2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    [FONT=&quot]වියපත් [/FONT][FONT=&quot]anju.r සඳ වත ගේ දොර නැති වී[/FONT]
    [FONT=&quot]හැරමිටි සරණින් බලා සිටී [/FONT]
    tuzki-bunny-emoticon-016.gif
    stupid.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ

    කාටද ඇදුම වියන්නේ


    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇදුම වියන්නේ

    කාටද ඇදුම වියන්නේ


    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
    මoගල ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හද එළියේ
    මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සලුව වියන්නේ
    හීතල සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සලුව වියන්නේ....


    පද රචනය - මහගම සේකර
    සංගීතය -
    ගායනය - පන්ඩිත් අමරදේව