ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

    ShawshankRedemptionMoviePoster.jpg

    IMDB වර්ගීකරණයේ පළමු ස්ථානයට එන චිත්‍රපටය ගැන තමයි මම අද කියන්න යන්නේ. ඇත්තටම කිව්වොත් මම මේක ගැන කලින් කිසිම දෙයක් අහල තිබ්බෙ නෑ. ඒ වර්ගීකරණයේ පළමු තැනට ආපු නිසාම තමයි මට බලන්න හිතුනෙ. විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් කියල අවිවාදයෙන් සඳහන් කරන්න පුලුවන්.

    මම චිත්‍රපටයක දැකපු හොඳම හැරවුම (twist එක) තියෙන්නෙ මේකෙ කියල මට හිතෙනවා. සරලව කිව්වොත් මෙහෙමයි. ඔබ ඕනෑම චිත්‍රපටයක් බලද්දි ඒක ගැන යම් අදහසක් ඇතිකරගන්නවානෙ සාමාන්‍යයෙන්? ඉන්පසු ඒ ඔබ හදාගත්ත රාමුව තුල දිගටම ඉන්න උත්සාහ කරනවා. නමුත් පැය 2ක් ඒක බැලුවට පස්සෙ, අවසානයට මිනිත්තු දෙක තුනක් පමණක් තියෙද්දි ඒ හදාගත්ත රාමුව එක් වරම බිඳවැටුණොත්? අන්න ඒ වගේ දේකට තමයි ඔබට මේ චිත්‍රපටය බලද්දි මුහුණදෙන්න වෙන්නෙ.

    දැන් මම කතාව කෙටියෙන් කියන්නම්. නමුත් ඉහත කරුණ නිසාම එය කියද්දි මට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද වෙන්න යන දේ ගැන නිකමට වත් ඉඟියක් දුන්නොත් මේකෙ ඔබට නරඹා රසවිඳින්න දෙයක් නැතුව යන්න ඉඩ තියන නිසා.

    ඇන්ඩෲ (ඇන්ඩි) ඩෆ්‍රස් කියන්නෙ බැංකුවක ඉහළ නිලයක් දරන පුද්ගලයෙක්. තාමත් ගොඩක් තරුණයි. නමුත් ඔහුට බොරුවට චෝදනා එල්ල වෙනව තමන්ගෙ බිරිඳ සහ ඇගේ පෙම්වතා මරාදැමීම සම්බන්ධව. (හ්ම්ම්... ඒක නම් මරන්නම වටින දෙයක් කියන එක වෙනම කතාවක්). තමන්ගෙ නිර්දෝෂී බව ඔප්පු කරගන්න ඔහුට බැරි වෙනව. ඇන්ඩිට දඬුවම් නියම වෙනවා. නිව් ඉංග්ලන්ඩ් හි ශෝෂෑන්ක් බන්ධනාගාරයට ඔහු යැවෙනව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 2කට..!! එක් පුද්ගලයෙකුට එක් වාරය බැගින්...

    කතාවෙ වැඩිම කොටසක් වෙන්වන්නෙ ඔහුගෙ බන්ධනාගාර ජීවිතය වෙනුවෙන්. සාමාන්‍ය සිරකරුවෙකුගෙ ජීවිතයෙන් වෙනස් තමන්ගෙ බන්ධනාගාර ජීවිතය ඔහු සම්පූර්ණයෙන්ම කැප කරන්නෙ එහි දියුණුව සඳහා. පාලකයාගේ සිට, සෑම කෙනාගේම සිත දිනාගන්නා ඔහු ඒ තුල අලුත්ම පුස්තකාලයක් ගොඩනගනවා. ඒ අතරම මූල්‍ය පාලනය පිළිබඳ තම දැනුම උපයෝගී කරගෙන සියලුම පොලිස් නිලධාරීන්ගේ සහ අන් සියලුම පාලකයන්ගෙ බදු කටයුතු කරනව බන්ධනාගාරය තුලම ඉඳගෙන. අවසානයෙ තමා සිරබත් කන බන්ධනාගාරයම පත්වෙනව ඔහුගෙ කාර්යාලය බවට. ඒ කොතෙක්ද කියනව නම් ඔහුට වෙනම කාර්යාල කාමරයකුත් වෙන්වෙනව බන්ධනාගාරය තුල.

    මේ අතරෙ බන්ධනාගාරයට එනව අලුත් සිරකරුවො පිරිසක්. ඒ අතරෙ ඉන්නව ඔහුව ඒ පත්වෙල ඉන්න තත්වයෙන් මුදාගන්න පුලුවන් කෙනෙක්. ඔහු දන්නවා ඇන්ඩිගෙ බිරිඳගෙ සැබෑ මිනීමරුව කවුද කියල. නමුත් ඔහුට හැකියාවක් ලැබෙන්නෙ නෑ ඇන්ඩිව බේරගන්න. ඔහුගෙ සේවය ලබාගන්නා පාලකයන් අතින්ම ඒ පුද්ගලයා මියයනව. ඇන්ඩිගෙ දෛවය ලියවෙන්නෙ ඔය ආකාරයට...

    දෛවයේ කුරිරු සරදමට ලක් වූ පුද්ගලයෙකුගෙ රූපයක් දැන් ඔබේ සිත තුල මැවිල ඇති අනිවාර්යයෙන්ම. ඔවු ඔබ නිවැරදියි. නැත්තම් මෙහෙම විනැහියක් වෙයි යැ කිසිම කෙනෙකුට?

    නමුත්...

    නමුත් මම කතාව නවත්වනවා ඔතනින්. ඉතුරු ටික ඔයගොල්ලොම බලන්න.

    එක්තරා ස්ථානයකදි ඔබ ගොඩනගාගත්ත චිත්‍රය බිඳවැටෙනව මුලුමනින්ම. නමුත් කොහොමද? එකම එක ගල් කැට පහරකින්...!!

    ගල් කැටයක්? හ හා.. මම දන්නව ඔබට තේරුම් ගන්න අමාරුයි. නමුත් මගෙන් නම් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. හිතට නැගුණු උභතෝකෝටිකය විසඳගන්න ඕනෙ නම් ඔබම බලල විසඳගන්න.

    නමුත් මේ ටිකත් කලින් කියන්න ඕනෙ. මේ චිත්‍රපටය ඉතාම සම්භාවනීය එකක්. ත්‍රිලර් එකක් බලල ලැබෙන වින්දනය ලබාගන්න නම් මේක බලන්න එපා. ඉහත සිද්ධිය හැරුණම මේ මුලු චිත්‍රපටයම මිනිස් මනස ගැන තියුණු විවරණයක් වගේ. තමන්ගේ සියලුම සන්තකයන්ගෙන් වෙන්ව ජීවත් වන පුද්ගලයෙකුගෙ මනස ක්‍රියාකරන ආකාරය ඉතා අපූරු ලෙස මෙහි දැක්වෙනව පියවරෙන් පියවර. ඉතාම සංවේදියි...

    ෆ්‍රෑන්ක් ඩැරබොන්ට් අධ්‍යක්ෂණය කළ ටිම් රොබින්ස්ගේ රංගනයෙන් හැඩගැන්වුණු The Shawshank Redemption (1994) ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වී තිබෙනවා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මට ඕක නුවන් බුවා දුන්නා එකපාරක් බලපං කියලා.. මේ මගුලෙන් ෆිල්ම් එකක් බානවා කියන්නෙ එපා වෙන වැඩක් බං..:(
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    එල එල මචං.. මට ඕක නුවන් බුවා දුන්නා එකපාරක් බලපං කියලා.. මේ මගුලෙන් ෆිල්ම් එකක් බානවා කියන්නෙ එපා වෙන වැඩක් බං..:(

    උබ තාම බැලුවෙ නැද්ද? මන් මේ බැලුව විතරයි...පට්ට ෆිල්ම් 1ක බලපන් :cool: