WoodWorking With ජොනී බට්ට -- Tools

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හිතුවටත් වඩා කට්ටිය කැමති නිසා දිගටම කරගෙන යන්න හිතුව. :D:D
    අපි මේ කරන්න යන්නේ මොකක්ද කියල දන්නේ නැති අය මෙතන ක්ලික් කරන්න.

    bg_woodworking_banner.jpg


    අපි එහෙනම් අවශ්‍ය ටූල්ස් සහ මැෂින් වලින් වැඩේ පටන්ගමු
    11.gif


    කාටත් තියන කවුරුත් අදුරන පොඩි පොඩි දේවල් වල ඉදන් සංකීරණ දෙවල් වලට යමු :D

    1) මිටියක් -- අඩු මිටියක් වෙන්න ඕනේ, ඒ කියන්නේ ඇන ගලවන්න පුළුවන් මේ වගේ එකක්

    20120121210255!Hammer.jpg


    2) දිග මනින ටේප් එකක්

    917-25.jpg


    3) screwdrivers (නියං)

    290.1.350.350.FFFFFF.0.jpeg


    4) කියතක්

    B9822s.jpg


    5) ලී කපන නියං සෙට් එකක් අගල් 1/4, 1/2, 3/4 සහ අගල. අනවශ්‍ය කෑලි කපා ඉවත් කිරීමට සහ ලී දෙකක් ජොයින් කිරීමේදී උපකාරී වේ.

    Ansen-Tools-AN-223-Wood-Chisel-Set-6-Piece-0-350x350.jpg


    6) යත්තක් -- යතුගෑම සදහා -- අපි ලීයක් කෙලින් කැපුවට කැපිච්ච පැත්තේ කොහොමටත් කඩතොළු ඇද කුද තියනවනේ, යත්ත පාවිච්චි කරලා අපිට පුළුවන් කඩතොළු සහ ඇද නැතුව නුලට ලීය ගා ගන්න.

    මේ වගේ ඒවානම් ලංකාවේ නැ මන් හිතන්නෙ..
    shop-fox-d2673-smoothing-plane-2-x-9-3-4.jpg


    නොර්මල් ලී වලින් හදපුව තියනව මේ වගේ :dull:

    Wood_Planes2005520415298610.JPG


    ඇතුල මේ වගේ

    Fig.9-Mechanism-of-Plane.jpg


    ඔය එලියට පැනල තියන තලේ කොනට තමයි ඔක්කොම රළු තැන් කැපෙන්නේ, පහල තියන පොඩි video එක බැලුවනම් තේරෙයි යතුගාන හැටි



    7) අල්ලු/ කලම්ප (clamps)

    ලීයක් මේසෙට හිර කර ගැනීමට, ලී දෙකක් එකට හිර කිරීමට..... සහ ගොඩක් දේවල් වලට. කලම්ප වර්ග ගොඩක් තියනව. කඩෙන් ගන්නවට වඩා අපිට එකක් හදාගහ්තහැකි , එකත් මම කියල දෙන්නම්.

    මේ තියෙන්නේ ජාති සේරම :D
    clamps____010508.jpg


    8) ඩ්‍රිල් එකක්

    ලී විතරක් විදිනවනම් 200W වගේ පොඩි එලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක් හොදටම ඇති. සල්ලි තියනවනම් cordless ගන්න. සැහෙන්න පහසුයි, රුපියක් 15,000න් උඩ තමයි හැබැයි. චුටි, කරන්ට් එකට ගහන එකක් රුපියල් 2000ත් 2500ත් අතර ගානකට ගන්න පුළුවන්. මතක ඇතුව දෙපැත්තටම කැරකෙන්න හදන්න පුළුවන් ස්විච් එකක් තියන එකක් ගන්න. දැන් හැම drill එකකම තියනව හැබැයි කෝකටත් බලලම ගන්න :P

    පරම්පරා 2ක 3ක් යනකම් පාවිච්චි කරන්න අදහසක් තියනවනම් Bosch, Dewalt, Makita, Dremel, Black & Decker වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න, 15,000 උඩ තමයි ඒවත්. ඔය බ්‍රෑන්ඩ් names බොරුවට ගහපු ජරාවල් තියනව අහුවෙන්න එපා.

    මේ තියෙන්නේ cordless drill එකක්:
    standarddrill.jpg


    මේ තියෙන්නේ සාමාන්‍ය drill එකක්:
    stock-photo-electric-drill-with-cord-and-attached-metal-bit-95514757.jpg


    9) Jig Saw (ජිග් සෝ)

    jig-saw.jpg


    ලී කපන්න තමයි ගන්නේ. කියතෙන් එක දිගට කපනකොට ආතල් :rofl: ඒ හින්ද ජිග්සෝ එකක් තියනවනම් ඇගට ගුණයි, වැඩත් ලේසියි කාලෙත් ඉතුරුයි :yes:
    ලී එක්ක වැඩ කරනවානම් 400W - 500W අතර එකක් හොදටම ඇති. අඩුවටම ගන්න පුළුවන් එක 3000ත් 4000ත් අතර ගානකට ගත්තහැකි. වැඩි කල් පාවිච්චි කරන්න ඕනනම් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න :D

    ජිග්සෝ දැකල නැති, කොහොමද කපන්න දන්නේ නැති අය මේ video එක බලන්න :D


    10) Angle Grinder

    Mr-Skill-Makita-Angle-Grinder.jpg


    සැහෙන වැඩක් ගන්න පුළුවන් ටූල් එකක් ඒ වගේම තමයි මේක පාවිච්චි කරද්දී සැහෙන්න සැලිකිලිමත් වෙන්න ඕන. පොඩ්ඩක් මිස් උනොත් ඇගිල්ලක් අතක් පයක් නෙවේ බෙල්ල උනත් කැපිල වෙන් වෙන්න පුළුවන් :dull::dull::dull:

    එක පාරක් මට grinder එක අතරිලා මගේ මහපට ඇගිල්ල වෙන් වෙන්න ආසන්නව තිබුනේ. මහුන් දාල ගොඩ දැම්මේ :sorry::sorry: කවදාවත් පාවිච්චි නොකරපු කෙනෙක් නම් ලී කපන්න යකඩ කපන්න පාවිච්චි නොකරම ඉන්නවනම් තමයි හොද. කොහොම උනත් මේක අපි වඩු වැඩ වලදී පාවිච්චි කරන්නේ ලීයක මතුපිට සිනිදු කරන්න.

    ඒක කරන්නේ මෙහෙමයි,

    ප්ලාස්ටික් නට් පෑඩ් එකක් grinder එකට හයි කරනව. හරියටම මේ වගේ එකක්:

    toolbank_fle20410.jpg


    ඔය පල්ලහ තියන රතු පාට රවුම් තමයි වැලි කඩදාසි වලින් කපපු රවුම්, ඒ රවුමක් අපි හයි කරපු නට් පෑඩ් එකට ගම් දාල හොදට අලෝනවා.
    mSsxhNemNiOY50DCKCEn1Mg.jpg


    මේ video එකේ විනාඩි 4 ඉදන් බලන්න කොහොමද angle grinder එකකින් ලීයක් මදින්නේ කියල


    මේ video එකේ තියෙන්නේ ලොකු grinder එකක්. සාමාන්යෙන් අපිට අගල් 4 හෝ 4.5 size angle grinder එකක් ඇති. අගල් 4 නොර්මල් එකක් රුපියල් 2000 සිට ඉහලට තියනව.

    සමහර විට අපි බඩුවක් හදන්න ගිහාම අපිට මෙතනින් අවශ්‍ය වෙන්නේ drill එකක්, කියතක්, මිටියක්, angle grinder එකක් විටරයි. මොකද අපි ලීය කෙලින් කපගත්තොත් යතු නොගා angle grinder එකෙන් පොඩ්ඩක් මැද්දනම් ඇති :cool:

    තව දානවනම් ටූල්ස් 100ක් හරි දැම්මැකි. මම මෙතන දැම්මේ සාමාන්යෙන් අවශ්‍ය වෙන දේවල් පමණයි.

    අඩුවට සාමාන්යෙන් හොද machines ටිකක් ගන්න ඕනෙනම් PowerTek බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. ගානත් සාදාරනයි, warranty අවුරුද්දක හෝ මාස හයක හම්බෙනව. පාවිච්චියටත් සාමාන්යෙන් හොදයි.

    වැදගත් වෙන්න ඇති කියල හිතනව, අදහස් පැමිණිලි ප්‍රශ්න ඔක්කොම ඉදිරිපත් කරන එකයි තියෙන්නෙ දැන් :P:P


    මීලගට ලී සහ ලෑලි ගැන thread එකක් බලාපොරොත්තු වන්න
    11.gif
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    mala mitiyak witari thiyenne:( mewa gedrin illana giyoth guti.kmakna kamkna jobak karanakota wath wade patan gannawaaa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පැටියා;17097203 said:
    Clamps, කැටයං කපන නියං ඇරෙන්න ඔය දාල තියන ඔක්කොම ටූල්ස් මගෙ ලඟ තියනවා :yes:

    කව්ද ඉතින් ඇහුවෙ...රිදෙයි... :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලනෙ මචං සුපිරියට ලියල තියනවා හොදට පැහැදිලි වෙන විදිහට. ගොඩක් වටිනවා. කොල්ලෙක් වුනහම අඩුම තරමේ මේ වගේ වැඩ ටික ටිකවත් කරන්න ඕනේ, නිකං පව්ඩර් බබාලා වගේ ඉන්නෙ නැතුව.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;17097219 said:
    එහෙනම් එළනේ, :D උබත් නිකන් ඉන්න වෙලාවට මොනා හරි හදනවද?

