88-89 අපේ අතින් සිදු වූ මරණවලට සමාවෙන්න – ජවිපෙ &#35

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මුන් කොහෙද බන් තොලොංචි වෙන්නේ, බලපන් බය්යන්ගේ අදහස් යස අගේට දැන් ඉන්න උන්ගේත් ඔලුවල වපුරන්නේ..ඉන්ටෙර්නෙට් ගිය කියල, ලෝකේ දැක්ක කියල වෙනසක් තියෙනවද? sex හොයල 1st place, බේබදු කමට cup ගහන්නේ..බය්යෝන්ගේන් එන එවුන් බය්යෝම තමා..

    ඇහුවොත් න0 කියවයි 2500යයි අරකයි මේකයි, ජාතියයි, ජන්ගියයි කිය කිය ලෝකේ නැති බයිලා කියයි..සරම උස්සල බැලුවොත් ඇට දෙකත් බේරිලා තියෙන්නේ සුද්දා නිසා..:lol:
    :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ මිනිස්සුන්ට හැම සැපසම්පතක්ම අහසින් පාත් වෙන්න ඔනැ. ඔකයි වැඩේ. ජපන් උන් අලුවෙලා ගිහිනුත් උන් නැගිට්ටා. අපේ මිනිස්සුන්ට එහෙම බැ, අවශ්ය ආනායන නැති වෙනකොට ගැනු රටපටවලා හරි ඩොලර් හොයන තත්වෙට ආවා. කියන්න ලැජ්ජයි අද ලන්කාවේ මුදල් ඇමති කටක් ඇරලා කියනවා වැඩිම විදේශ විනිමය එන්නේ ගෘහ සේවයෙන් කියලා. ලැජ්ජයි ඇත්තටම. ඉගෙනගෙන වැඩිපඩියට පිටරටවල වැඩ කරන මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නේ?
     
    ඒ කාලෙ හැටියට ලන්කාවෙ ආර්තිකෙ ගොඩනගන්න පිටරටින්ම ආයෝජයකයො ගේන්න උවමනා නැහැ.. ලන්කාව හරියට කෘෂිකර්මාන්ත අන්ශෙන් දියුනු කලත් ගොඩයන්න පුලුවන්. දැන් වගේ මහා සන්කීර්න ආර්තියක් නෙමෙයි ඒ කාලෙ තිබුනෙ.

    නෑ ම චං. අපේ වගේ රටකට පිට රට ආයෝජකයෝ අවශ්‍යයි.
    ඒ කාලේ වැඩිවෙන ජනගහණයක් තිබ්බේ. භාණ්ඩ හා සේ වා අවශ්‍යතා වැඩිවෙනවා. කුඹුරු කොටලා රටක් දියුණු කරන්න බෑ. ඇත්ත කතාව සිරිමාවෝ ට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බෙ නෑ. කර්මාන්ත ඇති කරන්න අවශ්‍ය තාක්ෂණය අපිට ඕනි වෙනවා. ඒක කරන්න බෑ සංවෘත ආර්තිකයක් තියෙන කුඩා රටකට. එ කයි කිව්වේ සිරිමාවෝ හිටියේ නන්නත්තාර වෙලා කියලා.
    නිෂ්පාදිතයක් වැඩිවුණේ නෑ. තිබ්බ පොඩි නිෂ්පාදනය එලෙසම පැවතුනා මිසක්.......ඒක දියුණුව නෙමෙයි
     
    අපේ මිනිස්සුන්ට හැම සැපසම්පතක්ම අහසින් පාත් වෙන්න ඔනැ. ඔකයි වැඩේ. ජපන් උන් අලුවෙලා ගිහිනුත් උන් නැගිට්ටා. අපේ මිනිස්සුන්ට එහෙම බැ, අවශ්ය ආනායන නැති වෙනකොට ගැනු රටපටවලා හරි ඩොලර් හොයන තත්වෙට ආවා. කියන්න ලැජ්ජයි අද ලන්කාවේ මුදල් ඇමති කටක් ඇරලා කියනවා වැඩිම විදේශ විනිමය එන්නේ ගෘහ සේවයෙන් කියලා. ලැජ්ජයි ඇත්තටම. ඉගෙනගෙන වැඩිපඩියට පිටරටවල වැඩ කරන මිනිස්සු කීයෙන් කී දෙනාද ඉන්නේ?

