එහෙං මෙහෙං අහුවුන ටිකක්.. නිකං ඉන්න එකේ කොටල දානව...
1. පිනෝකියෝ පැරඩොක්ස්..
මේක නං හැමෝම වගේ දන්නව ඇති.. පිනෝකියෝ කියනව දැන් මගෙ නහය දික් වෙනව කියල.. නහය දික් වුනේ නැත්තං ඒක බොරුවක් නහය දික් වෙන්න ඕනෙ.. නහය දික් වුනොත් ඒක ඇත්තක් නහය දික් නොවී තියෙන්න ඕනෙ..
2. සීයගෙ පරස්පරේ..
කාලය තරණය කල්ල සීයගෙ පොඩි කාලෙට ගිහිං සීයව මරණව.. සීයව මැරුව කියන්නෙ මං ඉන්න විදිහක් නෑ. මං ඉන්න විදිහක් නෑ කියන්නෙ කාල තරණය කල්ල සීයව මරන්න විදිහක් නෑ.. සීයව මරන්න විදිහක් නෑ කියන්නෙ සීය ඉන්නව.
3. අමුත්තාගේ අවවාධය..
පාරෙදි නන්නාඳුනන කෙනෙක් හම්බවෙලා කියනව, "අඳුනන්නැති අය දෙන අවවාධ පිළිගන එපා" කියල.. එයා දෙන අවවාදෙ පිළිගන්නෑ කියන්නෙ එයා දීපු අවවාදෙ පිළි අරගෙන.. එයා දීපු අවවාදෙ පිළිගන්නව කියන්නෙ ඒ අවවාදෙ පිළිගන්න විදිහක් නෑ..
4. තහනම් වචන පරස්පරය..
ඔන්න මහින්ද රාජපක්ෂ කිසිම මාධ්‍යයක පළ කරන්න තහනම් වචන ලිස්ට් එකක් හැදුවලු.. මහින්ද රාජපක්ෂට ඒ ටික ගැන ජනතාව දැනුවත් කරන්න විදිහක් නෑ වචන සියල්ල මාධ්‍යය වල පල කිරීම තහනම් නිසා..
5. "මෙම වාක්‍යය බොරුවකි"..
^ උඩ වාක්‍යය බොරු කියන්නෙ ඒක ඇත්තක්..
ඇත්තක් කියන්නෙ බොරුවක්..
6. බොරු කියන්නන් මරණ පරස්පරය..
එක රටක බොරු කියන මිනිස්සු සේරම හිසගසාදානව කියල නීතියක් ගෙනාවලු.. එක මිනිහෙක් කියනව "දැන් මහරජා මගෙ හිස ගසා දමනව" කියල.. මහරජා හිසගසා දැම්මොත් ඇත්ත කිව්ව මනුස්සයෙක්ගෙ හිස ගසා දමල.. ඒ මිනිහගෙ හිස ගසානොඩැම්මොත් බොරු කාරයෙක්ට දඬුවම් දෙන්නැතුව නිදහස් කරල..
තව දන්න ඒව තියේ නං දාපල්ල

හම්බුනොත් දාන්නං..