    එහෙම මොකුත් හදන්නෙ නෑ. ගෙදර රෙපෙයාර් වැඩ වලට එහෙම පාවිච්චි කරන්නෙ. මේ ටිකේ වඩිම්බු ගහලා වැහි පීහිලි දානවා. මම තමා බාස්. තව එකෙක් ඉන්නව අත්උදවුවට :D
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එලනෙ මචං සුපිරියට ලියල තියනවා හොදට පැහැදිලි වෙන විදිහට. ගොඩක් වටිනවා. කොල්ලෙක් වුනහම අඩුම තරමේ මේ වගේ වැඩ ටික ටිකවත් කරන්න ඕනේ, නිකං පව්ඩර් බබාලා වගේ ඉන්නෙ නැතුව.

    පැහැදිලියි නම් එච්චරයි, මම වැඩිය දේවල් තේරුම් කරලා දෙන්න දක්ෂයෙක් නොවන නිසා චෝරද දන්නෙ නැ කියල හිතුව :dull::dull::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;17097224 said:
    එහෙම මොකුත් හදන්නෙ නෑ. ගෙදර රෙපෙයාර් වැඩ වලට එහෙම පාවිච්චි කරන්නෙ. මේ ටිකේ වඩිම්බු ගහලා වැහි පීහිලි දානවා. මම තමා බාස්. තව එකෙක් ඉන්නව අත්උදවුවට :D

    එල :rofl: උබ නේද thread එකක් දාල තිබ්බේ pvc gutters ද galvanized එකද කියල, මොනාද දැන් අන්තිමට හයි කරන්නේ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;17097226 said:
    පැහැදිලියි නම් එච්චරයි, මම වැඩිය දේවල් තේරුම් කරලා දෙන්න දක්ෂයෙක් නොවන නිසා චෝරද දන්නෙ නැ කියල හිතුව :dull::dull::rofl:
    නෑ හොදට තියනවා. මේවගේ ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක් දැම්මට බොහෝම ස්තූතී
    :D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;17097230 said:
    එල :rofl: උබ නේද thread එකක් දාල තිබ්බේ pvc gutters ද galvanized එකද කියල, මොනාද දැන් අන්තිමට හයි කරන්නේ?

    අමානෝ වැහි පීහිලි ගත්තෙ. හයි කරන්න ටිකක් අමාරුයි හැබැයි :dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නෑ හොදට තියනවා. මේවගේ ප්‍රයෝජනවත් ත්‍රෙඩ් එකක් දැම්මට බොහෝම ස්තූතී
    :D:D:D:D

    එල
    11.gif
    :D

    පැටියා;17097237 said:
    අමානෝ වැහි පීහිලි ගත්තෙ. හයි කරන්න ටිකක් අමාරුයි හැබැයි :dull:

    පොප් රිවට් ගැහිල්ලක්නෙ බන් තියෙන්නේ. ස්කැෆොල්ඩින් එකක් ගහගත්තනම් පට පට ගාල ගහගෙන ගිහැකි :D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;17097250 said:


    එල
    11.gif
    :D



    පොප් රිවට් ගැහිල්ලක්නෙ බන් තියෙන්නේ. ස්කැෆොල්ඩින් එකක් ගහගත්තනම් පට පට ගාල ගහගෙන ගිහැකි :D:D

    පොප් රිවට් තමා ගහන්නෙ ඒත් පීහිලි දෙකක් overlap වෙන තැන හරියට හේත්තුව ගන්න පට්ට අමාරුයි clamps නැතුව. එහෙං මෙහෙං ලී කෑලි හිර කරලා හේත්තුව හදාගෙන තවුවක් ගහ ගන්නව :dull:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    ජොනී බට්ට;17097226 said:
    පැහැදිලියි නම් එච්චරයි, මම වැඩිය දේවල් තේරුම් කරලා දෙන්න දක්ෂයෙක් නොවන නිසා චෝරද දන්නෙ නැ කියල හිතුව :dull::dull::rofl:

    නැ නැ බන් සුපිරියට තියෙනව :cool:
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Sira !

    Adoo sira tread eka thanks for sharing ! :D

    machan kata yaththak keeyak withara wenawada ? ban dorak thiyanawa hariyata wahenne nea yathugaaganna onee. No 80 withara san paper ekakin shape karaganna haduwata hari yanne nea. :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    itiri tikath daapan. nettan thota wedak set unaama meka ala wenawa. weda neti tike ikmanata liyala daapan.
    niyan tika, jigsaw eka & angle grider ekak ganna oone. normal niyan ne. ketayam kapana niyan set eka tiyenne....