SLT පරණ පැකේජ් බලෙන්ම ලිමිට් වුන කෙනෙක්ද?
රුපියල් 250 ගානෙ එක ගිගාබයිට් එකකට ගෙවනවද?
එහෙනම් ඇවිත් බලන්න වෙන රට වල එහෙම වුනාම වෙන දේ.
හංගේරියාවේ වසර 2008 ආණ්ඩු පක්ශය වූ MSZP පක්ශය නව නීතියක් ගෙන ආවා ඉන්ටර්නෙට් වල හුවමාරු වන සියළුම දත්ත සඳහා සෑම ගිගාබයිට් එකකටම බදු මුදලක් පනවන්න.
නමුත් එවකට විරුද්ධ පක්ශය ලෙස සිටි FIDESZ පක්ශය මෙයට පෑ විරෝධය හමුවේ ආණ්ඩු පක්ශයට එම තීරණය ක්‍රියාත්මක කිරීම අපහසු වුනා.
නමුත් 2014 දී නැවත බලයට පත් 2002 විපක්ශය වන FIDESZ පක්ශය මඟින් මෙම ඉන්ටර්නෙට් සඳහා වන බදු මුදල් පැනවීම ලබන වසරේ, එනම් 2015 වසරේ සිට ක්‍රියාත්මක කරන බව දැනුම් දුන්නා.
එනම් සෑම ගිගාබයිට් එකක් සඳහාම ශ්‍රී ලංකා රුපියල් අගයයෙන් නම් රුපියල් 60ත් 100ත් අතර මුදලක් බදු ලෙස අය කරන බව.
මෙයට විරුද්ධව ෆේස්බුක් පිටුවක්ද ආරම්භ කල ඉන්ටර්නෙට් පාරිභොගිකයින් ඔවුන් එයින් එක් රැස් කරගත් සාමාජිකයන්ද ඇතුළුව වීදි බැස උද්ඝෝෂණ කිරීමට දස දහස් ගනන් ජනයා එරට අගනුවරට එකතු වුනා.
ඔවුන් රැස් කරගෙන ආ ඉවත දමන පරිඝනක කොටස්, ඉවත දමන ජංගම දුරකථන ආදී ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලින් අගමැති කාර්යාලයට පහර දීමට පටන් ගත්තා.
මේ එම සිදුවීමේ විදෙස් මාද්‍ය වාර්තා කල ඡායාරූප හා වීඩියෝ දර්ශණ.
ඒත් අපේ රටේ...
ඉස්සර අන්ලිමිටඩ් පැකේජ් තිබ්බ ඒවා සියල්ලම බලෙන්ම ලිමිට් කෙරුවා.
ගිගාබයිට් එකක් රුපියල් 250 + vat කෙරුවා.
ලිමිට් පැන්නාම 6kB/s - 7kB/s වලට ස්ලෝ කෙරුවා.
Telecom අන්ලිමිටඩ් පැකේජ් සහමුලින්ම අයින් කලා.
ලීස්/ඩෙඩිකේටඩ් ලයින් වලට මාසෙට ලක්ෂ ගණන් අය කරනවා.
ස්පීඩ් එක පෙන්නලා මිනිස්සුන්ව රවට්ටලා, බාල රව්ටර් සහ වෙනත් සීනිබෝල දීමනා දීලා ලිමිටඩ් ඒවට මාරු කෙරෙව්වා.ඒත්..,
එකෙක්ටවත් දැනුනේවත් නෑ!
එකෙක්ටවත් දැනුනේවත් නෑ!
දැන් 700MB - 1GB YIFI 1080p
ඊට අමතරව ස්පීඩ් පෙන්නලා සමහර අනාතයන්ට සැනසෙන්න පුළුවන් ලිමිට් වුනාට අපිට නම් හරි ස්පීඩ් නේ, ඒ ඇති කියලා.
අනික් රටවලත් ලිමිට් තියෙනවනෙ කියල හිත හදාගන්නත් පුළුවන් උන්ට ම. 


ටෙලිකොම් එකට කඩේ යන රිදිච්ච උන් දැන් දුවගෙන ඇවිත් අම්මට බැනලා රෙප් කපලා ටැග් වල ජරා කරලා යයි. 
News and photo sources:-
http://www.bbc.com/news/world-europe-29783253
http://index.indavideo.hu/video/Igy...m_medium=watchoninda&utm_campaign=videoplayer

වැරදි දේට වැරදියි කියන්න ඕන බං. ඒක වෙබ් සයිට් එකක වෙන්න පුළුවන් කතා බහ කරන අය අතර වෙන්න පුළුවන්. මම ඒකමයි මේ ත්‍රේඩ් එක දැම්මෙත්. ටෙලිකොම් උන් වැරදි බව කියන්නම නෙවෙයි.