මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    මේ ත්‍රෙඩ් එකෙන් මම යමක් ඉගෙන ගත්ත, යම් දේවල් වෙන තැන් වලින් ඉගෙන ගත්තේ එත් ඒවාට මෙතන ලැබුණු සමහර කරුණු ප්‍රයෝජනවත් උනා..එනිසා වැය කරපු කාලටයි, ඉවසපු සමහරුන්ගේ ගොන් පාර්ට් වලටයි වටිනාකමක් ලැබුන කියල හිතෙනවා..දල්ලේ උදාහරණයට ගොඩක් උන් එකඟයි වගේ..මේ හේතුව නිසා තමා බුද්දාගම ගැන හරි අවබෝධයක් ගොඩක් non-buddistලට නැත්තේ, බුදු හාමුදුරුවෝ අවු 24න් කරපු දේ අවු2500 කින් බෞද්ධයන්ට කරනගන්න බැරි වීමට එකත් හේතුවක් වෙන්න ඇති..alternative point of views අවොත් ඉදිරියට මගේ අදහස් එකතු කරනවා..

    පහන් දල්ල නැතුව ඇත්ත එකෙන්ම කියල දෙන්ඩද?
    අපේ සිත කවද හරි පටන් ගත්තනේ, එදා ඉදල ඒ හැදිච්චි සිත බිදෙනවා, බිදෙද්දී එකේ තියෙන තොරතුරු අරන් ඊලග සිත හැදෙනවා, ඊට පස්සේ එකත් බිදෙනවා, එකෙන් අලුත් සිතක් ඇති වෙනවා. මෙහෙම මෙහෙමනේ වෙන්නේ. දැන් අපි මැරෙද්දි මරෙන මොහොතේ අන්තිමේට එන සිත තමා ඊලග ආත්මේ මුල් සිත වෙන්නේ. එතකොට එකේ තොරතුරු ඔක්කොම තියෙනවා. ඊට පස්සේ අයෙත් එක බිදිනවා, එකේ බිදිලා අයෙත් අලුත් එකක් ඇති වෙනවා එකේ තියෙන තොරතුරුත් අරන්. මේ විදියට බැලුවොත් අපි හැම වෙලාවේම මැරී මැරී තමා ඉන්නේ.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෙළයෙක්;16675266 said:
    වීඩියෝ එක බලන එක හොදයි.පහන් දැල්ල තමා තියෙන හොදම උදාහරණෙ මට නන් ලැබිච්ච ඔක්කොම දේවල් එතන තියෙනව.ලැබුනොත් බෙදා ගන්නන් අනිවාර්යයෙන්.මේකෙ තියෙන කරුණුත් කියවල බලන්න.
    ඔය උදාහරණෙ මට තෙරුනේ ගොඩක් කල් හිතල හිතල කරුණු එකතු කරගෙන.හරියටම ඒ දේ මිනිස්සුන්ට වෙන විදිය තෙරුම් ගන්නව කියන්නෙ ඔයා ගොඩක් ගැඹුරටම තෙරුම් අරන් කියන එක. ඒක එක පාරට මම කිව්වට වෙන කෙනෙක් කිව්වට එන දෙයක් නෙවෙයි ඔයාම තේරුම් ගන්න ඕනි දෙයක්.

    බින්දු;16675497 said:

    මේවා ඉතින් කොපි පේස්ට් කරන එක, චැලේන්ජ් කරලා ආඳා තියරියෙන් ලිස්සලා යන එක වගේ ලේසි නෑ. ඒකයි තේරුම් ගන්න අමාරු :P:P:P


    මම කිව්වෙ ඌට තියෙන්නෙ වෙනම අරමුණක්..
    උබලට දැන් ඔය ටික type කරන්න කොච්චර වෙලා ගියාද කියල කල්පනා කරල බලහන්..

    සරලවම අහන්නම්, මොකද මෙතන ලොකු වචන දාල තර්කය සඟවන්න සමහරුන්ගේ උත්සහයක් තියෙනවා

    උඹ ඔය ලෙවෙල් ගණන් ගියාට 5 වසර සංසන්දනයක් පැහැදිලි කරන්න දඟලන දැඟලිල්ල...

    හරිම වචන වලින් තේරුම් කරන්න හැදුවාම මොලේට බර වැඩී ලු.. පොඩි තර්කයක් දාල ලපටි මොලේට තේරුම් කරල දුන්නහමත් පහ වසරෙ ඒව එපා ලු ලොකු ඒවායින් ඕනලු..

    මුන් ගොඩක් කියන්නේ මුන්ට හරි කියල හිතෙන දේවල්

    මෙතන කවුරුත් හිතෙන හිතන මගුල් කියල නැහැ ගොන්නු වගේ.. හොදේ.. එහෙම කතා කරන්න නම් බුද්දහගමක් ඕනෙ නැහැ නෙ..


    පහන් දැල්ල උදාහරණය කවුරු හරි කියපු පලියට ගත් උදහරයක් විදිහටයි මට හිතෙන්නේ

    මන් කිව්වෙ

    පහන් දැල්ල උදාහරණයත් අපි කියපු එකක් නෙවේ බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද්දක්.. "
    නිබ්බන්ති ධීරා යථායං පදීපෝ" ඔය කියල තියෙන්නෙ නිර්වාණය ගැන පහන් දැල්ල ආදේශ කරගෙන.. මේ පහන් දල්ලට තියන එකත් දාන්නම් හොයල ටිකකින්
    හිර වෙලා ඇඩේන්න වගේ ගියාම අපේ පොස්ට් quote කරන එක අත ඇරල.. මොකාක් හරි තර්කයක් නැති පොස්ට් එකක් හගල ස්වයන් වින්දනය කරනව..


    මෙතන ප්‍රශ්න අහන යට, උඹ කුහකයි, හිත පිළිගන්නේ නැ, බෞද්ධයන්ට පැහැදිලි කරන්න ලේසි, අනිත් ආගමේ උන්ට මේවා තේරෙන්නේ නැ කියන එකට හේතුව මේකයි

    A leap of faith


    නෑව නේද..

    ඔව් බෞද්ධයන්ට පැහැදිලි කරන්න ලේසී ශ්‍රද්ධාව ඉස්සරහට දාගෙන හැමදෙට ඔලුව වන්න උගන්නල නැති නිසා.. අන්‍ය ආගමිකයො කියල හදුන් වන්නෙ කාවද ?


    අද්ධ භක්තියෙන් මොකක් හරි කවුරු හරි කිව්ව මගුලක් ඔලුව උඩ තියාගෙන තමයි අනිත් හැම ආගමකම කරන්නෙ.. භගවත් ගීතාව ? කුරානය ? බයිබලය ? විවේචනය කරන්න අවශ්‍ය නැහැ කොහෙත් ම කරන්නෙත් නැහැ වැඩකුත් නැහැ.. තියෙන්නෙ සේරගෙම එකම තමයි ප්‍රශ්න අහන්න බැරිවෙන්න කටවල් ලොක් කරල දාන්න ගහපු ගැට..
    බේසික් කන්සෙප්ට් දෙයියො මැව්ව.. ප්‍රශ්නයක් නැහැ.. කොහොමද මෙහෙම උනේ මැවුවනෙ.. ඇයි ඌට එහෙම උනේ.. අරය කළානෙ.. ඒකයි ඒ.. පොඩි කාලෙ ඉදලම ඒ වගේ ෆැන්ටසි මානසිකත්වයන් හිටපු අයට පුනර්භවය වගේ සංකීර්ණ දෙයක් උගන්නන ඒක හරියට මොන්ටිසෝරි ඉදල ඒ ලෙවල් කරන්න ගියා වගේ කියලවත් තේරුම් ගන්න බැරි නම් ඉතින් ඒක අපේ වරදක් නොව ඔබේ ගුරුවරුන් සහ ඔබේ දැනුම මට්ටම සහ තේරුම් ගැනීමේ හැකියාව මතම තීරණය වන්නකි.
    .

     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඇයි බැරි
    තියන කරුණු ගැන 100% හරි කියන තැන නෙවේ ඉන්නෙ.. උත්තරයක් නැත්තෙ නැහැ
    දහම් කරුණු ඒ විදියටම 100% පවිත්‍ර විදියට තියෙන්නෙ නැහැ කියල එදාම තේරුම් ගත්ත සැරියුත් මුගලන් සහ හිටපු මහ රහතන් වහන්සේලා.. එකට තමයි ධර්ම සංගායනා කියල දෙයක් ගෙනාවෙ.. ධර්ම සංගායනාවක් කියන්නෙ අබිධර්ම පිටක සූත්‍ර පිට ඇතුළු සේරගේම තියන ඒව අරගෙන් වචනයක් වචනයක් පාසා ආයෙ සාකච්චා කරන එක.. මොකක් හරි වෙනස් මතයක් ආවොත් එක විසදෙන කන්ම හරි කරුණ මොකද්ද කියල සාකච්චා කරනව.. අන්තිම ධර්ම සංගායනාව 1954.. අවුරුදු දෙදාස්පන්සීයට සංගායනාවන් හයක්.. දහම කොච්චර ආරක්ෂිතයිද කියල අහන උන්ට කියල දියන්.
    .



    මචන් ඔය ස0ගයනාවල් 6 පිලිබදව දපන්කො
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම කිව්වෙ ඌට තියෙන්නෙ වෙනම අරමුණක්.. උබට දැන් ඔය ටික type කරන්න කොච්චර වෙලා ගියාද කියල කල්පනා කරල බලහන්..

    ඇත්තටම එයාට මොනවද ඕන වෙලා තියෙන්නෙ? :oo:
    කොච්චර කිව්වත් එකම දේ එයා කියන්න.
    :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [/B]මචන් ඔය ස0ගයනාවල් 6 පිලිබදව දපන්කො

    1. පිරිනිවන් පාල මාස තුනකට පස්සෙ අජාසත් රජතුමා ගෙ අනුග්‍රහයෙන් දබදිව රජගහ නුවර

    2. කාලාශෝක රජතුමා ගෙ අනුග්‍රහයෙන් වසර 100 කට පස්සෙ දබදිව විශාලා මහනුවර

    3. ධර්මාශෝක රජතුමා ගෙ අනුග්‍රහයෙන් වසර 283 පස්සෙ දබදිව පාටලීපුත්‍රයේ

    4. වසර 400 පස්සෙ වළගම්බා රජුගෙ අනුග්‍රහයෙන් මාතලේ අළු විහාරයේ

    5. 1871 බුරුමයේ මින්ඩොන් රජුගෙ අනුග්‍රහයෙන්

    6. 1954 බුරුමයෙ අග්‍රාමාත්‍ය යූ නූ ගෙ ආරාදනයෙන් තව එකක් කරල තියනව..
     

    aruna47

    Well-known member

  • මේ ත්‍රෙඩ් එකෙන් මම යමක් ඉගෙන ගත්ත, යම් දේවල් වෙන තැන් වලින් ඉගෙන ගත්තේ එත් ඒවාට මෙතන ලැබුණු සමහර කරුණු ප්‍රයෝජනවත් උනා..එනිසා වැය කරපු කාලටයි, ඉවසපු සමහරුන්ගේ ගොන් පාර්ට් වලටයි වටිනාකමක් ලැබුන කියල හිතෙනවා..දල්ලේ උදාහරණයට ගොඩක් උන් එකඟයි වගේ..මේ හේතුව නිසා තමා බුද්දාගම ගැන හරි අවබෝධයක් ගොඩක් non-buddistලට නැත්තේ, බුදු හාමුදුරුවෝ අවු 24න් කරපු දේ අවු2500 කින් බෞද්ධයන්ට කරනගන්න බැරි වීමට එකත් හේතුවක් වෙන්න ඇති..alternative point of views අවොත් ඉදිරියට මගේ අදහස් එකතු කරනවා..

    උබේ වනචර නබියා කරලා තියෙන දේවල් ගැන මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1615787
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්තටම එයාට මොනවද ඕන වෙලා තියෙන්නෙ? :oo:
    කොච්චර කිව්වත් එකම දේ එයා කියන්න.
    :baffled:

    මූ දාල තියන threads බැලුව නම් තේරෙයි.. බුද්දහගමට එක්ක පුදුම වයිරයකින් ඉන්න එකෙක් හරියට බුදහගමේ එකෙක් වගේ බුද්දහගම බේර ගන්න විදියට threads දාල තියෙන්නෙ.. මාර අමාරුවක් නේ ? අපේ උන්ට වත් නැහැ එච්චර අමාරුවක්

    ගොනා හැරෙන කොට තේරෙනව බන් අපිට පොල්පැලේට තමයි කියල..

    :lol::lol::lol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මූ දාල තියන threads බැලුව නම් තේරෙයි.. බුද්දහගමට එක්ක පුදුම වයිරයකින් ඉන්න එකෙක් හරියට බුදහගමේ එකෙක් වගේ බුද්දහගම බේර ගන්න විදියට threads දාල තියෙන්නෙ.. මාර අමාරුවක් නේ ? අපේ උන්ට වත් නැහැ එච්චර අමාරුවක්

    ගොනා හැරෙන කොට තේරෙනව බන් අපිට පොල්පැලේට තමයි කියල..

    :lol::lol::lol:

    ආ..... දැනුයි කල්පනාවට ආවේ :)
    මන් හිතුවේ ඇත්තටම දැනගන්න උවමනාවෙන් අහනවා කියල. :oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අහපු ප්‍රශ්නෙ හොයාගෙන ආපහු මුලටම යන්න ඕනෙ.. ඒ නිසා මෙහෙම දාන්නං..

    මේකෙ බෞද්ධයො දුන්නු පිළිතුරු වලට අනුව පෘථිවිය ආරම්භයේදීම මිනිස්සු ඇතිවුනා.. කකුසඳ බුදුන් බුදු වුනා.. මිනිස්සු වඳවුනා.. ආයෙ ආදිසූපයකින් මිනිස්සු ඇතිවුනා. කෝණාගම බුදුන් බුදුවුනා. මිනිස්සු නැතිවුනා.. ආයෙ ආදිසූපයකින් මිනිස්සු ඇතිවුනා.. කාශ්‍යප බුදුන් බුදුවුනා.. මිනිස්සු නැතිවුනා.. ආයෙ අවුරුදු මිලියන දෙකකට කලින් මිනිස්සු ඇතිවුනා.. ගෞතම බුදුන් බුදුවුනා.. මිනිස්සු තාම ඉන්නව.... අග්ගඤ්ඤ සූත්‍රයේ පොලොව ආරම්භයේ ඉඳලම හිටිය මිනිස්සුන්ගෙ ෆොසිල නෑ කියන එකට ලැබුනු පිළිතුර මේක.. දැන් මට දැනගන්න පුළුවන්ද බුදු හාමුදුරුවො කොහෙද කකුසඳ කෝණාගම කාශ්‍යප කියන බුදු වරු බුදුවුනාට පස්සෙ මිනිස්සු නැත්තටම නැතිවෙලා ගියා කියල දේශනා කල්ල තියෙන්නෙ ? කකුසඳ බුදුන්ට පෙර හිටිය බුදුන් වහන්සේ (නම මතක නැත)ගෙන් පස්සෙ නම් ඔන්න කල්ප විනාශයක් වුනා කියල තියෙ..

    මේත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනව.. මේක ඇත්තක්ද කියල දැනගන්න ඕනෙ.. බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය ශ්‍රී ලඞ්කාවේදී ග්‍රන්ථාරූඪ කලේ මොන භාශාවෙන්ද ? කටපාඩමෙන් රැකගෙන ආපු පාලියෙන් තිබුනු ධර්මය ඒ විදිහටම පාලියෙන්ම ලිව්වද ? නැත්තං හෙළුවට නඟලද ග්‍රන්ථාරූඪ කලේ ? මොකක්ද අර බුද්ධඝෝෂ හාමුදුරුවන්ගෙ සිද්ධිය ? o_O මට මීට අවුරුදු ගානකට කලින් කෙනෙක් කිව්ව විදිහට සිඞ්හලෙන් තිබූනු බුද්ධ දේශනාව පාලියට නඟල තියෙන්නෙ බුද්ධඝෝෂ හාමුදුරුවොලු.. මේ කතාව ඇත්තක්ද ? o_O ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අහපු ප්‍රශ්නෙ හොයාගෙන ආපහු මුලටම යන්න ඕනෙ.. ඒ නිසා මෙහෙම දාන්නං..

    http://www.elakiri.com/forum/showpost.php?p=16670452&postcount=165

    ආනී search කරල ගන්න දන්නෙ නෑ ??
    හොයන් යන්න දෙයක් නැහැ හොයල දෙන්නම්

    :lol::lol::lol:

    quote කරන් ලස්සනට එන්නකො.. ආයෙත් ප්‍රශ්නෙ මුලට ගිහින් මුල ඉදල උබට තේරුම් කරන්න වෙන වැඩ නැහැ නෙ..

    :lol::lol::lol:


    Originally Posted by markhaloce
    අනික් එක ඉස්සෙල්ල කියාං බලන්න මගෙ ආගම මොකක්ද කියල :v
    අනික මොන පදනමකිංද මගෙ ආගමේ බුද්ධිමත් ජීවීන් ගැන සඳහනක් නෑ කියල කියන්නෙ :3
    මම මොන ආගමේද කියල කියල නොතියෙද්දිත්, මගේ ආගමේ පොසිල ගැන සඳහනක් නෑ කියල කියද්දි නං මට නිකමට වගේ හිතෙනව ඔබතුමාටත් මොකක් හරි අමුතු සුපිරි බලයක් තියෙනව කියල.. පුළුවන්නම් ඔය බලය යොදාගෙන ප්‍රාතිහාර්යයක් දෙකක් පාල පෙන්නන්න :v හොඳ ගානක් හොයාගන්න පුළුවන්..

    ඇයි උබ හිතුවද මේ ලෝකෙ තියන අනික් ආගම් ගැන අපි දැන ගන්න විදියක් නෑ කියල..
    කාලෙන් කාලෙට රෙදි ගැලවෙන කොට එක එක edition ගහල රෙදි ඇදගන්න උත්සහ කරපු ආගම් තමයි ගොඩක් තියෙන්නෙ..
    අනික් ආගම් සියල්ලම ගත්තහම පොසීල වල ඉදල සේරම තියනව බන්..
    අපි දන්නව.. ලොල්

    :lol::lol::lol::lol:

    උබට ආගමක් නැති උනත් අපිට ප්‍රශ්නයක් නැහැ..
    නිකං කිව්වෙ..

    අනිත් ආගම් එක්ක සංසන්දය කරන්නෙ නැත්තෙ මොකද කරල වැඩක් නැහැ..
    හරියට මී කිරි මුට්ටියකට අබ ඇටයක් දැම්මම ඒක පේනව ඒත් ගොම ගොඩකට අබ ඇටයක් දැම්මහම ඒක පේන්නෙ නැහැ
    ඒ වගේ තමයි..
    ලොල්

    :rofl::rofl::rofl:


    Originally Posted by markhaloce
    එතකොට, ගෙවල් හැදුන හැටි දේශනා කරපු, මැවුම් වාදය නිර්මාණය වුනු හැටි දේශනා කරපු, සංකල්ප හැදුනු හැටි දේශනා කරපු, කල්ප කීපයක් ඈතට ගිහිං බුදු වරු විසි හයනමක් ගැන දේශනා කරපු, බුදු හාමුදුරුවො, ඇයි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආව මිනිස්සු පරිණාමය වෙලා බුදු වරයෙකුත් පහල වෙලා ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙමත් ඒ දේම වෙලා, ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ඒ පරිණාමය වුනු අය තමා මේ ඉන්නෙ කියල දේශනා නොකලෙ ?

    පරිණාමය ? කොහෙද බන් පරිණාමය ගැන සදහනක් තියෙන්නෙ අනුන්ට අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න කියන්න ඉස්සෙල්ල උබ ගිහින් ආයෙ කියවල වරෙන්.. පරිණාමය වීමක් ගැන දේශනා කරල නැහැ..
    පරිණාමය ගැන දැන් කතා කරන්න ඕන නම් කතා කරමු කිසි ප්‍රශ්නයක් නැහැ.. දේශනා කරල නැත්තෙ එහෙම දෙයක් වෙලා නැති නිසා නෙ..
    සයිනොඩොන්ටස් වරුන් ගෙ ඉදල උබ කතා කරන්න ලෑස්ති වෙයන් පරිණාම වාදය ගැන.. ඔයා දැන් පරිණාම වාදය 100% ඔප්පු කරලා ලේබලුත් ගහල බුදු හාමුදුරුවො දේශනා කරේ නැත්තෙ ඇයි කියල අහනව..

    :lol::lol::lol::lol::lol:

    Originally Posted by markhaloce
    වාසිඨ්ඨයන්ට අවශ්‍ය වුනේ මිනිසුන් ඇතිවුනු හැටි දැනගන්න ලුනෙ.. ඔය ප්‍රශ්නෙ අනාගතේ මිනිස්සුන්ටත් ඇතිවෙනව කියල බුදු හාමුදුරුවන්ගෙ අනාගතේ දකින සුපිරි බලයට පේන්න ඇතිනෙ.. ඒ කියන්නෙ වාසිඨ්ඨයන්ගෙ ප්‍රශ්නයටත් අදාල, අනාගතේ (දැන්) ඉන්න අයටත් අදාල වෙන, අග්ගඥ්ඥ සූත්‍රයේ අන්තර්ගතයට හොඳටම අදාල වෙන, මිනිසුන් එක කල්පයක් ඇතුලත කීප වතාවක් ඇතිවෙලා කීප වතාවක් නැතිවුනා කියල බුදු හාමුදුරුවො දේශනා නොකලෙ ඇයි ?


    Originally Posted by markhaloce
    ඔබතුමා අනේ පිංසිද්ධ වෙයි මුලින්ම ගිහිං අග්ගඥ්ඥ සූත්‍රය කියවන්න.. කියවන්න විදිහක් නැත්තං එන්න අපේ ගෙදර.. මෙහෙ තියෙනව මං කියවන්න දෙන්නං. .

    ලොල් එකදාස් ගානයි..

    :lol::lol::lol:

    සූත්‍රේ මුල් ටික ආයෙ පාරක් කියවපන් උබ අනුන්ට කියවන්න කියන්න ඉස්සෙල්ල.. මිනිස්සු හදුන හැටි දැන ගන්න ඕන උනේ නැහැ ලොල් ලොල්..

    :rofl::rofl::rofl:

    කරපු අපහාසයක ඇත්ත නැත්ත තේරුම් කරල දෙන්න දේශනා කරල තියෙන්නෙ

    fPjvcU8.png



    Originally Posted by markhaloce
    අනික අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුලින්ම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මයො චුතවෙලා මෙහෙට එද්දි පොළොව තනිකර අඳුරුයි.. ඉර හඳ තරු පේන්නෙ නෑ. රස පොලොවක් තිබ්බෙ.. ඉර හඳ තරු නොපෙනෙන එක අර ඩයිනෝසරයො වඳවෙන්න වැටුනු උල්කාශ්මය නිසා ඇතිවුනු දූවිලි වලිං වැහිල පේන්නැතුව ගියැයි කියමුකො.. මීට අවුරුදු මිලියන 65කට විතර කලින් ආදි සූපයක් තිබ්බ කියල කියන්න මොකක්ද තියෙන සාක්ශිය ?


    Originally Posted by markhaloce
    අම්මට හුඩු.. :) මෙන්න බුද්ධාගම මෙතනත් එඩිට් කරනව. බ්‍රහ්මයො කියන්නෙ හිත විතරක් තියෙන ජීවීන් ජාතියක් කියල කොහෙද කියල තියෙන්නෙ ? එතකොට කය පමණක් ඇති සිතක් නැති බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයො බ්‍රහ්මයො නෙමේද :3

    :lol::lol::lol::lol::lol:

    නානව කියල ඔහොම නාන්න එපා බන්.. ආයෙත් ඩයිනෝසිරස් ලොල්..
    කට කැඩෙන කන් කිව්ව කල්ප ටික ගැන ඉරි ගහල පෙන්නුව..
    ඒත් තේරුම් ගන්නෙ නැහැ.. අපේ කාලෙ අපරාදෙ ඉතින්..
    කලින් පොස්ට් එකේ මම කිව්ව නෙ කල්ප ගැන..
    ලෝකෙ විනාස වෙලා තියන කාලෙට එනකන්..
    දැන් මෙ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ඒ කල්පෙ ඉවර වෙලා ලෝකෙ හැදීගෙන යන කාලය ජීවය ආරම්භ වෙන්න පටන් අරන් තියන කාලය ගැන.. එහෙම නැත්තම් විවට්ටකප්ප කල්පය ගැන..
    නොහොත් ආදිතම ජීවය නිර්මාණය උන හැටි ගැන..
    එහෙම නැතුව උබ හිතන් ඉන්නෙ ලෝකෙ මුල්ම ජීවය ඩයිනෝසිරස් කියලද..
    එහෙම නැත්තම් ඩයිනෝ සිරස් ඉන්න කාලෙ මිනිස්සු ටිකක් අහසින් ඇවිත් බැස්ස කියලද..
    උබේ ලපටි මොලේට තේරෙන්නෙ නැතුව ඇති..
    අභාස්සර බ්‍රහ්ම ලෝකෙන් මිදිල මෙ ලෝකෙට ඇවිත් ජීවියෙක් විදියට උපත ලබන්නෙ නැහැ බන්..
    කලින් කිව්ව වගේ එහෙන් මෙහෙන් චුට්ටක් අල්ලගෙන මෝඩ යෙක් වගේ කෑ ගහන තත්වයක් තමයි මට මෙතන පේන්නෙ.. අහගනින්..
    ඒ ලෝකෙන් චුත වෙලා ඇවිත් පොලෝ තලයත් එක්ක නාමමාත්‍ර වශයෙන් තමයි බැදිල ඉන්නෙ.. ඒ කියන්නෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ඉන්න විදියටම මනෝ ස්වාභාවයෙන්..
    චුට්ටක් කොහෙන් හරි අල්ලාගෙන ඔහේ දගලනව..
    ආයෙ අමුතුවෙන් අග්ගඤ්ඤ සූත්‍රය කියවල වරෙන්..
    ලොල්

    :rofl::rolleyes::lol::lol:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    @sachith19920726

    උඹ පරිණාමය කියන එක තේරුම් අරං තියෙන්නෙ පරිණාමවාදය විදිහට.. මං කිව්වෙ ඩාවින්ගෙ පරිණාමවාදයක් ගැන නෙමේ.. පරිණාමය ගැන.. අග්ගඤ්ඤ සූත්‍රයෙ පැහැදිලිවම පරිණාමයක් ගැන කියවෙනව.. පරිණාමවාදය තමා පරිණාමය කියල හිතාගෙන පරිණාමය වචනය හරියට තේරුම් ගන්නැතුව කියවල තියෙන එකයි ප්‍රශ්නෙ..

    ආභස්සර බ්‍රහ්මලෝකෙන් බැහැපු බ්‍රහ්මයන්ගෙ ශරීරයෙන් එළිය විහිදුනා.. ආහාර අවශ්‍ය වුනේ නෑ.. ඊට පස්සෙ රස පොළොව අනුභව කලා.. එතකොට එලිය විහිදෙන සූක්ෂම ශරීර නැතිවෙලා ඝණ ශරීර ලැබුන.. මේක පරිණාමයක් නෙමේද ? පරිණාමය කියන වචනෙට ඔබතුමා දෙන තේරුම මොකක්ද ?

    "http://www.sinhaladictionary.org/index.php?a=srch&d=11&id_srch=6fc967d566265b7ac7fe34bc2e55562c&il=en&p=1"

    ඉස්සෙල්ල පරිණාමය කියන වචනය තේරුම් ගන්න...

    හරි.. වාසිට්ඨයන්ට මිනිස්සු හැදුනු විදිහ දැනගන්න ඕනෙ වුනේ නෑ කියමුකො...
    ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ඉන්න විදිහටම නාම ස්වභාවයෙන් ඇවිත් මෙහෙ ඇතිවුනා වෙන්නෙ කොහොමද ? නාමයට පුළුවන්ද එලිය විහිදුවන්න ? නාමයට පුළුවන්ද රස පොලොව කන්න ? නාම ස්වභාවයෙන් නෙමේ.. නාම රූප ස්වභාවයෙන් පොලොවෙ ඉපදුනේ..

    උඹ පොසිල ගැන කියන එක තාම තේරුම් අරං නෑ.. ආයෙ මුල ඉඳල කියන්නං..
    කල්පයෙ කොටස් හතරයිනෙ..
    සංවට්ට, සංවට්ටට්ඨායී, විවට්ට, විවට්ටට්ඨායී
    *දැන් මෙ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ඒ කල්පෙ ඉවර වෙලා ලෝකෙ හැදීගෙන යන කාලය ජීවය ආරම්භ වෙන්න පටන් අරන් තියන කාලය ගැන.. එහෙම නැත්තම් විවට්ටකප්ප කල්පය ගැන.. *
    උඹ කියන්නෙ ලෝකෙ විනාශයට පත්වෙන කාල පරිච්ඡේදය ගැන බං.. විවට්ට කල්පය කියන්නෙ ලෝකය හැදීගෙන යන කාල පරිච්ඡේදය නෙමේ.. සංවට්ට කල්පය කියන්නෙ ලෝකෙ හැදීගෙන යන කාල පරිච්ඡේදෙ.. උඹ මේක තවත් අවුල් කරනවනෙ..

    ඔය අතරෙ අන්තඃකල්ප තියෙනව.. මිනිහෙක්ගෙ ආයුෂ අවුරුදු දහයෙ ඉඳල අසංඛ්‍යයට වැඩිවෙලා ආයෙ අවුරුදු දහයටම බහින්න ගතවෙන කාලෙ.. එක බුදුවරයෙක් බුදුවෙලා තව බුදුකෙනෙක් බුදු වෙද්දි සමහර වෙලාවට මිනිස්සුන්ගෙ ආයුෂ අවුරුදු අසංඛ්‍යය වෙලා බැහැගෙන යනව.. ඒ කියන්නෙ ආයුෂ අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වුනු මිනිස්සුත් ඉඳල... දැන් ඒ කලින් නැග්ග අසංඛ්‍යය තමා මේ අවුරුදු 10 දක්වා බැහැගෙන යන්නෙ.. තාම බහිනව.. ඒ කියන්නෙ මේ දැන් පැවත එන මිනිස්සුන්ගෙ පරම්පරාවෙ කලින් අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වෙච්චි මිනිස්සුත් ඉඳල තියෙනව....
    අවුරුදු අසංඛ්‍යයක් කියන්නෙ 10e140ක්..
    ඒත් අවුරුදු මිලියන දෙකකට කලින් මිනිසා හිටිය බවට කිසිම සාක්ශියක් නෑ..
    මිලියන දෙකක් කියන්නෙ 2e6ක්.. 10e140 කියන්නෙ 2e6 වගේ කීගුණයක් විශාල සංඛ්‍යාවක්ද බං.. ඒ කියන්නෙ අනිවාර්යයෙන් අවුරුදු මිලියන දෙකකට කලින් බුද්ධාගමට අනුව මිනිස්සු ඉඳල තියෙනව.. ඩයිනෝසරයො වඳ වුනේ අවුරුදු මිලියන 65කට කලින්... මිලියන65ක් කියන්නෙ 65e6ක්.. 65e6ත් 10e140ට වඩා සෑහෙන්න කුඩයි... ඒ කියන්නෙ අනිවාර්යයෙන් බුද්ධාගමට අනුව ඩයිනෝසරයො අස්සෙ මිනිස්සු ජීවත් වෙලා තියෙනව..
    අනේ මන්ද උඹට මේකවත් පැහැදිලිද කියල..
    උඹෙන් අහන්නෙ මෙච්චරයි.. බුද්ධාගම අදහන ඔබ ඩයිනෝසරයින් ඉන්න කාලෙත් මිනිසා හිටියා කියල පිළිගන්නවද ? ඩයිනෝසරයින් ඇතිවුනු ට්‍රියෑසික් යුගයටත් පෙර හිටිය ජීවීන්ගේ පොසිල හමුවුනත් අවුරුදු මිලියන පහක්වත් පැරණි මිනිස් පොසිල නැත්තෙ ඇයි ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    @sachith19920726
    බුද්ධාගම අදහන ඔබ ඩයිනෝසරයින් ඉන්න කාලෙත් මිනිසා හිටියා කියල පිළිගන්නවද ? ඩයිනෝසරයින් ඇතිවුනු ට්‍රියෑසික් යුගයටත් පෙර හිටිය ජීවීන්ගේ පොසිල හමුවුනත් අවුරුදු මිලියන පහක්වත් පැරණි මිනිස් පොසිල නැත්තෙ ඇයි ?

    මගෙ පොස්ට් එක quote කරල reply කරපන් එහෙම නැත්තම් නිකං ඉදපන්.. කල්ප ගැන wiki එකෙන් බලල නෙවේ ගැහුවෙ හොදේ..

    http://si.wikipedia.org/wiki/කල්පය

    එක වචනයයි එහෙ මෙහෙ උනේ confuse වෙලා නෙ මල්ලිය

    http://www.elakiri.com/forum/showpost.php?p=16667158&postcount=22


    උබ තාම ඒ ලෙවල් වත් කරල නැහැ නේද ? උබේ වයසෙන් නම් මට වැඩක් නැහැ ඒත් පොස්ට් සේරම quote කරගෙන reply කරගෙන ලස්සනට එන්න නිකං හොර ෂොට් ගල ලෙස්සල යන්න @sachith කියල නිකං ආතල් දෙන්නෙ නැතුව.. උබට තේරුම් ගන්න බැරි උනාට අපි පලි නැහැ නෙ.. කොහෙවත් යන පොසිලයක් අල්ලාගෙන කෑගහනව.. පොසිල නැත්තෙ ඇයි කියල උබ ගිහින් පොසීල හොයන්න කැනීම් කරන උන් ගෙන් අහපන්..

