතකලෙමි. මම ඇයට සැබවින්ම ආදරය කලෙමි. නමුත් එක SMS කට කෝල් එකකට පවුල් ජීවිතය අපායක් කරගන්න තරම් කෑගසන ඇයට මගේ ආදරය දැන් දැන් අඩුවෙමින් යයි. "ඔයා මේවගේ කියල දන්නවනම් මම කීයටවත් ඔයාව බඳින්නේ නැහැ " ඇය ගේ සෑම දොශාරෝපනයකම මෙය පැවසීමට ඇය අමතක නොකරයි. මම ඇත්තටම බිරින්දකගෙන් බලාපොරොත්තු වුනේ ඔයිට වඩා අවබෝධයක් තියෙන මගේ රැකියාවත් අද්යාපන කටයුතුත් කරගෙන යාමට රුකුල්දෙන ආදරය සෙනෙහස පිරුණු අම්මා කෙනෙක් වගේ චරිතයක්. මේ ගෑණි යකින්නක්. ඔක්කොම වැඩ නවත්වලා එයත් එක්ක SMS ගගහ ඉන්න තමයි වෙන්නේ. ඇයි බං මම රස්සාව කරන්නේ තනියෙන් කන්නද? මම ඉගෙන ගෙන තව හොඳ තැනකට ගියොත් කාටද? අපි දෙන්නටම නේද? මෙගෑණිට මේක හිතන්න තරම් මොලයක් නෑනේ බන්. උදේ වැඩට යනකොට මොකක්හරි මුස්පේන්තු කතාවක් කියනවා. යන්න කලින් කියන්න බැරිවුනොත්, කෝල් එකක් දීල හරි දවසම අවුල් වෙන කතාවක් කියනවා. ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර ඇවිත් පොඩි වශ එකක් දාල පාඩම් කරන්න හදනකොට තව පැමිණිල්ලක් දානවා. ඉතිං හිත එක තැනක තියාගෙන පාඩම් කරලත් ඉවරයි. බැරිවෙලාවත් එයා ගමනක් ගියොත් මම සැරින් සැරේ SMS කර කර එයාගෙන් අහන්න ඕනේ දැන් කොහෙද ඉන්නේ කියල. ඔෆිස් එකේ ෆුල් බිසී වෙලා එහෙම කරන්න බැරි උනොත් ඉතිං මිනීමැරුමක් තමයි. කීදෙනෙක් මගෙන් ඇහුවද කොහෙද ඉන්නේ කියලා, නමුත් ඔයා මගේ මිනිහ වෙලා නිකමට කෝල් එකක් දුන්නද? ඇත්තටම මට එපා වෙලා තියෙන්නෙ මේ මගුල. දවස් ගානකට හරියන්න බඩ කට පිරෙන්න හම්බවෙනවා. මේවා අහල මට එපාවෙලා හිටියේ. "වෙන යාලුවන්ගේ බිරින්දෑ වරු ගැන අහනකොට මට මම ගැනම දුක හිතෙනවා බං". මගේ ගෑනිත් එක්ක කතාකරනකොට කොහේ හරි කොනක කෙල්ලෙක් හිටියොත් ඉතින් තවත් මිනීමැරුමක්. එනිසා මම දැන් ගොඩක් දේවල් කියනඑක නවත්තල තියෙන්නේ. මගේ නෝනා මම දෙන අවවාදයක් කවදාවත් සාවධානව අහගෙන ඉඳල නැහැ. මම කතාකරනකොට බොරුවට කටවහගෙන ඉන්නවා හරියට මම කියනදේට ඇහුම්කන් දෙනව වගේ, හැබැයි ඒ කටපියාගෙන ඉන්නේ මම කියල ඉවර වෙනකම් විතරයි , ඊටපස්සේ එකට එක කියා ගෙන යනවා මචං, උඹ කියන්නේ මට මගේම කට ගලේ අතුල්ලගන්න හිතෙනවා. නිකං හිතපන් කොහොමද මෙහෙම ගෑනියෙක් එක්ක දියුණු වෙනවා තියා පවුල් ජිවිතයක් ගතකරන්නේ කියල. මගේ හොඳකමට ඉන්නවා මචං. කවද තේරුම්ගනීද මන්ද. කිසිම දෙයක් පිළිගන්න