වෙසක්ද හැලෝවීන් ද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙසක්ද හැලෝවීන් ද?

    කට්ටියටම සුභ වෙසක් මංගල්‍යයක් වෙවා :):)

    happy_vesak_by_ahinsaka-d4ylq36.jpg


    අද වෙසක් බලන්න කියල එලියට බැස්ස , පට්ට සෙනගක් , වාහනේ දාල පයින් යන්න ගත්ත වෙසක් කලාපයක් තිබ්බ මේ පැත්තේ ඒක බලන්න.
    පැත්තකින් ලස්සන භක්ති ගීත ඇහුන ,ඒත් ඒවට හැප්පෙන්න බෑ David Guetta ගේ බීට් එකත් එක්ක, ඩුම් ඩුම් ගානව තාම ඔලුවේ කැක්කුමයි. :oo::oo::baffled::baffled:
    ලයිට් සෙට් එකකුත් තියනව මම ආයිත් හැරිල බැලුවේ මේ වෙසක් බලන්නද මම ආවේ නැත්තම් ක්ලබ් එකකටද කියල.
    තව ඇටසැකිලි නටනව දැක්ක බීට් එකට, ඒකත් හොදයි ඉතින් කලකිරිල ඉක්මනට සසර කෙටි කරගන්න හරි උදව් වෙයි නේ. :rolleyes:
    තව ටිකක් ඉස්සරහට යනකොට බයික් අයියල ටිකක් ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්න තව කෙනෙක්ට බනිනව සුද්ද සිංහලෙන් (ඔහොමද ඕයි පාරේ යන්නේ ^&* කියල )
    මම ආවේ වෙසක් බලන්නනේ ඉතින් මම පාඩුවේ ආවා.

    ඔන්න පාරේ යක් මූනු විකුණනව , ඒව දාගත්ත සෙට් එකකුත් නට නට ඉන්නව. සිරාවට බය හිතුන ඒවට නම්. :shocked::shocked:
    මේව දැක්කම බුදුන්ගේ තෙමගුල සිහි වෙනව කෙසේ වෙතත් මට හිතුනේ මේ නම් වැරදි තැනකට ඇවිල්ල තියෙන්නේ කියල.

    තව ටිකක් ඉස්සරහට යනකොට කන පැලෙන්න කවුද හෝන් ගහනව ඇහෙනව (අර බස්වල හෝන් තියෙන්නේ ඒකක් වගේ) හැරිල බැලුවට වාහනේකුත් නෑ, මගේ ඔලුව විකාර වෙලා කියල හිතුවේ. ඒත් ටිකක් වෙලා යනකොට දැක්කේ පොඩි ළමයෙක් වඩාගත්ත තාත්ත කෙනෙක් තමයි ඒක පිබින්නේ, පොඩි එකාව නලවගන්න. (මම දැන් ගෙදර ඇවිත් මේක ලියනකොටත් ඒ සද්දේ ඇහෙනව මෙතෙන්ට අම්මප, කොහොමද සද්දේ )
    තව ඉස්සරහට යනකොට ඒ වගේ ගොඩක් නලා පිබිනව මම දැක්ක කට්ටිය.
    මම දන්න විදිහට මේව public places වල පිබින්න තහනම් ලොකු ඩෙසිබල් range එකක් තියනව මේකට. ටිකක් වෙලා යනකම් කන ඇහෙන්නේ නැතුව යනව සද්දෙට.

    ඇත්තටම මට තේරෙන්නේ නෑ වෙසක් වලයි මේවගෙයි ගැලපීම. :(:(

    මේව විතරක් නෙමේ මම දැක්කේ ලස්සන තොරණ් වගේම ගොඩක් මහන්සි වෙලා හදපු වෙසක් කූඩු දැක්ක, බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති නොවුනා නෙමේ. අපි ඉස්සර වෙසක් එකට කොල්ලෝ ඔක්කොම බයිසිකල් වල ගිහින් බලපු වෙසක් නෙමේ මම දැක්කේ හැබැයි, අපි සමරන්නේ මොකක්ද කියල වත් නොදැන ඔහේ නිකන් අතරමන් වෙලා එහාට මෙහාට දුවන මිනිස්සු ටිකක් විතරයි. වෙසක් කියන්නේ මීටවඩා කොච්චර සංයමයකින් සමරන්න ඕන දෙයක්ද. මේ දේවල් වෙසක් එකට ගැලපෙනවද? කොහෙන්හරි වැටෙන ඕනම කුණු ජරාවක් බදාගන්න කිසිම අනන්‍යතාවයක් නැති ජාතියක් නෙමේද අපි?
    පොඩ්ඩක් හිතල බලන්න මේකද වෙසක්?


    සිරාවට කලකිරිල ගෙදර ආවේ , ඒකයි මේක දැම්මේ :no::no:
     
    • Like
    Reactions: prageeth119lk

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මෙලෝ රහක් නැ බන්. කාලකණ්නි ඉන්නවා නලා පිඹ පිඹ වෙලාවක ඇදල අරන් එකක් දෙන්න ඕන බූරුවන්ට
    දන්සල් වලින් කන්න පෝලිම් පැනගෙන යනවා හරියට කවදාවත් කාලා නැ වගේ


    ඔය Bumping කියන කාලකණ්නියාගෙ posts hidden කරන්න මේක කරන්න

    Add to Ignore List කරන්න. මම මේකව Ignore වලට දාල තියෙන්නේ :lol:
    Untitled.png

    :lol::lol:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙලෝ රහක් නැ බන්. කාලකණ්නි ඉන්නවා නලා පිඹ පිඹ වෙලාවක ඇදල අරන් එකක් දෙන්න ඕන බූරුවන්ට
    දන්සල් වලින් කන්න පෝලිම් පැනගෙන යනවා හරියට කවදාවත් කාලා නැ වගේ

    සිරාවට කිසිම මනුස්සකමක් නැති අමුතුම මිනිස්සු ටිකක් මම අද දැක්කේ බන්, ළමයි ටිකක් එක්ක අම්ම කෙනෙක්ට පාර පනින්න ඉඩ දුන්නේම නෑ එච්චරට අපේ මිනිස්සු ආත්මාර්තකාමී :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය නොපමාව කුසල් දහම්හි හැසිරෙන්න...:)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    උබ කියන කතාව සම්පූර්ණ ඇත්ත බන්. වෙසක් උත්සවේ නියම අරුත මිනිස්සු දන්නේ නැ. නිකන් december 31 සමරනවා වගේ වෙසක් සමරන්නේ. පන්සලට ගිහිල්ලා හොදට වැදලා කෙලින්ම ගෙදර ආවා නම් ඉවරයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබට කියන්න තියෙන්නෙ ඉතින් මෙච්චරයි..

    ඒතේ ච ඤත්වා සතිමා සුමේධො

    අවෙක්ඛති විපරිනාම ධම්මේ
    ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං
    අනිට්ඨතො නො පටිඝාතමෙති

    සිහි නුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නොකැළැඹෙන අතර ඒ කෙරෙහි ඇලීමට ද ගැටීමට ද පත් නොවේ.


     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මොනවා කියනවද බන්.. මමත් මේ පැලවත්ත වෙසක් කලාපෙ බලල ගෙදර ආව විතරයි. ඊට එහා යන්න හිතුනෙ නැහැ බන් මේ විකාර වඩා නිසා.

    ගොඩක් ලස්සන වෙසක් කූඩු තිබුනත් කොච්චර මහන්සි වෙලා හැදුවත් වෙසක් කුඩුවක ලස්සන බලන්නෙ කීයෙන් කී දෙනාද. බහුතරයක් එන්නෙ ආතල් ගන්න..

    මම ගියේ මගෙ නංගි, ලොකු අම්මගෙ දුවල දෙන්නයි එක්ක.. අපිත් කෙල්ලොන්ට විහිලු කරනව ඕනෙ තරම් ඒත් කනට කරල නලා පිඹිනවා, එහෙන් මෙහෙන් අල්ලනවා, අනේ මන්ද බන් දැන් ඉන්න කොල්ලො මොන මනසිකත්වයකින්ද ඉන්නෙ කියල.

    නිකන් වලි දාගන්න බැරි නිසා මම ගෙදර ආව. පොලිස්කාරයොත් පිස්සු හැදිලා වගේ ඉන්නෙ එක අතකින් උනුත් පව්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවට කිසිම මනුස්සකමක් නැති අමුතුම මිනිස්සු ටිකක් මම අද දැක්කේ බන්, ළමයි ටිකක් එක්ක අම්ම කෙනෙක්ට පාර පනින්න ඉඩ දුන්නේම නෑ එච්චරට අපේ මිනිස්සු ආත්මාර්තකාමී :(
    අදහසක් තෙරුමක් සන්ස්කෘතියක් නැති උන් බන් දැන් ඉන්නේ. මටත් ඊයේ නම් එපාම උනා. යක්කු වගේ මූනූ දාගෙන බට්ටා ලොරිවල පිස්සො වගේ බන්. ඒ මදිවට රේන්බො ක්ලර්ස් වලින් ඔලුවට කොන්ඩෙත් දාලා. මේ වෙන දේවල් එක්ක අනේ මන්දා ඉස්සරහට කොහොම මිනිස්සු ටිකක් බිහි වෙයිද කියලා. ඇමෙරිකන් කල්චර් එක එහෙම පිටින්ම ලන්කාවේ උත්සව ගොඩක් කැවා. ඉතුරු උනේ වෙසක් පොසොන් විතරයි. දැන් එකත් කයි වගේ..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔක්කොම marketing කරගෙන තියෙන්නෙ දැන්..

    ඉස්සර අවුරුදු නෙවේ දැන්.. ඉස්සර වෙසක් නෙවේ දැන්.. ඔක්කොම වෙනස්..

    :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං..... ඔය හෝන් ගහන, ඔලු බක්කෝ දාගෙන ගියොත් අල්ලනවා කිව්වා නේද පොලිසියෙන්.....??
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මමත් ඊයේ එලියට ගියා..කලකිරෙනවා කොල්ලෝ කරන ඒවා දැක්කාම..නලා ගහනවා , බෙර ගහ ගහා සින්දු කිය කිය පාරේ ඇව්දිනවා, අමුතු කොන්ඩ වෙස් මුණු දාගෙන..:(:no:
    ඒ මදිවට කෙල්ලෝන්ට සෙවල පෙරනවා, තැන් තැන් වල අමුතු action දාගෙන phone වලින් photo ගහනවා..:dull:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උඹේ කතාව හරි බන්.මටත් ඔය විකාර පෙන්න බැහැ ඒ නිසා මම කලේ ළඟ පන්සලට ගිහින් මල් පුජා කරලා ආපු එක.දැන් මිනිස්සු සත්තු වගේ වෙලා අනෙක් ආගම්වල උන් මේ විකාර දැකලා හිනා වෙනවා ඇති
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රතිපත්තියක් විදියට වෙසක් බලන්නට යන්නේ නෑ.....
    මොකද ඔය බහු රූ විකාර නිසා සහ සෙනග ගොඩේ ඕව බලනවට වඩා වැඩ තියන නිසා........

    කොල්ලන් ගේ ගොං පාට් ගැන නම් කතා කොට වැඩක් නැත.:dull::dull::dull: