මගේ 2000 පොස්ට්එක වෙනුවෙන්

මගේ 2000 පොස්ට්එක වෙනුවෙන්

ඇතුලට ඇවිත්ම කියවන්න මේක වටින්න පුළුවන්.
ඔන්න ඉතින් එළකිරියේ මම ගහන 2000 වෙනි පොස්ට් එක විදිහට මම ගොඩක් ඇලුම් කරන, ඒ වගේම හැමෝටම දැනගන්න ආස හිතෙන කරුණු ගැන පොඩ්ඩක් කියන්න හිතුනා. මේ ගැන දවස් ගානක ඉදන් විස්තරයක් දාන්න හිතාගෙන හිටියත් ටිකක් කාර්ය බහුල උන නිසා වැඩේ කල් ගියා. හරි එහෙනම් දැන් මම ගැන පම්පොරිය ඇති, මෙන්න මේකයි අද පොස්ට් එක.

මේ ලෝකේ තියෙන ගොඩක් දේවල් වලට ගණිතමය පැහැදිලි කිරීමක් ලබා දෙන්න පුළුවන්.
දැන් එතකොට ලස්සන මනින්නත් ගණිතමය පැහැදිලි කිරීමක් තියෙනවද?
ඔව් තියෙනවා
අන්න ඒ පැහැදිලි කිරීම ගැන තමයි මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ.



අපි හැමෝම දන්නා ඇපල් logo එක, ට්විටර් logo එක, ටොයෝටා logo, pepsi logo එක ඒ විදිහට ලස්සනට හැදුනේ කොහොමද?



l8UAr.jpg

toyota_logo_golden_ratio1.jpg


විස්වාස කරනවාද, මේ හැමදේටම යොදාගත්තේ ස්වබාව ධර්මයේ ලස්සන මනින්න යොදාගත්ත ගණිතමය පැහැදිලි කිරීමයි.


සුරියකාන්ත මලේ මද කොටසේ හැඩය විස්තර කරන්නේ කොහොමද?


sunflower.jpg


ඒ වගේම Shells වල හැඩය ගණිතයෙන් කියන්නේ කොහොමද?


chamberednautilusform.jpg


මේ දේවල් විස්තර කරන්න Fibonacci sequence එක යොදාගන්න පුළුවන්.
මොකක්ද Fibonacci sequence කියන්නේ?

1 1 2 3 5 8 13 21 34 55 89 144 ....

ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපිට sequence එක ලියන්න පුළුවන් සරලව.
An = An-1 + An-2

1=1+0
2=1+1
3=2+1
5=3+2
8=5+3
13=8+5
21=13+8........... මෙන්න මෙහෙම.


දැන් මේ sequence එකයි මම දාපු පින්තුරයි සම්බන්ද වෙන්නේ කොහොමද?
අන්න එකට උත්තරේ තමයි අපිට මේ අගයන් මිනුම් ලෙස සලකලා ඒ මිනුම් වලට ගැලපෙන්න හතරැස් කොටුවක් ඇදගන්න පුළුවන්. එකට golden rectangle කියල කියනවා. මේ තියෙන්නේ අන්න ඒ golden rectangle එක.




golden-rectangle.jpg


මේ sequence එක යොදාගෙන ගන්න පුළුවන් අනුපාතය golden ratio එක කියල කියනවා.


දැන් කොහොමද මේ කිව්ව දේවල් යොදාගෙන මේ වගේ නිර්මාණ කරන්නේ?
පල්ලෙහා තියෙන විඩියෝස් වලින් ඒ ගැන දැනුමක් ගන්න පුළුවන් ඔයාලට.


ගොඩක් අය ඇපල් සමාගමට මේ දවස් වල නොසෑහෙන්න බනිනවා නේ, එත් මේ වීඩියෝ එකෙන් කියාවි ඇපල් සමාගමේ බාන්ඩ වල විශිෂ්ටත්වය.






එතකොට Mona Lisa චිත්‍රෙ මේ මෙතරම් විශිෂ්ට කියන්නේ?




මේකෙන් මිනිසාගේ ලස්සනත් මනින්න පුළුවන්. මේකට තව ගොඩක් උදාහරණ තියෙනවා.

ඒ වගේම මේ sequence එකයි, golden ratio එකයි සම්බන්ද කරලා දැනට TV series එකකුත් හදල තියෙනවා, එකේ ලින්ක් එකත් මම යටින් දාන්නම්.
http://www.imdb.com/title/tt1821681/

මේ ගැන ප්‍රශ්න, නොතේරුන තැන් එහෙම තියෙනවා නම් ත්‍රෙඩ් එකේම අහන්න, මම පුළුවන් උපරිමෙන් කියල දෙන්න උත්සහා කරන්නම්.
හැමෝටම තේරෙන විදිහට මේක ලියන්න ගොඩක් වෙලාවක් වගේම කාලෙකුත් ගියා. මේ ලිපිය වැදගත් නම් මේකට BUMP එකක් හරි දාගෙන යන්න.
ඔයාල හැමෝගෙම feedback ගොඩක් වටිනවා.

බුදු සරණයි!


මගේ පහුගිය ත්‍රෙඩ් කිහිපයක්....
http://www.elakiri.com/forum/showthread.php?t=1183036
http://www.elakiri.com/forum/showthread.php?t=1600207
http://www.elakiri.com/forum/showthread.php?t=1636109
http://www.elakiri.com/forum/showthread.php?t=1627758
http://www.elakiri.com/forum/showthread.php?t=1626451
http://www.elakiri.com/forum/showthread.php?t=1628641


 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ සිරාවට වැදගත් රසවත් ලිපියක්
    තව පොස්ට් ලක්ෂයක් විතර ගහන්න වාසනාව ලැබේවා
    ජයෙන් ජය
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    හුගක් වැදගත් ලිපියක් මචන්
    Rep+
     
    Last edited:
    අඩෝ සිරාවට වැදගත් රසවත් ලිපියක්
    තව පොස්ට් ලක්ෂයක් විතර ගහන්න වාසනාව ලැබේවා
    ජයෙන් ජය

    බුම්ප්

    බොහොම ස්තුත්යි මචං.
    රේප් දෙන්න බැහැලු