ලැස්ති නැහැ මචං, සමාජය ගැන ඉහලම දැනීම තියෙන්නේ එයාට කියල තමයි හිතා ඉන්නේ. මම 100%ම මම හරි කියලා කියනවා නෙමෙයි මචං. පොඩ්ඩක් හිතපන් ගෑනියෙක් උනහම ඔයිට වඩා ටිකක් අවබෝධයක්, ඉවසීමක් තියෙන්න ඕනේ නේද බං. හබැයි කියන්නේනම් මං තරම් ඉවසන වෙනත් ගැනියෙක් මේ ලෝකේ නැහැ කියල. අනික මගේ නෝනගේ වටේ ඉන්න එයාගේ මහ ලොකු යාලුවෝ ඔය නවකතා, ටෙලිනාට්‍ය බලල තමයි ජිවිතාවභෝදය ලබාගෙන තියෙන්නේ, මෙලෝ අද්දැකීමක් නැති ගෙවල්වලම හැදිච්චි පියර බබ්බු. ඉතිං උන්ගෙන් උපදෙස් ගත්තහම වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක. මේවා කතා කරලා නිකන් මගේ ඇඟේ ලේපිච්චෙන එක තමයි වෙන්නේ.
මාස 6 කට පසු .
මම අලුත් ක්‍රමයක් සොයා ගත්ත. මම දැන් හිතන්නේ මගේ නෝනා මට කරන හැම අපහාසයක්ම, චෝදනාවක්ම එක්තරා විදිහක අභියෝගයක් කියල. එයා කියන දේවල් වල ඇතැම් වෙලාවට ගත යුතු දේවලුත් තියෙනවා. ඉතින් එහෙම තිබුනොත් මම ඒවා නිවැරදි කරගන්න උත්සහ කරනවා. අභි යෝග නැති ජිවිතේ වැඩක් නැහැ. දවසක් මගේ නෝනා මම වැඩට ගිහින් එනකොට එයාට මගෙන් දික්කසාද වෙන්න ඕනේ කියල දිග ලියුමක් ලියල ඇඳ උඩ තියල එයාගේ අම්මලාගේ ගෙදර ගිහින් තිබුන. දෙතුන් වතාවක් මේවගේ උනා. මම ඒ හැම අවස්ථාවකම මගේ ජිවිතේ සාර්ථක කරගන්න ශක්තිය ධයිර්ය වර්ධනය කරගැනීමට ලැබුණු අභියෝග කියල හිතල ඒවාට සාර්ථකව මුහුණ දුන්න. මම මගේ නෝනගේ හැසිරීම ගැන කේන්ති ගන්නවා වෙනුවට කලේ "ඒ අවස්ථාවට සාර්ථකව මුහුණදෙන්නේ කොහොමද" කියල බුද්දිමත්වහිතපුඑක. කොච්චර වුනත් එයාට මම නැතුව බැහැ. මටත් එහෙමමයි. ඉතින් දවස් දෙක තුනකින් එයා ආපහු නැන්දම්මා හදපු කළු දොදොල්, අලුවා පාර්සල් දෙකතුනකුත් අරගෙන ගෙදර එනවා. මුකුත් උන්නේ නැහැ වගේ ආයෙත් සාමාන්‍ය ජිවිතේ. හැබැයි එහෙම ආපු දවසට එයා මුලු ගේම අස්කරල මගේ ඇඳුම් ඔක්කොමත් හෝදනවා. එකත් පොඩි ගතියක් තියෙනවා. මම හිතාගෙන හිටියේ මේලෝකේ මේවගේ ප්‍රශ්න සහිතව ජිවත් වෙන්නේ අපි දෙන්න විතරයි කියල. බලාගෙන ගිහාම අපි හොඳයි. සමහර අය ගුටිබැටත් හුවමාරු කරගෙන පොලිසිත් යනවා. එත් ඊට පස්සේ කලින් හිටියටත් වැඩිය හොඳින් ඉන්නවා. වලියක් නැති ජිවිතේ කිසි ජොලියක් නැහැ කියලත් වෙලාවකට මට හිතෙනවා. ඉස්සර මට එපාවෙන්නේ මගේ නෝනා එකට එක කියන එක නිසා, එත් දැන් ඉඳල හිටලවත් එහෙම නිව්වොත් නිකන් කෑවේ නා වගේ.
වසරකට පසු
අපිට දැන් දරු පැටියෙක් ඉන්නවා. හප්පේ බලන්න එපාය එකාගේ වැඩ. ඇඟිල්ල දුන්නහම අල්ලාගෙන ඉන්නවා අත අරින්නෙම නැහැ. හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ, නැත්නම් අහුවෙන එක කටේ දාගන්නවා. දරුවෙක් කියන්නේ ඉතින් දෙමව්පියන්ට තියෙන ලොකුම වස්තුව. පොඩි එකෙක් ඉන්නකොට මුළු ගෙදරම අමුතු සිරියාවක් තියෙනවා. අපේ නෝන මාත් එක්ක තද උනහම ඒක කියන්නෙත් පොඩි එකාට. මාත් ඉතින් අම්මට කියන්න ඕනේ ටික පොඩිඑකාටම කියල දානවා. එකට තාම වයස මාසයයි. මොනවා කිව්වත් හිනාවෙනවා. යන්න ඕනේ මගේ පොඩි මෑන්ට මෙට්ට පොඩ්ඩක් ගන්න, හම්බ උනොත් අර උඩ එල්ලන වයින්කලහම කර කැවෙන එකක් ගන්න.
වසර දෙකකට පසු ( දුර කථනයෙන් )
හෙට හවස මොකද කරන්නේ? හෙට අපේ පොඩ්ඩගේ උපන්දීනේ. එන්න මේ පැත්තේ. ඔන්න අපි බලාගෙන ඉන්නවා...................... අම්මටයි පුතාටයි දැන් හරියට ගමන් බිමන්. ඔන්න දැනුත් දෙන්නත් එක්ක ටවුන් එකට ගිහිං. මං හිතන්නේ හෙට පාටියට සුට් එකක් ගන්නද කොහෙද.
ඔන්න ඔහොමයි උනේ. මේ වෙලාවේ මදක් නැවතී හිතන්න. ඔබ ඉන්නේ ඔබේ සැමියා සමග විරසකවී වෙනත් නිවසකද? නැත්නම් මේ දැන් රණ්ඩුවක් උනා විතරද? එනිසා ඇතිවෙච්චි ආවේගයට තොල් පෙති විකමින් පටලවමින් මෙපොත දිහා බලාගෙන ඉන්නවද? හොඳ හුස්මක් ගන්න. ක්‍රමයෙන් එය නැවත හෙමිහිට හෙලන්න. තවමත් ඇඟ ඇතුලේ මාළු නටනවා වගේ දැනේනම් තවත් දීර්ග හුස්මක් ගන්න. එයත් නැවත සන්සුන්ව පහලට හෙලන්න. ඔබ බලා සිටින්නේ ඔබේ සහකරු හෝ සහකාරිය ඔබෙන් සමාව ගන්න තුරුද? නැත්නම් එයා පළමුව කතාකරන තුරුද? ඉස්සෙල්ලම ඔයා කතාකලොත් ඔයාට ඒක මදි කමක්ද? ඔයා ඉස්සෙල්ල කතා කලොත් එයා හරි ඔයා වැරදි කියල හිතල එයා තව උඩ යයිද? කතා කරන්න ගිහිං තවත් අවුල් වෙයිද? මං මොකටද කතා කරන්නේ එයාට ඕනනම් කතා කරපුදෙන් ද? තව ටිකක් හිතල බලන්න. ඔබ දෙදෙනාගේ ජීවිතයේ දියුණුව සුන්දරත්වය රැඳී ඇත්තේ ඔබ දෙදෙනාගේ අතේමය. ඔබ දෙදෙනා සමගියෙන් එකමුතුව සතුටින් ඉන්න තරමටම ඔබගේ විවාහ ජිවිතයද ඉතාමත් සුන්දරවුත් ආලෝකමත් වුත් ආදර්ශමත් වුත් එකක් වේ. එසේ නොමැතිව කව්ද ඉස්සෙල්ල කතා කරන්නේ කියල, දෙපැත්තට කඹ අදිමින් දෙතැනකට විසිටිමෙන් ඔබ ඔබේම සතුටත් දියුණුවත් කල්දමයි. ඔබ ඔබදෙදෙනගේ සමගිය සතුට වෙනුවෙන් තම සහකරු හෝ සහ කාරියගෙන් සමාව ගැනීම හෝ ලෙන්ගතු වීම කිසිසේත්ම ඔබට මදි කමක් නොවේ.
විවාහක කිපදෙනෙකුගෙන් ඔබ ඇයි විවාහ වුයේ යැයි විමසු විට ලැබුණු පිළිතුරු ඔවුන්ගේ වචන වලින්ම පහත දක්වමි. ඇතැම්විට ඔබ එම පිළිතුරු ඉතා ආත්මාර්ථකාමියයි සිතියහැක, ඇතැම් පිළිතුරු ඔබදෙන පිළිතුරට යම් සමීප බවක් ඇතැයි ඔබට සිතෙනු ඇත. කෙසේ වෙතත් මෙම පිළිතුරු ලබාදුන්නේ විවාහක අය විසින්මය.
ඔබ විවාහ උනේ ඇයි?
1. නිත්‍යානුකුලව ලිංගික සහකරුවෙක්
2. කාලේ හරි නිසා
3. දුකසැප බෙදාගන්න
4. අපි දෙන්නට එකට ඉන්න
5. මම එයාට ආදරේ නිසා
6. මට එයාව ඕනේ නිසා
7.මට රැකවරණය අවැසි නිසා
8. කෙනෙක් සම්පුර්ණවෙන්නේ විවාහ උනහම
9. දෙමාපියන් තමයි මුලික උනේ
10. බඳින්න නොවෙයි හිටියේ. එත් බඳින තනට වැඩ සිද්ද උනා
11. කෙනෙක් මාව දාලගියා. එයාට රිද්දන්න ලෝකෙට පේන්න මම බැන්දේ
12. සාමාන්‍ය යෙන් ඉතිං මිනිහෙක් බන්දිනවනේ
13. වයසට ගිහාම, ලෙඩක් දුකක් හැදුනහම තමන්ටම කියල කෙනෙක් ඉන්න එක ලොකු හයියක්
14. මම ආසයි දරුවන්ට
15. මගේ ජිවිතේ සැලසුම් වඩාත් සාර්ථක කරගන්න මගේම කියල කෙනෙක් හිටියනම් හොඳයි
16. බැඳළම බලන්න ඕනේ මොකට බැන්දද කියල
බොහෝ අය කුමක් හෝ පිළිතුරක් දුන්නද සමහරුන් විවාහය යනු කුමක්දැයි සෙවීමට අන්තර් ජාලයට පිවිසේන්නටවිය. එනම් ඔවුන්ගේම කියා පිළිතුරක් නැත. තවත් කෙනෙකු කියාසිටියේ "ඕවා මෙතන කියන්න බැහැ " යනුවෙනි. ඔබ විවාහ වුනේ හෝ ඔබ විවාහ වෙන්නේ ඇයි? ඔබට කීමට ඇත්තේ කුමක්ද?
මදක් නවතී හිතන්න
මචන්ලා අන්තර්ජංජාලයේ සැරිසරද්දියි මේ ලිපිය හමුවුනේ.. කියවන්න වටිනව කියලා හිතුන නිසා ඔයාලටත් බලන්න දාන්න හිතුනා...

Last edited: