කේන්දර නැකත් අතහැර තෙරුවන් සරණ යමු
කේන්දර නැකත් අනුගමන කිරීම පිළිබඳව වර්තමානයේ සිංහල ජනතාවට පවතින්නේ දැඩි විශ්වාසයක්.මේක බ්‍රාහ්මණයින්ගේ මිත්‍යා දෘෂ්ඨියක් කියලා ඔවුන්ට තේරෙන්නේ නැහැ.මේක ඇත්ත වසං කරගෙන ජනතාව රවටමින් යැපෙන විශාල ව්‍යාපාරික පිරිසක් ද රටේ සිටිනවා. තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙකු මෙවැනි මිත්‍යා මත පිළිගෙන ඒ පසු පස යාම ඔහුට තිසරණය අහිමි වෙන බව බුදු දහමේ පැවසෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නැකත් සුභ නිමිති ආදිය බෞද්ධයන්ට සුදුසු නැතැයි කියා ප්‍රතික්ෂේප කරනවා ද ?
ඔව්, ඒක සම්පූර්ණ ඇත්ත. වර්තමානයේ ලංකාවේ සිංහලයන්ට තුන් සරණය අහිමි වුණේ ඔය කේන්දරේ නිසයි. සිංහල පවුල දරුවෙක් ඉපදුනු ගමන් කේන්දරයක් හදනවා. ඊට පස්සේ ඒ දරුවා තව දුරටත් බෞද්ධ නෙමෙයි. ඊට පස්සේ ඔහු සිංහල බමුණෙක්. පුන නූල විතරයි අඩු. ඒ දරුවට නමක් දාන්නෙත් කේන්දරේට අනුවයි. එදා ඉඳලා හැම දේකටම නැකත් බලනවා. බත් කවන්නත් නැකත් බලනවා. අකුරු කියවන්නත් නැකත් බලනවා. කසාද බඳින්නත් නැකත් බලනවා. ගෙයක් හදන්නත් නැකත් බලනවා. උළුවස්සක් තබන්නත් නැකත් බලනවා. මැරෙනකම් ම නැකතෙන් තොර ලෝකයක් නැහැ.
සිංහලයන් බොහෝ දෙනෙක් තිසරණය සමාදන් වෙන්නේ බොරුවට. ඔවුන්ගේ හදවතට තට්ටු කරලා බැලුවොත් ඔවුන් සිංහල හින්දු මිසක් බෞද්ධ නෙවෙයි. මේ සිංහල ජනතාව ඔය කේන්දර මානසිකත්වයේ රැඳිලා ඉන්නකම් දියුණුවක් නම් නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔය කේන්දර බැලීමෙන් නැකත් බැලීමෙන් රටට දියුණුවක් සැළසුනේ ම නැද්ද ?
අපි පොඩි උදාහරණයක් ගමු. ලංකාවේ පාර්ලිමේන්තුවේ මුල්ගල තිබ්බේ නැකතට. විවෘත කළෙත් නැකතට. පාර්ලිමේන්තුව විවෘත කරන දවස්වල ඒ නැකත වැරදියි කියලා ලොකු වාදයක් පුවත්පත්වල පවා ගියා ඒ නැකතින් රටට අපලයි, පාර්ලිමේන්තුව ගන්න හැම තීරණයක් ම ඒ නැකතේ වැරැද්ද නිසා රටට නරකයි කියලා.
ඉතින් ඕක ඇත්ත නම් පාර්ලිමේන්තුවට යන කවුරුත් කොයි ආකාරයෙන් රට පාවලා දුන්නත් ඔවුන් ඒකට වග කිව යුතු නැහැ. ඒක නැකතේ දෝෂයක් මිස පාලකයන්ගේවරැද්දක් නොවේ. හොඳ නැකත් නැහැ කියලා ඇතැම් නායකයෝ දිවුරුම් දීම පවා ප්‍රමාදකළා. ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවන්නෙත් නැකතටයි. පටන් ගන්නෙත් නැකතටයි. ඔවුන්ගේ ඕජස්වැගිරෙන ජුගුප්සාජනක දේශපාලන භූමිකාවේ නිරුවත වසාගෙන ඉන්නේ කේන්දර නැකත් වලින්තමයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ එහෙම කිව්වට මහණ කරන්නෙත් කේන්දර බලලා, නැකත් බලලා නේද ?
