පිළිකාව යනු අද ලෝකයේ පවතින කුරිරු මිනීමරුවෙකි. Cancer යන ලතින් වචනයේ තේරුම වන්නේ කකුළුවා යන්නය. එනම් පිළිකා සයිලයන් කකුලුවෙකුමෙන් සිරුරෙහි අවයව තුල තදින් අල්ලාගෙන වර්ධනයවේ. පිළිකාවක් යනු කුමක්දැයි අප ඉතා සරලව සලකා බලමු.
අපගේ ශරීරය සෑදී ඇත්තේ බිලියන 60000කට අධික සයිලයන්ගෙනි (Cells). සයිලය (Cell) යනු අප සිරුරෙහි සියලු අංගයන් සැදී ඇති මූලික ඒකකයයි. සයිල මගින් තනන, පටකයන් (Tissues) මගින් අප සිරුරෙහි ප්‍රධානතම අවයවයන්වන අක්මාව, හදවත හා පෙනහළු පවා නිර්මාණයකර ඇත. සිරුරට අවශ්යවනවිට සයිලයන් බෙදී නව සයිල බිහිකර (Proliferation) අබලන්වූ හෝ මියගිය සයිලයන්ගෙන් ඇතිවන අඩුව පුරවයි. මෙම ක්‍රියාවලිය මගින් සිරුරෙහි අවයවයන්ගේ අලුත්වැඩියාව, යහපැවැත්ම හා නියමිත හැඩය පවත්වාගෙනයාම සිදුකරයි. සිරුරෙහි අවයවයන්ගේ කාර්යභාරයන් ක්‍රමවත්ව පවත්වාගැනීමට මෙම ක්‍රියාවලිය අත්‍යවශ්‍යය. සිරුරෙහි සෑම සයිලයක්ම සලසුම්කර ඇත්තේ, සිරුරෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව,බෙදීම (Replication) මගින් අවශ්‍ය පමණට නව සයිල සංඛ්‍යාව වැඩිකර (Multiplication), අවශ්‍ය අවස්ථාවේදී විනාශවීමටයි (Self destruction). මෙම අතිසංකීර්ණ සයිල චක්‍රය (Cell Cycle) හා ක්‍රියාවලිය පාලනය කරනු ලබන්නේ සයිලය මධ්‍යස්තයේ ඇති න්‍යෂ්ඨිය (Nucleus) මගිනි. මෙහි ජාන (Genes) වර්ග ගණනාවක් අඩංගුවේ. ඇතැම් අවස්තාවලදී විවිධ හේතුකාරක හේතුවෙන් අස්වාභාවික ලෙස වෙනස් වන ජානයන්, එම ජානයන් මගින් නිර්මාණයවීඇති, සයිලයේ DNA (deoxyribonucleic acid) සංයුතිය විකෘති කරයි(Mutation). එවිට එම සයිලයන්ගේ සයිල චක්‍රය (Cell Cycle) පාලනය උදෙසා න්‍යෂ්ඨිය මගින් වැරදි සංඥා ලබාදෙයි. මෙම විකෘතිතාවය හේතුවෙන් සයිල බෙදී වර්ධනයවීම පාලනයකින් තොරව දිගින් දිගටම සිදුවන අතර නියමිත්කාලයකදී විනාශවීමද සිදුනොවේ. මෙම ජාන විකෘතිවූ සයිලයන්ගේ අත්තනෝමතික වර්ධනය හේතුවෙන් සිරුරෙහි පැවතිය යුතු සයිල සමබරතාවය (Equilibrium) බිදදමයි. මෙලෙස විකෘතිලෙස වැඩිවන සයිලයන් එකතුවීමෙන් ඉදිමුමක් /ගෙඩියක් සාදයි (Tumour). සෑම Tumour ක්ම පිළිකාවක් නොවන අතර පිළිකා Tumour ක් Malignanat Tumour ලෙස හදුන්වයි. මෙම පිළිකාවන් කෙටි කාලයකදී මෙන්ම, පළමු විකෘති සයිලය නිර්මාණයවී සෙමෙන් සෙමෙන් වසර10- 30 දක්වා දිගුකාලයක් තිස්සේද සිදුවිය හැක. මෙසේ ඇතිවන විකෘති සයිල එකතුව (Malignant Tumour) රුධිරනාල නිර්මාණයකර සිරුරෙහි රුධිර සංසරණ පද්ධතියට සම්බන්ධවේ.මෙමගින් අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් ලබාගෙන තවදුරටත් වර්ධනයවීම හා පැවැත්ම තහවුරුකරගනී. මෙම තත්වය Angiogenesis නමින් හැදින්වේ.මෙලෙස වැඩෙන පිළිකාවන් ශරීරයේ වටිනා අවයවයන්ගේ නිසි ක්‍රියාකාරීත්වය අඩපණ කරයි. භයානකම තත්වය ඇතිවන්නේ ගෙඩියක් වශයෙන් හටගෙන තිබෙන පිළිකාවට සම්බන්ධවන රුධිරනාල ඔස්සේ පිළිකාකාරක සයිලයන් (Carcinogen Cells) රුධිර සංසරණ පද්ධතියට එකතුවී ශරීරයේ වෙනත් කොටස් හා අවයව වෙතගොස් ඒවා ආක්රමණයකර නව පිළිකාවන් නිර්මාණය කරයි. මෙම ක්‍රියාවලිය Metastasis නමින් හැදින්වේ. මෙලෙස පිළිකා සයිල මුළු ශරීරයම ආක්රමණයකර ගනී. සාමාන්‍ය සයිලයක් පිළීකාකාරක සයිලයක් බවට පත්වීමට ප්‍රධානතම හේතුසාධක ලෙස පහත දැක්වෙන දේ හදුනාගෙන ඇත.
1. ප්රවේණි ජානයන්
2. ආසාධනයන්ට ලක්වීම (HIV, Hepatitis වැනි )
3. විෂ රසායනිකයන් (Toxic Chemicals) සිරුරට ඇතුළුවීම මෙන්ම විකිරණ (Radiation) හා හිරු කිරණයන්ට (ඕසෝන් වියන හානිවූ තැන්වල) නිරාවරණයවීම.
4. දුම් පානය හා මත්පැන් භාවිතය
5. මේද අධික ආහාර භාවිතය හා එළවලු, පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීම.
මේ වනවිට ලොවපුරා මිලියන 25ක් පිළිකා සහිතව ජීවත්වේ. සෑම වසරකම ලොවපුරා මිලියන 7ක් පිළිකා හේතුවෙන් මියයයි. ලොව බහුලවම ඇති පිළිකා වර්ගයන් අනුපිළිවෙලින් මෙසේය.
1. පෙනහළු පිළිකා (Lung Cancer)
2. පියයුරු පිළිකා (Breast Cancer)
3.බඩවැල් ආශ්රිත පිළිකා (Colorectal Cancer)
4. උදරයේ පිළිකා (Stomach Cancer)
5 පුරස්ථි ග්‍රන්ථි පිළිකා (Prostate Cancer)
පිලිකාවන් සදහා ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම තුනක් භාවිතවේ. මේවා වෙන් වශයෙන් හෝ එකතුවක් වශයෙන් යොදාගනී.
1). ශල්‍යකර්මය (Surgery) - මෙය මුල් අවධියේදීම හදුනාගත් පිළිකාවක් ඉවත්කිරීමට භාවිතාවේ
2). විකිරණ ප්රතිකර්මය (Radiotherapy) - මෙය වර්ධනය වෙමින් පවතින පිළිකා සයිලයන්ගේ වර්ධනය අඩාලකරගැනීමට භාවිත කරයි. පිළිකා සයිල විනාශවීමද සිදුවේ.
3). කීමෝ ප්රතිකර්මය (Chemotherapy) - මෙය වර්ධනයවී ඇති පිළිකා සයිලයන් විනාශකිරීමට මෙන්ම පිළිකා සයිලයන්ගේ වර්ධනය අඩාලකරගැනීමට භාවිත කරයි.
මෙහි 2 හා 3 වන ප්රතිකර්මයන් සිරුරෙහි පිළිකා සයිලයන්ට මෙන්ම සාමාන්‍ය නිරෝගී සයිලයන්ටද හානි පමුණුවයි. උග්‍රවිෂ සහිත මෙම ප්රතිකර්මයන්ගෙන් සිරුරට අතුරු ආබාධ රාශියක් ගෙනදෙයි. Radiotherapy හා Chemotherapy වලින් පසු, ප්රතිකර්මයෙදී විනාශවූ සාමාන්‍ය සයිල නැවත වැඩීමේ වේගයට වඩා වැඩිවේගයකින් පිළිකා සයිල නැවත වැඩීම සිදුවුනහොත්, ප්‍රතිකර්මයෙන් ඵලක් නොවේ. දැනට පර්යේෂණයන් කෙරෙමින් පවතින්නේ පිළිකා සයිලයන්ට පමණක් හානි ගෙනදෙන ප්‍රතිකාරක්‍රම සොයාගැනීමටය. පහත වීඩියෝව නැරබීමෙන් මෙම ක්‍රියාවලිය හොදින් අවබෝධකරගැනීමට හැකිවනු ඇත.