    :lol::lol::lol:


    දැන් මෙහෙම ගිහින් ගිහින් මොකද වෙන්නෙ ? වර්තමානෙ දැන් අපේ ආයුෂ අවුරුදු 100.. 100 නෑ දැන් අසූවට විතර බැහැල.. ඔහොම බැහැල බැහැල අන්තිමට අවුරුදු දහයට බහිනව.. ඊට පස්සෙ මිනිස්සු මාරාගෙන මරාගෙන මුළු ලෝකෙම ලේ විලක් වෙනව.. අම්ම පුතා අදුරන්නෙ නැහැ පුතා සහෝදර සහෝදරියො අදුරන්නෙ නැති තත්වයක්.. එහෙම වෙල මරාගෙන මරාගෙන විනාස වෙලාම යනව.. ඊට පස්සෙ ඉතුරු වෙන මිනිස්සු ආයෙ හිත දිවුණු කරල ආයෙත් සිල්වත් වෙලා පැතිරීමක් ගැන තියෙන්නෙ.. ඔය කැනීම් කරන සෙට් ඒක මුළු ලෝකෙම හාරල බලලයි සහ දැනට සේරම පොසීල හොයාගෙන ඉවරයි වගේ පුහු සංකල්පයක් ඔලුවට දාගෙන උබ ඔය කෑ ගහන්නෙ :lol: දැන් එතන ඉදන් උබ හිතුවද පුෆ් ගාල ලෝකෙම මිනිස්සුන් ගෙන් වැහෙනව කියල.. ආයෙ පැතිරිලා ලෝකෙ හැදිල එන්න කල්පෙන් කොච්චරක් යනව කියල හිතුවද ? ආයෙ ලෝකෙම පැතිරෙන කොට ඩයිනෝසිරස් ල ගෙ වසුරු පිඩක් වත් හොයන්න හම්බෙන්නෙ නැහැ.. දැන් වත් තේරුනේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ.. ඒ ලෙවල් ලියල එහෙම වරෙන් කො හිමීට.. තේරුම් කරල දෙන්නම්.. reply ගහලම මහන්සී දැන්
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් මෙහෙම ගිහින් ගිහින් මොකද වෙන්නෙ ? වර්තමානෙ දැන් අපේ ආයුෂ අවුරුදු 100.. 100 නෑ දැන් අසූවට විතර බැහැල.. ඔහොම බැහැල බැහැල අන්තිමට අවුරුදු දහයට බහිනව.. ඊට පස්සෙ මිනිස්සු මාරාගෙන මරාගෙන මුළු ලෝකෙම ලේ විලක් වෙනව.. අම්ම පුතා අදුරන්නෙ නැහැ පුතා සහෝදර සහෝදරියො අදුරන්නෙ නැති තත්වයක්.. එහෙම වෙල මරාගෙන මරාගෙන විනාස වෙලාම යනව.. ඊට පස්සෙ ඉතුරු වෙන මිනිස්සු ආයෙ හිත දිවුණු කරල ආයෙත් සිල්වත් වෙලා පැතිරීමක් ගැන තියෙන්නෙ.. ඔය කැනීම් කරන සෙට් ඒක මුළු ලෝකෙම හාරල බලලයි සහ දැනට සේරම පොසීල හොයාගෙන ඉවරයි වගේ උබ ඔය කෑ ගහන්නෙ දැන් එතන ඉදන් උබ හිතුවද පුෆ් ගාල ලෝකෙම මිනිස්සුන් ගෙන් වැහෙනව කියල.. ආයෙ පැතිරිලා ලෝකෙ හැදිල එන්න කල්පෙන් කොච්චරක් යනව කියල හිතුවද ? ආයෙ ලෝකෙම පැතිරෙන කොට ඩයිනෝසිරස් ල ගෙ වසුරු පිඩක් වත් හොයන්න හම්බෙන්නෙ නැහැ.. දැන් වත් තේරුනේ නැත්තම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ.. ඒ ලෙවල් ලියල එහෙම වරෙන් කො හිමීට.. තේරුම් කරල දෙන්නම්.. reply ගහලම මහන්සී දැන්

    පොසිල තැන්පත් වෙන්නෙ ටයිම් ලයින් එක වගේ ස්ථර වල.. ඩයිනෝසරයො හිටපු කාලෙ මිනිස්සු හිටිය නම් ඒ මිනිස් පොසිල හොයන්න තව කිලෝමීටර් ගණං යට හාරන්න ඕන්නෑ... ඩයිනෝසරයො හිටපු යුගයට අදාල ස්ථරයෙම තිබිල මිනිස් පොසිල හම්බවෙනව... අනික මිනිස් පොසිලම අවශ්‍ය වෙන්නෙ නෑනෙ.. මිනිස්සු අවුරුදු ලක්ෂ ගණං ජීවත් වුනා නං එහෙම සියවස් දෙතුන් සීය ගෙවුණනං මිනිස්සු කෝටු කෑලි විතරක් අත පත ගගා ඉන්නෙ නෑනෙ.. මොනවාම හෝ නිර්මාණ කරනවනෙ.. එහෙම කරපු නිර්මාණයක්වත් හම්බවෙලා නෑනෙ.. අනික අඩුම ගානෙ අවුරුදු මිලියන 5කට කලින්වත් මිනිස්සු හිටියනම් ජුරාසික් යුගේ පොසිල හොයන්න හාරගෙන යද්දි අතරමඟදි මිනිසෙක් විසින් කල මොනම හෝ දෙයක් හම්බ වෙන්න ඕනෙනෙ.. මිනිස්සු කියන්නෙ පොසිල වෙන්න බැරි අමුතු සත්තු ජාතියක් නෙමේනෙ.. කිසිම පොසිලයක් නැතුව, මිනිස්සු හිටිය කියන්න පොසිල නැතත් මිනිසෙක් විසින් කල නිර්මාණයකවත් සාක්ශියක් නැතුව, මොන පදනමෙන්ද අවුරුදු මිලියන දෙකකටත් 65කටත් කලින් ඉඳන්ම මිනිස්සු හිටිය කියල කියල තියෙන දේශනා අදහන්නෙ ? මං ඒලෙවල් කලාම මට අවුරුදු මිලියන 2කට වැඩි මිනිස් පොසිල හම්බවෙනවද ? ඔබතුමා ඒලෙවල් ලිව්වට පස්සෙ එහෙම හම්බවුනාද ?
    එතකොට ඔබතුමා කියන විදිහට මිනිස් පොසිල නොලැබෙන්නෙ මිනිස්සුන්ගෙන් ලෝකෙම නොවැහුනු නිසා නං ඇයි එහෙම වුනේ ? අවුරුදු ලක්ෂ ගණං ආයුශ තියෙන මිනිස්සු ඉන්නවකියන්නෙ ජනගහනය මාර විදිහට වර්ධනය වෙන්න ඕනෙනෙ.. ඇයි හරියටම පොසිල හොයන තැන්වල නැතුව වෙන තැන් වලට විතරක් මිනිස්සු සීමා වුනේ ? එහෙම සීමා වුනා කියල කියන්න මොනවද තියෙන සාක්ශිය ? එහෙම සීමා වෙලා ඉන්න ඇති කියන අනුමානය මත ඉඳගෙනද මිනිස්සු අවුරුදු මිලියන දහස් ගණං වල ඉඳන් පැවත එනව කියල විශ්වාස කරන්නෙ ? මං ඒලෙවල් ලිව්වාම එහෙම මිනිස්සු සීමාවෙලා හිටිය ප්‍රදේශ ඔබතුමාට වගේ මටත් පේන්න පටං ගනියිද ? ඒ මිනිස්සු ජීවත් වුනු විදිහ හිටං සේරම ? ඔබතුමාට ඒලෙවල් ලියල කොච්චර කාලයක් ගියාට පස්සෙද එහෙම පේන්න ගත්තෙ ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මං ඒලෙවල් ලිව්වාම එහෙම මිනිස්සු සීමාවෙලා හිටිය ප්‍රදේශ ඔබතුමාට වගේ මටත් පේන්න පටං ගනියිද ? ඒ මිනිස්සු ජීවත් වුනු විදිහ හිටං සේරම ? ඔබතුමාට ඒලෙවල් ලියල කොච්චර කාලයක් ගියාට පස්සෙද එහෙම පේන්න ගත්තෙ ?

    උබ a/l ලිව්වාම පොසීල හම්බෙන්නෙ නැහැ.. උබේ මොලේ ටිකක් මෝරන්නෙ නැතැයි ඒකයි..

    :lol::lol:

    දැන් පොසීල හම්බවෙච්ච උන්ට ඉස්සෙල්ල මිනිස්සු ඉදල නැහැ එතකොට උබේ තියරියට අනූව..
    හම්බවෙච්ච මිනිහ තමයි මුල්ම මිනිහ..
    පොසීල හම්බෙලා නැති නිසා ඊට කලින් ඉදල නැහැ..
    මම කියන්නෙ homo sapiens..
    ගොන් කතා නොකිය ෆල

    :lol::lol::lol:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි


    මේ ත්‍රෙඩ් එකෙන් මම යමක් ඉගෙන ගත්ත, යම් දේවල් වෙන තැන් වලින් ඉගෙන ගත්තේ එත් ඒවාට මෙතන ලැබුණු සමහර කරුණු ප්‍රයෝජනවත් උනා..එනිසා වැය කරපු කාලටයි, ඉවසපු සමහරුන්ගේ ගොන් පාර්ට් වලටයි වටිනාකමක් ලැබුන කියල හිතෙනවා..දල්ලේ උදාහරණයට ගොඩක් උන් එකඟයි වගේ..මේ හේතුව නිසා තමා බුද්දාගම ගැන හරි අවබෝධයක් ගොඩක් non-buddistලට නැත්තේ, බුදු හාමුදුරුවෝ අවු 24න් කරපු දේ අවු2500 කින් බෞද්ධයන්ට කරනගන්න බැරි වීමට එකත් හේතුවක් වෙන්න ඇති..alternative point of views අවොත් ඉදිරියට මගේ අදහස් එකතු කරනවා..
    මචන් බුදුහාමුදුරුවෝ අවු 24න් නෙවෙයි යකෝ සාරාසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම්පුරලයි ඒ තැනට අවේ!!!
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හි කිසිම ප්‍රශ්නයක් නෑ මුන්ට... මුන්ට තියෙන ප්‍රශ්නේ පොසිල ගැනයි, පරිණාමය ගැනයි, තව පහන් දැල්ල ගැනයි...:rofl: එකෙන්ම තේරෙනවා බන් උබලට කියන්න දෙයක් නැතිකමට කියවනවා කියල... උබලත් නිකන් unp එකේ එඋන් වගේ!!!:lol:

    උබල අහන ප්‍රශ්නවලින්ම තේරෙනවා බුදුදහම කොච්චර නිර්මලද කියල!!!! තෙරුවන්සරණයි!!! :) :) :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අහපු ප්‍රශ්නෙ හොයාගෙන ආපහු මුලටම යන්න ඕනෙ.. ඒ නිසා මෙහෙම දාන්නං..

    මේකෙ බෞද්ධයො දුන්නු පිළිතුරු වලට අනුව පෘථිවිය ආරම්භයේදීම මිනිස්සු ඇතිවුනා.. කකුසඳ බුදුන් බුදු වුනා.. මිනිස්සු වඳවුනා.. ආයෙ ආදිසූපයකින් මිනිස්සු ඇතිවුනා. කෝණාගම බුදුන් බුදුවුනා. මිනිස්සු නැතිවුනා.. ආයෙ ආදිසූපයකින් මිනිස්සු ඇතිවුනා.. කාශ්‍යප බුදුන් බුදුවුනා.. මිනිස්සු නැතිවුනා.. ආයෙ අවුරුදු මිලියන දෙකකට කලින් මිනිස්සු ඇතිවුනා.. ගෞතම බුදුන් බුදුවුනා.. මිනිස්සු තාම ඉන්නව.... අග්ගඤ්ඤ සූත්‍රයේ පොලොව ආරම්භයේ ඉඳලම හිටිය මිනිස්සුන්ගෙ ෆොසිල නෑ කියන එකට ලැබුනු පිළිතුර මේක.. දැන් මට දැනගන්න පුළුවන්ද බුදු හාමුදුරුවො කොහෙද කකුසඳ කෝණාගම කාශ්‍යප කියන බුදු වරු බුදුවුනාට පස්සෙ මිනිස්සු නැත්තටම නැතිවෙලා ගියා කියල දේශනා කල්ල තියෙන්නෙ ? කකුසඳ බුදුන්ට පෙර හිටිය බුදුන් වහන්සේ (නම මතක නැත)ගෙන් පස්සෙ නම් ඔන්න කල්ප විනාශයක් වුනා කියල තියෙ..

