මට එළකිරි කොල්ලොන්ගෙන් දෙයක් දැනගන්න තියෙනව. මට ඉන්නේ මචං අම්ම විතරයි. අම්ම නොවිඳිනා දුක් විඳල තමයි මාව උස්මහත් කලේ. මම ඉන්නේ මචං ගමක පොඩි ගෙදරක. මට උසස් අධ්‍යාපනය ලබන්න කොලබට යන්න ඕන උනත් අම්මව තනියම ගෙදර දාල යන්න මට බෑ 
අම්මව බලාගන්න මට සහෝදර, සහෝදරියන්වත් නෑ. අම්මගේ පැත්තේ සහ තාත්තගේ පැත්තේ නෑදෑයොත් ඉන්නේ දුර බැහැර නිසා සහ ඒ අයට ටිකක් සල්ලි බාගෙ වැඩිපුර තියෙන නිසා වැඩි සම්බන්දයක් නෑ. අනික අම්මා තියෙන ගේදොර ඉඩකඩම් දාල එන්නත් කැමති නෑ.
තේරුම් කරන්නත් අමාරුයි. එහෙම දාල ආවොත් ඒවා කැලේට යයි. බලාගන්න කවුරුවත් නෑ. සමහර විට හොරු කඩා ගනියි. 
මට මාර අවුල වෙලා තියෙන්නේ මචං. මට හොඳ අාර්ථික වත්කමකුත් නෑ අම්මටත් නවතින්න පුලුවන් තැනක් අරං අම්මව නවත්තන්න. දන්නවනේ කොලබ කුලී ගෙවල් වල ගනන්. පාට් ටයිම් කරත් හිතන්න අමාරුයි වැඩ ඔක්කොම එකට හරියට කරගන්න පුලුවන් වෙයිද කියල.
මේ වෙලාවට තමයි සහෝදර සහෝදරියෙක් හිටියනම් කොච්ච හොඳද කියල හිතෙන්නේ.
මට කියපල්ලා.
උබලා මම ඉන්න තත්වේ හිටියනම් ගන්න පියවර කුමක්ද? මට හිතා ගන්න බෑ මචං.