පරස්පර

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

එහෙං මෙහෙං අහුවුන ටිකක්.. නිකං ඉන්න එකේ කොටල දානව...

1. පිනෝකියෝ පැරඩොක්ස්..

මේක නං හැමෝම වගේ දන්නව ඇති.. පිනෝකියෝ කියනව දැන් මගෙ නහය දික් වෙනව කියල.. නහය දික් වුනේ නැත්තං ඒක බොරුවක් නහය දික් වෙන්න ඕනෙ.. නහය දික් වුනොත් ඒක ඇත්තක් නහය දික් නොවී තියෙන්න ඕනෙ..

2. සීයගෙ පරස්පරේ..

කාලය තරණය කල්ල සීයගෙ පොඩි කාලෙට ගිහිං සීයව මරණව.. සීයව මැරුව කියන්නෙ මං ඉන්න විදිහක් නෑ. මං ඉන්න විදිහක් නෑ කියන්නෙ කාල තරණය කල්ල සීයව මරන්න විදිහක් නෑ.. සීයව මරන්න විදිහක් නෑ කියන්නෙ සීය ඉන්නව.

3. අමුත්තාගේ අවවාධය..

පාරෙදි නන්නාඳුනන කෙනෙක් හම්බවෙලා කියනව, "අඳුනන්නැති අය දෙන අවවාධ පිළිගන එපා" කියල.. එයා දෙන අවවාදෙ පිළිගන්නෑ කියන්නෙ එයා දීපු අවවාදෙ පිළි අරගෙන.. එයා දීපු අවවාදෙ පිළිගන්නව කියන්නෙ ඒ අවවාදෙ පිළිගන්න විදිහක් නෑ..

4. තහනම් වචන පරස්පරය..

ඔන්න මහින්ද රාජපක්ෂ කිසිම මාධ්‍යයක පළ කරන්න තහනම් වචන ලිස්ට් එකක් හැදුවලු.. මහින්ද රාජපක්ෂට ඒ ටික ගැන ජනතාව දැනුවත් කරන්න විදිහක් නෑ වචන සියල්ල මාධ්‍යය වල පල කිරීම තහනම් නිසා..

5. "මෙම වාක්‍යය බොරුවකි"..

^ උඩ වාක්‍යය බොරු කියන්නෙ ඒක ඇත්තක්..
ඇත්තක් කියන්නෙ බොරුවක්..

6. බොරු කියන්නන් මරණ පරස්පරය..

එක රටක බොරු කියන මිනිස්සු සේරම හිසගසාදානව කියල නීතියක් ගෙනාවලු.. එක මිනිහෙක් කියනව "දැන් මහරජා මගෙ හිස ගසා දමනව" කියල.. මහරජා හිසගසා දැම්මොත් ඇත්ත කිව්ව මනුස්සයෙක්ගෙ හිස ගසා දමල.. ඒ මිනිහගෙ හිස ගසානොඩැම්මොත් බොරු කාරයෙක්ට දඬුවම් දෙන්නැතුව නිදහස් කරල..

තව දන්න ඒව තියේ නං දාපල්ල :)

හම්බුනොත් දාන්නං..
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    2. සීයගෙ පරස්පරේ..

    කාලය තරණය කල්ල සීයගෙ පොඩි කාලෙට ගිහිං සීයව මරණව.. සීයව මැරුව කියන්නෙ මං ඉන්න විදිහක් නෑ. මං ඉන්න විදිහක් නෑ කියන්නෙ කාල තරණය කල්ල සීයව මරන්න විදිහක් නෑ.. සීයව මරන්න විදිහක් නෑ කියන්නෙ සීය ඉන්නව.

    best one
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    එක රටක බොරු කියන මිනිස්සු සේරම හිසගසාදානව කියල නීතියක් ගෙනාවලු.. එක මිනිහෙක් කියනව "දැන් මහරජා මගෙ හිස ගසා දමනව" කියල.. මහරජා හිසගසා දැම්මොත් ඇත්ත කිව්ව මනුස්සයෙක්ගෙ හිස ගසා දමල.. ඒ මිනිහගෙ හිස ගසානොඩැම්මොත් බොරු කාරයෙක්ට දඬුවම් දෙන්නැතුව නිදහස් කරල..

