මටයි, අයියටයි ඉගෙන ගන්න ‍පොත් ටිකක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මටයි, අයියටයි ඉගෙන ගන්න ‍පොත් ටිකක්

මටයි, අයියටයි ඉගෙන ගන්න ‍පොත් ටිකක් ලැබුණොත් ලොකු දෙයක් - දුක් ගැහැට මැද ලෝකය දිනන්නට වෙර දරන මහේෂිකා පවසයි

නාඋල, නාලන්ද ප්‍රදේශයේ ඉන්න හිටින්නට නිවසක් හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැතිව නාලන්ද පාස‍ලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 12ක දූ සිඟිත්තක් හා පුංචි පුතෙක් ඉකුත් දා අපට මුණ ගැසුණි.

අනන්ත වූ දුක් ගැහැට මැද හෙට දින ලෝකය ජයගන්නට වෙර දරන ඈ නමින් මහේෂිකා උදයංගනීය. ඇයගේ අයියා නමින් මහේෂ් මදුරංගය. ඔහුගේ වයස අවුරුදු 14කි.සුරා‍පොදක් තොල නොගා සිය දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කුලී වැඩක් කර හෝ අපරිමිත දරු සෙනෙහසින් වෙහෙසන ඔවුන්ගේ පියා නමින් සමන් කුමාරය. (42)

අප ඔවුන්ගේ අතු පැළ වෙත යන විටද ඔහු කුලී වැඩක් සඳහා පිටවගොස් සිටියේය. අපට මුණ ගැසුණු මේ දරු දෙදෙනාගේ මව වන රේණුකා මල්කාන්ති (35) තවත් වයස අවුරුදු දෙකහමාරක දූ සිඟිත්තක් අතැතිව අප සමග පැවසුවේ මෙවැන්නකි.‘මහත්තයලා පත්තරෙන් ආපු එක ගොඩක් හොඳයි අපි ගැන බලන්න, මේ ඉඩම් කෑල්ල අපට දුන්නේ නාඋල ප්‍රාදේශීය සභාවේ නිමලසිරි බණ්ඩාර මහත්තයා. අපිට ගෙයක් හදාගන්න වත්කමක් නෑ. මහත්තයා හොයාගෙන එන කීයෙන් හරි කාලා මේ දරුවෝ ලොකු මහත් කරන එක තමා අපේ එකම බලා‍පොරොත්තුව.’

දෙනතෛන් කඩා හැළෙන උණු කඳුළු කැට ඇයට සඟවා ගැනීමට නොහැකිය. නමුත් ජීවත් වීමේ ආසාවක් ඇය කෙරෙන් විද්‍යමාන වේ. හෙටක් ගැන සිහින දකින මහේෂිකා තරුණියක ලෙස හෙට දවස පිළිබඳ දහසක් බලා‍පොරොත්තු ‍පොදි බැඳ ‍පොත් මත දෙනෙත් රඳවාගෙන අඳුරු කාමර කෑල්ලක් යැයි සිතිය හැකි පුංචි පැල්පතේ අකුරු කරමින් සිටින්නීය. යන්තම් අට වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඇය ඉගෙනුමට හැබෑ දක්ෂ සිසුවියකි.

පවු‍ලේ වැඩිමලා වූ මහේෂ් මදුරංග නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකි. ඔහුද අප යනවිට නෑ ගෙදරකට ගොස් සිටියේය. කාගෙන්දෝ ලැබුණු සපත්තු කුට්ටමක් අපිළිවෙළට හැඳගත් පුංචි ගවුම් ‍පොඩියත් ඇඟ දවටාගෙන මේ දරු පැටව් නිවසක් යැයි සිතීමටවත් නොහැකි අතු පැළක නොපෙනෙන හෙටක් වෙනුවෙන් කුප්පි ලාම්පු එළියෙන් අකුරු කරති.

නාඋල නාලන්ද මිරිස් කනත්ත ප්‍රදේශයේ කටුක වූ වන ලැහැබක ජීවත් වන මේ අහිංසක දරු පවුල පිළිබඳ මාධ්‍යයකින් කතා කරන්නේ පළමු වතාවටය.විශ්ව ගම්මානයක සෙවණැල්ලවත් නොහඳුනන මේ අහිංසකයන්ට උපකාරයක් කිරීමට ඔබටත් පින්බර සිතක් පහල වන්නේ නම් එයට ඉඩහසරක් ලබාදීම අපගේ අරමුණ වන්නේය.

මේ පුංචි අතු පැළෙන් පිටව යන්නට මත්තෙන් මහේෂිකාගෙන් අප විමසුවේ ඉගෙන ගන්නට අවශ්‍ය උපකරණ මොනවාද යන්නය.
‘මාමේ, මටයි, අයියාටයි ‍පොත් ටිකක්, තව ඉස්කෝලෙට අවශ්‍ය බඩු ටිකක් විතරක් ඇති’ ඒ ඇයගේ ඉල්ලීමය. ඔවුහු ගෙයක් නොඉල්ලති. වැසිකිළි හෝ විදුලිය නොඉල්ලති. ඔවුනට අවැසි ඉගෙනීම පමණි.

ඒ සඳහා ඔබටත් හැකියාවක් ඇත්නම් අංක 181/1, මිරිස් කනත්ත, නාලන්ද ලිපිනයට හෝ ඔවුනට දුරකථන අංකයක් නොමැති වුවද 071-4001559 යන දුරකථන අංකයට ඇමැතීමෙන් වැඩිදුර විස්තර දැනගත හැකිය.නොඑසේ නම් මහේෂිකා හා මහේෂ්ගේ මවගේ නමින් ඇති නාඋල මහජන බැංකුවේ අංක 146-2-001-2-0046988 අංක දරන ගිණුමට ජී.ජී. රේණුකා මල්කාන්ති නමින් කැමැති උපකාරයක් කළ හැකිය.


IMG_4176.jpg

IMG_4183.jpg

IMG_4185.jpg

IMG_4196.jpg

IMG_4199.jpg



චන්දන ප්‍රදීප්-ඇළහැර - Rivira
ඡායාරූප - ඉන්දික අරුණ කුමාර - Hiru News
 
  • Like
Reactions: help3

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Srilankave inna godak denek katin pamanak pin karana aya vea. Obala hata mea ahinsakain nopenedha ?? Samajavadi sahodaruvaruni , oba kohedha ?? Obath nodakka sea innavadha ?
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Kee denek elakiriyen help kaladha ? Ekkenk vath nathdha ?

    Srilankave inna godak denek katin pamanak pin karana aya vea. Obala hata mea ahinsakain nopenedha ?? Samajavadi sahodaruvaruni , oba kohedha ?? Obath nodakka sea innavadha ?

    apita ekathu wela wedak karanna berida. ehema kaloth podda podda nethuwa loku wedak karanna puluwan wei. mathakada danne ne ape kattiyak kandy wala lama niwasayak repair karala adara kala, mamath ekata podi badu parcel ekak dunna. a wage mekedith apita ekathu wela puluwan nam podi ge kellak hadala denna . meke inna pramane hetiyata ekkenak 1000k demmath laksha 2k wath hoyaganna puluwan. aduma gane adi 10 x 10 permanent kotasak wath lawata hadala dunna nam a lamainta arakshawa kiyana de tiyewi neda...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    apita ekathu wela wedak karanna berida. ehema kaloth podda podda nethuwa loku wedak karanna puluwan wei. mathakada danne ne ape kattiyak kandy wala lama niwasayak repair karala adara kala, mamath ekata podi badu parcel ekak dunna. a wage mekedith apita ekathu wela puluwan nam podi ge kellak hadala denna . meke inna pramane hetiyata ekkenak 1000k demmath laksha 2k wath hoyaganna puluwan. aduma gane adi 10 x 10 permanent kotasak wath lawata hadala dunna nam a lamainta arakshawa kiyana de tiyewi neda...
    -------Start ekak denna Mama anivaryayen help ekata join vennam. Puluwan kenek innavanam place ekata gihilla , thavama house eka hadanna patan aragena nathdha? Saha anikuth avasthavayan soyala balala details tikak methanata danavanam help ekak.
     
    Last edited: