What do you do if you only have mother

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මට එළකිරි කොල්ලොන්ගෙන් දෙයක් දැනගන්න තියෙනව. මට ඉන්නේ මචං අම්ම විතරයි. අම්ම නොවිඳිනා දුක් විඳල තමයි මාව උස්මහත් කලේ. මම ඉන්නේ මචං ගමක පොඩි ගෙදරක. මට උසස් අධ්‍යාපනය ලබන්න කොලබට යන්න ඕන උනත් අම්මව තනියම ගෙදර දාල යන්න මට බෑ :(:no:

අම්මව බලාගන්න මට සහෝදර, සහෝදරියන්වත් නෑ. අම්මගේ පැත්තේ සහ තාත්තගේ පැත්තේ නෑදෑයොත් ඉන්නේ දුර බැහැර නිසා සහ ඒ අයට ටිකක් සල්ලි බාගෙ වැඩිපුර තියෙන නිසා වැඩි සම්බන්දයක් නෑ. අනික අම්මා තියෙන ගේදොර ඉඩකඩම් දාල එන්නත් කැමති නෑ. :( තේරුම් කරන්නත් අමාරුයි. එහෙම දාල ආවොත් ඒවා කැලේට යයි. බලාගන්න කවුරුවත් නෑ. සමහර විට හොරු කඩා ගනියි. :growl:

මට මාර අවුල වෙලා තියෙන්නේ මචං. මට හොඳ අාර්ථික වත්කමකුත් නෑ අම්මටත් නවතින්න පුලුවන් තැනක් අරං අම්මව නවත්තන්න. දන්නවනේ කොලබ කුලී ගෙවල් වල ගනන්. පාට් ටයිම් කරත් හිතන්න අමාරුයි වැඩ ඔක්කොම එකට හරියට කරගන්න පුලුවන් වෙයිද කියල.

මේ වෙලාවට තමයි සහෝදර සහෝදරියෙක් හිටියනම් කොච්ච හොඳද කියල හිතෙන්නේ.

මට කියපල්ලා.

උබලා මම ඉන්න තත්වේ හිටියනම් ගන්න පියවර කුමක්ද? මට හිතා ගන්න බෑ මචං. :no:
 
  • Like
Reactions: Turbine

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ubata puluwannan oya poddak waysaka aya innawa gedara weda karana,uyanna e wage ekenek hoyaganna ammawa balaganna...hatton,ginigathhena area eke oya wage servant la hoyaganna puluwan podi ganakata masekata.samahara aya daily kanna denawanan ewilla nataharawena aya innawa.ehema inna gaman gedara, idama wikunala ganna puluwan colombo kittuwen podi gedarak hoyanna try karapan.
 
එහෙම හරියන්නෑ මචං. හදිසියේ අම්මට අසනීප උනොත් පිරිමිකෙනෙක් ඉන්න ඕන නේ මචං. එපා වෙලා තියෙන්නේ මචං. කොහේවත් යන්න බෑ අම්ම තනියම නිසා :sorry:
 
nitrox

Well-known member
  • Dec 24, 2013
    1,984
    390
    83
    මචන් මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා..අපි ඉන්නෙ ටවුන් එක ලග..අහල පහල ගෙවල් වල අයත් හරි හොදයි.එක හින්දා අම්ම කීවා ගෙදර ඉන්නම් කියලා තනියම..මම කීවා නැන්දම්මලාගෙ ගෙදර හරි නවතින්ඩ කියල..එත් කැමති උනෙ නැ බන්..මටත් අයියයි අක්කයි හිටියට එ දෙන්නත් කොලබ වැඩ කරන්නෙ බන්..හැමදාම එන්ඩ වෙන්නෙ නැ.අහල පහල අය හොදයි නම් අව්ලක් නැ බන්..
     
    අහල පහල අය කියලත් විශේෂ හොඳක් නෑ මචං. මගේ අම්මා ටිකක් වයසයි :( ඒකයි ගොඩක්ම බැරි. ඒ කෙසේ වෙතත් ගෙදර අම්මව තනියම නම් ජීවිතේට තියන්න බෑ. හොඳ හිතින් යන තැනක කරන වැඩක්වත් කරගන්න වෙන්නේ නෑ එහෙම උනොත්.

    බලපන් කරුමෙකත් හැටි. :growl:
     
    May 19, 2013
    1,864
    81
    0
    අම්මව දාලා යන්න බැරි නං මචන් උඹට අම්ම එක්කම යන්න වෙනවා. නැත්තන් උසස් අධ්‍යාපනය මාතර ඉඳන් කරන්න වෙනවා. මොනාද ඉගෙන ගන්න හදන්නේ?
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    රජ්ජුරුවෝ;16826458 said:
    අම්මව දාලා යන්න බැරි නං මචන් උඹට අම්ම එක්කම යන්න වෙනවා. නැත්තන් උසස් අධ්‍යාපනය මාතර ඉඳන් කරන්න වෙනවා. මොනාද ඉගෙන ගන්න හදන්නේ?

    කොලබ යන්නනම වෙනව මචං. ආකිටෙක්චරින් කෝස් එකක් බන්.

    රජ්ජුරුවෝ;16826463 said:
    mathara yaddi galle road eke walgama kiyala gamak hamba wenawa kiyala mathakai.

    ඔව් එහේ තමයි මචන්.
     
    May 19, 2013
    1,864
    81
    0
    කොලබ යන්නනම වෙනව මචං. ආකිටෙක්චරින් කෝස් එකක් බන්.

    ඔව් එහේ තමයි මචන්.

    10කට අඩුවෙන් දෙන්නටම ඉන්න ප්ලේස් නං හොයා ගන්න පුළුවන් මචන් කොළඹින්. ගමේ ගෙදර බදු දෙන්න බැරිද?
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    රජ්ජුරුවෝ;16826520 said:
    10කට අඩුවෙන් දෙන්නටම ඉන්න ප්ලේස් නං හොයා ගන්න පුළුවන් මචන් කොළඹින්. ගමේ ගෙදර බදු දෙන්න බැරිද?

    බදු දෙන්න ට්‍රයි කරන්න නම් පුුලුවන්. ඉක්මනින් කෙනෙක් ‍සෙට් උනොත් හොඳයි.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මචන්, ජීවිතේ සමහර වේලාවල්වලදී අපිට අපි නොහිතන දේවල් කෑප කරන්න වෙනවා.. අනික ජීවත් වෙනවා කියන්නේ ඉර හද අල්ලන්න හදන එකත් නෙමෙයි.. උබට ඉන්න හිටින්න තෑනක් තියෙනවානම්.. තුන් වේල කන්න තියෙනවානම් සමාජයේ පිලිකුල් කරන්නේ නෑති චරිතයක්නම් උබ මේ ලෝකේ ඉන්න මිනිස්සු භාගයකටත් වඩා වාසනාවන්තයි.. සමහර වෙලාවල් වලදී අපිට දියුනුව පෙනි පෙනීත් ඒක මගහරින්න වෙනවා මගහෑර යා නොහෑකි කාරනා නිසා.

    අපි මනුස්සකම් තියෙන සන්වේදී සින්හල බෞද්ද මිනිස්සු.. ඒ හින්දා කවදාවත් අම්මා තාත්තා අතාරින්න එපා.. උබ පිරිමියෙක් උබට කොලබ එන්නම ඕන නෑ දියුනු වෙන්න.. ඉන්න ගමේ මොනවාහරි කරන්න පටන් ගනින්.. කරන දේට ආසාව තියෙනවානම් දුක විදින්න පුරුදු නම් ඕන මනුස්සයෙක්ට ජීවිතෙ ගොඩ එන්න පුලුවන්, ඉර හද අල්ලන්න බෑරිවෙයි ඒත් ත්මන්ගේ වගකීම් ඉටු කරගෙන බඩගින්නේ ඉන්නේ නෑතිව ඉන්න පුලුවන් වෙයි. තමන්ට නෑති දේ ගෑන හිතලා දුක් වෙනවට වඩා ඈති දේ ගෑන හිතලා සන්තෝස වෙයන්.. කොලබ දෙමවුපියන්ගේ සල්ලි වලින් රජ සෑප විදින උන්ට වඩා උබ උබේ උත්සාඅහයෙන් දෙයක් කරගෙන කීයක් හරි හම්බකරගෙන වේලක් ඈර වේලක් හරි කනවා නේම් ඒක දහස් ගුනයක් වටිනවා.. අම්මව සන්තීසෙන් තියපන්. අම්මට උබ ගෑන ආඩම්බර වෙන්න දීපන්.. අම්ම නෑතිදාක පසුතෑවෙන්න වෙන දේවල් කරන්න එපා.. උබ ඒලෙවල් වෙනකන් ඉස්කෝලෙ ගිහින් තියෙනවානම් ඒ උගත්කම හොදටම ඈති හොද තෑනකට එන්න.. ලොකු දේවල් පස්සේ දුවල දුවලා අපිට කවදාහරි හති වෑටෙනවා ඒක ඉවරයක් නෑති දිවිල්ලක්.. වත්කමින් උගත්කමින් මිනිස්සු හෑමෝම එක වගේ වෙන්න ඔන නෑ ඒත් මනිස්සකමින් හෑදියාවෙන් අපි ඉහලට යන්න ඕන.

    මේ හමහර දේවල් උබට අදාල නෑතිව ඈති.. කටට ආවට කිව්වේ.. උබේ ජීවිතේට හරියන තීරනයක් උබ ගනින්. බුදු සරනයි.