බුදුසරණයි
බුදුදහමට අනුව කර්මය කියන්නේ ක්‍රියාවක්. කර්මය කියලා වෙන දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ඒ අනුව කර්මය ක්‍රියාවක් නෙමෙයි
ඕනෑම ක්‍රියාවක් කර්මයක් සහිත ක්‍රියාවක් බවට පත් වෙන්නත් පුළුවන්
කර්මයක් නැති ක්‍රියාවක් බවටත් පත්වෙන්න පුළුවන්.
නිදසුනකින් පැහැදිලි කළහොත් මේසයක් මත තබා ඇති වීදුරුවක් නොහිතා අත වැදීමෙන් බිඳීයන්න පුළුවන්. එලෙසම යමෙක් හිතාමතා තරහ සිතින් වීදුරුව බිම දැමීමෙන් බිඳී යන්නත් පුළුවන්. මේ සිදුවීම් දෙකින්ම සිද්ධ වෙන්නෙ එක දෙයක්. ඒ වීදුරුව බිඳී යාමයි. සැබවින්ම මේ සිදුවීම් දෙකම ක්‍රියාව වශයෙන් සිදුවෙලා වීදුරුව බිඳිලා. නමුත් මේ සිදුවීම් දෙක එකක් නෙමේ දෙකක්.
පළමු සිදුවීමේදී හේතුවක් නැතිව, නොහිතා නිරායාසයෙන් වීදුරුව බිම වැටිලා බිඳීයාමට පුද්ගල මනස සම්බන්ධ නැහැ. නමුත් හිතාමතා ආයාසයෙන් වීදුරුව බිඳීමෙහි මනසෙහි සම්බන්ධතාවයක් පවතිනවා.
මේ සිදුවීම් දෙකම කර්මය වෙන්නෙ නැහැ. හිතාමතා වීදුරුව බිඳ දැමීමට පාදක වුන සිතිවිල්ල තමයි කර්මය වෙන්නේ.
ඒ නිසයි, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන්නේ,චේතනාවටයි කර්මය කියන්නෙ. කර්මය කියලා කියන්නේ සිතිවිලි කොට්ඨාසයක්. යම්කිසි වැඩක් කරනවිට ඒ කරන ක්‍රියාව පිළිබඳව මනසේ නැගෙන්නා වූ සිතිවිලි තමයි කර්මය...
යාළුවා;16679577 said:එකක්... මෙන්න මේක නං අවුලක් මට තවමත්
මම මස් කන එක නැවත්තුවොත් මස් වලට මරණ එක සතෙක් හරි මරණ එක නවතියි කියල මම හිතනවා. එහෙම දැන දැන කන එක පාපයක් කියල තමා මම හිතන්නෙ...![]()
(අකුරු පොඩියට දාපං මට ඇස් පේනවා)
[/COLOR]