කුණ්‌ඩලකේසී
රුවන් බන්දුජීව
කෙස්‌ස උස්‌කරන් බැඳගෙන
රෙද්ද තද කරන් ඇඳගෙන
රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇඳ වටේම
තුන් විඩයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්‌ඩලකේසී
මාල කඩනවා සත්තුක - කංස බෙදනවා සත්තුක
රාජපුරුෂයන් නිතරම පැලට පනීවී
බතක් මාලුවක් බැඳගෙන පියාඹා ගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී
සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙන කල් ඉවසපු දේවී
එපා තාත්තේ කිය කිය දූ හීනෙන් හඬන හඬින්
තිගැස්‌සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී
සත්තුක නිදි ඇඳ වටේට - තුන් විඩයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්‌ඩලකේසී
![]()
නියමයි අක්කෙ.. ඕක පොතකද තියෙන්නෙ..? පොත් වල නම් මතක නැද්ද..?
මතක නම් නම් දෙක තුනක් කියන්නකො..
මතක නම් නම් දෙක තුනක් කියන්නකො..








මම හිටියෙත් නැහැ. උට එකට නහුතෙට නැගලා