වප් පොහොය..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වප්_පොහොය..

    කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පොහොය..
    බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් විසීම ඇරඹෙන වප් පුර පසළොස්වක පොහොය අදයි.

    10388651_10152498311988687_5604450717082127875_n.jpg


    කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්‍යෝත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි.
    වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස්‌ විසූ උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්‌ පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය.
    බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස්‌ කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය.
    මෙලෙස ශාසණික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත. ඒවා නම්,
    බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
    මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
    සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
    සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
    ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
    ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
    වස් පවාරණය කිරීම ආදී වශයෙනි


    1173726_10152498311788687_5376702168848504562_n.jpg



    10690150_10152498311968687_1535583458270069816_n.jpg


    සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තුන් මසක් ගත කළ සේක. එහි දී සිය මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කළහ. උන් වහන්සේ මෙම තෙමස ගත කළ අන්දම ඉතා සිත්ගන්නා සුළුය.
    බුද්ධත්වයෙන් සත් වන වස එළඹි ඇසළ පුන් පෝදා සැවැත්නුවර ජේතවනාරාම අසළ ගන්ධබ්බ රුක් මුලදී යමාමහ පෙළහර පාමින් සිටි බුදුරජාණන් වහන්සේ එක් වරම අතුරුදහන් වූ හෙයින්, පුදුමයට පත් වැසියෝ ඒ ගැන සැරියුත් තෙරුන් විමසූහ.
    උන්වහන්සේ තමන් කාරණය දන්නේ නමුදු, අන් තෙරනුන්ගේ ගුණය ප්‍රකට කරනු වස් අනුරුද්ධ තෙරුන් විමසා දැන ගන්නැයි කී හෙයින්, බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩමවා මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කරමින් ඉදිරි වස් තුන් මස එහි ගත කොට වස් පවාරණ දින ආපසු වඩනා බව අසා දැන ගත් වැසියෝ බුදුහිමි නැවත වඩිනා තෙක් කඳවුරු බැඳ ගත්හ.
    සැවැත්නුවර වැසි චුල්ල අනාථ පිණ්ඩික සිටාණෝ එම තෙමසම වැසියනට ආහාර පාන හා බුලතින් සංග්‍රහ කළහ. මේ කාලය තුළ බුදුරදුන්ගේ උපදෙස් පරිදි මුගලන් තෙරණුවෝ එම වැසියන්ට දහම් දෙසු සේක. ඒ අතර බුදුරදුන් තව්තිසා දෙව් ලොව සිට මාතෘ දෙව් පුත් ප්‍රමුඛ දෙවියනට දහම් දෙසු සේක. එසේ දහම් දෙසූ අයුරුද ඉතා අපූරුය.
    සෑම දිනකම පිණ්ඩපාත වෙලාව දක්වා දෙවියන්ට අභිධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ කිසිවකුටත් නොදැනෙන පරිදි තමන් වහන්සේ හා සමාන විස්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා , පිඬු සිඟා යනු පිණිස හිමාලයට වැඩ උතුරු කුරු දිවයිනෙහි සැරිසරා, ඉන්පසු අනෝතප්ත විලෙන් පැන් පහස නිවා ගෙන දන් වළඳන සේක.
    එම වෙලාවට එහි වඩින සැරියුත් හිමියෝ බුදුරදුන්ට වත් පිළිවෙත් කරති. දන් වළඳ අවසන් වූ කල තව්තිසාවේ දෙවියන්ට දෙසු ධර්මය සැරියුත් හිමිට ඉගැන්විණි. ඉන් අනතුරුව යළි තව්තිසා දෙව්ලොවට වඩින බුදු හිමියෝ විස්මිත බුදුරුව අතුරුදන් කොට තමන් වහන්සේ ම එතැන් සිට දහම් දේශනා කරන මෙම ක්‍රියා පිළිවෙත එම තුන් මස ගෙවනා තුරුම දිනපතා සිදුවූවක්ම විය. දහම් දෙසුම් අවසානයේ මාතෘ දෙව් පුත් සෝවාන් ඵලයේ පිහිටි අතර, දහම් ඇසු කෝටියක් දෙවියෝද බ්‍රහ්මයෝ ද ධර්මාභිසමය ලැබු බව දැක්වේ. වස් පවාරණයට දින හතක් තිබියදී බුදුරජාණන් වහන්සේ සැරියුත් හා මුගලන් හිමිවරු අමතා අදින් සත්වන දවස එනම් වප් මස පුර පසළොස්වක පෝ දා දඹදිව සංකස්ස නුවරින් මිහිකතට වඩින බව සැළ කළහ. මෙම ආගමණය දේවාවරෝහණය නම් වේ.
    බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සිට දෙව් බඹුන් විසින් පිරිවරන ලදුව, අහස් කුස සිට රන් හිණි මගකින්, පරසතු මදාරා මලින් පුදමින් ශක්‍ර දෙවි හා සහම්පති දෙදෙනාගේ මූලිකත්වයෙන් පැවති මහා පෙරහරකින්, හාත්පස ඒකාලෝක කරමින් රැස්ව සිටි ජනයාගේ සාධුකාර මධ්‍යයේ වප් පුර පසලොස්වක පෝය දින සංකස්ස නගර ද්වාරයෙන් මිහිකතට වැඩි බව දේවාවරෝහණ වර්ණනාවේ දැක්වේ. මෙම අසිරිමත් පෙරහර පින් පිරුණු ජනයාට දැකිය හැක්කේ එක් බුද්ධෝත්පාද කාලයකට එක් වරක් පමණක් වීමද විශේෂ කරුණකි. මේ අවස්ථාවේදී තම දිවිය තුළ පළමු වරට බුදු අසිරිය දුටු මහ සැරියුත් තෙරුණුවෝ.
    “ න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - නස්සුතො උදකස්මි
    එවං වග්ගු වදෝ සත්ථා – තුසිතා ගණිමා ගතා “
    යන ගාථා රත්නය දේශනා කොට බුදු සිරි පතුල් වැඳ ප්‍රණාමය පළ කළහ. එහිදි බුදුරජාණන් වහන්සේ බුදුවරු විසින්ම විසඳිය හැකි ප්‍රශ්න කීපයක් විචාරා ඊට නිසි පිළිතුරු දුන් හෙයින් සැරියුත් තෙරුන් වහන්සේ සියලු ප්‍රාඥයින් අතරින් අගතැන් පත් වූ අය ලෙස නම් කරනු ලැබූසේක.
    මෙම පෙළහර දුටු බොහෝ දෙනා බුදුබව ප්‍රාර්ථනා කළහ. මෙහිදී සිදුවු තව වැදගත් සිද්ධියක් වූයේ, දෙව් බඹුන් එනිනෙකාවත්, මිනිසුන්ට දේව බ්‍රහ්ම සමූහයාත්, අපායගාමී සත්වයිනට එකිනෙකාවත් බුද්ධ අධිෂ්ඨානයෙන් දැක ගත හැකි වීමය. මේ අසිරිය දුටු පෙර සිට පෙරුම් පුරා බෝධි සම්භාර ඇති මෛත්‍රී බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදිව එදිනම උපසම්පදා ලැබූසේක.
    ධර්මාශෝක මහ රජුගේ ආශිර්වාදය මත බුදු සසුන ඇරඹුනද, කාන්තාවන් සඳහා භික්ෂුණී ශාසනයට ඇතුල්වීමට අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් නිසි අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සදහා මෙරටට භික්ෂුණීන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලුප් නුවර වෙත පිටත් කර හැරියේද මෙම වප් පොහෝ දිනයේදීය.
    මෙසේ විවිධ ශාසනික දායාදයන් ලබා අවසන දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ‘ලක්දිව බුදු සසුන් පිහිටියේදැ? යි විමසු විට උන් වහන්සේ ප්‍රකාශ කළේ ලක්දිව සීමා මාලකයක් තනා එහිදී මහණ උපසම්පදාවක් කළ යුතු බවයි.
    ඒ සඳහා සියලු සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිටකය සංගායනා කරන ලද්දේ ද අද වැනි වප් පොහෝ දිනයකදීය.ඇසළ පෝය දින සිට පුරා තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටිමින් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව පිණිසත්, සැදැහැතියන්ගේ ගුණ දහම් වර්ධනය උදෙසා කටයුතු කරමින් සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේද අද දිනයි. ඒ අනුව චිවර මාසය ආරම්භ වන්නේද අද දින සිටය.
    මෙම අසිරිමත් සිදුවීම් සිහියට නගා ගනිමින් අද වැනි දිනෙක බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ කදම්භය මෙනෙහි කිරීම බෞද්ධ අපගේ යුතුකම වන්නේය


    1620611_10152498312318687_8070835599886601782_n.png


    උපුටා ගැනීම ශ්‍රී දළදා මාලිගාව වෙබ් පිටුව

    AJYU චතු මහත්මා ගේ ලිපියක් ඇසුරෙනි.
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    තෙරුවන් සරණයි. අද මම උපොසථ අශ්ඨාංග සීලය සමාදන් වුණා..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බෙදා ගත්තාට බොහොම පිං සහෝ... :)
    ධර්ම දානය ලොකු කුසල කර්මයක්.. :)