සෙල්ලිපිවලින්_හෙළිවන_පුරාණ_ලංකාවේ_පුද_පූ
මම මේක කියෙව්වම වැදගත් වෙයි කියලා හිතුවා... එකයි ඔයාලා එක්ක බෙදාගත්තේ.. හොඳනම් මටත් සලකලා යන්න.....
රටක ඉතිහාසය පිළිබඳ නොබිඳිය හැකි සාධක ලබා ගත හැකි ප්‍රධානම මාධ්‍යය සෙල්ලිපි වශයෙන් සැලකිය හැක. සෙල්ලිපි වර්ග රැසක් ඇත. ඒවා අතර 1, ලෙන් ලිපි 2, ගිරි ලිපි 3, ටැම් ලිපි 4, පුවරු ලිපි වශයෙන් බෙදා දැක්‌විය හැකිය. මෙම ශෛලමය ලිපිවලට අමතරව රන් තඹ පත්ඉරුවල ලියන ලද ලිපි ලේඛන ද ඉතිහාසගත කරුණු තහවුරු කිරිමෙහිලා වැදගත් තැනක් ගනියි. මෙම ලිපි අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන්වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම් අසළ ලියන ලද ලිපි වේ. ලංකාවේ එවැනි ලෙන් ලිපි රාශියක් ඇත. මිහින්තලේ වෙස්‌සගිරිය රිටිගල වැනි ස්‌ථාන මෙහිලා ප්‍රධාන තැනක් ගනියි.
ගිරි ලිපි වශයෙන් හඳුන්වන්නේ පිහිටි ගල් මත ලියන ලද ලිපි වෙති. ඉඩකඩම් මායිම් පිළිබඳ විස්‌තර රාජ්‍ය පාලන ව්‍යවස්‌ථා පූජාවන් පවත්වනු ලැබූ දානපතියන් පිළිබඳ විස්‌තර මේවා තුළ අන්තර්ගතව ඇත. තෝනිගල අනුරාධපුරයේ වෙහෙරබැන්දකුටිය වැනි ස්‌ථානවල මෙවැනි ලිපි දැකිය හැක. සකස් කළ සෙල් කුළුණුවල එක් පැත්තක - දෙපැත්තක ඇතැම් විට සතර පැත්තේම ලියන ලද ලිපි ටැම් ලිපි වශයෙන් හඳුන්වයි. බදුලු ටැම් ලිපිය චිරප්‍රසිද්ධ ටැම් ලිපියකි. අනුරාධපුරයේ මොරගොඩ ටැම් ලිපිය ද එවැන්නකි.
සකස් කරන ලද ගල් ලෑලි මත ලියන ලිපි "පුවරු" ලිපි වශයෙන් හඳුන්වයි. මිහින්තලාව ඡේතවනය, වේවැල්කැටිය, පුලියම්කුලම වැනි ස්‌ථානවල තිබෙන පුවරු ලිපි නිදසුන් වශයෙන් ගත හැකිය. ඉතිහාසය හැදෑරීමේදී මෙම පුවරු ලිපි බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේ රජවරුන් ඇමැතිවරුන් සෙන්පතිවරුන් ප්‍රභූවරුන් වැනි අයගේ නම් ගොත් විහාර ආරාම පිළිබඳ තොරතුරු ද මෙම ලිපිවල වඩාත් අන්තර් ගතවැ ඇති නිසාය. මෙම ලිපිවලට අමතරවැ වාන් ගල් ගල් ඔරු පියගැට පෙළ වැනි ස්‌ථානවල ලියන ලද ලිපි මෙන්මැ තඹ පත් ඉරුවලත් රන් පත් ඉරුවලත් ලියෑවී තිබෙන සන්නස් වැනි ලේඛන ඉතිහාසය හැදෑරීමේදී බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. පල්කුඹුර සන්නස වල්ලිපුරම් රන් සන්නස ඉතා ප්‍රසිද්ධ සන්නස් වශයෙන් සැළකිය හැකිය.