    ඒකට මිනිස්සුන්ට බැනලාම හරියන්නේ නැ ආණ්ඩුවයි වැරදි. උදාහරණයතට මට අවශ්‍යයි පේෂ කර්මාන්ත ශාලාවක් පටන් ගන්න. ඒකට මම සල්ලි යොදවන්න කැමතියි නමුත් මොනාද මට තියෙන ප්‍රශ්න?
    1. තාක්ෂණය ගැන දැන ගන්න විදිහක් නෑ.
    2. ලොකුම ප්‍රශ්නය විදුලි මිල අධිකයි. නිෂ්පාදන ව්‍යාපාරයක් කරපා ලාභයක් ගන්න බෑ මේ රටේ.
    3. ඇමති ලාට පගාව දෙන්න වෙනවා දෙයක් කරන්න.
    4. රටේ අස්ථාවර තත්වය හෙට ‍මොනා වෙයිද කියන්න දන්නේ නෑ. ඒ වගේ රටක සල්ලි ආයෝජනය කරන්න පුළුවන් ද?
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඒකට මිනිස්සුන්ට බැනලාම හරියන්නේ නැ ආණ්ඩුවයි වැරදි. උදාහරණයතට මට අවශ්‍යයි පේෂ කර්මාන්ත ශාලාවක් පටන් ගන්න. ඒකට මම සල්ලි යොදවන්න කැමතියි නමුත් මොනාද මට තියෙන ප්‍රශ්න?
    1. තාක්ෂණය ගැන දැන ගන්න විදිහක් නෑ.
    2. ලොකුම ප්‍රශ්නය විදුලි මිල අධිකයි. නිෂ්පාදන ව්‍යාපාරයක් කරපා ලාභයක් ගන්න බෑ මේ රටේ.
    3. ඇමති ලාට පගාව දෙන්න වෙනවා දෙයක් කරන්න.
    4. රටේ අස්ථාවර තත්වය හෙට ‍මොනා වෙයිද කියන්න දන්නේ නෑ. ඒ වගේ රටක සල්ලි ආයෝජනය කරන්න පුළුවන් ද?

    මිනිස්සු හරක් වගේ හිටියම තමා, ඔහොම ආණ්ඩු බිහිවෙන්නේ/පවතින්නේ :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දකින හැටියට මේ රටේ පවතින සහ පැවතුන සියලු ආන්ඩු මේ රටට වෙච්ච දෙට වගකියන්න ඔනැ.. ඔක්කොම කලේ බලේට එන්න සහ ඉන්න.. රටේ මහජනයා ඊලග වග උත්තරකාරයො. උන් ඉල්ලුවේම රට ගොඩ යන්න නෙමෙයි සහන.. ඉතින් චන්දෙදි හිටු කියලා ප්‍රදාන පක්ශ දෙක පොරොන්දුඉ දෙනවා සහන ගැන.. මොකද උන් දන්නවා ලොකුම සහන මල්ල දෙන එකා රට කැවත් ඌ දිනවලා ලාබෙට පොර මිටිය, තුනපහා ටික, අල ලූනු ටික ගත්තැකි කියලා. ජනතාවට එදා වේල කනවට වඩා වැඩක් නැ, පාලකයට බලේ ඉන්නවට වඩා වැඩක් නැ..

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නෑ ම චං. අපේ වගේ රටකට පිට රට ආයෝජකයෝ අවශ්‍යයි.
    ඒ කාලේ වැඩිවෙන ජනගහණයක් තිබ්බේ. භාණ්ඩ හා සේ වා අවශ්‍යතා වැඩිවෙනවා. කුඹුරු කොටලා රටක් දියුණු කරන්න බෑ. ඇත්ත කතාව සිරිමාවෝ ට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තිබ්බෙ නෑ. කර්මාන්ත ඇති කරන්න අවශ්‍ය තාක්ෂණය අපිට ඕනි වෙනවා. ඒක කරන්න බෑ සංවෘත ආර්තිකයක් තියෙන කුඩා රටකට. එ කයි කිව්වේ සිරිමාවෝ හිටියේ නන්නත්තාර වෙලා කියලා.
    නිෂ්පාදිතයක් වැඩිවුණේ නෑ. තිබ්බ පොඩි නිෂ්පාදනය එලෙසම පැවතුනා මිසක්.......ඒක දියුණුව නෙමෙයි

    ඔන්න බලල මල්ලෙන් එලියට පැන්නා ඕවා ඔය එක්සත් ජාතික පක්ෂයෙ ප්‍රතිපත්ති. ඕවගෙන් සවන්පෝෂිත ආර්ථිකයක් හදන්න බැහැ. ඒ පක්ෂෙට ස්වයන්පෝශිත ආර්තිකයක් හදන්න උවමනත් නැහැ.

    කුඹුරු කොටල රටවල් දියුනු කරන්නෙ බැරි මොකද? ආහාර ලෝකෙ වැඩි වෙන ජනගහනයට සාපේක්ෂව වැඩියෙන්ම මාකට් කරන්න පුලුවන් භාණ්ඩෙ. ඇමෙරිකාව කොච්චර ලොකු රටක් වුනත් කෘෂිකර්මාන්තෙ අමතක කරල නැහැ. එහෙ තිරිඟු පිටි ලෝකෙ පුරා යනව.අපේ රටට ඇවිත් වී ඇටේටත් කෙලින්න හදනව. අපේ උදවියට ඒකම කරන්න කිව්වම කුඹුරු කරල රටවල් හදන්නෙ කොහොමද කියල අහනව. ඔන්න වෙනස.

    තාක්ෂනේ කියල මේ මහ ලොකුවට අමුතු දේවල් කරන්න ඕන නැහැ. නිෂ්පාදනයක් කරගෙන යද්දි ඒකට අවශ්‍ය තාක්ෂනේ අදාල කර්මාන්තෙ තුලින්ම ගොඩ නැගෙනව. කොටින්ම මිනිස්සු අලුත් දේවල් හොයාගන්නව. මේ කියන්නෙ තාක්ෂනේ ගන්න එපා කියන එක නෙමෙයි.

    පොඩි නිෂ්පාදනයක් තියෙනවනම් ඒවට වැඩෙන්න අවස්ථාව දෙන්න ඕන. එහෙම නැතුව එකපාරටම විවෘත ආර්තිකේ ගෙනාවම පොඩි නිෂ්පාදකයො වැලලිලා යනව.




    අපිට තියෙන දාහක් ප්‍රශ්න එකක්වත් කියුබාව වගේ රටකට නැහැ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැතිනි යි ජේ ආර් දෙන්නමයි අන්තෙට ගියා තමයි. ඒ දෙකටම හේතු තියෙනවා.
    මැතිනිගේ කාලේ ආනයන නැති කළේ දේශීය ව්‍යාපාර නංවන්න ම නෙමෙයි. ඒ කාලේ අපිට තිබ්බා ලොකු විනිමය ප්‍රශ්නයක් ඒකට පිළියමක් විදිහට තමයි එයා එහෙම කළේ. හැබැයි එයා ගාව නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තිබ්බේ නෑ.
    ජේ ආර් හැදුවේ සිංගප්පූරු ක්‍රමය කරන්න. තනිකර ඒ සිස්ටම් එක ම කරන්න බැරුවා. තව හරි නොයන්න හේතුව තමයි යුද්ධය මතු වීම නිසා ජේ ආර් ගේ ආර්ථික ප්‍රතිපත්ති වල රිසල්ට් එක හරියට ගන්න බැරි වුණා.
    අනික ඒ කාලේ 80 වල ජපන් කම්පැනි 5ක් ලංකාවේ ආයෝජනය කරලා ෆැක්ටරි දාන්න හැදුවා. 83 කළු ජූලිය වුණා. එ කම්පැණි 5ම හරවං ගියා. ඒ කාලේ මහතීර් මොහොමඩ් ආයෝජකයෝ හොයනවා මැලේසියාවට. ඒ කම්පැනි 5ම ගියා මැලේසියා වට.......අද ලංකාවයි මැලේසියාවයි කොහෙද?


    උබට පිස්සුද බන්.දේශපාලනය ඉගෙනගෙන වරෙන් කතා කරන්න. ජේ ආර් සිංගප්පුරු ක්‍රමය ගෙනාවේ නැහැ. සිංගප්පුරුව ජේ.ආර් ගේ ක්‍රමය අරගත්තා මිසක්. තවම සිංගප්පුරුව දුවන්නේ ජේ.ආර් ගේ ක්‍රමය උඩ . එකට එහෙ කියන්නේ කොලබ ක්‍රමය කියල.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒකට මිනිස්සුන්ට බැනලාම හරියන්නේ නැ ආණ්ඩුවයි වැරදි. උදාහරණයතට මට අවශ්‍යයි පේෂ කර්මාන්ත ශාලාවක් පටන් ගන්න. ඒකට මම සල්ලි යොදවන්න කැමතියි නමුත් මොනාද මට තියෙන ප්‍රශ්න?
    1. තාක්ෂණය ගැන දැන ගන්න විදිහක් නෑ.
    2. ලොකුම ප්‍රශ්නය විදුලි මිල අධිකයි. නිෂ්පාදන ව්‍යාපාරයක් කරපා ලාභයක් ගන්න බෑ මේ රටේ.
    3. ඇමති ලාට පගාව දෙන්න වෙනවා දෙයක් කරන්න.
    4. රටේ අස්ථාවර තත්වය හෙට ‍මොනා වෙයිද කියන්න දන්නේ නෑ. ඒ වගේ රටක සල්ලි ආයෝජනය කරන්න පුළුවන් ද?
    ----Naha Machan, Oya hama prasnekatama vada prasnayak thiyenava. SELL KARA GANIME PRASNAYA. PITA RATIN ENA SOBANA VAHANTHARAVANTA PURUDU VELA , DESIYA DEYA SELL KARA GANIMEDI PRASNA ATHI VENAVA. INDIA ADARSYAKATA GATTHOTH , INDIA MINISUN THAMANGE DESIYA DEYA MUL THANATA GANNAVA. ANNA DEVELOP VENA MINISSU.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රටේ සන්වර්ධනය ගැන කතාකරන්න පටන්ගත්තම හැමදාම කොහෙහරි ඉන්න ආයෝජකයෙක් ඇදලගන්නව. දැන් ඔය ආයෝජකයො එන්නෙ රට හදන්නද? ඒ අයට ලන්කාව තිබුනත් එකයි නැතත් එකයි. ඒ අයට ඕන ලාභෙ විතරයි.. ඒකෙනුත් සීයට 55ක් ඒ අය අනිවාර්යෙන් ගන්නව. රටේ සල්ලි මහාපරිමානෙන් පිටරටවලට දීලා අපේ රට හදන්න බැහැ.

    වෙන්න ඕන බිම් මට්ටමේ ඉඳල එන කුඩා කුඩා දේවල් දිරිගන්වන එක. එතකොට ආදයම් විශමතාවෙ අඩුවෙලා මිනිස්සු අතර ආදායම් බෙදීයන්නෙ. එහෙම නැතුව කොහෙවත් ඉන්න රටවල් පෝසත් කරන්න උවමනා නැහැ. ඔය ලොකු ආයොජයොන්ගෙ කම්පැනිවල මිනිස්සුන්ට පඩි ගෙවන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ. රටම දන්නව..

    මෙතනදි සුලු බිම් මට්ටමේ එන නිශ්පාදකයො දිරිගන්වල ජාතික මට්ටමට ගෙනැත් ඊටපස්සෙ ජාත්‍යන්තර මට්ටමට ගේන්න ඕන. ජාත්‍යන්තරේට යන්න දොරවල් ඇරල දෙන්න ඕන. ඒක තමයි ආන්ඩුවෙන් කෙරෙන්න ඕන. මොනම ආන්ඩුවකින්වත් එහෙම දේවල් නම් වෙලා නැහැ. පුලුවන් තරම් විදෙශ ආයෝජකයො කිය කිය එහෙ උන් මෙහෙ ගේනව. අපේ අයට එලියට යන්න ඉඩ නැහැ. බිම් මට්ටමේ ඉඳල නිෂ්පාදන දියුනු කරාම පාදම ශක්තිමත්වෙනව. එතකොට කිසි බයක් නැතුව ආයොජකයො ගෙනත් හරි නොගෙනත් අලුත් ක්ෂේත්‍රවලට අතගහන්න පුලුවන්.මෙන්න මේ කාරනාව නිසා ජේවිපිය නිදහස් පක්ෂෙ ආර්තික ප්‍රතිපත්ති එක්ක හුඟක් දුරට එකඟයි.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධානේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතාමෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී BBC සිංහල සේවය හා අදහස් පල කරමිනි.
    1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.


    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:


    Rep+ from netlife007
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    88-89 කාලේ අපිත් ලයිට් නිවාගෙන ඉටිපන්දම් පත්තු කරගෙන හිටිය හැටි මතකයි. එහෙම ඉතිහාසේ ගත්තාම මම එකෙන්ම එවකට පවතී JVP එකට විරුද්දයි. අනුර කුමාර දිසානායකට රට පාලනය කරන්න හැකියාවක් තියනවද නැද්ද කියල වෙනම ගැඹුරින් විමසන්න ඕන කාරණයක්. එත් දැනට රට වෙනුවෙන් , රටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත් සිතුවිලි තියන එකම නායකයා අනුර කුමාර විතරයි. මම JVP කාරයෙක් නෙවෙයි, එත් JVP එකට පක්ෂව චන්දයක් දෙනවනම් එක දෙන්නේ අනුර කුමාර දිසානායක හින්ද විතරමයි.

    88-89 කාලේ JVP එකෙන් මරපු මිනිස්සුන්ට හානි කරපු රාජ්‍ය දේපල වලට එයාල වගකිවයුතුයි. ඊට අමතරව පක්ෂයක් විදිහට එයාල වැරදි විදිහට යම් ක්‍රියාකාරකම් වල නියැලුනා කියල එයාලම පිළිගත යුතුයි. පිට කොන්දක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා එව්වා හරි වැඩ නෙවෙයි කියල. එත් ඒ හා සමානම ක්‍රියාකාරකම් වල නියැලුණු UNP එක ගැන කව්රුත් වැරදි කියන්නේ නැහැ. එව්වට වගකිවයුත්තේ R . ප්‍රේමදාස, රන්ජන් විජේරත්න සහ උඩුගම්පොල පමණයි, එව්වට UNP එක වගකිවයුතු නැහැ කියල කව්රුහරි කියනවනම් JVP එකෙන් කරපු වැරදි වැඩ වලටත් වගකිවයුත්තේ රෝහණ විජේවීර පමණක් විය යුතුයි.

    හානි කරපු රාජ්‍ය දේපල ගැන කතා කරනවානම් 88-89 අවුරුදු දෙක තුල කාලේ JVP එක විසින් විනාස කරපු රාජ්‍ය දේපල වගේ දස දහස් ගුණයක් 88-89 න් පස්සේ බලයට පත් උන හැම ආණ්ඩුවකින්ම ගසා කෑවා , ගසා කමින් සිටිනවා. එව්වා ගැන කව්රුත් නිහඬයි.

    වියයුත්තේනම් ඉතිහාසයේ වැරදි උලුප්පල යන්තම් හරි අනාගතයේ රටට වැඩක් කරන්න මොලේ තියන එකාව පාගල දාන එක නෙවෙයි. හොර තක්කඩි එලෝලා දාල රටට ආදරේ එකෙකුට රට වෙනුවෙන් දුරදර්ශීව හිතල යමක් කරන්න උනන්දු කරවන එකයි.

    අනුර කුමාර දිසානායක යටතේ JVP එක රටේ බහුතරයක් චන්දෙන් බලයට පත්වෙයිද නැද්ද කියන එක රටේ ජනතාව විසින් තීරණය කරාවි. එත් JVP එක සහ අනුරකුමාර දිසානායක ගැන මට තියන දැවෙන ප්‍රශ්නය නම් යම්කිසි විදිහකින් රටේ බලය ලැබුනොත් ඒ බලයට පත්වෙන JVP ආණ්ඩුවට දැන් බලයේ ඉන්න හොර තක්කඩි Hi Jump / Long Jump දාන්න හදනකොට ඒ තක්කඩි ඒ ආණ්ඩුවටත් ඇමතිකමක් දීල ගන්නවද නැද්ද කියන එක විතරයි. මේ තක්කඩි රැලට නැවතත් ආණ්ඩු පක්ෂයෙන් welcome එකක් ලැබෙනවානම් අනුරකුමාර නෙවෙයි ඊට වැඩිය කොයි ජගත බලයට පත් උනත් රටට වැඩක් වෙන්නේනම් නැහැ.

     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ජනතා විමුක්ති පෙරමුන ඇතුලෙ පක්ෂ මාරු කරන අයට ඉඩක් නැහැ. අද වෙනකන් වෙන පක්ෂෙක උදවිය කවදාවත් අරගෙනත් නැහැ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    1. අම්ම අප්පලාගේ පොකට් එකෙක් බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන
    2. කාමර තුන හතරේ යුනි ගිහින් දෙකයි පනහේ ඉගැනුමකින් අම්මා අප්පලාගේ කහන සල්ලි වලින් උපාදි සහතිකය මිලදී ගන්න බලන් ඉන්න
    3. ඔය කියන සමයේදී අප්පලාගේ ඇටේත් නැති සුකිරි බටිලි අල්ට්‍රා පොෂ් පැලැන්තියට ආවඩන කුක්කු පැටව් අතර
    ඇත්තටම පොළොවේ පයගහලා ඉන්න , තමන්ට ළමයින්ට අනුන්ගේ කටු ලෙව නොකෑමට ඉඩ නොතබන , හිතක් පපුවක් තිබෙන කීප දෙනෙක් හෝ එළකිරියේ සිටීම ඇත්තටම සන්තෝෂයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ස්වයන්පොසිත ආර්තිකයක් ලොකේ කොයි රටකවත් නැ, හැබැයි තමන්ට තියන දේ උපරිමය මෙහෙව්වොත් ස්වයන්පොශිත කෙසේ වෙතත් අනික් රටවල්වලට බලපැමක් කරන්න පුලුවන් තමන්ගේ නිශ්පාදන හරහා. එකෙන් ආර්තික, දේශපාලන ස්තාවරයක් ගොඩ නගා ගත්තැකි.. අපේ රටේ නැත්තේ අන්න ඒක?

    උඹ කියන එක හරි අපිට එහෙඅ කරන්න පුළුවන් පිටරට දේවල් වර්ජනය කරලා නෙමෙයි. අපේ ඇඟලුම් කර්මාන්තය , ග්‍රැනයිට් ... etc වගේ දේවල් වලින් එත් 70 කලේ එක නෙමෙයි


    දැන් කොහොමවුනත් ඒ කාලෙ ප්‍රායෝගිකයි. එතකොට තිබුනෙ මූලික අවශ්‍යතා විතරයි.. සීයට සීයක්ම ස්ව‍යන්පෝශිත වෙන්න බැරිවුනත් යම් තරමකට හරි ලන්කාවෙ ශක්තිමත් කර්මාන්ත ඇති කරගන්න පුලුවන් වුනානම්. පස්සෙ ආර්තිකේ විවෘත වුනාට වැරැද්දක් නැහැ.

    වැරදියි.
    1969 තමයි මුලින්ම මිනිසා පොලව මතා පා තැබුවේ , විදුලිය , විදුලි බල්බය සොයා ගත්තේ ඊටත් ගොඩ කලකට කලින්. කොටින්ම අද කාලේට අත්තිවාරම වැටුනේ ඒ කාලයේ ආර්ථික දියුණුව
    ලංකාවේ ප්‍රශ්නය උනේ ඒ කාලේ තිබුන අවශ්‍යතා සරල කරන්නට ඒ ආණ්ඩුවට ඕන උනා.

    ඇයි එහෙම ඕන උනේ ?

    ස්වයංපෝෂිත ආර්ථික රටාවක අප වගේ දිවයිනක් පැවතීමට නම් රජ කාලයේ වගේ හැමෝටම අනන්‍යවූ කර්තව්‍යන් තියෙන්න ඕන. ( පරණ කුල ක්‍රමයට ආසන්න ක්‍රමයක් ) රටේ අධ්‍යාපනය තුල දුප්පත් ළමයින්ට උසස් අධ්‍යාපනයට පිවිසීමට අවශ්යත්වයක් නැහැ. ඔවුන්ට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් තුල පොල් ගහක් වවාගෙන , ඇඳුම් මහගෙන සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන්න පුළුවන්. 5& පමණ වන රදල පරපුර ( එහෙම නැත්නම් අපි කියමු වලව් පරපුර ) තමන්ගේ ආදිපත්‍ය පතුරගෙන දෙපාලනය තුලින් ඉදිරියට යනවා.

    එහෙම නැත්නම් ලංකාවේ ඉංග්‍රීසි එපා කියපු බණ්ඩාරනායක තුමා ඇයි එයාගේ ළමයින්ව oxford uni එකට යැව්වේ.

    හිතන්න ඔයාග් පවුල ඇතුලේ ඔගොල්ලොම ඔක්කොම වවාගෙන කනවා බොනවා නම් ඕගොල්ලන්ගේ පවුලට කවදාවත් දියුණු වෙන්න බැහැ.

    දැන් ඔයා කියන විදිහට ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ඇතුලේ විවෘත ආර්ථිකයට යන එක හරියට දොර ඇරලා තියෙද්දී දොර වහල තියනවා වගේ කතාවක්

    ඔයාගේ පවුලේ එක්කෙනෙක් දෙන්නෙක් හරි රස්සාවලට ගියොත් ඔගොලන්ට කඩෙන් බඩු ගන්න වෙනවා එතකොට එක ස්වන්පොෂිත වෙන්නේ නැහැ

    මැතිනිය ඇතුළු ආණ්ඩුව ඒ දවස්වල කරන්න හැදුවේ රට රජ කාලෙට වගේ ආපස්සට අරගෙන යන්න කරපු වැඩක්. Jr ජයවර්ධන ජනාධිපති වරයා තමයි ලංකාව ලෝකෙට විවෘත කරලා ලංකාවේ දියුනව පටන් ගත්තේ.


    උඹට තේරුනා කියල හිතනවා. ජපානය 60 දශකයේ දියුණුව ගැන දැනගන්න මේ article එක කියවන්න
    http://en.wikipedia.org/wiki/Japanese_post-war_economic_miracle





     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    ජපානය දියුණු වෙන්න මුලින්ම මොළ හෝද ගත්තා. 5 එස් කියයි, කයිසාන් කියයි එක එක කළමනා කරණ ක්‍රම පාවිච්චි කළා. නාස්තිය අවම කළා, සංවර්ධන වෙන්න කියලා කුළුණු හැදුවේ නෑ, බොරු විකාර කළේ නෑ. අවංකවම මිනිස්සුන් ගේ නිෂ්පාදන දියුණු කරන්න ගත්තා.
    ඒකට මිනිස්සු වගේම රජයත් එකා වගේ වැඩ කලා. රගර් පුත්තු, ඕ ලෙවල් පාස් චන්ද්‍රිකා ඉංජිනේරුවෝ නෙමෙයි හිටියේ.
    ඉන්දියාවත් ඒ ක්‍ර මේ අනුගමනය කළා.

    මොළය පාවිච්චි නොකඑ මත්තල, හම්බන්තොට, නෙළුම් කුළුණ හදන ආන්ඩු වලට ඒවා බෑ. කොටින් ම ඒකට බිස්නස් මොළයන් තියෙන්න ඕනි. අපේ ආණ්ඩුවට වත් මිනිස්සුන්ට වත් ඒක නැ.

    උඹ කියන කතාව හරි . සාපේක්ෂව බටහිර රටවල මිනිසුන්ගේ හැදියාව වැඩියි. රටක් දියණු වෙන්න නම්
    අපිත් හැදෙන්න ඕන , පහළ ඉඳන් උඩටම මොළ හැදෙන්න ඕන . ඇමතිලා ජෝකර්ලා වෙලා හරියන්නේ නැහැ. :baffled:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අනිවා. මගේ මතය නම් JVP එක තුල රටේ පාලනය දරන්න පුළුවන් නායකත්වයක් නැහැ එත් විරුද්ධ පක්ෂයක් සඳහා JVP පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි

    සත්‍ය වශයෙන්ම නිවැරදි මචන් .:):):), ජවිපෙ ට මේ රටේ පාලන බලය ලබාගතහැකි දිනක් පෙනෙන තෙක්මනයකවත් නෑ . දේශපාලනය ගණිකා වුර්තියේ යෙදවූ විමල් සහෝදරයා හැරුනුකොට අද සිටින ජවිපෙ පර්ලිමන්තු මන්ත්‍රීවරු අනෙක් පක්ෂවල මැති ඇමති වරුන්ටත් ආදර්ශයක්. ඔවුන් කොන්ද කෙලින් තබා සිටීමම ඇති !:no: :angry::angry:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මම නම් හිතන්නේ මෙහෙමයි, අනුර කුමාර ට පිරිසුදු විදිහට එන්න හිතෙන්න ඇති. මොනවා වුණත් මම නම් එයා ගේ ඒ උත්සාහය අගය කරනවා. මොකද ලේසියෙන් අපේ රටේ නායකයෙක් ලේසියකින් වැරැද්දකට සමාව ගන්නේ නෑ.
    සමාව ගන්න ඒක වැරදියි කියලා ඒ ගැන ලැජ්ජ වෙන්න එපැයි. ඒ වගේ දේකට බුද්ධියක් හා සංවරකමක් තිබ්බ එක ගැන මම සතුටුයි.

    සමහර විට b b c සංදේශයේ අහපු 88-89 ඝාතන ගැන අනුර සහෝ ගෙන් ඇහුව ප්‍රශ්නයකට උත්තරය වශයෙන් සමව ගත්තද දන්නේ නෑ . වැරද්දක් දැක එය පිළිගෙන සමාව ගැනීම නම් උතුම් මිනිස් ගුණයක්.
    ඔහු එය තම හදවතින්ම කරනලද්දක් නම් වටිනාකම තවත් වැඩි !
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුව, කිරියේ අති දුර්ලභ එරුප නැති, සංයමයක් ඇති හරවත් විවාදයක යෙදෙන සියළු දෙනාට ම ස්තූතියි.............:)
    අංගුලිමාල;16720060 said:
    මෙතන ඉන්න මේ විද්වතුන් කවුරු හරි අහල තියනවද රන්ජන් විජේරත්න, ප්‍රේමදාස උඩුගම්පොල කියල දෙන්නෙක් ගැන?
    ජෙනරල් රන්ජන් විජේරත්න තමා ජවිපෙ මත භීෂණය මුදා හැරපු පුද්ගලයා. ඒ භිෂණය භීෂණයෙන් නැති කළ යුතුයි සහ හැකියි කියන හමුදා මතවාදය නිසා. ඒක හරි කියන එක ඔප්පු වෙලා ියනව දෙපාරක් මේ වෙද්දී...............
    ප්‍රේමදාස උඩුගම්පොල කියන්නේ පැවති එජාප ආණ්ඩුවේ නිල වධකයා............:growl:
    අංගුලිමාල;16720127 said:
    Rathwatte scene eka neda?:nerd::nerd:
    නෑ.....තම්බි මුහන්දිරම් කියන කෙනෙක් සුද්දක්ගෙන් මුදලි තානාන්තරයක් ගත්ත. ඔහු මහමදිකයෙක්.....(ඕව හොදට මතක තියා ගනිල්ලා......)ඔහු තමා ජූනියස් රිචඩ් ජයවර්ධන ගේ මීමුත්තා........ජයවර්ධන පරපුර පැවත් එන්නේ රජු අල්ලා දී තාන්න-මාන්න වරදාන ගත්ත පරම්පරාවෙන්...................
    ඔව් මචන් එක ඈත්ත..නමුත් මගෙන් පස්සෙ එන ඉලග පරම්පරාව හරි එහෙම දුක් විදලා මෙ රට දියුනු වෙනවානම් සෑපයි කියන ආකල්පයෙන් මම එක කිවෙ
    යෙප්.....
    ඒහෙම හරි කරල මේ රට ගොඩ දාන්න ඉදිරිපත් වන පරම්පරාවට, ආත්මලාභයකින් තරෙව මග කියන දේශපාලන මාර්ගෝපදේශනයක් ඕන..........
    දැනට හැබැයි අලේ ඇස මායිමේ ඒක රකන්න පුළුවන් කොටසකට ඉන්නේ ජවිපෙ බව පිළිගන්න ඕන.......................
    ඔව්. ඒක නම් එහෙම තමා. පිනට කාලා ඉද්ලා නම් හරියන්නේ නැ. එක පරම්පරාවක් අමාරුවෙන් හරි හිටියොත් ඊලග එකේ ඉදන් සැප වින්දැකි. ඒත් කවුරුත් ඒ තත්වෙට රට ගැන හිතන්නේ නැ බන්. එදා වේල ටුවර් තමා ඔක්කොම. මැතිනි අල බතල කන්න කිව්ව, යුඇන්පිය පාන් කැවෙව්වා, ජේආර් විවෘත ආර්තිකේ මැව්වා, ඔහොම තමා ඉතින්, කාලෙන් කාලෙට එක එකා ආවා ගියා රට එක තැනමයි. හැබැයි 70-80 ගනන් වල රටේ මොන කලබල තිබ්බත් ආසියාවේ නමක් දිනන් හිටපු රටක් මේක. මිනිස්සු උගත් නොවුනට පිලිගැනීමක් තිබුනලු.. දැන් වගේ පජාතම වෙලා නැ.. ඒ අතින් අපිට ඉස්සරලා පරම්පරාව වාසනාවන්තයි. උන් හිටියේ සින්ගපුරුවටත් වඩා දියුනු රටක.
    එදා බඩ ගැන හිතන්නේ නැතිව හිටිය නම් සමහර විට මේ තත්ත්වෙ වෙනස් වෙන්න තිබුණ බං......
    ජේ.ආර්. ඇට අට දෙනව කියල ඇවිල්ල තලේ ඇති නැති පරතරය වරඩි වෙන දෙයක් විතරයි................
    නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? :)
    මිනිස්සුන් ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. වෙන ක්‍රමයක් නෑ. රට වෙුන්වෙන් වැඩ කරන ජනතාවක් ඇති කරන්න ඕනෙ...........
    ස්වයන්පොසිත ආර්තිකයක් ලොකේ කොයි රටකවත් නැ, හැබැයි තමන්ට තියන දේ උපරිමය මෙහෙව්වොත් ස්වයන්පොශිත කෙසේ වෙතත් අනික් රටවල්වලට බලපැමක් කරන්න පුලුවන් තමන්ගේ නිශ්පාදන හරහා. එකෙන් ආර්තික, දේශපාලන ස්තාවරයක් ගොඩ නගා ගත්තැකි.. අපේ රටේ නැත්තේ අන්න ඒක?
    ඒක ගැන කියනම් කතා ද?
    මේ රටේ නිශ්පාදන කර්මාන් වලට තියන බාදක වෙන කිසිම රටක නැත්ව ඇති.:dull::dull:
     

    Similar threads