බුදු_දහම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,137
    99,726
    113
    මාර සතුටක් තියෙන්නෙ එකදිගට පැය 4 ම ඇහුව. අනිත් අයටත් අහන්න මම මේකදනව.....

    සතුටට කදුලුත් ආවා.........[/SIZE][/B]
    [/QUOTE]
    math ahuwa oka dwn karapu mul dawsema okama lasanata pahadili karala denawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මූලික භාවනා ක‍්‍රම හඳුනාගනිමු

    මූලික භාවනා ක‍්‍රම හඳුනාගනිමු

    ජීවිතයට භාවනාවක් ප‍්‍රගුණ කර ගැනීමට ඔබතුළ තිබිය යුතු මූලික සුදුසුකම් කීපයක් පිළිබඳව මීට පෙර සාකච්ඡා කළෙමු. ඒවා නම්, නිදහස් චින්තනයක් තිබීම, මේ මනස දියුණු කර ගැනීමේ වටිනාකම ගැන ඔබ තේරුම් අරගෙන සිටීම, මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ගෙවී යන්නට කලින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයෙන් ප‍්‍රයෝජන ගත යුතුයි කියලා, ඔබ මතයකට පැමිණ සිටීම, ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ තිබෙන බවට ඔබතුළ ඇති පැහැදීම. මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන මීළඟට අපි ඔබට ඉගෙන ගන්න සලස්වන්නේ මූලික භාවනා ක‍්‍රම දෙක ගැනයි.

    නිතර වැඩිය යුතු භාවනා….
    එයින් පළමු වැනි භාවනාව තමයි ‘සමථ’ භාවනාව. ඊළඟ භාවනාව තමයි ‘විදර්ශනා’ භාවනාව. මේ භාවනා ක‍්‍රම දෙක ගැනම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවධාරණයෙන් ප‍්‍රකාශ කොට වදාළා. ජීවිතාවබෝධයට අතිශයින්ම උපකාරී වෙනවා කියල.
    බුදුරජාණන් වහන්සේ වදාළා (සමථෝ භික්ඛවෝ භාවේතබ්බෝ) මේ සමථ භාවනාව දියුණු කරන්න ඕනෙ. ප‍්‍රගුණ කරන්න ඕනෙ. සමථ භාවනාව ප‍්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත වැඩෙනවා. (විපස්සනා භික්ඛවේ භාවේතබ්බා) පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඞීමෙන් ප‍්‍රඥාව දියුණු වෙනවා. විදර්ශනාව කියල කියන්නේ යමක ඇත්ත විමසා බැලීම යි. ප‍්‍රඥාව කියල කියන්නේ, ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාවටයි. එසේ නම් සමථ භාවනාව දියුණු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමත් වෙලා, යමක් අවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මණ්‍ය වෙනවා කියල. එ් කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස්වීම සිදුවන්නේ සමථ භාවනාවෙන්.


    භාවනා ක‍්‍රම දෙක….
    විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිතාවබෝධය ඇති කරල දෙන එක. ජීවිතාවබෝධය ඇති කරල දෙන්නේ ප‍්‍රඥාව තුළින්. ප‍්‍රඥාව කියල කියන්නේ යම්කිසි දෙයක ඇති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට. මේ භාවනා ක‍්‍රම දෙක වෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජීවිතාවබෝධය ලබාගන්න කෙනෙක්, ඉස්සර වෙලා සමථ භාවනාව වඩලා, ඊට පස්සේ විදර්ශනාවට ඒක හරනවනවා. එහෙමත් නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සර වෙලා වඩලා එය සමථ භාවනාවට හරවනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වැඩෙන අයත් ඉන්නවා. සමථය මුල්කරගෙන විදර්ශනා භාවනාව වඩන අයට කියනවා සමථ පුබ්බංගමා විපස්සනා කියල. විදර්ශනා භාවනාව මුල්කරගෙන සමථ භාවනාව වඩන අයට කියනව විපස්සනා පුබ්බංගමා සමථෝ කියල. මේ දෙකම එකට වැඩෙන අයට කියනව යුගනද්ධ කියල.

    සිතේ සංසිඳීම….
    එසේ නැතිව තනිකරම විදර්ශනාව විතරක් වඩපු, තනිකරම සමථය විතරක් වඩපු පිරිසක් මාර්ගඵල ලාභීන් අතර නැහැ. මේ නිසා අපි දැන් සමථ විදර්ශනා භාවනා ක‍්‍රම දෙක ගැන තවදුරටත් විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕනෙ.
    එ් තමයි සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනව. මේ නීවරණ ධර්ම සංසිඳුවලා සිත දියුණු කරන එකට. සමථ කියල කියන්නේ සංසිඳවීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ආරවුලක්, ගැටළුවක්, ප‍්‍රශ්නයක් ඇතිවුණාම අපි කියනවා ”දැන් අපි මේක සමථයකට පත් කරගනිමු.” කියලා කියන අදහසමයි සමථය කියල කියන්නෙ. මනස සමථයකට පත් කරල දීම. මනසේ අවුල්බව නැති කරල මනස සන්සුන් කරල දෙන්න පුළුවන්කම මේ සමථ භාවනාවකින් ලැබෙනවා.


    අපේ සතුරන් පස් දෙනා හඳුනාගනිමු….
    විශේෂයෙන්ම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතේ පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාළා. එ් පහට කියන්නේ පංච නීවරණ කියලයි. නීවරණ කියල කියන්නේ, මේ චිත්ත දියුණුව නැති කරන, ප‍්‍රඥාවට බාධා ඇති කරන, ප‍්‍රඥාව වළක්වන සිතේ දියුණුව වෙනස් කරල දාන, තමන් නොමග යවන දේට තමයි නීවරණ කියල කියන්නේ. නීවරණ ධර්ම පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි,
    කාමච්ඡන්දය – තමන් ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට සිත නිතර නිතර ඇදී යන ගතිය.
    ව්‍යාපාදය– තමන් ගැටිච්ච අරමුණුවලට එනම් ඇහෙන් දැකපු දේ, කණෙන් අහපු දේ, නාසයෙන් ආඝ‍්‍රාණය කළ දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබූ හැටි මේවා ගැන නිතර නිතර මතක් වෙවී ගැටීමක් ඇතිවෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ව්‍යාපාද කියලයි.
    ථිනමිද්ධ– ඊළඟට තමන්ට මේ සිත දියුණු කරගන්නට බැරි මට්ටමට තමන් අලස (කම්මැලි) වීම, නිදිමතට පත්වීම.
    උද්ධච්ච කුක්කුච්ච – එනම් තමන් ධර්මයේ හැසිරෙන්න තියෙද්දී තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන, කල්පනා කර කර තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන හිත හිතා ඒ වගේම ශෝක කර කර, සිත විසිරෙන ආකාරයට සිත පැවැත්වීම.
    විචිකිච්ඡා – ඊළඟ එක තමයි තමන් ඉන්න ධර්ම මාර්ගය ගැන මේක දියුණු කළොත් හරියයි ද? මේක හරියයි ද? මේක දියුණු කරන්න බැරිවෙයි ද? මට බැරිවෙයි ද? කිය කිය තමන් හැම තිස්සේම පසු බහින සැකය.
    මෙන්න මේවා තමයි අපේ සිතේ හැම තිස්සෙම වෙලාගෙන තිබිල අපට මානසික දියුණුවක් කරා යන්න බාධා කරන වළක්වන දේවල්.
    මෙන්න මේවා සිතෙන් සම්පූර්ණයෙන් යටපත් කරලා සිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමථ භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමථ භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්.

    ප‍්‍රඥාවේ උල්පත….
    ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාව තමයි යමක තිබෙන මූලික ස්වභාවය, ඒ කියන්නේ යමක ඇති මූලික ලක්ෂණය උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාළා හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්‍යයයි කියල. එතකොට ඒ හටගත්තු මූලික දේවල්වල ලක්ෂණය මොකක්ද? අනිත්‍යයයි. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හටගත්තු හැම දෙයකම තියෙනවා නම්, සකස් වෙච්ච සෑම දෙයකම තියෙනවා නම්, ඔබ තුළත් මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා.

    අනිත්‍ය දේ අනිත්‍යමයි…
    එහෙනම් ඔබේ ජීවිතය පුරා මේ ලක්ෂණය තියෙනවා. දැන් ඔබ මේකට වසඟ වෙලා හිටියට, මේ අනිත්‍යයට ඔබ මුහුණ නොදී හිටියට, අනිත්‍ය දේ අනිත්‍ය වීම ඔබට වළක්වන්න බෑ. අනිත්‍ය දේ අනිත්‍ය වෙන කොට හඬා වැටෙන්නේ ඒ නිසා. නමුත් මේකට හඬා වැටෙන්නේ නැතිව, අනිත්‍ය දේ අනිත්‍ය වෙන කොට ඔබට අවබෝධයෙන් සිටින්න පුළුවන් නම් අන්න ඔබ තුළ ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ නිසාම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමේ හැකියාව, දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව, අනාත්ම දේ අනාත්ම දේ වශයෙන් දැකීමේ හැකියාවට (අනාත්ම දේ යනු තම වසඟයේ පවත්වන්න බැරි, අයිතිකාරයෙක් නැති දේට) කියනවා අනිත්‍ය දර්ශනයයි කියල.

    අභියෝග කරදර හමුවේ පෙරටම යන්න….
    සිහිය මෙහෙයවලා නුවණ මෙහෙයවලා විමස විමසා බලන කොට ඔබ තුළ මේ ලක්ෂණ කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න එ් හැකියාවට තමයි ප‍්‍රඥාව කියන්නේ. ඒ ප‍්‍රඥාව ලබන්න වුවමනා කරන ආකාරයට ඒ හැකියාව දියුණු කිරීමට කියනවා විදර්ශනා කියලා.
    ඔබ මේ කාරණයේදී ගොඩක් නුවණ පාවිච්චි කරන්නට ඕනෙ. කෙනෙක් ඔබට කියන්න පුළුවන් ”හා…. හා…. අනිත්‍ය භාවනාව සිහි කරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක්. එ්ක ඔබට අදාළ නෑ.” ඔබේ ස්වාධීන නුවණින් කල්පනා කරලා ඔබ හිතන්න මෙහෙම. ”මේ කෙනා නම් අමු මිත්‍යා දෘෂ්ටිකයෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධව කල්පනාව තියෙන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරන්න කැමති කෙනෙක්. මේ කෙනා නම් ප‍්‍රඥාව දියුණු වෙනවට අකමැති කෙනෙක්” කියල තෝරාගෙන ඒ අදහස බැහැර කරන්නට ඕනෙ.
    ශ‍්‍රද්ධාව ඇති කර ගනිමු
    එසේ බැහැර කරලා ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්න ඕනෙ මෙහෙම. ”බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකයට කියන්නෙ නෑ. ඒවා කියන්නේ පෘථග්ජන අය විසින්. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච නිකෙලෙස් උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෘථග්ජනභාවයෙන් එතෙර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන පෘථග්ජන භාවයෙන් එතෙර වෙලා, අරහත්වයට පත්වෙන අරහත්වය කරා පිය නගන ශ‍්‍රාවක පිරිසක්.
    මේ නිසා මම සරණ ගියපු තිසරණයටයි මේ අනිත්‍ය දර්ශනය අදාළ ‘ඒ නිසා යමෙක් කියනවා නම්, මේ අනිත්‍ය දර්ශනය ජීවිතයට වැඩක් නෑ‘ කියල, ඒ කෙනා තිසරණයෙන් බැහැර වෙච්ච මිත්‍යා දෘෂ්ටික, මිත්‍යා මත දරන අන්ධ බාල පෘතග්ජන පැත්තේ කෙනෙක්,“ කියල පැහැදිලිවම එයා හඳුනාගන්නට ඕනෙ. හඳුනාගෙන ඔබ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ.

    නොසැලී පෙරටම ගමන් කරන්න…
    එසේ නම් දැන් ඔබ මතක තියාගන්න සමථ භාවනාව කියන්නේ සිත තැන්පත් කරන, පංච නීවරණ යටපත් කරන, සමාධිය දියුණු කරන වැඩපිළිවෙලකටයි. සමථ භාවනාව තුළින් දියුනු කරගන්න සමාධිය බොහෝ වේලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. එ්කට කියනවා ධ්‍යාන කියල. මේ ධ්‍යාන, පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වශයෙන් දියුණු කරන්න පුළුවන්.
    විදර්ශනා භාවනාව මනාකොට හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප‍්‍රඥාවයි. ප‍්‍රඥාව දියුණු වෙන්න, දියුණු වෙන්න එ් කෙනාට මේ ජීවිතය ගැන තියෙන අනවශ්‍ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගන අදාළ නැති ප‍්‍රශ්න, ජීවිතය ගැන ගොඩනගන අද්භූත ආකල්ප, ජීවිතය ගැන ගොඩනගන මිත්‍යා අදහස්, මේ සියල්ලම බැහැර වෙලා, යථාර්ථවාදී අවබෝධයක් කරා එයාගේ ජීවිතය සකස් වෙනවා.
    එසේ නම් අපට මේ සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනවා. විදර්ශනා භාවනාවෙන් ප‍්‍රඥාව දියුණු කරලා දෙනවා. මේ සිතත් ප‍්‍රඥාවත් දියුණු කරන සමථ විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරාම තියෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියල. මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට මින් ඉදිරියට දැනගන්න පුළුවන්. දැන් ඔබ මතක තියාගන්න සමථ විදර්ශනා කියල භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්‍යවශ්‍යයි. මේ දෙකම දියුණු කරගන්න ඔබත් මහන්සි ගන්න.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සම්මා සතිය යනු කුමක්ද?

    සම්මා සතිය යනු කුමක්ද?

    අපි මේ වන විට භාවනාවක් ජීවිතයට පුරුදු කිරීමේදී කෙනෙක් තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ඉගෙන ගත්තා. ඊට අමතරව සමථ විදර්ශනා භාවනා ක‍්‍රම දෙක පිළිබඳව ඉගෙන ගත්තා. සමථ විදර්ශනා කියන මේ භාවනා ක‍්‍රම දෙක මේ ජීවිතයට අත්‍යවශ්‍ය එකක්. මේක ප‍්‍රගුණ කරන්න පුළුවන් කියල අපි ඉගෙන ගත්තා.

    කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්…



    අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල කියන්නේ අපට බුදුරජාණන් වහන්සේ වැඩ නො සිටින මේ කාලෙත් මේ ධර්මය ප‍්‍රගුණ කරලා ප‍්‍රතිඵල ලබන්න පුළුවනි. අතීතයටත් එය සාර්ථකයි. වර්තමානයෙත් ඒ ධර්මය දියුණු කරල ප‍්‍රතිඵල ලබන්න පුළුවනි. අනාගතයේදීත් එ් ධර්මය දියුණු කරල ප‍්‍රතිඵල ලබන්න පුළුවනි. ඒකට කියනවා අකාලිකයි කියල.

    අභ්‍යන්තර ගැටළුවේ වෙනසක් නෑ…
    මේ ධර්මය කාලයේ පහර කෑමකට හසුවෙලා අනිත් විෂයක් වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා අනිත් විෂයන් නම් එහෙම නෙවෙයි. කලකට බොහෝම වැදගත්. කලකට සමාජයෙන් එ්ක අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එහෙම එකක් නෙවෙයි. අකාලික ධර්මයක්. මේ මනුෂ්‍ය වර්ගයාගේ අභ්‍යන්තර ජීවිත ගැටළුවේ වෙනසක් නෑ.
    බුදුරජාණන් වහන්සේගේ කාලයෙයි අදයි කියල මනුෂ්‍යයාගේ ජීවිතවල ලොකු වෙනසක් නෑ. ඒ කාලේ යම් දුර්වලතා තිබුණාද ඒ දුර්වලතා අදත් තියෙනවා. මිනිසුන්ට එකල යම් කුසලතා තිබුණාද එ් කුසලතා අදත් තියෙනවා. මේ නිසා කුසලතා දියුණු කරලා දුබලතා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් ගැලපෙනවා. අදටත් විද්‍යානුකූලයි. ජීවිතය දිහා විවෘතව බලනවා. නිදහස්ව බලනවා.

    සිහි කල්පනාව වැදගත්….
    ඊළඟ එක තමයි පළල් දැක්මක් ජීවිතය ගැන ලබා දෙනවා. මේ සඳහා තියෙන මූලික දැනුම ලබාදෙන්නේ සතිපට්ඨානයෙන්. සති කියන්නේ සිහිය. පට්ඨානය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවනවා කියලා කියන්නේ මේ ජීවිතය දිහා හොඳ කල්පනාවෙන් අවධානයකින් බලන ක‍්‍රමයට.
    සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ගමනක් බිමනක් යෑමට වැඩක් පලක් කරගැනීමට සිහියක් වුවමනයි. අපි පාරේ අයිනෙන් තමයි ගමන් කරන්නේ. ඒ වාහනවලට හැප්පෙන්නේ නැතිව යාමට යි. පාර පනින්නේ දෙපැත්ත බලලයි. මේ සෑම දෙයක්ම කරන්නේ සිහිකල්පනාවෙන්.

    ඔබ තුළත් සම්මා සතිය තිබේද?
    සිහි කල්පනාව අපට නැතිව ගියොත් අපි මේ කරන දේ දන්නෙ නෑ. මෙන්න මේ සාමාන්‍ය සිහියම අපි දියුණු මට්ටමට හරව ගන්නවා. මේ දියුණු මට්ටමට හරවගන්න කොට අපි එ්කට කියනවා සම්මා සතිය කියල.
    සතර සතිපට්ඨානයෙන් කරන්නේ සම්මා සතිය දියුණු කරල දීම. එහෙමනම් දැන් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී තියෙන්නේ වෙන සතියක්. ඒ කියන්නේ එ්ක සම්මා සතිය නෙවෙයි. ඒ සතිය තුළ අපි කොච්චර සිහි නුවණින් යුක්තව ආහාර පාන පිසගෙන කෑවත්, කොච්චර සිහි නුවණින් යුක්තව ඇඳුම් පැළඳුම් ඇන්දත්, වතුර නෑවත්, එ්ක සම්මා සතිය දක්වා වර්ධනය වුණේ නැත්නම් ජීවිතාවබෝධයකට සිත සකස් වෙන්නෙ නෑ.
    බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ සම්පූර්නයෙන් ම තියෙන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇතිකරන්න බෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒ නිසා සම්මා දිට්ඨිය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය අංගයක්.

    සම්මා දිට්ඨියේ පෙර නිමිති….
    සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. දැන් ඔන්න රාත‍්‍රී ඝන අන්ධකාරයක් තියෙනවා. පාන්දර වෙනකොට මේ ඝන අන්ධකාරය ඉවර වෙලා නැගෙනහිර අහසේ ලා පාට එළියක් එනවා. මෙන්න මේ ලා පාට එළියට කියනවා අරුණ කියල. මේ අරුණාලෝකය එනවිට අපට ප‍්‍රත්‍යක්ෂ කාරණයක් තමයි ඉර පායනවා කියන එක. අරුණාලෝකය පැමිණීමත් සමඟ අපි දන්නවා දැන් ඉර පායනවා කියලා.
    බුදුරජාණන් වහන්සේ වදාළා අවබෝධයක් නැති ජීවිතේ කරුවලම කරුවල එකක් කියල. මේ අන්ධකාර ජීවිතයට ඉර පායන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය තුළින් තමයි ජීවිතයට අරුණෝදය ඇතිවන්නේ. එහෙනම් ජීවිතයට අරුණාලෝකය ඇතිවන සම්මා දිට්ඨිය අපි ඇති කරගත්තොත් අපට පුළුවනි. ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න.

    සම්මා දිට්ඨිය යනු හරි දැක්මද?
    මේ සම්මා දිට්ඨියට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා වචනයක් හරි දැක්ම කියලා. මේක අර්ථ පූර්ණ වචනයක් නෙවෙයි. මේක සම්මා දිට්ඨිය කියන වචනයට හිඩැසක් පුරවලා මිසක් අවබෝධයක් ඇති වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනය පරිපූර්ණ වශයෙන් තෝරලා තියෙනවා.
    උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනේ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය ලෙසයි. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ ගැන සිතනවා.
    ”හේතු ඵල ධර්මයක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ හේතු නැති කිරීමෙන් ඵලය නැතිවන ස්වභාවික න්‍යයක් තියෙන්නේ. මේක වෙනස් කරල පූර්ණ සැපයක් ලබන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.”
    මෙන්න මේ කරුණු ජීවිතය තුළින් අවබෝධ කරගත්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අන්න ඒ කෙනාට මනාකොට සිහිය හසුරුවන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානය කියල.

    කරන්නන් වාගේ නොකරන්න….
    ආවාට ගියාට ගහක් සිටවලා වුණත් ප‍්‍රයෝජනයක් ලබන්න බෑ. ඒ නිසා භාවනාව සම්බන්ධයෙනුත් ආවාට ගියාට කරල ප‍්‍රයෝජනයක් ලබන්න අමාරුයි. මේ නිසා, අපි භාවනා කරන්නේ මක් නිසාද, මොකක්ද ඒකේ අවශ්‍යතාවය, ඒකෙන් ලැබෙන ප‍්‍රතිලාභ මොනවාද, අපට මෙය දියුණු කර ගැනීමෙන් ලැබෙන්නේ මොනව ද කියල අපට තේරුම් ගන්න වුවමනා වෙනවා.

    ජීවිතයට ඉඩක්….
    සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ පේන දේවල් වලට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අසනීප වලින් සුවපත් වෙන්න භාවනාව අවශ්‍යයි. ස්මරණය දියුණු වෙන්න භාවනාව අවශ්‍යයි, නීරෝගීකම ඇතිකර ගන්න භාවනාව අවශ්‍යයි. ක‍්‍රමානුකූල වැඩපිළිවෙලක් කරගන්න භාවනාව අවශ්‍යයි කියලයි. නමුත් ඒ ඔක්කොම දෙවෙනි තැනට දාන්න. පළමු තැනට දාගන්න ජීවිතය අවබෝධ කිරීමට භාවනාව අවශ්‍යයි කියල.