ලංකාවේ පැරැණිම සෙල්ලිපි වශයෙන් සැළකිය හැකි වන්නේ මිහින්තලාවේ ලෙන් හැට අටක් තුළ කොටන ලද ලිපි බව ඉතිහාසඥයන්ගේ මතයය.s එම ලෙන් සකස් කරන ලද්දේත් ඒවා තුළ ලිපි ලියන ලද්දේත් මහින්දාගමනයෙන් මාසයකට පමණ පසු "දෙවනපෑතිස්" රජතුමා විසින් බව පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන ශූරීන් පවසති. සෙල් ලිපි කියෑවීම අපහසු කාරණයකි. ඒ සඳහා දැනුම ඥනය තිබිය යුතුය. එසේම නිවැරැදිව අර්ථ නිරූපණය කිරීමේ හැකියාව තිබිය යුතුය. එසේ නොවුණහොත් අර්ථය වෙනස් වීමෙන් ඉතිහාසය විකෘති වීමේ අවදානමට පවා ලක් විය හැකිය. සෙල් ලිපි කියෑවූ ඉතිහාසඥයන් පුරාවිද්‍යාඥයන් අතර "සෙනරත් පරණවිතාන, පි. ගෝල්ඩ් ස්‌මිත්, ඊ. ම්‍යqලර්, එච්. සී. පී. බෙල්, ඊ. ආර්. අයටන්a, හොකාර්ට්, වින්සර්, ඒ. එච්. ලෝංහස්‌ට්" වැනි පුරාවිද්‍යායෝ ප්‍රධාන තැනක් ගනිති.
විවිධ හේතූන් අනුව සෙල් ලිපි පිහිටුවා තිබෙන බව මේවා පිළිබඳ ගවේෂණය කිරීමේදී පැහැදිලි වෙයි. විහාර ආරාම කරවා සඟ සතු කර පූජා කිරීමේදී ද එම විහාර ආරාමවලට ඉඩකඩම් වැව් අමුණු පූජා කිරීමේදී ද ඒ බැව් මතු පරපුරට තහවුරු වනු පිණිස සෙල් ලිපි සහ අනෙකුත් ලිපි පිහිටුවා ඇත. එමෙන්ම රජවරුන් විසින් විවිධ අණපණත් මහජනයාගේ දැන ගැනීම පිණිස සුදුසු ස්‌ථානවල සෙල් ලිපි මගින් ප්‍රකාශයට පත් කර ඇත. එසේම යුද්ධ හමුදාව ලද ජයග්‍රහණවල දී එකී හමුදාවල ප්‍රධානීන්ට දෙන ලද ගම් බිම් වරප්‍රසාද සෙල් ලිපි මගින් ප්‍රකාශයට පත් කළහ. රජවරුන් පමණක් නොව බිසෝවරුන් උපාසිකාවන් සහ වෙනත් ප්‍රභූන් විසින් ශාසනය වෙනුවෙන් කරන ලද පුද පූජා ගැන සෙල්ලිපි වැනි ඉතිහාස ගත සාධකවලින් දැන ගත හැකිය. මිහින්තලාවේ පිහිටි ලෙන් විශාල සංඛ්‍යාවක පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් ලිපි රැසක් ඇත. එසේම මහනුවර දිස්‌ත්‍රික්‌කයේ කටුගස්‌තොට ආසන්නයේ "දූල්වල" නම් ඓතිහාසික ගමෙහි ගල් ගුහාවල ද ලිපි කිහිපයක් ඇත. ක්‍රි. පූ. 1-2 සියවස්‌වලට අතර කාලයේ ලියන ලදැයි සැලකෙන මෙම ලිපිවලින් පැවසෙන්නේ එකල රජවරුන් බිසෝවරුන් ප්‍රභූවරුන් උපාසිකාවන් විසින් පූජා කරන ලද ගල් ගුහා පිළිබඳවය.
"පරුමක ගුත පුත පරුමක සුමනහ ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ" ප්‍රමුඛ ගුත්තාගේ පුතා වන සුමනගේ
ලෙන පැමිණි නොපැමිණි සිව් දිග සංඝයාට පූජා කරන ලදී" යනුවෙනි.
