..::: හයිකු කවි :::..

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දිවියෙක් කුරුමානමින්
    නියවයි කෑදරව
    ගොම්මනේ බිම වැටුන
    සඳ එළිය ලෙව කන්න...

    හැන්දෑවට රෑ සමනළියන්ගේ පහස හොයාගෙන යන සල්ලි බලය තියන උදවිය ගැන තමයි මේක ලිව්වේ.මෙතන සඳ එළිය ලෙව කනවා කියන්නේ, ඒක ලස්සන ස්ත්‍රියකගෙන් ලැබෙන කාමුක පහස විඳිනවා කියන එක. ඒ ගැහැණු අයගේ අධ්‍යාත්මයට ලං වීමක් සිද්ද වෙන්නේ නැහැ. වෙන්නේ පිට තියන දේ ඇත පත ගාල තාවකාලික රසයක් විඳින එක විතරයි.
    :dull: ඔන්න තියන සැර මරුනේ සිස්
    දිගටම ලියමුකො :)
    තැන්ක්ස් මරු :love:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [SIZE=+1]හයිකු[/SIZE]
    [SIZE=+2]
    හයිකු- 37
    [/SIZE]

    Winter%20Window.jpg

    මුළු රෑම
    ජනේලයෙ කෙඳිරිය
    අපොයි මේ සිසිරය!

    -දරේමෝ
    Iwarayi.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    [SIZE=+2]
    පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා [Kobayashi Issa]
    [/SIZE]



    ISSA%20By%20Hashimoto-Heihachi.jpg

    දුක්බර ලෝකයක්
    සුන්දරව පිපී නටන මල්
    වැටෙන්නට නියමිත
    හරියට අපි වගේ ම

    - ඉසා

    භාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම සංසිද්ධියක්ම සටහන් කර ගත හැකි දැනුම් පද්ධතියකට පිවිසෙන එක් දොරකි. - Steve Perrin

    හයිකු යනු ඒ දොරට යතුරකි.

    ‘කොබයාෂි නොබුයුකි’උපදියි... ඉදිරියෙන් දුෂ්කර ළමා විය සහ යෞවනය...

    1763 ජුනි 15 වන දින ජපානයේ ගම්බද ප්‍රාන්තයක් වන ෂිනානෝ ප්‍රාන්තයේ (වර්තමානයේ- නගානෝ) එක්තරා ගොවි ගෙදරක උපන් දින සිරියකි. එදින අලුත උපන් පිරිමි දරුවාට මාපියන් නම් දෙන්නේ ‘කොබයාෂි නොබුයුකි’ යනුවෙනි. ඔහු හැදී වැඩෙන්නේ ‘කොබයාෂි යටාරෝ’ යන නමිනි. මාපියන් සමඟ ඔහු සුරක්ෂිතව වැඩෙන්නේ වසර තුනක් පමණි. ඉපදී තෙවසරකට පසු මව මිය යන අතර මිත්තණිය ඔහු රැක බලා ගනියි. කොබයාෂිගේ ළමා වියෙහි ප්‍රීතිය අතුරුදන් වන්නට පටන් ගන්නේ පියා නැවත විවාහයක් කර ගැනීමෙන් පසුය. කුඩම්මා ‘කොහොමටත්’ මේ කොළුවාට අකමැති අතර තත්ත්වය වඩාත් බැරෑරුම් කරමින් ඔහුගේ මිත්තණිය ද මියයයි. තාත්තාට හා කුඩම්මාට දාව පිරිමි දරුවෙකු ඒ සමඟම උපදියි. දැන් කොබයාෂිගේ වයස 14 කි. තමන් උපන් නිවසේ ම හුදෙකලාවන මේ ස්වභාවයෙන් ම දොම්නස් සහගත දරුවා කුඹුරුයායවල ඇවිදිමින් කාලය ගත කරයි. ඔහුගේ ‘තද ගති ඇති- රළු පරළු’ කුඩම්මාට මේ හැසිරීම ඉමහත් වධයකි.

    කෙසේ හෝ ඉන් වසරක‍ට පසු ඔහුගේ පියා විසින් අධ්‍යාපනය සඳහා කොබයාෂි ‘ඉඩෝ’ (වර්තමානයේ ‍- ටෝකියෝ) වෙත යවනු ලැබෙයි. එතැන් පටන් අපේ කතා නායකයාගේ ජීවිත කතාවෙන් පුරා වසර දහයක පිටු ගැලවී ගොසිනි. වසර 25 දී චිකු ආ නම් ගුරුතුමාගේ නිරෝකුඅයන් හයිකු පාසලෙන් කොබයාෂි මතුවන්නේ ‘ඉක්යෝ’ යන නමිනි. 1790 දී චිකුආ ගුරුතුමා මියයන අතර ඉන් වසර 11 ක් ගත වන තුරු ඔහු ජපානය පුරා සරමින් විවිධ හයිකු කවියන් හමුවෙමින් හයිකු පාසල්වලට යමින් එමින් සහ ලියමින් කාලය ගත කරයි. ‍

    තේ කෝප්ප 20,000 ක රස....


    ජපානයේ හයිකු කවියෙහි දුලන මිණි සේ සැළකෙන සිව් දෙනෙකි. බෂෝ, බුසොන් සහ ෂිකි සමඟ 19 වන සියවසේ මැද භාගයේ ජපානයේ සුප්‍රකට හයිකු කවියෙකු බවට පත්වන මේ කොබයාෂි යටාරෝ සිය මුල් නම වෙනුවට හයිකු ලිවීම වෙනුවෙන් ම ඉසා යන අන්වර්ථ නාමය භාවිත කරනට පටන් ගනියි. එහි අරුත ‘තේ කෝප්පය’ යි.

    Haiku-written-by-Issa-each-in-his-own-calligraphy.jpg

    චිත්‍රය 1- ඉසා ලියූ හයිකු

    ඉසා අතින් ලියැවුණු හයිකු කවි සංඛ්‍යාව 20,000 කට අධික ය. ඒවා අද පවා සාහිත්‍යලෝලීන්ගේ ආදරය ඔහු ට දිනා දෙයි. A History of Haiku නම් ග්‍රන්ථයෙහි R. H. Blyth විස්තර කරන පරිදි ඔහු ගේ සියලු විඳවීම් සහ ඔහු මුහුණ දුන් විවිධ පරීක්ෂාවන් පමණක් නොව ළදරුවෙකුගේ බඳු සරළ බවක් ඔහුගේ කවිවලින් විද්‍යමාන විය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී සහ ප්‍රාදේශීය බස් වහරේ යොදා ගන්නා යෙදුම් නිදහස් අයුරකින් භාවිත කළ ඔහු පැළෑටි ගැන මෙන්ම කුඩා සතුන් ගැන ද බොහෝ කවි ලියුවේය.

    ඉසා සිය කවිවලින් මදුරුවන් - මැස්සන්- වවුලන්- පූසන්- කණාමැදිරීන් ගැන සැලකිලිමත් වූ පරිදි ම ඒ කවි ශෝක රසය හා මුසු කළ පරිදි ම මිනිස් සන්තානයට ආවේණික වූ විෂද හැසිරීම් රටාවල සියුම් වෙනස්කම් ගැන ඔහු සතු වූ ඥානය ද ඒවාට මුසු කළේ ය. හයිකුවලට අමතරව ගද්‍ය රචනා ද කළේ ය. ‘මගේ තාත්තාගේ අවසාන දින කීපය ගැන සටහනක්’ සහ ‘මගේ ජීවිතයේ අවුරුද්ද’ ඉන් කීපයකි. එපමණක් නොව සිය කවි සමඟ ඔහු විසින් අඳින ලද සරළ එහෙත් අපූරු චිත්‍ර ද විචාරකයින්ගේ පැසසුමට බඳුන් වෙයි. සෙන්(Zen) බුදු දහමේ දර්ශනය කැටි කොට දක්වා ලූ ඒවායේ සරළ බව තුළ තිබූ ගැඹුරු බව ඔහුගේ හයිකු කවි සේම ප්‍රබල ය.

    Drawing_of__Kobayashi_Issa.jpg

    චිත්‍රය 2- ඉසා විසින් අඳින ලද චිත්‍රයක්

    ඔහේ ඇවිද ගිය තරුව...

