මම මේ නූල මුල ඉදන්ම කියෙව්වා. හොද නූලක්. මමත් මෙච්චර කාලයක් පාවිච්චි කරේ ඇන්ඩ්රෝයිඩ් තමයි. මම ඉස්සෙල්ලහ යූස් කරේ එක්ස්පීරියා ටිපෝ එකක්. මට ඒක එපාම වුනා. පට්ට ලැග් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ එළකිරි එකේ අයගෙන් අහලා ගත්තා එක්සපීරිය එල් එකක්. ඒක ටිකක් හොදයි. දැන් යූස් කරන්න පටන් අරන් මාස 3 ක් විතර වෙනවා. ඒකත් එක වෙලාවකට ලැග් වෙනවා. බට් ටිපෝ එක තරම් නෑ. සමහර වෙලාවට කෝල් ආන්සර් කරන්නත් බෑ. මටත් දැන් හිතෙනවා හේ එක්ස්පීරියා එල් එකත් දීලා නෝර්මල් වින්ඩෝස් පොන් එකක් ගත්තානම් හරි කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන??????????????????????????
හිතන්න දෙයක් නෑ බන්.ලුමියා 525 එකක් අරන් බලපන්.උබට පිස්සු හැදෙයි ෆෝන් එකේ ස්මූත් එකට.ගන්නකොට ඩිවයින්ස් එකෙන් ගනින් මැජෙස්ටික් සිටි එකේ තියන.ඉන්ශුවරන්ස් එකත් එක්ක හම්බෙන නිසා කිසි බයක් නෑ.
ඔව් බන් මගේ ලගත් තියෙන්නේ එක්සපීරිය එල් එකක් දැන් අවුරුද්දකටත් වැඩියි එපා වෙනවා දැන් phone එක slow ලැග් වෙනවා අරවා මේවා os bugs ගොඩ
මමත් හිතන් ඉන්නේ iphone එකකට හෝ windows phone එකකට යන්න
Android නම් හොද nexus තමා අනිත් ඒවගේ os එක එන්නේ customize කරලා නේ
නෙක්සස් ගත්තත් ලැග් වෙනවා ටික කාලයක් යනකොට.ඇන්ඩ්රොයිඩ් මොන ෆෝන් එකක් ගත්තත් කීයක් දීලා ගත්තත් කවදාහරි දවසක අනිවා ලැග් වෙනවා.මාත් ඇන්ඩ්රොයිඩ් සුපිරි ෆෝන් යුස් කරා නෝට්3,එස් 5 වගේ.ඇප්ස්,ගේම්ස් වැඩි වෙන්න වැඩි වෙන්න ලැග් වෙන්න ගන්නවා.ඇන්ඩ්රොයිඩ් මිනිස්සු ගන්නේ හැමෝම ගන්න නිසා.ගත්තට පස්සේ තමා ලැග් වෙනකොට තරු පේන්නේ.ෆේස් බුක්,වට්ස්ඇප්,වයිබර්,ස්කයිප් සෙට් එකම එක පාර යුස් කරන්න ගත්තාම ගොඩක් ලැග් වෙනවා.එපා වෙලා යනවා එතකොට නම්.