කාට මොන හේතුවට උනත් උබගේ ඔය කුණුහරප වැගිරිල්ලයි අම්ම මතක් කරලා බැනිල්ලයි නතර කරපන් බන්. එකක් දෙකක් නෙමේ නේ බන් කියනවනකොට උබ තියෙන සේරම දාල 100ක් විතර කියවනවානේ. අනිත් එක කාගේවත් පර්සනල් දේවල් මේකට ඇදගෙන එන්න එපා. උබ මහා පහත්ම වැඩක් කරේ අර චරිත්ගෙයි උගේ වයිෆ් ගෙයි ෆොටෝ දදා. උබ අනිත් උන්ගේ කුණු ඇද්ද හින්ද තමයි දැන් මේ කට්ටිය වටවෙලා උබේ කුනුඅදින්න හොයන්නේ. මේ ත්‍රෙඩ් තව ටිකදවසකින් යටයයි, නමුත් ඊට පස්සෙවත් මතක තියාගනින් උබ කතාබහ කරන විදිහ යම්කිසි දෙකට ප්‍රතිචාර දක්වන විදිහ වගේ දේවල් වෙනස් කරගන්න. මිනිස්සු එක එක මතවල ඉන්නවා, උබ ඒ කියන දේවල් වලට එකග නැත්තං වැදගත් විදිහට උත්තරයක් දීල අයින් වෙයන්. ඇයි උබේ අම්ම මහින්දට දෙනවද අනංමනං කියවන්න කොහොමටත්ම අවශ්‍ය නෑ. අදටත් හිට්ලර් හරි කියන මිනිස්සු ලෝකේ නැද්ද. ඉන්නවනේ.
උබ ඉන්න මතේම හැමඑකාම ඉන්න ඕනේ කියල හිතන එක නවත්තපන්. උබට ආර්ගිව් කරගන්න ඕනෙනං ඒක බොහොම චාරවත් විදිහට කරපන් මේකේ වපසරියට උචිත විදිහට සීමාවෙලා, පෞද්ගලික ජීවිතවල තොරතුරු දක්වා ඒවා දුරදිග නොයන විදිහට. උබ පොඩ්ඩක් සාමාන්‍ය සම්මත තත්ත්වයට උබේ කතාබහ හදාගන්නකන් ආපහු බුද්ධ දර්ශනය ගැන ත්‍රෙඩ් නොදා ඉදපන්. එක අන්තිම වැරදි වැඩක්.උබ එක අතකින් කුණුහරප දෙස දෙස මෙහෙන් ආගම කතා කරනවා. උබ පොඩ්ඩක් තාවකාලිකව ආගම් ගැන ත්‍රෙඩ් දාන එක නවත්තපන්. උබ පොඩ්ඩක් සම්මත රාමුවක් ඇතුලට වැටුනට පස්සේ ආයේ ඇවිත් උබ කැමති දෙයක් කරපන්. නමුත් උබේ මේ කතාබහ හදාගත්තේ නැත්තං උබට පැවැත්මක් නෑ කියන එකනං අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ.




මට ඔය විදියට ලස්සනට ලියන්න හැබැනේ..


