ලෝකෙ හොදම පොලීසිය ලංකාවෙ???

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලෝකෙ හොදම පොලීසිය ලංකාවෙ???

    කට්ටිය ගොඩ දෙනෙක් අහලත් ඇති.මේ අහපු නැති අය වෙනුවෙන්....

    ඔන්න මේක වෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ..
    ගිය අවුරුද්දෙ ලෝකෙ හොදම පොලීසියට ලැබෙන සම්මානය ලැබිල තියෙන්නෙ ලංකාවටනෙ.

    මෙහෙමයි සිද්දිය ඔන්න හැම අවුද්දකම වගේ ගිය අවුරුද්දෙ අන්තිමටත් ලොකේ හොදම පොලීසිය
    හොයන්න විශාල තරගාවලියක් තිබ්බ.ඔන්න මේකට ලංකාවෙ පොලීසියත් ආව.ඔන්න ඉතින් වට කීපයකට
    පස්සෙ අන්තිමට ලෝකෙ හොදම පොලීසි 4ක් තෝර ගත්ත.ඒව තමා එක්සත් රාජධානියේ පොලීසිය
    කවුරුත් දන්න විදියට ස්කොට්ලන්ඩ්යාඩ්,ජර්මන් පොලීසිය,ඇමෙරිකන් පොලීසිය සහ ලංකාවෙ අපේ
    පොලිසිය

    ඔන්න ඉතින් අන්තිම තරගයට දැන් සියල්ල සූදානම්....
    මොකක්ද දන්නවද තරගය
    හාවෙක් ඉන්නව.මේ හාව විශාල කැලේකට අත අරිනව.ඊට පස්සෙ හැම පොලීසියකටම කියනව හාවව
    අල්ලගෙන එන්න.මුලින්ම හාව හොයපු පොලීසිය තමා දිනුම්

    Lovely_rabbit_Picture_da033008s.jpg

    ඔන්න ඉතින් හාවව කැලේට අත ඇරිය..දැන් කට්ටිය හාව පස්සෙ යනව

    ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය කලේ හෝඩුවාවල් පස්සෙ ගිහින් හාව හොයන එක.හෙව්ව හෙව්ව
    වැඩක් නෑ.හාවව ඇහැටවත් දැක්කෙ නෑ කියල කට්ටිය මූනු ඇඹුල් කරගෙන එලියට ආව.

    ජර්මන් පොලීසිය මීට වඩා වෙනස් ක්‍රමයක් තමා අනුගමනය කලේ
    ඒ ගොල්ලොන්ගෙ ප්‍රසිද්ධ පොලිස් බල්ලොනෙ.ඉතින් කට්ටිය පොලිස් බල්ලො දාල සර්ච් පාරක් දැම්ම
    වැඩක් නෑ හාවගෙ මයිල් ගහක් වත් හොයා ගන්න නෑ

    ඇමෙරිකන් පොලීසියත් ලේසියෙන් ඇරියෙ ඒගොල්ලො උපරිම තාක්ශනය භාවිත කරල හාව හෙව්ව
    වැඩක් වුනේ නෑ.ඒගොල්ලොත් හැරිල ආව

    ඔන්න ටිකකින් අපේ මාමිල එනව වලහෙකුත් උස්සගෙන ඌට ගහ ගහ
    ඔන්න විනිශ්චයකාරවරු අහනව "මොකෝ මේ..කෝ හාව" කියල

    එතකොට අපේ මාමිල කියපි "මේ ඉන්නෙ සෑර් ඒ හාව.බොරුනන් අහල බලන්න" කියල.

    එතකොට අර වලහ කියපි "අනේ බුදු සෑර්..මම තමා ඒ හාව" කියල
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හරි හැදුව මචෝ..වෙන වැඩකුත් කරන ගමන් ලියුවෙ :D
    පුලුවන් නම් කමෙන්ට් එක හදපන්...විලි ලජ්ජයි ඕයි නැත්තන්
     
    Last edited: