පළමුව, කිරියේ අති දුර්ලභ එරුප නැති, සංයමයක් ඇති හරවත් විවාදයක යෙදෙන සියළු දෙනාට ම ස්තූතියි.............
අංගුලිමාල;16720060 said:
මෙතන ඉන්න මේ විද්වතුන් කවුරු හරි අහල තියනවද රන්ජන් විජේරත්න, ප්‍රේමදාස උඩුගම්පොල කියල දෙන්නෙක් ගැන?
ජෙනරල් රන්ජන් විජේරත්න තමා ජවිපෙ මත භීෂණය මුදා හැරපු පුද්ගලයා. ඒ භිෂණය භීෂණයෙන් නැති කළ යුතුයි සහ හැකියි කියන හමුදා මතවාදය නිසා. ඒක හරි කියන එක ඔප්පු වෙලා ියනව දෙපාරක් මේ වෙද්දී...............
ප්‍රේමදාස උඩුගම්පොල කියන්නේ පැවති එජාප ආණ්ඩුවේ නිල වධකයා............
අංගුලිමාල;16720127 said:
Rathwatte scene eka neda?

නෑ.....තම්බි මුහන්දිරම් කියන කෙනෙක් සුද්දක්ගෙන් මුදලි තානාන්තරයක් ගත්ත. ඔහු මහමදිකයෙක්.....(ඕව හොදට මතක තියා ගනිල්ලා......)ඔහු තමා ජූනියස් රිචඩ් ජයවර්ධන ගේ මීමුත්තා........ජයවර්ධන පරපුර පැවත් එන්නේ රජු අල්ලා දී තාන්න-මාන්න වරදාන ගත්ත පරම්පරාවෙන්...................
ඔව් මචන් එක ඈත්ත..නමුත් මගෙන් පස්සෙ එන ඉලග පරම්පරාව හරි එහෙම දුක් විදලා මෙ රට දියුනු වෙනවානම් සෑපයි කියන ආකල්පයෙන් මම එක කිවෙ
යෙප්.....
ඒහෙම හරි කරල මේ රට ගොඩ දාන්න ඉදිරිපත් වන පරම්පරාවට, ආත්මලාභයකින් තරෙව මග කියන දේශපාලන මාර්ගෝපදේශනයක් ඕන..........
දැනට හැබැයි අලේ ඇස මායිමේ ඒක රකන්න පුළුවන් කොටසකට ඉන්නේ ජවිපෙ බව පිළිගන්න ඕන.......................
ඔව්. ඒක නම් එහෙම තමා. පිනට කාලා ඉද්ලා නම් හරියන්නේ නැ. එක පරම්පරාවක් අමාරුවෙන් හරි හිටියොත් ඊලග එකේ ඉදන් සැප වින්දැකි. ඒත් කවුරුත් ඒ තත්වෙට රට ගැන හිතන්නේ නැ බන්. එදා වේල ටුවර් තමා ඔක්කොම. මැතිනි අල බතල කන්න කිව්ව, යුඇන්පිය පාන් කැවෙව්වා, ජේආර් විවෘත ආර්තිකේ මැව්වා, ඔහොම තමා ඉතින්, කාලෙන් කාලෙට එක එකා ආවා ගියා රට එක තැනමයි. හැබැයි 70-80 ගනන් වල රටේ මොන කලබල තිබ්බත් ආසියාවේ නමක් දිනන් හිටපු රටක් මේක. මිනිස්සු උගත් නොවුනට පිලිගැනීමක් තිබුනලු.. දැන් වගේ පජාතම වෙලා නැ.. ඒ අතින් අපිට ඉස්සරලා පරම්පරාව වාසනාවන්තයි. උන් හිටියේ සින්ගපුරුවටත් වඩා දියුනු රටක.
එදා බඩ ගැන හිතන්නේ නැතිව හිටිය නම් සමහර විට මේ තත්ත්වෙ වෙනස් වෙන්න තිබුණ බං......
ජේ.ආර්. ඇට අට දෙනව කියල ඇවිල්ල තලේ ඇති නැති පරතරය වරඩි වෙන දෙයක් විතරයි................
නැහැ නැහැ . මට දැනගන්න ඕනේ. ඔය විදිහට ස්ව්‍යන්පොෂිත ආර්ථික ක්‍රමයක් හදන එක ප්‍රායෝගිකද? එහෙම නම් ඒ ක්‍රමයෙන් රටේ ආර්ථිකය දියුණු කරලා අපි ජපානය වගේ දියුණු වෙන්නේ කොහොමද ? 
මිනිස්සුන් ගේ ආකල්ප වෙනස් වෙන්න ඕන. වෙන ක්‍රමයක් නෑ. රට වෙුන්වෙන් වැඩ කරන ජනතාවක් ඇති කරන්න ඕනෙ...........
ස්වයන්පොසිත ආර්තිකයක් ලොකේ කොයි රටකවත් නැ, හැබැයි තමන්ට තියන දේ උපරිමය මෙහෙව්වොත් ස්වයන්පොශිත කෙසේ වෙතත් අනික් රටවල්වලට බලපැමක් කරන්න පුලුවන් තමන්ගේ නිශ්පාදන හරහා. එකෙන් ආර්තික, දේශපාලන ස්තාවරයක් ගොඩ නගා ගත්තැකි.. අපේ රටේ නැත්තේ අන්න ඒක?
ඒක ගැන කියනම් කතා ද?
මේ රටේ නිශ්පාදන කර්මාන් වලට තියන බාදක වෙන කිසිම රටක නැත්ව ඇති.