    ඉසාගේ නිර්මාණ කියවා ගත හැකි ආකාර බොහෝ ය. ඒ අතරින් සැරිසරීමෙන් ඔහු ලත් වින්දනය ඔහු ඔහු හයිකු තුළ කැටි කල අයුරු සුවිශේෂී ය. ඉබාගතේ යන තරු යට උපන් ඔහු කිසිදා සංචාරය අත් නො හළේ ය.

    මගේ තාරකාව
    රාත්‍රියට නවාතැන් ගන්නේ
    කොතැනද?
    පාරාදීසයේ ගංගාව


    1791 දී වරක් සිය උපන් ගම වන කෂිවබරා වෙත එන ඔහු මෙසේ ලියයි.

    කඩුල්ල ළඟ ඇති
    ගස පවා හොඳ සුවෙන්
    සැඳෑ සිසිල


    පිනි බිඳු තුළ අනිත්‍යය, දුක්බර අත්දැකීම්වල මතකය මෙන්ම සෞන්දර්යය ද කැටි වෙයි.

    පිනිබිඳු වියළෙයි
    මුලු ලොවම එකම තුෂාරයක්
    අදරැති නැවුම්
    එහෙත් අතිර


    ජීවිතයේ දුක්බර වූ මලානික පිය සටහන් මත පවා මල් පිපෙයි.

    මල් පිපෙයි
    සොවින් වේදනාවෙන්
    සැදුණු ලොව තුළ පවා


    වසන්තය යනු අපට බොහෝ දාර්ශනික පාඩම් සෞන්දර්යාත්මකව කියා දෙන ඍතුවකි.

    එළඹෙයි වසත් කල
    පැරණි මෝඩකම් අලුත්වෙන
    අලුත් වැරදිකරනට නැවුම් මං
    සොයා ගැනෙන


    මැක්කන්, මැස්සන්, ගොළුබෙල්ලන් තණකොළපෙත්තන් සහ....

    කිසිවෙකුගේ අවධානය යොමු නොවන , පරිසරයෙන් නිරන්තරයෙන් හමුවන අනාරක්ෂිත කුඩා ජීවීන් පිළිබඳ ව ඔහු සතු වූ සානුකම්පිත ආකල්පය තවත් මානයකි. ඉසා ගොළුබෙල්ලන් ගැන ලියූ කවි ගණන 54 කි. ගෙම්බන් ගැන කවි 200 ක් පමණ ද කණාමැදිරියන් ගැන කවි 230 ක් පමණ ද මදුරුවන් ගැන කවි 150 කට අධික සංඛ්‍යාවක් ද මැස්සන් ගැන කවි 90 ක් පමණ ද මැක්කන් ගැන කවි 100 ක් පමණ ද රැහැයියන් ගැන කවි 90 කට ආසන්න සංඛ්‍යාවක් ද ලියා ඇත. ආසන්න වශයෙන් ඔහු එබඳු කුඩා ජීවින් ගැන ලියා ඇති කවි ගණන දහසක් පමණ වෙයි. ඇතැම් විට මේ කුඩා සතුන් ගැන ඔහු තුළ තිබූ ඇල්ම ඔහුගේ ළමා කාලය හා බැඳී ගත් එකක් ද විය හැකිය. මව අහිමිව කුඩම්මාගේ වෙනස්කම්වලට පාත්‍ර වෙමින් නිවෙසින් පිටස්තරව වැඩෙන්නට බල කරනු ලැබූ ඒ ළමා වියේ අත්දැකීම් පිහිටක් නැති අසරණ දුබල සතුන් කෙරෙහි දයාවෙන් බැලීමට ඔහු පොළඹවන්නට ඇත. එමෙන්ම ගිහි පූජකයෙකු ලෙස පරිසරය කෙරෙහි වූ අවිහිංසාවාදී බෞද්ධ ආකල්පය ද ඊට හේතු විය හැක.

    තණකොළපෙත්තන් සමඟ කතා කරද්දී පිනි බිඳක ජීවිතය ගැන පවා සියුම් වූ සංවේදනා පහළ වෙයි.

    තණකොළපෙත්තෝ
    පාගන්නෙ බලාගෙන
    බි‍ඳෙයි කැබලිවලට
    දිළසෙන පිනි මුතු


    ගොළුබෙල්ලෙකු කෙරෙහි සිය ආදරය පතුරුවන අතරම අතිර වූ ජීවිත ගමන මෙන්ම එහි මතකයන් ද ගොළුබෙල්ලෙකුගේ සෙවණැල්ල බඳු බව කියන’යුරු....

    පුංචි ගොළුබෙල්ලෝ
    බලාපන් බලාපන්
    නුඹේ හෙවණැල්ල දෙස ...


    R. H. Blyth විසින් ඉංග්‍රීසියට නඟන ලද පහත කව බලන්න.

    Drawing_2__of_Kobayashi_Issa.jpg

    චිත්‍රය 3- ඉසාගේ චිත්‍රයක්

    අනේ පුංචි ගොළුබෙල්ලෝ
    නඟින්න ෆුජි කන්ද
    බලාගෙන
    හෙමින් - හෙමින්..


    වෙනස්කම් පුළුවන්කම් සහ බැරිකම් හැම තැනම ඇති ගැටළුවකි. ඒහෙත් මුහුණ දිය යුතු යථාර්තයකි.

    කෘමියන් අතර පවා
    ඇතමුන්ට ගී ගැයිය හැක
    ඇතමුන්ට බැරිය.


    සෝබර දිවියේ පිය සටහන් මත ඇඳුණු හයිකු...


    පිනි බිඳක් බඳු ඉසාගේ ජීවිතය පුරා ඔහු අතින් අතින් ලියැවුණු නිමක් නැති හයිකු අතර සැඟව තිබුණේ ඔහුගේ මිනිස්කම සහ ඔහු විසින් දරා ගැනුණු දහසක් වේදනාවන් ය.

    ඔහුගේ කවිය සහ ජීවිතය යනු දෙකක් නොව එකක් ම වී. කවි යනු ඔහුගේ හදවතෙහි දින පොත විය.


    Issa_Self_Portrait.jpg

    චිත්‍රය 4- ඉසා විසින් අඳින ලද තමා‍ගේ ම රුවක්


    ජපානය පුරා ඇවිදිමින් වැඩ කරමින් සහ ලියමින් සිට 1810 දී යළි ගම් පළාතට එන ඔහු අපට හමුවන්නේ සිය පියා මිය ගිය පසු ඔහුගේ ඇවෑමෙන් තමන්ට හිමි විය යුතු දේපළ කොටස වෙනුවෙන් නීතිමය ක්‍රියා මාර්ගයට එළඹෙද් දී ය. පියාගේ මරණය නිසාවෙන් කලකට පසු ගමට එන ඉසා සිය ගමට පිවිසෙද් දී ආ මුල්ම හැඟීම මෙසේ ලියා තැබුවේය.

    ආහ්!
    එහෙනම් මේකයි මගේ
    අන්තිම නවාතැන?
    අඩි පහක් උසට හිම!


    කුඩා කල තාත්තා සමඟ ගෙවූ මතකය අවදි වන විට මව අහිමිවූ පසු ඉතිරි වූ ළඟම නෑයා වන තාත්තා ද නික්ම ගිය බව දැනෙයි.

    අනේ ! තාත්තා සිටියා නම්
    බලා ඉන්නට මා සමඟ
    නිල් ගොයමට උඩින්
    උදාවෙන හිමිදිරිය


    වසර ගණනක් නඩු කීමෙන් පසු දේපළවලින් අඩක් හිමි කරගන්නා ඔහු 49 වැනි වියේ දී යළි සිය ගම් පළාතේ පදිංචියට පැමිණෙයි. එසැණින්ම මෙන් සිය ප්‍රථම විවාහයට එළ‍යඹෙන ඔහුගේ ප්‍රීතිය රැඳී පවතින්නේ ටික කලකි. ඔහුට ඉපදෙන පළමු පිරිමි දරුවා ඉපදුණු සැණින් මියයන අතර ඉන්පසු ඉපදෙන දියණිය ඉපදී වසර 2 ½ ක් වැනි කෙටි කලකින් මිය යයි. මේ හයිකු කව ලියැවෙන්නේ එවිට ය.

    පිනි බිඳු වන් ලොව
    ඔව්! පිනි බිඳු වැනිය ලොව
    තවමත්...


    ඊළඟට ඔවුන්ට උපදින දරුවා ද මිය යන අතර ඉසාට වයස 61 වෙද් දී අවාසනාවන්ත ලෙස ඔහුගේ බිරිඳ ද මිය යයි. දෙවන විවාහය ද කෙළවර වන්නේ දික්කසාදයෙනි.

    Peter Beilenson විසින් පරිවර්තිත මේ කව ඔහුගේ වේදනාවන් මොනවට කියා පායි.

    අහෝ!
    මවිසින් සුමුදුව ස්පර්ශ කරන සියල්ල
    කටු මෙන් ඇනී
    මා රිදවයි
    .

    D. T. Suzuki විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට තිබුණු මේ හයිකුව අතේ සතයක් නැතිව ණය බරින් මිරිකෙමින් සිටි කාලයේ දී ඔහු අතින් ලියැවුණකි.

    Kobayashi_Issa.jpg


    විශ්වාස කොට
    බුදුන්, හොඳ සහ නරක
    සමු දුන්නෙමි
    නික්ම යන වසරට


    දෙවන බිරියගේ දික්කසාදයෙන් පසු ඔහුට හෘදයාබාධයක් වැළඳුණි. එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලිකව කතා කර ගත නොහැකි වූ ඉසා මෙසේ ලියා තැබුවේය.

    අපොයි මෙහෙමත් කරදරයක් !
    කැලෑ පාත්තයින් පවා
    නිදහසේ අඬ ගසන හැටි
    සිය මිතුරන්ට..


    ඉන් පසු ඔහු යළිත් වරක් විවාහ වන අතර 1827 දී කෂිවබරා ගම්මානය පුරා පැතිරුණ ගින්නකින් ඔහු වසන නිවස ද ගිනිබත් විය. ගිනිගත් නිවස ගැන ඔහු මෙසේ ලීවේය.

    මැස්සන්..
    දැවෙන නිවසින් පණ බේරාගෙන
    මගේ සරණාගතයින් වෙලා
    මෙන්න මෙහෙ ඇවිත්


    Kobayashi_Issa-Storehouse.jpg


    නිවස ගිනිගත් පසු මිය යන තෙක් අවසාන කාලය ගෙවූ ගබඩා කාමරය අදටත් එම ගමෙහි සුරැකිව ඇත. 1828 ජනවාරි 28 වැනිදා ඇතිවූ හෘදයාබාධයක් නිසාවෙන් කයෙන් නිදහස් වන්නට පෙර මෙසේ ලියා තබන්නට ඔහු අමතක කර තිබුණේ නැත.

    කෙනෙකු මිය යයි
    දෙදෙනෙකු මිය යයි
    මළගියවුන් වෙනුවෙන්
    ලන්තෑරුම් දැල්වෙයි


    ජනප්‍රිය ජපන් හයිකු සංස්කෘතිය තුළ බෂෝ සහ බුසොන් ව ඉහළ තැනක ස්ථානගත කෙරුණු මුත් ඉසා, නැතහොත් ඔහු තමන්වම හඳුන්වා ගත් පරිදි ‘ෂිනානෝ ප්‍රාන්තයේ ලොකුම සිඟන්නා’ ඉඳගෙන සිටියේ ඔවුන්ගේ වේදිකාවට පහළින් සිටි ජනතාව අතර ඔවුන්ගේ උරෙනුර ගැටෙමිනි. වඩා මිනිස්කමින් යුතුව කාටත් ළඟා විය හැකි පරිද්දෙනි.

    [චිත්‍ර 1,2,3, සහ 4: කොබයාෂි ඉසා]
    [හයිකු කවි ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය: ලිපියෙහි ලේඛිකාව විසිනි. ]

    ආශ්‍රිත වෙබ් අඩවි:
    Sunday Poem-Kobayashi Issa
    onmymynd.wordpress.com
    wikipedia.org
    haikuguy.com
    simplyhaiku.com
    haikuaddara.blogspot.com
    Iwarayi.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කවි ලියන්න ඔබත් කැමතිද?

    කාව්‍ය ශාස්ත්‍රය සෑම තැනකම දැකිය හැක. එය ළමා ගීවල මෙන්ම ප්‍රචාරණ දැන්වීම්වලද අපට දැකගන්න පුළුවන. එමනිසා, කවියක් සාදන ආකාරය සම්බන්ධයෙන් වැඩිදෙනාට අඩුම තරමින් මූලික දැනුමක්වත් ඇත. එනමුත්, කවි ලියන්න ඔබ කැමති නම්, මුලින්ම ප්‍රසිද්ධ කවියන්ගේ කවි හොඳින් කියවා බැලීම සුදුසු විය හැක. මෙමගින් කවි ලිවීමේදී අදාළ වන විවිධ මූලධර්ම තේරුම්ගැනීමටත්, ඔබේ වාග් මාලාව තවත් පුළුල් කරගැනීමටත් හැකි වේ. කියවීමට කවි තෝරාගනිද්දී, තෝරා බේරා කටයුතු කිරීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද පිළිකුල්සහගත හෝ පහත් අදහස් ඇති කවි කියවීමෙන් ඔබේ මනස දූෂ්‍ය කරගැනීම නුවණට හුරු දෙයක් නොවන බැවිනි. (පිලිප්පි 4:8, 9) ඇත්තෙන්ම ඉගෙනගැනීමට හොඳම ක්‍රමය වන්නේ පැන්සලක් සහ කඩදාසියක් ගෙන ලිවීමට උත්සාහ කිරීමයි.

    කල් යත්ම, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ වින්දනය පිණිස කවි රචනා කිරීමට හැකි වනු ඇත. අසනීපයෙන් සිටින කෙනෙකුට සුවය පතා හෝ වෙන යම් කෙනෙකුට ඔබේ කෘතඥතාව පළ කරමින් කාඩ්පතක් යවද්දී, කවියක ආකාරයෙන් ඔබේ අදහස් පළ කිරීම හොඳ අදහසක් විය හැක. කවිය දිග හා දක්ෂ ආකාරයකින් නිමවූ එකක් වීමට අවශ්‍ය නැත. ඔබේ හදවතෙහි තිබෙන දේ ප්‍රකාශ කිරීමට පේළි කිහිපයක් සෑහේ. ඇත්තෙන්ම මෙවැනි කවියක් රචනා කිරීම ඔබට ආස්වාදයක් සහ යම් තෘප්තියක් ලබා දෙයි. එපමණක්ද නොව, එම කාඩ්පත ලබන්නාද ඉන් මහත් සතුටක් භුක්ති විඳින බව නිසැකයි. විශේෂයෙන්ම ඔබේ සිතුම් පැතුම් ඉතා අලංකාර ලෙස මෙන්ම හදවතින්ම ප්‍රකාශ කිරීමට සෑහෙන වෑයමක් දරා ඇති බව ඔහුට හෝ ඇයට තේරෙද්දී ඔවුන් එය මහත් සේ අගය කොට සැලකිය හැක.

    හොඳ කෑමක් පිළියෙළ කිරීමට දක්ෂ කෝකියෙකු වෙන්නම අවශ්‍යද? නැත. ඒ වගේම කවි ලිවීමට ඔබ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වීමටද අවශ්‍ය නැත. කෙසේවෙතත් ඔබේ පැත්තෙන්ම වෑයම, අඛණ්ඩ උත්සාහය අවශ්‍යය. ඒත් සමඟම හැඟීම් නිදහසේ ගලා ඒමටත්, පරිකල්පන ශක්තිය අවදි වීමටත් ඉඩ දිය යුතුය. එවිට ඔබ තුළ සැඟවුණු කවි ලිවීමේ කුසලතාව ඉස්මතු විය හැක! ඇත්තෙන්ම වචනවලින් ඔබ අඳින පින්තූරය සියලුදෙනාගේම පාහේ පුදුමයට හේතුවක් විය හැක.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවි ලියන්න ඔබත් කැමතිද?

    කාව්‍ය ශාස්ත්‍රය සෑම තැනකම දැකිය හැක. එය ළමා ගීවල මෙන්ම ප්‍රචාරණ දැන්වීම්වලද අපට දැකගන්න පුළුවන. එමනිසා, කවියක් සාදන ආකාරය සම්බන්ධයෙන් වැඩිදෙනාට අඩුම තරමින් මූලික දැනුමක්වත් ඇත. එනමුත්, කවි ලියන්න ඔබ කැමති නම්, මුලින්ම ප්‍රසිද්ධ කවියන්ගේ කවි හොඳින් කියවා බැලීම සුදුසු විය හැක. මෙමගින් කවි ලිවීමේදී අදාළ වන විවිධ මූලධර්ම තේරුම්ගැනීමටත්, ඔබේ වාග් මාලාව තවත් පුළුල් කරගැනීමටත් හැකි වේ. කියවීමට කවි තෝරාගනිද්දී, තෝරා බේරා කටයුතු කිරීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද පිළිකුල්සහගත හෝ පහත් අදහස් ඇති කවි කියවීමෙන් ඔබේ මනස දූෂ්‍ය කරගැනීම නුවණට හුරු දෙයක් නොවන බැවිනි. (පිලිප්පි 4:8, 9) ඇත්තෙන්ම ඉගෙනගැනීමට හොඳම ක්‍රමය වන්නේ පැන්සලක් සහ කඩදාසියක් ගෙන ලිවීමට උත්සාහ කිරීමයි.

    කල් යත්ම, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ වින්දනය පිණිස කවි රචනා කිරීමට හැකි වනු ඇත. අසනීපයෙන් සිටින කෙනෙකුට සුවය පතා හෝ වෙන යම් කෙනෙකුට ඔබේ කෘතඥතාව පළ කරමින් කාඩ්පතක් යවද්දී, කවියක ආකාරයෙන් ඔබේ අදහස් පළ කිරීම හොඳ අදහසක් විය හැක. කවිය දිග හා දක්ෂ ආකාරයකින් නිමවූ එකක් වීමට අවශ්‍ය නැත. ඔබේ හදවතෙහි තිබෙන දේ ප්‍රකාශ කිරීමට පේළි කිහිපයක් සෑහේ. ඇත්තෙන්ම මෙවැනි කවියක් රචනා කිරීම ඔබට ආස්වාදයක් සහ යම් තෘප්තියක් ලබා දෙයි. එපමණක්ද නොව, එම කාඩ්පත ලබන්නාද ඉන් මහත් සතුටක් භුක්ති විඳින බව නිසැකයි. විශේෂයෙන්ම ඔබේ සිතුම් පැතුම් ඉතා අලංකාර ලෙස මෙන්ම හදවතින්ම ප්‍රකාශ කිරීමට සෑහෙන වෑයමක් දරා ඇති බව ඔහුට හෝ ඇයට තේරෙද්දී ඔවුන් එය මහත් සේ අගය කොට සැලකිය හැක.

    හොඳ කෑමක් පිළියෙළ කිරීමට දක්ෂ කෝකියෙකු වෙන්නම අවශ්‍යද? නැත. ඒ වගේම කවි ලිවීමට ඔබ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වීමටද අවශ්‍ය නැත. කෙසේවෙතත් ඔබේ පැත්තෙන්ම වෑයම, අඛණ්ඩ උත්සාහය අවශ්‍යය. ඒත් සමඟම හැඟීම් නිදහසේ ගලා ඒමටත්, පරිකල්පන ශක්තිය අවදි වීමටත් ඉඩ දිය යුතුය. එවිට ඔබ තුළ සැඟවුණු කවි ලිවීමේ කුසලතාව ඉස්මතු විය හැක! ඇත්තෙන්ම වචනවලින් ඔබ අඳින පින්තූරය සියලුදෙනාගේම පාහේ පුදුමයට හේතුවක් විය හැක.


    වටිනා අදහසක්.
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අහස
    ඔය චුරු චුරුව නවත්තල
    යං මාත් එක්කල
    ඉර හොයාගෙන එන්න

    -දෙව්රංගී-​
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මකබෑවිල පලයන්
    හැබැයි..
    ප්‍රාණ භුක්තිය නැතුවම
    ලියල දීපු මගෙ ජීවිතය
    මට ආපහු ඕනි

    ~මම සාතන්~

    උපුටා ගැනීම තහනම් :dull:
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ග්‍රාන්ට්ස් ෂොට් දෙකයි
    මල් ෂොට් දෙකයි
    මේ බලහන්
    මටත් ලියතෑකි හයිකු

    ~මම සාතන්~

    උපුටාගැනීම තහනම් :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැමදාමත් හිතුනට
    ඉවරයි කියාලා ඉවර නැහැ තාමත්
    අයෙත් ඇවිල්ල කරුමක්කාර සඳුදාව..:growl::growl::growl: