Driving Licence Exam papers & many more ;)

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවෙ පවත්වන ලේසිම විභාගෙ ප්‍රශ්න පත්‍රය හා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීමේදී වැදගත් වෙන දේවල් ටිකක් ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි යන්නෙ ඕන්....:P

    මෙන්න තියනව ලංකාවෙ බත් කන හරක් ඇරෙන්න හැමෝම පාස් වෙන කොටින්ම චාටර්ම විභාගෙ පේපර් එක... :rofl:
    මේකෙ ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් තියනව... මේ ප්‍රශ්න පත්‍ර දෙක තමා රියදුරු පරීක්ෂණයට දෙන්නෙ...:D

    paper No1

    http://www.mediafire.com/view/ab7u8j4wb7maaob/paper_1.pdf

    PhotoPPT0001_zpsbc3fb0ff.jpg

    PhotoPPT0002_zps05652c62.jpg

    PhotoPPT0003_zps22209cdc.jpg

    PhotoPPT0004_zpsf090fb9e.jpg

    PhotoPPT0005_zps0af806d2.jpg

    PhotoPPT0006_zpsd160871c.jpg

    PhotoPPT0007_zpsa76ab88f.jpg

    PhotoPPT0008_zps62be5a98.jpg



    paper No2

    http://www.mediafire.com/view/wz8rswz1aq7o2a1/paper_2.pdf


    paper020001_zpsbbd65727.jpg

    paper020002_zps410cea48.jpg

    paper020003_zps837e98af.jpg

    paper020004_zps8d04739b.jpg

    paper020005_zpsdafbb9f3.jpg

    paper020006_zps3d06accc.jpg

    paper020007_zps5e7d0522.jpg

    paper020008_zps9e81181f.jpg



    මේ ප්‍රශ්න වලින් ප්‍රශ්න අංක 41-45 දක්වා තියන ප්‍රශ්ණ වලට පිළිතුරු ලියන්න ඔනෙ බර වාහන බලපත්‍රය ගන්න අය පමණයි;)
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රශ්න පත්තර දෙක දැන් හම්බුනා කියමුකො...:P ඒත් ඉතින් මේ මගුල් ගැන අපි මුකුත් දන්නවයෑ... :baffled: ඔය පරෙ දෙපැත්තෙ ගහල තියන පුවරු ගැනත් දැනගන්න එපායෑ... :rolleyes:දැන්වීම් පුවරු නෙමෙ බොලව්... :angry:මාර්ග සංඥා පුවරු ගැන කිව්වෙ...:D

    roadsign-page1_zpsebc16938.jpg

    roadsign-page2_zps0a37125b.jpg

    roadsign-page3_zps64c1bd68.jpg

    roadsign-page4_zpsda086ff4.jpg

    roadsign-page5_zps5eb6402a.jpg

    roadsign-page6_zps1d185dfd.jpg

    roadsign-page7_zps584f95fe.jpg



    රියදුරු පුහුණු පාසල් වලට ගිහාම ලිඛිත පරීක්ෂණේට යන්න කලින් දෙන පොඩි පොතෙ මාර්ග නීති හා පොඩි උපදෙස් ටිකක් තියනව... නීතිය දන්නෙ නැතුව පාරෙ යන්න පුලුවන් යෑ....:baffled:

    ඔන්න ඔය පහල තියන ලින්කුවට ගිහින් ඒකත් එහෙනම් බාගන්නකො....
    ;)

    http://www.mediafire.com/view/xfoykdkeko3b2gs/guide_to_take_licence_and_road_signs.pdf


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තව දෙයක් කියන්න ඔනෙ... ඔබට වාහන පදින්න පුලුවන් නම් නිකරුණෙ රියදුරු පුහුණු පාසල් වලට යන්න එපා... :no:මොකද රුපියල් 2500ක් වැනි සුලු මුදලකට රියදුරු බලපත්‍රය ලබා ගන්න ඔබටම පුලුවන්....:shocked: පළමු වරට රියදුරු බලපතක් ගැනීමට යනවනම් ලිඛිත පරීක්ෂණය අවසන් කරල මාස තුනකට පස්සෙ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න ඔබට පුලුවන්...:yes::yes::cool:

    ඒ වගේම බර වාහන බලපත්‍රයක් ගැනීමට අවුරුදු 21ක් සම්පූර්ණ වෙන්න ඔනෙ වගේම ඔබගෙ රියදුරු බලපත්‍රය වසර දෙකක් පරණ විය යුතුයි...
    :baffled:

    නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

    • පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය
    • දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
    පොදු අවශ්‍යතා

    1. අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
    2. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
    3. මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
    4. ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
    1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

    1. වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
    2. ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
    3. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
    4. ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
    5. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
    6. ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය‍වරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම

    1. අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
    2. සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
    3. වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
    4. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
    5. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
    6. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
    7. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
    8. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    මූලාශ්‍ර:

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&catid=65&task=info&lang=si

    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=si

    එළකිරියෙ සහෝදරවරු දාල තිබ්බ ත්‍රෙඩ් වලට ගිහින් පොඩි අදහසක් ගන්න ;)

    http://www.elakiri.lk/forum/showthread.php?t=800034

    http://www.elakiri.com/forum/showthread.php?t=1628347

    http://www.elakiri.com/forum/showthread.php?t=1586873


    අනිත් කට්ටියටත් දැනගන්න කමෙන්ට් එකක් දාලම යන්න...
    ;)
     
    • Like
    Reactions: waligamaya

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    papar wala utthara gahala tiyenne ban...
    mama thread eka kiyewwe nam ne...
    mama licence eka gatthe jil mart walin.


    කොහෙ පේපර් වල්වද මචො... මේකෙ දාල තියන ඒවගෙද... ගොඩක් උන් ජිල්මාට් දාල බලපත්‍රය ගනව තමා බන්... ඒක ප්‍රසිද්ධ රහසක්:rofl::rofl:


    You must spread some Reputation around before giving it to anju.r again.

    ඉට්ස් ඔකෙ මචො ;)
     
    • Like
    Reactions: IveyStyle

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කොහෙ පේපර් වල්වද මචො... මේකෙ දාල තියන ඒවගෙද... ගොඩක් උන් ජිල්මාට් දාල බලපත්‍රය ගනව තමා බන්... ඒක ප්‍රසිද්ධ රහසක්:rofl::rofl:




    ඉට්ස් ඔකෙ මචො ;)
    ammo owa kiyanna be ban.mawa hire dai......:baffled:
    mata e kale driving be ,horen auto drive karapu kale eth 500k dunnama licence eka hamba una:D
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    මම 2013 මැයි වල වගේ exam ලියල පාස් උනා. trail date එකට යන්න බැරිවුනා පුද්ගලික හේතුවක් නිසා. දැන් බැරිද ආයි exam එක ලියන් නැතිව trail පෙන්නන්න.
     
    • Like
    Reactions: anju.r

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,306
    5,389
    113
    මචන්, උඹ කරල තියෙන්නෙ ලයිසන්ස් ගන්න ඉන්න ගොඩක් අයට උදව්වක් ඒත් උඹ දාල තියෙන්නෙ ආදර්ශ ප්‍රශ්න පත්‍ර නෙමෙයි... මේ පේපර්මද කොහෙද එන්නෙ ... ඒක නිසා බලාගෙන .. මොකද උන් එලියට දාන්නෙ නැති රජයේ පේපර් ඔන්ලයින් දානව කියන්නෙ උඹව ආයුද පෙන්නන්න කියල එක්කන් යන්නත් බැරි නෑ ... :P
     
    • Like
    Reactions: anju.r

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ගයාන් ලක්මාල්;17050459 said:
    මම 2013 මැයි වල වගේ exam ලියල පාස් උනා. trail date එකට යන්න බැරිවුනා පුද්ගලික හේතුවක් නිසා. දැන් බැරිද ආයි exam එක ලියන් නැතිව trail පෙන්නන්න.

    පුළුවන් නේද මචන්? එල් පර්මිට් එක මාස 18 ක් වැලිඩ් කියල තියෙන්නෙ..