..::: අතට අත:::..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ


    නිවැරදිව අතට අත දෙමු
    ..



    Shake Hand හෙවත් අතට අත දීම අතීතයේ සිටම පැවත එන දෙයක්. හමුවීමකදී, ජයග්‍රහනයකදී, සුබ පැතිමකදී අතට අත දීම සිදු කරයි. ඒ වගේම තමා කෙනෙකුගේ පවුර්ශත්වය මැන බැලීම සදහා ප්‍රදාන සාදකයක් තමා මේ අතට අත දීම.

    මිනිස් සිරුර තුලින් ආලෝක තරංග පිටවන බව විද්යාත්මකව සොයාගෙන තියෙනවා. අතට අත දීම මගින් ඔවුන් දෙදෙනා අතර කායිකව අදහස් හුවමාරුවක් සිදුවන බව දැන් සොයාගෙන තියෙනවා. එමනිසා අතට අත දීමේදී ඔබට ඔහු ගැනත් ඔහුට ඔබ ගැනත් යම් අවබෝදයක් ලබාගැනීමට පුලුවන්.


    එහෙනම් අතට අත දෙමු.

    * පළමුව ඔබගේ දෑත පිරිසිදුව තියා ගන්න. නැත්නම් අනෙකට ඔබගැන ඇති වන්නේ පිළිකුලක්.

    * ශරීරය සමබරව තබාගන්න.(දකුණු කකුල මදක් ඉදිරියට ගන්න)

    * ඔබ කෙනෙකුට සුබ පතනවා නම් පළමුව ඔබේ දකුණත දිගු කරන්න.

    images

    මේ ආකාරයට

    * ඔබගේ මාපට ඇගිලි කරුවත්. අනෙකාගේ මාපට ඇගිලි කරුවත් සම්බන්ද වී පසුව අනෙක් ඇගිලි නැවීම සිදු කල යුතුයි.

    images

    මේ ආකාරයට.

    * අනෙකාගේ අත ඇල්ලීමේදී ඕනවට වඩා බුරුලට හෝ තදින් ඇල්ලීම නොකළ යුතුයි. එක ඔබේ අතේ බිත්තරයක් තිබෙනවා සිතන්න.

    images

    මේ ආකාරයට

    * සමහරුන් අතට අත දීමේදී තම අනිත් අතින් අනෙකාගේ අතට හෝ උර පත්තට පොඩි තට්ටුවක් දානවා මෙහිදී ඉහල නිලදාරියෙක් හෝ වැඩිහිටියෙක් විසින් තමන්ගේ පහල නිලදරියට හෝ සේවකයෙකුට සුබ පැතිමේදී මෙම ක්‍රමය බාවිතා කරනවා. නමුත් ඔබ විසින් වැඩිහිටියෙකුට හෝ ඉහල නිලදරියෙකුට අතට අත දීමේදී මෙම ක්‍රියාව කිරීමෙන් වලකින්න.

    ** විශේෂයෙන්ම අතට අත දීමේදී අනෙකාගේ දෑස දෙස කෙලින් බලන්න.**

    කාන්තාවකට අතට අත දීම.

    කාන්තාවකට අතට අත දීමේදී මෙම ක්‍රමය මදක් වෙනස් වේ.

    * කාන්තාවකට අතට අත දීමේදී පළමුව ඔබ අත දිගු කිරීමෙන් වලකින්න(සමහරවිට ඇය අත දීමට අකමැති වීමට පුළුවන්)


    * පළමුව ඇයට අත දිගු කිරීමට ඉඩ දෙන්න.

    * අත දීමේදී ඔබේ ඇගිලි වලින් ඇගේ ඇගිලි ස්පර්ශ කරන්න.


    images

    මේ ආකාරයට



    * ඇගිලි මෘදුව අල්ලන්න. වැඩිවෙලා අල්ලා සිටීමෙන් ඔබේ කම්මුල රතුවීමට ඇති ඉඩ කඩ වැඩිය. හැකි ඉක්මනින් අත ඉවතට ගන්න.. :lol::lol:

    වැඩේ හොදයි කියල හිතෙනවනම් Rep නැතත් Comment එකක් දාල යන්න.. :P









     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර මම හිටපු කම්පැනි එකේ අවුරුද්දට හරි ජනවාරි 1 හරි වැඩ තිබුනම කොල්ලෝ පැනල යන්නේ කෙල්ලන්ගේ අතින් අල්ලන්න පුළුවන්නේ අවුලක් නැතිව:lol::lol::lol:

    ඒවගේ දවස් වලට කෙල්ලන්ට අත දෙන්නම වෙනවා :lol::lol::lol:

    වැදගත් පොස්ට් එකක් .. රේප්+4