කාලෙකින් ත්රෙඩ් එකක් දාන්න ආවා .. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතුනා මට උන දෙය වෙන කෙනෙක්ට නොවෙන්න මේ ගැන ඔයාලට කියන්න හිතුනා
දිනය 2014.04.11 මාරවිල ටවුන් එක පහු උනා විතරයි වාහනයේ එන්ජින් එකෙන් අමුතු සද්දයක් ආවා එන්ජින් එක එක වරම නතර වුනා. ඩිසල් එන්ජින් එකක් එකවර නතර උන එක මට ගැටළුවක් උනත් වෙලාව පාන්දර 2.30යි කරන්න දෙයක් නැ වාහනය දාල බස් එකේ ගෙදර අවා පාන්දරම ආයේ ගිහින් වාහනය ඇදගෙන ඇවිත් ගරාජ් එකකට දැම්මා ..
ටයිමින් බෙල්ට් එක කැඩිලා

ඔන්න දැන් තමයි ඔයාලට කියන්න යන්නේ මොකක්ක්ද මේ කියලා ඇත්තටම මේක පුංචි බෙල්ට් එකක් උනාට කෙරෙන්නේ ලොකු රාජකාරියක් අපිට ෆෑන් බෙල්ට් එක වගේ පෙනෙන්න එලියට නැ එන්ජින් එක අතුලේමයි තියෙන්නේ
ඔයාලා ඉස්සෙලම මේක බලල ඉන්න
A timing belt, timing chain or cam belt is a part of an internal combustion engine that synchronizes the rotation of the crankshaft and the camshaft(s) so that the engine's valves open and close at the proper times during each cylinder's intake and exhaust strokes. In an interference engine the timing belt or chain is also critical to preventing the piston from striking the valves. A timing belt is a belt that usually features teeth on the inside surface, while a timing chain is a roller chain.දැන් තේරුණා නේද මේකෙන් මොනතරම් දෙයක් වෙනවද කියලා
ඉතින් වාහනය Mitsubishi L200 diamond 2007 ඉතින් එන්ජින් එකම ඉවරයි
හෙඩ් එකත් ඉවරයි
වැල් 16 ම ඇදවෙලා
කැම් එකත් ඉවරයි
කම්පැනි එකෙන් හෙඩ් එකේ ගණන් ඇහුවා ..


ලක්ෂ 5ක් වෙනවා හෙඩ් එක වැඩේ අත ඇරිය වෙලාවට යාළුවෙක් හිටියා UK වල එහෙන් ඇත්තටම ලක්ෂයකට බඩු සේරම ගත්තා 

එන්න මාසයක් යනවා ..

ඉතින් රු 20000ක බෙල්ට් එකක් නිසා ගොඩක් අමාරුවේ වැටෙන් නැතුව ටයිමින් බෙල්ට් එක ටයිම් එකට මාරු කරන්න මේ ගැන මං දන්නා විදියට දැම්මේ මට වඩා මේ ගැන දන්නා අය මේකේ ඉන්නවා ඉතින් මේ ත්රෙඩ් එකට ඔයාලගේ අදහසුත් එකතු කරන්න ...




එක්කෝ කිලෝමීටර්(ගොඩක් ඒවගෙ ලක්ෂෙ) ගානට නැත්නම් කාලෙට අනීවා මාරු කරන්න ඕනේ...