ඔව්, ලංකාවේ දී කෙනෙක් පැවිදි කරනකොට බොහෝවිට කේන්දරය බලනවා. නැකත් බලනවා. නැකතට හිස බානවා. මේක බුද්ධ ශාසනයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඔහුව මහණ කරන්නේ කේන්දරය බලලා නැකත් බලලා නම් වැඩිහිටි හාමුදුරුවරු අන්නඑදාට තමයි ඔහුට ලොකු ම ශාසනික අපරාධය පුරුදු කරවන්නේ. ඒ පැවිද්දා එදා ඉඳලා තිසරණය පිටිපස්සට දානවා. කේන්දරය ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ ඒ පැවිද්දාට මහා ලොකු දෙයක් වගේ පේන්නේ ඒ මිත්‍යා දෘෂ්ඨික කේන්දරය තමයි. ඊට පස්සේ ඔහු ශ්‍රමණ වේශයෙන් සිටියත් පැවිදි වෙස් ගත්ත බමුණෙක් මිසක් බුද්ධ ශාසනයට අයිති භික්ෂුවක් නොවෙයි. එබඳු බමුණු පිරිසකගෙන් බුද්ධ ශාසනයේ දියුණුවක් බලාපොරොත්තු වීම ඌරු දළවලින් ගජමුතු හොයනවා වගේ වැඩක්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඉතින්භික්ෂූන් වහන්සේලාට පුළුවන් විය යුතුයි නේද ඔය මිත්‍යා දෘෂ්ඨියෙන් අත් මිදෙන්න ?
ඔව්, නමුත් පන්සල් ගෙවල් හදන කොට බෝධි චෛත්‍යහදන කොට නැකත් කේන්දර පස්සේ දුවන භික්ෂුවට තුන් සරණයේ වටිනාකම අවබෝධ කර ගැනීමේ හැකියාවක් නැහැ.
ඔවුන්ට බුදුරජාණන් වහන්සේට වඩා ලොකුවටපේන්නේ ජෝතිෂ්‍ය ශාස්ත්‍රය ලොවට දුන් බමුණන්වයි. ඔවුන්ට ශ්‍රී සද්ධර්මයට වඩා ලොකුවට පේන්නේ කේන්දරයයි. ධර්ම මාර්ගය අනුගමනය කරන සැබෑ ශ්‍රාවකත්වයට වඩා ලොකුවට පේන්නෙ කේන්දර නැකත් අනුගමනය කිරීමයි. හැබැයි අපි එකක් මතක තබා ගත යුතුයි. කේන්දරෙයි, මහණකමයි එකට තියාගෙන මාර්ගඵල ලැබූ පැවිද්දෙක් නම් ශාසන ඉතිහාසයේ නැහැ. කේන්දරෙයි තුන්සරණයයි එකට තියාගෙන මාර්ගඵල ලැබූ එකම ගිහි ශ්‍රාවකයෙක්වත් ශාසන ඉතිහාසයේ නැහැ. මම මෙහෙම කියන කොට මේ ගැන සතුටු වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන පින්වතුන් විතරයි. මිත්‍යාදෘෂ්ටියේ බැස ගත් උදවියට කේන්ති යනවා.
නමුත් පැහැදිළිවම එකක් කියන්න ඕන. ඔය මිත්‍යා දෘෂ්ටිවලින් නිදහස් වුණ දාට විතරයි තිසරණයේ පිහිට ලැබෙන්නේ. එතකල් කේන්දර අනුගමනය කරන භික්ෂුවකටවත් තිසරණය පිහිටන්නේ නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරනැකත් සුභ නිමිති අත්හැරියොත් සිංහල ජනතාව මහා කරදරයක වැටෙනවා නේද ?
ඕක තමයි මම කිව්වේ සිංහල ජනතාව බොහෝ දෙනෙකුට තිසරණය නැහැ කියලා.ඔවුන්ට තිසරණය අත්හැරලා අගේට මිත්‍යා දෘෂ්ටි පස්සේ දුවනවා. කේන්දරේත් නැකතත් නැතුව ඔවුන්ට එළියට පහළියටවත් යා ගන්න විදියක් නැහැ. ඔය විපත ගැන ධර්මයේ සඳහන් වෙන්නේ 'කෝතුහළමංගල' අනුගමනය කිරීම කියලයි. එවැනි දේ පසුපස යන ගිහි ශ්‍රාවකයා උපාසක චණ්ඩලයෙක් බව ධර්මයේ සඳහන් වෙනවා. එවැනි දේ පසු පස යනශ්‍රමණයන්ව හඳුන්වන්න පුළුවන් වෙන්නේ ශ්‍රමණ චණ්ඩාලයින් වශයෙනුයි.
ඇත්තෙන්ම මේ සිංහල ජනතාව දියුණුවෙන්නේ ඔය කේන්දර නැකත් ආදිය අතහැරලා තුන් සරණය වෙත පැමිණිදාටයි. නැත්නම් කේන්දරයවිසින් විනාශ කළ ජනතාවක් හැටියට මේ සිංහල ජනතාවගේ ඉරණම ඉතිහාස ගත වේවි.
කේන්දර විසින් මේ සිංහල ජනතාවට කරතිබෙන්නේ සුළුපටු හානියක් නොවෙයි. ඒ නිසා හේතුඵල පිළිබඳ ප්‍රායෝගික දර්ශනයෙන් සිංහලයන් ඈත් වෙලයි ඉන්නේ. ඔවුන් ප්‍රශ්න විසඳන්න හදන්නේ අද්භූත විදිහට. ඔවුන් හිතාගෙන ඉන්නේ නියමිත වෙලාවට කවියක් ගායනා කිරීමෙන් අද්භූත විදිහට රටේ ප්‍රශ්නවිසඳෙන බවයි. ඇත්තෙන්ම ඔවුන්ගේ මේ අඥාභාවයට බෙහෙත් සපයන එක ලේසි වැඩක් නොවෙයි. ප්‍රායෝගිකව හේතුඵල දහම තුළින් ප්‍රශ්න විසඳන්න මේ රටේ ගිහි පැවිදි ජනතාව පුරුදු වෙලා හිටියානම් අද රටේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්න මතු වෙන්නේ නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ පවසන හැටියට සිංහල ජාතියට කේන්දරයෙන් බරපතල හානි පැමිණෙනවා නේද ?
ඔව්, රටේ නායකත්වයට පවා සම්පූර්ණයෙන්ම බලපාල තියෙන්නේ ඔය කේන්දරේ තමයි. ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වෙන ප්‍රජාතන්ත්‍රවාදීරටක ගෞරවය ලැබිය යුත්තේ ජනතාවයි. නමුත් මේ රටේ නායකයන් බලයට පත් වූ විට ගෞරව ලබන්නේ ඔවුන්ගේ දෛවයයි ඔවුන්ගේ කේන්දරයයි. එතකොට ඔවුන් හිතන්නේ ඔවුන් ඒ කේන්දරේ තිබුණු රාජයෝගයේ අනුහසින් බලය ලැබුණු බවයි. ජනතාවගේ ඇස්වලට වැලි ගසා ඡන්ද මංකොල්ලයේ යෙදීම ඔවුන්ට පහසු දෙයක් වී තිබෙන්නේ කේන්දරේ නිසයි. බලය ලැබුණු පසුවත් ඔවුන් යළි යළිත්දුවන්නේ කේන්දර බලන මිත්‍යා දෘෂ්ටිකයන් පසුපසයි. ඊට පස්සේ ඔවුන් නොයෙක් බාරහාර පුදපූජා පස්සේ දුවනවා. මේ රටේ වංචනික දේශපාලනඥයන් බිහි වීමට කේන්දරය බලවත් හේතුවක්වී තියෙනවා. තමන්ගේ කේන්දරයේ රාජයෝගයක් තියෙනවා කියලා කිව්වොත් රට පාවා දීමෙන් හරිබලය ලබා ගන්න ඔවුන් පෙළඹෙනවා.
නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරබැලීම නැකත් බැලීම ආදී දේ මේ රටේ කාලයක් තිස්සේ පටන් එන පැරණි චාරිත්‍රයක් නේද ?
පරම්පරා ගණනක් තිස්සේ හණ මිටියක් කරගහගෙන ආ පළියට රත්තරන් මුණ ගැහුණට පස්සේ තව දුරටත් හණ මිටිය කර ගහගෙන යා යුතුයිකියල ද ඔබ කියන්නේ ? මම මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ කාලාම සූත්‍රයෙන්හොඳ උපදේශයක් දෙන්නම්.
බුදුරජාණන් වහන්සේ වදාළේ අනුස්‍රවයෙන් ආ පමණින්, ගුරුවරුන්ගෙන් ආ පමණින්, තර්කයට ගැළපුන පමණින්, යමක්පිළිගත යුතු නැහැ. යමක් අකුසල් ද එය අනුගමනය කිරීමෙන් තමාටත්, අන්අයටත් අයහපතක් සිදු වෙයි ද අන්න ඒ දෙය අත්හළ යුතුයි. යමක් කුසල් ද, එය අනුගමනය කිරීමෙන් තමාටත්, අන් අයටත් යහපතක් සිදු වෙයි ද අන්න ඒ දෙය අපි අනුගමනය කළයුතුයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරනැකත් අනුගමනය කිරීමෙන් යහපතක් සිදු වෙලාම නැද්ද ?
කේන්දර නැකත් අනුගමනය කිරීමෙන් යහපතක් සිදු වුණා නම් මේ වන විට අපි ලෝකයේ බලවත් දියුණු රටවල් අතරට එක් වී සිටියයුතුයි. මේ රටේ කෘෂි කර්මය, බැංකු, රාජ්‍ය ආයතන හැම දෙයක්ම ආරම්භ කළේ නැකත් බැලීමෙනුයි. දැන්එහෙම නම් නැකත්වල අනුහසින් මේ රටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න හොඳටම කල්.
නමුත් ඇත්ත තත්වය මොකක්ද ? රටම ණය බරින් මිරිකෙනවා. රාජ්‍ය ආයතන බංකොළොත්. බැංකු ටික කඩා වැටිලා. රටම මූල්‍ය අර්බුදයක හිර වෙලා. හාල් පොල් පවා පිට රටින් ගේනවා. කොටින් ම ඉදි කට්ට පවා පිට රටින් ගේනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කේන්දරහැදීම ආදී ජෝතිෂ්‍ය වැඩ කිරීම තුළින් සමාජ තත්වයක් හිමි කරගෙන ඉන්න අයට මෙයින්පහරක් වදිනවා නේද ?
ඒක මේ වගේ දෙයක්. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ලස්සන උපමාවක් ඕකට තියෙනවා. ඔන්න එක මනුස්සයෙක් ඌරන්ට කෑම දෙන්න ඕනෑ කියලා වියළි අසූචි තොගයක් මල්ලකට දාගෙන හිස මත තියාගෙන ගියා. අතර මගදී වහින්න පටන්ගත්තා. එතකොට අසූචි වතුරෙන් පෙඟිලා ගඳ ගහන්න පටන් ගත්තා. ඇඟ දිගේම පෙරෙන්න පටන්ගත්තා. මේක සිද්ධ වුණේ වැස්සේ වරදින් නොවෙයි. හිස මත තබා නොගත යුතු දෙයක් හිස මත තබාගැනීමෙනුයි.
දෘෂ්ටියකට බැඳී ගියාට පස්සේ ඒක අතහරිනඑක අසීරු වෙන්නේ ඒකේ ආදීනව දකින්නේ නැති එකයි. නමුත් බුද්ධිමත් ජනතාවට නම් ආදීනවතේරුම් ගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටි අතහරින එක සුළු දෙයක්.
කොටින්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට තිබිය යුත්තේ තිසරණය විතරයි. වෙන කිසිම ඇදහීමක් තිබිය යුතු නැහැ. අන්න එදාට ඉංග්‍රීසිජාතිය, ජර්මන් ජාතිය, ජපන් ජාතිය දෙපයින් නැගී සිටියා වගේ සිංහල ජනතාවටත් නිසැකවම දෙපයින් නැගී සිටින්නට පුළුවන් වෙනවා.
උපුටා ගැනීමකි link
~ අඳුර විනිවිද එළිය දකින්නට ~
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Last edited: