2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නැකැත් රාල;16790206 said:
    සම්පූර්නයෙන්ම විරාගී වූ පෙමක් තරුණයෙක් හා තරුණියක් අතර තිබිය හැකිද?:nerd:

    වන්දනාවක යන්නෙ කොහොමද නංගියේ අපි දැන්ම මග බැහැලා
    පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් :dull:
     
    ගෑණු දැරිවියන් ගේ හීනය තමා ඒක.....
    නමුත් ප්‍රේමය යනු රාගයේ මාවත් ගහන නගරයක්..............

    මචන්… ප්‍රේමය නම්… රාගයෙන් තොර… සද එළිය සේ අචින්ත්‍ය​…
    පාරිශුද්ධයි… සුරම්‍යයි… කියලා සුනිල් ආරියරත්නයන් ලියලා තියෙනවා නේද​?

    මමත් හිතන්නේ… සැබැ ආදරයකට රාගය යනු තවත් එක් අන්ගෝපාන්ගයක් පමණයි කියලා.
    රාගය නිසා ආදරයක් හටගැනීමට ඇති අවකාශය ඉතා සීමිතයි.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    25quk90.jpg
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්න කවුරු හරි මේකේ තේරුම කියන්න.....පියබා යනවා සින්දුවේ
    ප්‍රේමයෙන් මිදුනම ජීවිතේ බටහිර සුළග වගේ නිදහස් කියන එක......
    අම්මපා ඇත්ත ඕයි!!!!!:D:yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන්… ප්‍රේමය නම්… රාගයෙන් තොර… සද එළිය සේ අචින්ත්‍ය​…
    පාරිශුද්ධයි… සුරම්‍යයි… කියලා සුනිල් ආරියරත්නයන් ලියලා තියෙනවා නේද​?

    මමත් හිතන්නේ… සැබැ ආදරයකට රාගය යනු තවත් එක් අන්ගෝපාන්ගයක් පමණයි කියලා.
    රාගය නිසා ආදරයක් හටගැනීමට ඇති අවකාශය ඉතා සීමිතයි.

    නමුත් ආදරය ඇති වූ පසුවයි කිලෝ ගානට රාගය ඇති වෙන්නේ...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්… ප්‍රේමය නම්… රාගයෙන් තොර… සද එළිය සේ අචින්ත්‍ය​…
    පාරිශුද්ධයි… සුරම්‍යයි… කියලා සුනිල් ආරියරත්නයන් ලියලා තියෙනවා නේද​?

    මමත් හිතන්නේ… සැබැ ආදරයකට රාගය යනු තවත් එක් අන්ගෝපාන්ගයක් පමණයි කියලා.
    රාගය නිසා ආදරයක් හටගැනීමට ඇති අවකාශය ඉතා සීමිතයි.
    ඔව්..ඔව්.....
    නමුත් කොච්චර ආදරයේ අයිසිං ගෑවත් ප්‍රේමයේ අවසන් අඩියේ තියෙන්නෙ රාගය සහ සිය වර්ගයා බෝ කිරීමේ සහජ රැළ වැසි ඉව.....

    මම නෙවෙයි කියන්නේ, මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස්.....
    කියවන්න ඔහු ගේ නිරුවත් වානරයා සහ මනුසත් උයන පොත් දෙක........
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම...
    සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ඉර බැස යන ගොම්මන් යාමේ..
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
    ගලා හැලෙන රිද්මේ නැහැවී...
    ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
    පද රචනය : සේනක බටගොඩ
    සංගීතය : සේනක බටගොඩ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැකරැල්ලා… එලට කලා අද ප්‍රෝග්‍රැම් එක​… එළ කිරි වැඩක්… තැන්ක්ස් මචන්..
    ආයෙත් කරපන්!

    ඔව්ව්ව්ව් හැකරැල්ලා… එලට කලා අද ප්‍රෝග්‍රැම් එක​… එළ කිරි

    බූට් එක තියන්න බලාගෙන හිටපු එකෙක්ට ඉල්ලන්නත් කලින් ඒක හම්බෙලා :dull:
    හ්ම්ම්ම්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව්..ඔව්.....
    නමුත් කොච්චර ආදරයේ අයිසිං ගෑවත් ප්‍රේමයේ අවසන් අඩියේ තියෙන්නෙ රාගය සහ සිය වර්ගයා බෝ කිරීමේ සහජ රැළ වැසි ඉව.....

    මම නෙවෙයි කියන්නේ, මහාචාර්ය ඩෙස්මන්ඩ් මොරිස්.....
    කියවන්න ඔහු ගේ නිරුවත් වානරයා සහ මනුසත් උයන පොත් දෙක........

    දෙකම කියවා ඇත.. ඔය කතාව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අංකලුත් කියලා තියනවා..:yes:
     
    නැකැත් රාල;16790286 said:
    නමුත් ආදරය ඇති වූ පසුවයි කිලෝ ගානට රාගය ඇති වෙන්නේ...:yes:

    ඒක හරි මචන්… මාත් කියන්නේ ඕකමයි.. රාගය කියන්නේ නරක දෙයක් නෙමෙයි…
    හැබැයි… ආදරෙයෙන් රාගය හටගන්නව මිසක් රාගයෙන් ආදරයක් හටගැනීම ස්තීර නැහ!
    රාගයේ මුසුවූ සැනින් ආදරයේ සුන්දරත්වය කෙමින් කෙමින් වැනසෙනවා. ඒකයි ඇත්ත​.