    මේත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනව.. මේක ඇත්තක්ද කියල දැනගන්න ඕනෙ.. බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය ශ්‍රී ලඞ්කාවේදී ග්‍රන්ථාරූඪ කලේ මොන භාශාවෙන්ද ? කටපාඩමෙන් රැකගෙන ආපු පාලියෙන් තිබුනු ධර්මය ඒ විදිහටම පාලියෙන්ම ලිව්වද ? නැත්තං හෙළුවට නඟලද ග්‍රන්ථාරූඪ කලේ ? මොකක්ද අර බුද්ධඝෝෂ හාමුදුරුවන්ගෙ සිද්ධිය ? o_O මට මීට අවුරුදු ගානකට කලින් කෙනෙක් කිව්ව විදිහට සිඞ්හලෙන් තිබූනු බුද්ධ දේශනාව පාලියට නඟල තියෙන්නෙ බුද්ධඝෝෂ හාමුදුරුවොලු.. මේ කතාව ඇත්තක්ද ? o_O ?

    ආ පෝසිලේ! අන්න උත්තරයක් දාලා තිබ්බ දැක්ක වෙලාවේම. ගිහින් බැලුවනම් තමා හොඳ! :rofl:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ a/l ලිව්වාම පොසීල හම්බෙන්නෙ නැහැ.. උබේ මොලේ ටිකක් මෝරන්නෙ නැතැයි ඒකයි..



    දැන් පොසීල හම්බවෙච්ච උන්ට ඉස්සෙල්ල මිනිස්සු ඉදල නැහැ එතකොට උබේ තියරියට අනූව..
    හම්බවෙච්ච මිනිහ තමයි මුල්ම මිනිහ..
    පොසීල හම්බෙලා නැති නිසා ඊට කලින් ඉදල නැහැ..
    මම කියන්නෙ homo sapiens..
    ගොන් කතා නොකිය ෆල

    අහ් කලින් කියන්න එපායැ.. මං හිතුව ඒලෙවල් ලිව්වාම අතීතෙ බලන්න පුළුවන් මොකක් හරි පවර් එකක් ලැබෙනව කියල..

    පොසිල කතාවට යංකො..
    http://en.wikipedia.org/wiki/Sahelanthropus
    මෙන්න ඉන්නව හෙන පරණ මිනිහ වගේ සතෙක්.. පොසිල.. ඕක ඉඳල තියෙන්නෙ අවුරුදු මිලියන හතකට කලින්..
    ඕකගෙ පොසිල හොයන්න ඩයිනෝසරයන්ගෙ පොසිල හොයන තරං යටට හාරන්න ඕනෙ නෑ.. පොසිල ස්ථර තැන්පත් වෙන්නෙ ෆේස්බුක් ටයිම් ලයින් එක වගේ යට ඉඳල උඩට... කවදාවත් ඊයෙ ජීවත් වෙලා හිටිය මනුස්සයෙක්ගෙ ඇටකටු අවුරුදු මිලියන හැටපහකට කලින් තිබිච්චි ස්ථරෙන් හම්බවෙන්නෑ.. ඒක ඔබතුමාගෙ ඒලෙවල් ලියල මෝරපු මොලේ දන්නව කියල හිතනව.....

    ඉතිං ඔය අවුරුදු මිලියන 7ක් පරණ පොසිලෙට පස්සෙ හම්බවෙච්චි උනුත් හෙන ලොට් එකක් ඉන්නව.. මිනිස්සු වගේ හැඩරුව තියෙන.. දැන් ඉන්න මිනිහට සමාන නෑ..

    ඒත් බුද්ධාගමට අනුව අපි පැවත එන්නෙ අවුරුදු අසංඛ්‍යයක් ආයුකාලය තිබුණු අපේ මුතුන් මිත්තන්ගෙන්නෙ.. කලිනුත් කිව්ව වගේ අසංඛ්‍යය කියන්නෙ අවුරුදු 1e140කට...
    1e140ත් එක්ක බලනකොට අවුරුදු මිලියන හත කියන්නෙත් කාලයක්ද ? අවුරුදු මිලියන හතකට කලින් ජීවත් වෙච්චි මිනිහ වගේ මිනිස් නොවන ෆොසිල හම්බවෙලා තියෙද්දි, ඇයි මිනිස්සුන්ගෙ පොසිල විතරක් නැත්තෙ ? අසංඛ්‍යයක් ආයු වලඳා ඒක ටිකෙන් ටිකෙ අඩුවෙලා අඩුවෙලා අද 120 කිට්ටුවටම බැහැල තියෙනව කියන්නෙ හත්දෙයියනේ ඔය මිනිහ වගේ සතාගෙ පොසිල තිබ්බ යුගේ මිනිස්සු ඉඳල තියෙනවනෙ.. හරි ඒ යුගේදි මිනිස් පොසිල හම්බවුනේ නෑ කියමු.. ඊට අවුරුදු මිලියන දෙකක් විතර මෙහාට ආවාහමත්, ඒත් මිනිස්සු වගේ මිනිස් නොවෙන පොසිල තියෙනවනෙ.. ඒත් මිනිස්සු නෑනෙ ? ඊටත් වඩා තව පොඩ්ඩක් මෙහාට එමු.. අවුරුදු මිලියන තුනයි ගානකට වගේ කලින් බැලුවාමත් මිනිස්සු වගේ පොසිල තියෙනව, ඒත් මිනිස්සු නෑනෙ ? ඔක්කොම අතෑරල අවුරුදු මිලියන 200ක් විතර යටට ගියාම. ඒත් කුකුල්ලු විතර ඩයිනෝසරයන්ගෙ පොසිල තියෙනව මිනිස්සු නෑනෙ ? ඒවත් අතෑරල තව 200ක් විතර ඈතට ගියත් එක එක සත්තුන්ගෙ පොසිල තියෙනව මිනිස්සු නෑනෙ ? කොටින්ම බුද්ධාගමේ මිනිහ ගැන කියල තියෙන දේ ඔප්පු කරන්න කිසිම සාක්ශියක් ඇත්තෙම නෑනෙ ?

    ඒලෙවල් ලියල මෝරපු ඔබතුමාගෙ මොලේ ඒත් බුද්ධාගමේ තියෙන මීට අවුරුදු 1e140කට කලිනුත් මිනිස්සු හිටිය කියන දේ පිළිගන්නෙ කොහොමද ? ඒලෙවල් ලියල මෝරන මොලේට කිසියම්ම දෙයක් පිළිගන්න සාක්ශි ඕනෙ වෙන්නෙ නැද්ද ? අනේ දෙයියනේ මං මෙච්චර කල් ඒලෙවල් වලට භයේ හිටියෙ ලකුණු ගැන විතරයි.. දැන් නං ඒලෙවල් ලිව්වට පස්සෙ මොලේට වෙන දේ ගැන ඊටත් වඩා භය හිතෙනව.. ඒලෙවල් ලිව්වාම මොලේ මෝරන්නෙ මේ විදිහටනං මට මේ දැන් තියෙන ඒලෙවල් නොලියපු නොමෝරපු මොලේ ඒලෙවල් ලියල මෝරපු ඔබතුමාගෙ මොලේට වඩා සිය දහස් ගුණයක් වටිනව.. හම්මෝ ඒලෙවල්..