"මහ රජ ගාමිණි තිශහ බරිය උපශික රමදතය ලෙනෙ ශගශ" ගාමිණි තිස්‌ස මහ රජුගේ භාර්යා වූ "රාමදත්තා" උපාසිකාවගේ ලෙන සංඝයාට" යනුවෙන් සඳහන් වේ. ලෙන් පූජා කිරීම පිළිබඳ ලියෑවුණු ලිපි රැසත් පුරා විද්‍යා ගවේෂණ මගින් සෙයාගෙන ඇත. ඇතැම් විට භික්‍ෂූන් වහන්සේලා ද ගල්ලෙන් කැරවා පූජා කරන ලදී. රුහුණෙහි වැලියායෙහි පිහිටුවා තිබෙන සෙල් ලිපියකින් ඒ බව පැහැදිලි වෙයි.
"පුශගුත ථෙරෙන බරපිතෙ ලෙනෙ" "පුස්‌සගුත්ත තෙරුන් විසින් කරවන ලද ලෙනයි"
"මිතගුත තෙරශ දිනෙ අගත අනගත චතුදිශ ශගශ" මිත්තගුප්ත තෙරුන්ගේ දානය පැමිණි නොපැමිණි.
සංඝයාට දෙන ලදී. ඇතැම් දෙනා විහාර ආරාමවල ප්‍රයෝජනය පිණිස වැව් අමුණු පූජා කරන ලදී. ඒ බැව් කරඳහෙල" ලිපියෙහි මෙලෙස සඳහන් වෙයි. "හබුතගල විහිරහි උවසික පුස තුම්හ හමණවීර වවි ශගශ දිනෙ" "පුස" උපාසිකාව තමාගේ "හමණවීර" වැව "හබුතගල" විහාරයෙහි සංඝයාට දුන්නාය "දියබැට්‌ට" විහාරයෙහි සෙල් ලිපියට අනුවැ "සිද්ධමි නක මහ රජයහ තිකනක විහරහි පුණකොඩක වවි දිනි...." මංගල්‍යයක් වේවා...." නාග මහ රජතුමා තිකනක" විහාරයට "පුණකොඩක" වැව දුන්නේය. "ජෙට්‌ඨතිස්‌ස" රජතුමා ක්‍රි. ව. 267-277) සෑගිරි වෙහෙර (මිහින්තලේ) භික්‍ෂූන් උදෙසා "කාලමත්තික" වැව පූජා කළ බව එයින් කියෑවෙයි. වැව්වලට අමතරවැ ඇළ වේලි පූජා කිරීම පිළිබඳව ද ලිපිවල සඳහන් වෙයි. එබව "දිඹුලාගල" ආසන්නයේ පිහිටි "මෝලාහිටිය" ලිපියෙහි සඳහන් වේ. ක්‍රි. ව. 1 වන සියවසෙහි "භාතිකාභය" රජු විසින් කරන ලද මෙහි සඳහන් වන්නේ,
"රජ අබයෙ අතර ගඟහ ගණ තකහ අඩි පිළි පවත විහරහි බිකු සඟය සොවණ කොතුරු නියතෙ යනුවෙන් සඳහන් පරිදි "අභය රජු විසින් "අතරගග" නම් ස්‌ථානයෙහි ""ගණතකහ" නම් ඇළ "පිළිපවත" විහාරයෙහි සංඝයාට රන් කෙණ්‌ඩියෙන් අත පැන් වත්කොටැ කරන ලද පූජාවක් පිළිබඳව එයින් කියෑවේ. "මහරත්මලේ" පර්වත ලිපියට අනුවැ" "මහාදාඨික මහානාග" රජතුමන් විසින් "විහිරබිජිකා" නම් ගමෙහි "මුටිගුතික" සහ "පරිවතක" විහාරස්‌ථානයෙහි සංඝයාට කැඳ බත් සහ වැසි සළු පූජා කළ බව සඳහන් වේ. (විසිනි හමාණන යාකු ච බතච වස වසික හාටික .... කටු දිනෙ උතිරෙක වානක කටු දිනෙ) වස් වාසික සාටක ද තනිපට සිව්රු සඳහා වස්‌ත්‍ර ද වියා දුන් බව වැඩිදුරටත් එම ලිපියෙහි සඳහන් වේ.
අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙහි "පාලුමැකිච්චාව" වැවෙහි වාන් ගලක තවත් විශේෂ ලිපියක් ඇත. "ගජබාහු (ක්‍රි. ව. 112-134) රජතුමා විසින් පිහිටුවනු ලැබූ මෙහි ඇතුළත් වන්නේ රජතුමා කහවණු පන්සියයකට මිලදී ගත් "උපල" පළාතේ "වඩමනක" නම් වැවෙන් ලබන ආදායම් ථූපාරාමයෙහි වැඩ සිටින භික්‍ෂූන්ගේ සිව්පසය සඳහා පූජා කළ බවයි. යාපනය දිස්‌ත්‍රික්‌කයේ "වඩමාරච්චි" ප්‍රදේශයෙන් හමු වූ "වල්ලිපුරම්" රන් සන්නස මගින් ඉතිහාසයෙහි නොබිඳිය හැකි ශාක්‍ෂි ගෙනහැර දක්‌වයි. "වසභ" රජතුමාගේ ක්‍රි. ව.1) "ඉසිගිරය" ඇමැතිතුමන් විසින් කරවන ලද මෙමගින් පැවසෙන්නේ "නාගදීපයේ" බදකරඅතන" නම් ස්‌ථානයේ බෞද්ධ විහාරස්‌ථානයක් කැරවන ලද පුවතකි. එම විහාරය "පියගුක තිස්‌ස" විහාරය නමින් හඳුන්වයි.
උඳු සහ මුං තැන්පත් කැර එහි පොලිය විහාරස්‌ථානයට වඩින සංඝයාගේ ප්‍රයෝජනයට යෙදවූ බව සෙල්ලිපිවලින් දක්‌වා ඇත. තෝනිගල "ගිරි ලිපියෙහි එ aබැව් සඳහන් වේ. "දේව" නමැති පුද්ගලයකු "කාලහුමනක නියමතන්හි" වී උඳු මුං වැනි ධාන්‍ය තැන්පත් කැර එහි පොලිය "යභිසපවය" විහාරයෙහි අරියවංස උත්සවයට වඩිනසංඝයාගේ සිව්පසය සඳහා පරිත්‍යාග කළ බවයි. විහාරයට පූජා කරන ඉඩම්වලට අදාළ නීතිරීති උල්ලංඝනය කරන්නවුන් බලු කපුටුව උපදින බව ඇතැම් ටැම් ලිපිවල සඳහන් වේ. "මොරගොඩ" ටැම් ලිපිය එයට එක් නිදසුනකි. "4 වන කාශ්‍යප" රජතුමාගේ සමයෙහි මෙම ටැම් ලිපිය පිහිටුවන ලද්දේ "අතරගලුකොත්තා" සහ "මුලවඩාසකරා" යන ඇමැතිවරුන් දෙපල "වැදෑරා" පිරිවෙණට පූජා කරන ලද "පදුන්නරු" වැවේ ජලයෙන් වගා කරන ඉඩම් සම්බන්ධව අණපනත් ඇතුළත් කිරීමෙනි. මෙහි අවසන සඳහන් වන්නේ "මේ ආන්නැ උලඝණ කළ කෙනෙක් ඇත්නම් කවුඩු බලු වෙත්වා" යනුවෙනි.
"වෙස්‌සගිරිය" පුවරු ලිපියෙහි සඳහන් වන්නේ රත්‍රන් පූජා කිරීමක් පිළිබඳවයි. ක්‍රි. ව. 900 "දප්පුල" රාජ සමයෙහි "පුල්ලා" නමැති උපාසකතුමන් විසින් කරවන ලද මෙහි "මුලසෝ වෙහෙර් සංග්වැල්ලෙ වන් පුල්ලා උපාසක විරංකුරා අරමැ මහ සංග්වත් හිමියන ලබිසකර් දෙමින් දෙසීයක් කලන්ද් රන් දී.... "සඳහන් පරිදි මුලසෝ වෙහෙර සංවැල්ලට පැමිණි පුල්ලා උපාසකතුමන් "වීරාංකුර" ආරාමයේ භික්‍ෂූන්ගේ ප්‍රත්‍යය පහසුව පිණිස රන් කලං දෙසීයක් පුජා කැර එයින් වසරක් පාසා වස් වසන පවාරණය කරන පොහොය දිනයන්හි එක් නමකට අවුලුපත් විස්‌සක් දීමටත් තවද කැඳ බත් දීමට රන් කලං හැටක් ද අවුරුද්ද අවසානයේ එක් නමකට සිව්රක් බැගින් පූජා කිරීමට රන් කලං විස්‌සක් ද හකුරු සහ ගිතෙල් පූජා කිරීමට රන් කලං විස්‌සක් ද පූජා කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. ජයශ්‍රී මහා බෝධියෙහි ප්‍රධාන ගිහි භාරකරු වශයෙන් සැළකෙන "උදාමහයා" තුමන් විසින් "අබාසලමෙවන්" රජ සමයෙහි (ක්‍රි. ව. 10) පිහිටුවන ලද "පුලියම්කුලම" පුවරු ලිපියෙහි සඳහන් වන්නේ තමන්ගේ නමින් සහ තම පුතුන් දෙදෙනාගේ නමින් "උදාකිතග්බෝ" නමින් ආරාමයක් කැරවා "කපාරමුලයට" අයත් "පුවරම්" වෙහෙරෙන් භික්‍ෂූන් දොළොස් නමක් ගෙන්වා වස් වසවා ගෙන සිව්පසය සඳහා ගම්බිම් පූජා කිරීම පිළිබඳවය. "උකුණුහුහුසු කොට්‌ටා" නමැත්තා විසින් "පමගලු" වෙහෙරට සහ එහි බෝධියට සහ පිළිම ගෙයි පූජා පිණිස රන් කලං අටක් දී මිලට ගත් කුඹුරෙන් කොටසක් ද පොලී වශයෙන් වී ලැබෙන සේ දුන් රන් කලං දෙකක්‌ද වශයෙන් රන් කලං දහයක් පූජා කැර එම විහාරයෙහි ම පූජාසනයෙහි වියන සඳහා තවත් රන් කලං දෙකක්‌ද පූජා කළ බවත් එම ලිපියෙහි සඳහන් වේ.
අනුරාධපුර "ගල්ඔරුවේ" සන්aනසෙන් පැවසෙන්නේ නරගයට ගෙන එන වී ගෝනි එකකින් වී පත බැගින් "මහාපාලි" දාන ශාලාවට ගත යුතු බවත් ආහාර වලින් තමන්ට හිමි කොටස් ඡේතවනාරාමයේ නව කම් සඳහා දුන් බවත් මෙම කටයුතු සඳහා අනදර කළවුන් ඇත්නම් ඔවුහු සියලු රටවැසියන් කරන අකුසල් ගත යුතු බවත් එසේම "මාතොට" එලූ ඝාතකයාගේ සියලු අකුසල් ගත්තවුන් බවට පත් වන බවත් එහි සඳහන් වේ. මෙසේ ඉතිහාස ගත තොරතුරු මෙන්මැ සමාජ ගත තොරතුරු ද ආගමික තොරතුරු ද දැන ගත හැකිවී ඇත්තේ පුරාණ රජවරුන් මෙන්මැ රටෙහි ජනතාව ද විවිධ පුද පූජා පවත්වමින් ඒවා පිළිබඳ නොමැකෙන සටහන් තැබූ නිසා බව පසක් වේ.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි

Last edited:
rep+
aniwa puluwan unagaman dunna,.. (You must spread some Reputation around before giving it to hacker T again.)