    උතුම් අරමුණක්
    ජීවිතය අවබෝධය කරා යන කෙනාට අර සියලුම දේවල් ලැබෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා මානසික නීරෝගීකම අත් විඳින කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා ස්මරණය දියුණු කරන කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා අකම්පිත ජීවිතයකට හුරුවෙනවා.
    එහෙම නම් ඔබ යම් යම් ලෞකික දේවල් ලෞකික ප‍්‍රතිලාභ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවාද ඒ සියල්ලම ජීවිතාවබෝධයේ පිරිවර හැටියට ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ භාවනාවේ ඉලක්කය හැටියට තබාගත යුත්තේ ඔබට මතක තබාගැනීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට සෞඛ්‍ය සම්පන්න වීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට මානසිකව නිරෝගීකමෙන් හා සතුටින් ඉන්න ඕනෙ කියන කාරණය නොවේ. ජීවිතය අවබෝධ කළ යුතුයි කියන කරුණයි භාවනාවේ ඉලක්කය හැටියට මතක තබා ගත යුත්තේ. ඔන්න ඔය අදහසට ඔබ ආවොත් ඔබට අර සියලු දේවල් ලැබේවි. ඒ ජීවිතාවබෝධය නිසාමයි.

    සම්මා සතියේ පිරිවර….
    මෙන්න මේ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එය සතර සතිපට්ඨානයෙන් කරගන්නට. ඔබ දන්නවා සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරනවා කියල. මීට පෙර කීවා අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය වැඩක් නැහැ. ඒ සිහිය සාමාන්‍ය එකක්. ඔය සිහියට පුළුවන්කමක් නෑ ඔබේ මනසේ වේදනා නැතිකරන්න. සාමාන්‍ය සිහියට පුළුවන් කමක් නෑ ඔබව අවබෝධයක් කරා ගෙනියන්නට. දුක් විඳින ඔබේ දුක් කඳුළු පිස දමන්නට ඒ සිහියට බෑ. සාමාන්‍ය සිහියට බෑ විසිරෙන සිත තැන්පත් කරන දෙන්න. ඒ ඔක්කොම කරල දෙන්න පුළුවන් සම්මා සතියට. මේ සම්මා සතිය දියුණු වෙන්නේ සතිපට්ඨානය තුළයි.
    ඔබටත් ඉලක්කයක්…..
    සතිපට්ඨානය දියුණු කරන ආකාර ක‍්‍රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා.
    01. කායානුපස්සනාව (කය පිළිබඳව සිහිය පිහිටුවන ක‍්‍රම)
    02. වේදනානුපස්සනාව(විඳීම පිළිබඳව සිහිය පිහිටුවන ක‍්‍රම)
    03. චිත්තානුපස්සනාව (සිත ගැන සිහිය පිහිටුවීම)
    04. ධම්මානුපස්සනාව (ජීවිතාවබෝධයට අදාළ කරුණු වල සිහිය පිහිටුවීම.)
    සතිපට්ඨානයේ ඉලක්කය චතුරාර්ය සත්‍යාවබෝධයයි. ඒ කිව්වේ ජීවිතාවබෝධය යි. එහෙම නම් ජීවිතාවබෝධයට ඉලක්ක කරපු සතර සතිපට්ඨානය ගැන ඉදිරියට අප ඉගෙන ගනිමු.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඒ හාමුදුරුවෝ අර තේ එක ගැන විස්තර කරපු ටික මතකද? එතන එහෙම පිටින්ම විදර්ශනාවක් කරන්නේ. ලස්සනයි ඒ ටිකනම්.
    ඔව් මතකයි :). ඒ හාමුදුරුවෝ ගැඹුරු දේවල් උදාහරණ වලින් පැහැදිලි කරන්න දක්ෂයි.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම ප්‍රශ්නයක් අහනව පුලුවන්නම් උත්තර දෙමු බලන්න:).

    රහත් බෝධිය ලබාගැනීමට පාරමිතා පුරන්න ඕනෙ කාලයට වඩා දීර්ඝ කාලයක් පසේ බුදු බව ලබාගැනීමට පාරමිතා පිරිය යුතුයි. නමුත් පසේ බුදුවරයෙක්ට තමුන් අවබෝධ කරගත් ධර්මය කාටවත් දේශනා කරන්න බැහැ. නමුත් රහතන්වහන්සේ නමකට පුළුවන් තමුන් අවබෝධ කරගත් ධර්මය තව කෙනෙක්ට දේශනා කරන්න. ඉතිං එහෙමනම් මොකක්ද දීර්ඝ කාලයක් පාරමිතා පුරලා පසේ බුදුබව ලබාගැනීමේ ඵලය?? ඊටවඩා හොඳයිනේ රහත් බෝධිය ප්‍රර්ථනා කලානම්??
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ප්‍රශ්නයක් අහනව පුලුවන්නම් උත්තර දෙමු බලන්න:).

    රහත් බෝධිය ලබාගැනීමට පාරමිතා පුරන්න ඕනෙ කාලයට වඩා දීර්ඝ කාලයක් පසේ බුදු බව ලබාගැනීමට පාරමිතා පිරිය යුතුයි. නමුත් පසේ බුදුවරයෙක්ට තමුන් අවබෝධ කරගත් ධර්මය කාටවත් දේශනා කරන්න බැහැ. නමුත් රහතන්වහන්සේ නමකට පුළුවන් තමුන් අවබෝධ කරගත් ධර්මය තව කෙනෙක්ට දේශනා කරන්න. ඉතිං එහෙමනම් මොකක්ද දීර්ඝ කාලයක් පාරමිතා පුරලා පසේ බුදුබව ලබාගැනීමේ ඵලය?? ඊටවඩා හොඳයිනේ රහත් බෝධිය ප්‍රර්ථනා කලානම්??

    මම හරියටම දන්නෙ නැහැ. දන්න විදිහට කියන්නම්.
    රහතන් වහන්සේලා පහළ වෙන්නෙ බුද්ධෝත්පාද කාල වල විතරයි. ඒ සම්මා සම්බුදු කෙනෙකුගේ ධර්මය අහල ඒ ධර්මය නුවණින් විමසලා අවබෝධ කරගෙනයි රහතන් වහන්සේ කෙනෙක් නමක් වෙන්නෙ.
    ඒත් පසේ බුදු කෙනෙක් ඕනෑම කාලයක පහළ වෙන්න පුළුවන්. එතුමන් වහන්සේලා තමන්ගේ ස්වකිය ඥානය මගින් තමයි චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්නෙ.
    ඒත් එතුමන්ලා පහළ වෙන කාලයේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න මිනිසුන් නැහැ. හුගාක් විට ඒ කාලය අබුද්ධෝත්පාද කාල.
    එතුමන්ලා ධර්මය දේශනා කරන්න ගියොත් මිනිස්සු ඒවා පිලි නොගෙන තව තවත් පව් කරගනීවි කියලයි ධර්මය දේශනා කරන්න යන්නෙ නැත්තේ.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    රහතන් වහන්සේලා පහළ වෙන්නෙ බුද්ධෝත්පාද කාල වල විතරයි.
    මේකම තමයි හේතුව. බුද්ධෝත්පාද කාල වලට වඩා වැඩි අබුද්ධෝත්පාද කාලනේ.

    TUOOS6W.jpg

    NX3bGQ9.jpg



    8IGVBUL.jpg


    උපුටාගත්තේ පාරමිතාප්‍රකරණය පොතෙන්. මීට වඩා උදාහරණ සහිතව තව ගොඩක් විස්තර ඒ පොතේ තියනව මේ කාරණාව ගැන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,726
    113
    මිලින්ද රජු පැරදවූ නාගසේන හාමුදුරුවෝ....

    copy from http://yeslahiru.blogspot.com/2012/10/blog-post_22.html


    මිලින්ද-නාගසේන ප්‍රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 දී බලයට පත්වෙන්නෙ එවකට ඉන්දියාව පාලනය කරමින් හිටිය නන්ද රාජ වංශය පරාජය කරලයි. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවත්, මධ්‍යම හා දකුණු ඉන්දියාව හා බටහිර දෙසටත් බලය පතුරවන්න චන්ද්‍රගුප්ත රජතුමා සමත් වෙනවා. වර්තමාන පැට්නා හෙවත් පාටලීපුත්‍රය අගනුවර කරගෙන දුර්ධාරා කුමරියත් සමඟ විවාහ වුණ ජෛන ආගමිකයෙක් වෙන චන්ද්‍රගුප්ත රජතුමා ජෛන ආගමට බොහෝ සෙයින් අනුග්‍රහ දක්වනවා. වියපත් වීමත් එක්ක ම චන්ද්‍රගුප්ත රජතුමා තම රජකම සහ රාජ්‍යය පුත්‍රයා වුණ බින්දුසාර ට පවරා දීලා ජෛන පූජකයන් සමඟ එක් වෙනවා. පසු කාලෙක චන්ද්‍රගුප්ත රජතුමා ආචාර්ය භද්‍රබාහුගේ ශිෂ්‍යයෙකු බවට පත්වෙලා අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිළිවෙතක් අනුගමනය කරමින් කර්ණාටක ප්‍රාන්තයේ බේලගොල ආශ්‍රමයේ දී මරණයට පත්වෙනවා.

    චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ ක්‍රි.පු. 298 දී රජකමට පත්වෙන දෙවිසි වියැති බින්දුසාර රජතුමා රාජ්‍යය තවත් පුළුල් කරනවා. මේ කාලේ වෙද්දි මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාත් බටහිරින් වර්තමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් කියන පළාත් සහ ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ දක්වා පුළුල් වෙනවා. හිතාගන්නකෝ කොයිතරම් ලොකු ඇතිද කියලා මේ අධිරාජ්‍යය... පහල තියෙන සිතියම බලන්නකෝ, තද නිල් පාටින් දක්වලා තියෙන්නෙ මෞර්ය අධිරාජ්‍යයට අයිති ප්‍රදේශය.(අශෝක අධිරාජ්‍යයා ගෙනුත් පස්සෙ ) සිතියමේ හැටියට ඉන්දියාවේ දකුණු ප්‍රදේශය, ඒ කියන්නේ චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව මෞර්ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන රාජ්‍යයන් විදියට තමයි දක්වලා තියෙන්නෙ. (හැබැයි ලංකාව ඇත්තට ම ඒ කාලේ එහෙම කප්පම් දුන්නද කියලා හරියටම හොයාගන්න බැරිවුණා!). මෞර්ය අධිරාජ්‍යයා සතුව පැවති බලසම්පන්න හමුදාව එහි පුළුල් ව්‍යාප්තිය සඳහා මහත් රුකුලක් වුණා කියලා තමයි කියන්නෙ. මෙගස්තිනිස් නම් ග්‍රීක ජාතික දේශාටකයාගේ වාර්තාවන්ට අනුව මෙම හමුදාව 600,000 පමණ වූ භට පිරිසකගෙන්, 30 000 පමණ වූ යුධ අශ්වයින්ගෙන්, 9000 පමණ වූ යුධ ඇතුන්ගෙන් ද සමන්විත වෙලා තියෙනවා වගේ ම මුළු අධිරාජ්‍යයම ආවරණය වන පරිදි පැවති පුළුල් ඔත්තු සේවා ජාලයකුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. බින්දුසාර රජතුමාගේ පුතුන් දෙදෙනා වූණ සුසිම සහ අශෝක, තක්ෂිලා සහ උජෙයින් කියන නගර වල යාපා ‍පදවි දැරුවා. (සිතියම බලන්න). ආගම් ගැන කියනවනම් බින්දුසාර රජතුමා අනුග්‍රය දැක්වුවේ ආජීවක දහමටයි. ක්‍රි.පු. 272 දි බින්දුසාර අධිරාජ්‍යයා මියයෑමෙන් අනතුරුව අනුප්‍රප්තිකයා විදියට ඊළඟට රජවෙන්නෙ බින්දුසාර රජතුමාගේ පුත්‍රයෙක් වුණ අශෝක කුමාරයයි.

    කෞටිල්‍ය පඩිවරයා විසින් රචිත "අර්ථශාස්ත්‍රයෙහි” සඳහන් වන විදියට අශෝක මෞර්ය අධිරාජ්‍යයාගේ පාලනය ඒකාධිපතිවාදී ස්වරූපයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ. චණ්ඩාශෝක කියලා කුප්‍රසිද්ධ වෙන්නත් හේතුව ඒක ම වෙන්න ඕන. ඒ වෙනකොටත් මෞර්ය අධිරාජ්‍යයට යටත් නොවුණු කාලිංග දේශය යටත් කරගැනීමේ සටනින් ජයග්‍රහණය කරන්න අශෝක අධිරාජයා සමත් වුණත් යුධ බිමෙන් නොනවත්වා ඇහෙන තුවාල වූවන්ගේ වේදනා හඬවල්, මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඬවල් රජතුමාගේ හිත කම්පනයට ලක් කරනවා. ඒ කාලේ තමයි රජ මාලිගාව ඉදිරිපිටින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ සන්සුන් ඉරියව් දැකලා පැහැදෙන්නෙ. ඒ ගැන රසවත් කථාවකුත් තියෙනවානේ. අහලා තියෙනවද මන්දා. අශෝක රජතුමා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව මාළිගයට වැඩම කරවලා, තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධනා කළා. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්‍රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්තා. අශෝක අධිරාජයත් නිහතමානී විදියට පහත් අසුනකින් හිඳගත්තා. ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක් නිසා රජතුමා අහන ප්‍රශ්න වලට පහසුවෙන් උත්තර දෙන්නත් උන්වහන්සේ ට හැකියාව ලැබුණා. ඒ වගේ ම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ “ අප්පමාදෝ අමතපදං” යන ගාථාව මුල් කර ගෙන රජතුමාට ධර්මය දේශනා කරනවා. ධ‍්රමය කෙරේ පැහැදුණ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්තා වගේ ම ධාර්මික රජ කෙනෙක් බවටත් පත් වුණා.



    ධර්මාශෝක රජතුමාගෙන් බුදුදහමට වුණ අනුග්‍රහයන් විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා, හැමෝම දන්න නිසා. ධර්මාශෝක රජතුමා ක්‍රි.පූ 232 දී මරණයට පත්වෙනවා. ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ රජකම උරුම වෙලා තිබුණ තීවර, කුණාල, ජලෞක කියන පුත් කුමාරවරුන්ට හරියට මේ සුවිසල් රාජ්‍යය පාලනය කරගන්න බැරිවෙනවා. ඒ නිසා ම රාජ්‍යය අස්ථාවර බවට පත්වෙනවා. මේ අර්බුදය දැනගත්ත පුෂ්පමිත්‍ර නම් සෙනවියා, ඒ කාලේ රජකළ ධර්මාශෝක මුණුපුරකු වූ බ්‍රැහැත්රථ මරා දාලා මෞර්ය වංශය සම්පූර්ණයෙන් ඉතිහාසයට එක්‌ කරනවා. මේ නිසාම දඹදිව රාජ්‍යය කෑලි කෑලිවලට කැඩිලා ගිහිල්ලා කුඩා රාජ්‍යයන් ගණනාවකට වෙන වෙනවා. මුලින් කිව්වා මතකද ධර්මාශෝක රජතුමාගේ සීයා වෙන චන්ද්‍රගුප්ත රජතුමා, මැසිඩෝනියානු ප්‍රදේශත් යටත් කරගත්තා කියලා. මෙහිදී චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පැරදිලා පලා ගියේ ග්‍රීකයන්. මෞර්ය රාජ්‍යය අස්ථාවරයි කියලා දැනගත්ත ග්‍රීකයනුත් මේ රාජ්‍යය ට බැල්ම හෙලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රි.පූ 200 දි විතර යුතෙමඩස්‌ කියන ග්‍රීක රජතුමා වර්තමාන ඇෆ්ගනිස්‌තානයේ කොටසක්‌ අල්ලාගෙන පාලනය කරන්න පටන්ගත්තා. ඉන්පසු රජවුණ යුක්‍රටඩීස්‌ රජු සාගල නුවරත් යටත් කරගෙන වයඹ දිග ඉන්දියාව පාලනය කළා. එයින් පස්සේ සාගල නුවර රජකමට පත්වුණේ මිනෙන්ඩර්(මෙනැන්ඩර්) නමින් ප්‍රකට වූණ මිළිඳු රජතුමා. මේ සාගල නුවර කියන්නෙ වර්තමාන පකිස්‌තානයේ සියල්කොට්‌ නගරය තියෙන ප්‍රදේශයටයි. මේ සාගලපුරය ඉතාම සශ්‍රීක රාජ්‍යයක්‌ වුණා වගේම සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් වුණ වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ ආලකමන්දා දිව්‍යපුරයට තමයි සමාන කරලා හඳුන්වන්නෙ. ඒ තරම් දියුණු, සශ්‍රීක නගරයක්. මේ මිළිඳු රජතුමා අවුරුදු 20 ක්‌ සාගල පුරවරයේ රාජ්‍යය පාලනය කළා. ඒ අතරතුරේදි තමයි මේ මිලින්ද-නාගසේන ප්‍රශ්නය ඇතිවෙන්නෙ.

    ඉතා පණ්‌ඩිත ප්‍රඥවක්‌ ඇති සියලු කටයුත්තෙයි දක්‍ෂ මිළිඳු රජතුමා සමඟ වාදයට එළැඹීම අපහසු වූ රහතන් වහන්සේලා පවා සාගල පුරවරය හැර ගියා කියලා තමයි කියන්නේ. මිලින්ද රජතුමා ඒ තරම් ම නුවණැති කෙනෙක්. ඉතින් බොහෝ රහතන් වහන්සේලාට වාද කරලා පරාජයට පත් කරන්න බැරි වුණ මිලින්ද රජතුමා ව නාගසේන හාමුදුරුවෝ පරාජය කළේ කොහොමද කියලා ලබන සතියේ කියවමු එහෙනම්. කතාව කියවන්න කලින් ඒ කාලේ වටාපිටාව දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණ නිසා තමයි මේ විස්තර ටික දැම්මේ.

    කියවල බලන්න බුදු දහම ගැන ඉගෙන්න ගන්න ආසා කෙනෙක්ට ගොඩක් වටිනව.
    DOWNLOAD FULL PDF
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකම තමයි හේතුව. බුද්ධෝත්පාද කාල වලට වඩා වැඩි අබුද්ධෝත්පාද කාලනේ.

    TUOOS6W.jpg

    NX3bGQ9.jpg



    8IGVBUL.jpg


    උපුටාගත්තේ පාරමිතාප්‍රකරණය පොතෙන්. මීට වඩා උදාහරණ සහිතව තව ගොඩක් විස්තර ඒ පොතේ තියනව මේ කාරණාව ගැන.

    :) ඒ පොත download කරගන්න තැනක් නැද්ද?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :)
    ගොඩාක් පිං..

    තව ඒ වගේ ප්‍රශ්න දාන්න
    ඔව්. ඔයත් ඒ වගේ ප්‍රශ්න දාන්න. එතකොට අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව්. ඔයත් ඒ වගේ ප්‍රශ්න දාන්න. එතකොට අපි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි.

    ඔන්න එහෙනම් පළවෙනි එක.

    මුළු බුදු දහමම පාදක වෙලා තියෙන්නෙ පද ( වචන ) 18ක් මතයි. ඒ මොනවද?
    :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි හැමෝම කවදහරි මැරෙනවා...ඒත් එතනින් එහා මොනව වෙයිද?

    body_farm_skeleton.jpg

    මරණය හා නැවත ඉපදීම ගැන සෑම දෙනෙක්ම අනිවාර්යයෙන්ම
    ඇසිය යුතු(දැන් අහන්න බැරි නම් ඩවුන්ලෝඩ් කරල පස්සෙ අහන්න.ඒ තරම් වැදගත්.) උතුම් ධර්ම දේශනා දෙකක් මෙහි ඉදිරිපත් කරනවා...

    Death.impermanence.suffering.jpg


    ඔය ගොල්ලන්ගෙ කාලයෙන් පැය 2ක් වෙන් කරලා අනිවාර්යයෙන් අහන්න...සසර බිය දැනෙන්න.

    දේශකයාණෝ අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ
    Ven.Dankande_Dhammaratana_Thero.jpg


    1.නැවත ඉපදෙයි (7.1MB)
    http://archive.org/download/VenDankandeDhammaratanaThero/NewathaIpadei.mp3

    2.මරණය(3.5MB)
    http://archive.org/download/VenDankandeDhammaratanaThero/Maranaya.mp3

    සසර ගමන කියන්නේ අතිශය භයංකාර දෙයක්. ඒ නිසා මේ ජීවිතේම අඩු ගානේ සෝවාන් වත් වෙන්න උත්සාහ කරන්න.
    ~සැමට තෙරුවන් සරණයි~

    original post by..

    Gstar
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවැනි ප්‍රශ්නය.

    ෂඞ් අභිඥා මොනවාද?

    පංච අභිඥා ගැනනම් අහලා තියෙනවා.

    01. සෘද්ධි විධ අභිඥා - අහසින් යාම, නොපෙනී සිටීම, ජලය මතුපිට ගමන් කිරීම, නොයෙක් දේ මවා පෙන්වීම

    02. දිව්‍යශ්‍රෝත්‍ර අභිඥා - මිනිස් කණට නොඇසෙන ශබ්ද ඇසීමට ඇති හැකියාව


    03. පරචිත්ත විජාණන අභිඥා - අන් අයගේ සිත් දැකීමට හැකි නුවණ

    04. පූර්වේ නිවාසානුස්මෘති අභිඥා - පෙර ආත්ම භවයන් සිහි කිරීමට සමත් නුවණ

    05. දිව්‍ය චක්ෂු අභිඥා - මිනිස් ඇසට නොපෙණෙන රෑප දැකීමේ නුවණ