ලෝක කුසලානය මුල් කර ගනිමින් ජ්‍යෙෂ්ඨ ශාරීරික සුවතා පුහුණුකරු චන්ද්‍රශාන් පෙරේරා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශාරීරික පුහුණු වීම් වල නිරත වෙමින් සිටි අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 4 හමාරකටත් අඩු ( කෝටි 4යි ලක්ෂ 40 ක) මුදලකට දැක්වූ කෑදරකම නිසා හදිසි ඉන්දියානු සංචාරයක් සූදානම් කර ක්‍රීඩකයින්ට ඒ සඳහා යන්නැයි බලපෑම් කළහ. මේ ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් දක්වන්නෝ මවිත වූහ.
මන්ද යත් ලෝක කුසලාන තරඟාවලියට තව ඇත්තේ දින 90කටත් වඩා අඩු කාලයක් නිසාය.
කිසිදු සුදානමකින් තොරව මෙම හදිසි ඉන්දීය සංචාරයට සහභාගී වී මහේල, සංගා, දිල්ශාන්, ඇන්ජෙලෝ ආදී අමිල ක්‍රීඩකයන් යම් ආකාරයකින් ආබාධයකට ලක්ව ලෝක කුසලානයට තරඟ කළ නොහැකි වුවහොත් එහි වගකීම භාර ගන්නේ නිශාන්ත රණතුංගද යන්න ප්රශ්නයකි.
මෙවැනි ලද බොළඳ තකතීරු ක්‍රිකට් පරිපාලන තීන්දු නිසා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම විනාශයට ගොදුරු වී අවසානය.
T 20 ලෝක ශූරයින් ලෙස ක්‍රීඩකයන් ලද කෝටි 22.5 දේශපාලන න්‍යාය පත්‍රයක් සඳහා අතුරුදහන් වී ඇති බව පාලක මණ්ඩලයේ සමහරු පවසති.
නිශාන්ත රණතුංග සිතා සිටින්නේ ක්‍රිකට් සිය පෞද්ගලික දේපළක් ලෙසය. සභාපති ජයන්ත ධර්මදාස අසරණව ජනපති දෙස බලා සිටියි. ක්‍රීඩා ඇමති සිය වාචාල කට යොදමින් විපක්ෂයට අපහාස කරමින් කාලය ගත කරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, නීතිය බල්ලට ගිය රටක ඉතිරිව තිබුනේ ක්‍රිකට් පමණි.
මහින්ද චින්තනය යටතේ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් වූ අතර රජ පවුල පුල පුලා බලා සිටින්නේ මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන ගිවිසුම එනතුරුය.
-නිරෝෂන් පාදුක්ක විසිනි-