    best one
     
    blue_in_rio

    Well-known member
  • මම දැන් උබට කියනවා, උබේ අනිත් ත්‍රෙඩ් වගේ නෙමෙයි, මේක වෙනස්, අනිත් ඒවා ඔක්කොම මහ ගොන් ත්‍රෙඩ් කියලා.එතකොට උබ කියනවා, මගේ අනිත් ත්‍රෙඩ් ගොන් ත්‍රෙඩ් නෙමෙයි කියලා.එතකොට මේක ගොන් ත්‍රෙඩ් එකක් වෙනවා.එතකොට උබ කිව්වොත්,මේක ගොන් ත්‍රෙඩ් එකක් නෙමෙයි කියලා.එහෙනම් අනිත් ඒවා ඔක්කොම ගොන් ත්‍රෙඩ් වෙනවා...... :dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2. සීයගෙ පරස්පරේ..

    කාලය තරණය කල්ල සීයගෙ පොඩි කාලෙට ගිහිං සීයව මරණව.. සීයව මැරුව කියන්නෙ මං ඉන්න විදිහක් නෑ. මං ඉන්න විදිහක් නෑ කියන්නෙ කාල තරණය කල්ල සීයව මරන්න විදිහක් නෑ.. සීයව මරන්න විදිහක් නෑ කියන්නෙ සීය ඉන්නව.

    කාලය තරණය කරන්න ඕනේ නෑ, මෙහෙම හිතන්න උබ ඔය දැන් ඉන්න ගමන් උබේ තාත්තව මරනවා (හොද නෑ තමයි නමුත් හිතමුකෝ) එතකොට එහෙම වුනා කියලා උබ නොපවතින්න විදියක් නෑ නේ, උබ ඉන්නව මොකද උබ බිහිවෙලා ඉවරයි.

    6. බොරු කියන්නන් මරණ පරස්පරය..

    එක රටක බොරු කියන මිනිස්සු සේරම හිසගසාදානව කියල නීතියක් ගෙනාවලු.. එක මිනිහෙක් කියනව "දැන් මහරජා මගෙ හිස ගසා දමනව" කියල.. මහරජා හිසගසා දැම්මොත් ඇත්ත කිව්ව මනුස්සයෙක්ගෙ හිස ගසා දමල.. ඒ මිනිහගෙ හිස ගසානොඩැම්මොත් බොරු කාරයෙක්ට දඬුවම් දෙන්නැතුව නිදහස් කරල..

    මිනිහව මරන්නේ, මිනිහගේ පෙර වැරදි නිසයි. උබ දැන් පන්සල් යනවා, දාන මාන දෙනවා ඊට පස්සේ මිනීයක් මරනවා, ඊට පස්සේ ආයි පන්සල් යනවා, දාන මාන දෙනවා ඔහොම ඉන්න ගමන් පොලිසියට අහුවෙනවා, පොලිසිය නඩු දාලා උබව හිරේ දානවා , හිරේදි උබව එල්ලනවා, එතකොට උබව එල්ලුවේ දාන,මාන දීපූ නිසා නෙවෙයි, උබ කලින් මිනියක් මරපු නිසයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාලය තරණය කරන්න ඕනේ නෑ, මෙහෙම හිතන්න උබ ඔය දැන් ඉන්න ගමන් උබේ තාත්තව මරනවා (හොද නෑ තමයි නමුත් හිතමුකෝ) එතකොට එහෙම වුනා කියලා උබ නොපවතින්න විදියක් නෑ නේ, උබ ඉන්නව මොකද උබ බිහිවෙලා ඉවරයි.
    මං තාත්තව දැන් මරද්දි තාත්ත මාව හදල ඉවරයිනෙ.. ඒක සාමාන්‍යය මරණයක් විතරයි.. අන්න තාත්තගෙ පොඩි කාලෙට ගිහිං මැරුවනං අවුලක්.. එතනදිත් සීය මරණ පරස්පරේම එනව..
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    කාලය තරණය කරන්න ඕනේ නෑ, මෙහෙම හිතන්න උබ ඔය දැන් ඉන්න ගමන් උබේ තාත්තව මරනවා (හොද නෑ තමයි නමුත් හිතමුකෝ) එතකොට එහෙම වුනා කියලා උබ නොපවතින්න විදියක් නෑ නේ, උබ ඉන්නව මොකද උබ බිහිවෙලා ඉවරයි.

    යකෝ ඌ කියලා තියෙන්නෙ අතීතෙට ගිහින් සීයව මරන කතාවක් නෙ.පොඩ්ඩක් හිතල බලපන් ඒකෙයි උබ කියපු කතාවෙයි වෙනස. තේරුනේම නැත්තන් Looper Film එක බලපන්.:angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යකෝ ඌ කියලා තියෙන්නෙ අතීතෙට ගිහින් සීයව මරන කතාවක් නෙ.පොඩ්ඩක් හිතල බලපන් ඒකෙයි උබ කියපු කතාවෙයි වෙනස. තේරුනේම නැත්තන් Looper Film එක බලපන්.:angry::angry::angry:

    ඉතින් බන් මම කියපු එක හිතලා බලපන් කෝ. උබ අතීතයට ගිහින් සීයව මැරුවව, උබ මරන්නේ ඉපදෙච්ච නැති කෙනෙක්, උබ ඉපදිලා ඉවරයි. මේක හරියට programming වල instance වගේ.
    class එකකින් object එක හැදුවා කියලා හිතන්න, ඊට පස්සේ object එක use කරලා class එක විනාශ කරනවා, ඒ වගේම object එකක් හදන්න කලින් class එක විනාශ කරනවා, එතකොට එතන තියෙන්නේ instance දෙකක්, ඒ කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් මේ උදාහරණයට දැම්මම.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Movies වල පෙන්වන ඒවා ඔළුවට ගන්න එපා. උබ අතීතයට ගිහින් අතීතයම විනාශ කරත් උබ අතුරුදහන් වෙන්නේ නෑ, ඒ කරන දේ බලපාන්නේ අනාගතයේ ඉන්න අයටයි, උබ අතිතයට ගියාම උබ ඉන්නේ වර්තමානයේ එතකොට උබත් වර්තමානයේ (අතීතයේ) කොටසක් එතකොට සීයා මැරුවා කියලා උබට මොකුත් වෙන්නේ නෑ, ඒක බලපාන්නේ උබේ සීයගෙන් ඉපදෙන ළමයින්ට ඒ කියන්නේ අනාගතයේ එවුන්ටයි.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කාල තරණය කලා කියන්නෙ මචං වර්තමානය තවම සිද්ධ වෙලා නෑ...
    වර්තමානය සිද්ධ වෙන්න කලිනුයි මරන්නෙ..
    එතකොට අනිවා ඒ ඇසුරෙන් නිමැවෙන අනාගතේ (වර්තමානය) වෙනස් වෙන්න ඕනෙ..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    කාල තරණය කලා කියන්නෙ මචං වර්තමානය තවම සිද්ධ වෙලා නෑ...
    වර්තමානය සිද්ධ වෙන්න කලිනුයි මරන්නෙ..
    එතකොට අනිවා ඒ ඇසුරෙන් නිමැවෙන අනාගතේ (වර්තමානය) වෙනස් වෙන්න ඕනෙ..

    අනාගතය වෙනස් වෙනවා තමයි නමුත් උබ ඉන්නේ අතීතයේ නිසා ,උබට මොකුත් වෙන්නේ නෑ, වෙනස් වෙන්නේ උබේ අනෙක් instance එකටයි. මේක පැහැදිලි කරන්න අමාරුයි ලේසියෙන්ම උබ programming දන්නේ නැත්නම්.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    අනාගතය වෙනස් වෙනවා තමයි නමුත් උබ ඉන්නේ අතීතයේ නිසා ,උබට මොකුත් වෙන්නේ නෑ, වෙනස් වෙන්නේ උබේ අනෙක් instance එකටයි. මේක පැහැදිලි කරන්න අමාරුයි ලේසියෙන්ම උබ programming දන්නේ නැත්නම්.

    එහෙම වෙන්නත් බැහැ නේද. මරුනෙ අතීතයේ ඉන්න කෙනෙක් කිව්වොත්, දැන් ඉන්න එක්කෙනාට අතීතයේ හිටපු එක්කෙනාගෙන් බලපෑමක් නැත්නම්. එක වේලාවකදී එක්කෙනාගේම instance ගොඩක් (එක එක කාලවල) තියෙන්න ඕනේ නේද?