ඉස්සර මේ වගේ thread දැක්කම මම අත අරින්නෙම නැහැ.
තිසරණය ගැන ශ්රද්ධාවක් තියෙනවනම්, භව නිරෝධයට උවමනාවක් තියෙනවම් තර්ක කර කර ඉන්න දෙයක් නැහැ. ධර්මය කියවල තේරුම් ගත්තනම් ඇතිනේ.
සමහරු අහනවනේ ත්රිපිටකේ හරියට ලියල තියෙනෙවද කියල පිළිගන්නෙ කොහොමද කියල.
කොහොමද ඉතිං ඒවට උත්තර දෙන්නෙ?
රහතන් වහන්සේලා දිවි හිමියෙන් ආරක්ෂා කල, වැරදි අඩුපාඩු තියෙනවද කියල බලන්න සැරින් සැරේ සජ්ජායනා කරපු ධර්මය විස්වාස නැත්තම් තව මොනව කතා කරන්නද?
මෙච්චර වටින ධර්මයක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ අරක කිව්වේ නැත්තේ ඇයි, මේක කිව්වේ නැත්තේ ඇයි කියල හොයන්නෙ මොනවටද කියල මටනම් තේරෙන්නෙ නැහැ.


මගේ මතය මේකයි
බුදු දහම තුල ගොඩක් සංකල්ප තියෙනවා. අපිට ගෝචර නොවන දෙවිවරු, බ්රහ්ම, ඉර්දී බල, හිටපු බුදුවරු (බුදුහාමුදුරුවොන්ට කලින්) ඔය වගේ දේවල්. ඕව ගැන හිත හිත ඉන්න එක පලක් නැති දෙයක්. අපි කලයුත්තේ ධර්මයේ හරය අවබෝද කරගැනිමට උත්සහ කරගැනීම මිස වෙන දෙයක් නෙවි. අපි නොකරන්නේ එයයි. අඩුමගානේ මම පලවෙනි ධානය වත් ලබාගන්න උත්සහ කරනවා කියල අදිෂ්ටනය්ක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද?. මට හිතෙන්නේ ඔය වගේ සංකල්ප පසුකාලීනව එකතු වූ දේවල්. මහායානය තුල කොච්චර දේවල් තියෙනවද වෙනස්.
මේක නම් ඇත්ත..
අපේ අය වැඩ් හරියක් බලන්නේ වැඩක් නැති දේ දිහා..
Last edited:






