ඒක හොඳයි මචං. අහිංසක සත්තුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරගෙන ජීවත් වෙලා කරන කිසි දෙයක් අපිට හරියන්නේ නැහැ. නමුත් බුදු දහම හරියටම දන්නවා නම් සතෙකුගේ මස් කෑවයි කියලා පවක් සිද්ද වෙන්නේ නෑ. අපි සතාව පෙන්නලා මූව මරලා දෙන්න කියලා ඉල්ලුවොත් හෝ අපි මරලා කෑවොත් ඇරෙන්න. බුදුන් වහන්සේ මස් වළඳලා තියෙනවා ඒ ගෘහපතියෙක් උන් වහන්සේට ශ්‍රද්ධාවෙන් පිළිගන්වන දානයක් නිසා. අවසානෙදි ඔහු බුදුන් වහන්සේගෙන් අහනවා මම මාංශ දුන්නා කියලා මට පවක් සිද්ධ වෙනවාද ඔබ වහන්සේගේ ධර්මයට අනුව හිත කැමැත්තෙන් දෙන දෙයක් දුන්නම පින් සිදුවෙන කියලා කියලා තියෙන නිසා කියලා. බුදුන් වහන්සේත් එය අනුමත කරනවා. කැමතිනම් මනාප දායී සූත්‍රය කියවන්න ත්‍රිපිටකයේ. ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි.
බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ අනුව මරන් කෑවේ නැත්නම් හෝ පෙන්නලා මරන් කෑවේ නැත්නම් පවක් සිදුවෙන්නේ නෑ. ඒ වගේම නමුත් නොකෑයුතු මස් වර්ග 10 ක් ගැන කියලා තිබෙනවා. ඔහොම කරුණු ගොඩක් සැඟවිලා තිබෙනවා ගොඩක් අය ඕවා ගැන දන්නේ නෑ. නැත්නම් කියවන්න උවමනා නෑ. ඔබ ධර්මය ගැන පිපාසයකින් පෙලෙන්නෙක් නම් ආමගන්ධ සූත්‍රය, ජීවක සූත්‍රය, මහා සිහ නාද සූත්‍රය කියන සූත්‍ර දේශනා කියවා බලන්න.
ඇත්තටම මන් ගැන කියනවනම් මමත් අහිංසක සතුන්ගේ මස් කන කෙනෙක් නෙමෙයි සහෝ. ඒ මරණාසන්න මොහොතේ ඒ සතුන්ගේ ඇඟේ දුවන ඇඩ්‍රිනලීන්, කෝටිසෝල් වගේ හෝමෝන මට්ටම් වැඩියි, ඒ වගේම උගේ හැම සෛලයකම තියෙන්නේ වෛරයක් හා තරහාවක් බං. අහිංසක සතෙකුගේ ජීවත් වීමේ අයිතිය උදුරගෙන කෑදර කමට ඒවා ගිලින්න උවමනා නැති නිසා මම ඕවා කන්නේ නෑ බං. නමුත් කියන්න ඕනේ දෙයක් තියෙනවා මම නොකෑවට කවදා හරි මම බැන්දොත් ගෑණු ළමයට නම් කවෝනවා අනිවා මොකද බබාලා හම්බුවෙන්න ඉද්දි ලේ මදි වෙනවා කියලා දොස්තර මහත්වරු කියලා තියෙන නිසා.
ඔය ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතන් ඉන්නේ ඒත් වෙලාවක් නෑ. පස්සේ අත ඇරලා දැම්මා බං. මොකද බුදුන් වහන්සේ මස් වැළඳුවා කියලා කිව්වම මේකේ ඉන්න ඒ ගැන හරියට දන්නේ නැති සර්ව ආගමික පූට්‍ටු කාරයොයි, හම්බයෝ සෙට් එකයි අවි අමෝරා ගන්න නිසා ඒක උන්ගේ වාසියට.
ඔබට තෙරුවන් සරණයි සහෝ.....!!!!!