මහින්දට තව අවුරුදු 2ක් ඉඳලා 3 වෙනි පාරට ඉල්ලන්නත් බැරිනම්..එතකොට මචං උබ ගෙනාපු තර්කය මම කිව්වේ අර බයිසිකල් කතාව වරදිනවා නේද...
''ඔන්න හෙට පාර්ලිමේන්තුවෙන් නීතියක් ගේනවා හෙට මින් පස්සේ අත්කොට කමිස ඇදන් බයික් පදින්න බෑ කියල.. අන්න එහෙම නීතියක් ගෙනාවොත් ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි.. ඒ කියන්නේ අද නීතිය ගෙනල්ල ඊයේ අත්කොට කමිස ඇදන් බයික් පැදපු අයව අද අත්අඩංගුවට ගන්න බෑ.. ඒ වගේම තමයි දැන් නීතිය ගෙනල්ල මේ දැන් පාරේ මේ වෙනකොට අත්කොට කමිස ඇදන් බයික් පදින අයව අත්අඩංගුවට ගන්නත් බෑ.. ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට''
ඒක එහෙම නම්.. හෙට නීතියක් දැම්මොත් හෙටින් පස්සේ ඉදන් එය නීතියට යටත් නේ... හෙට එයට බෑ නේ බන් අත් කොට අදින්න... ඒක එහෙම නම්... මහින්දට 2 වෙනි දුර කාලය අවසන් කරලා 3 වෙනි වර ඉල්ලන්න පුළුවන්නේ... එහෙම බැරිනම් ඒ කියන්නේ මොන නිතිය දැම්මත් හෙට ඉදන් අත් කොට අදින්න බෑ නමුත් අද අත්කොට ඇදන් ඉන්න මිනිහට හෙටත් අත්කොට අඳින්න පුළුවන් කියන එකද??? පොඩ්ඩක් පැහැදිලිකරපන් යාලු![]()
![]()
![]()
එතුමා පලවෙනි වර ජන්දෙට ඉදල දෙවැනි පාර ඉල්ලන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කරානං අන්න හරි.. මොකද එතුමා එතකොට දෙපාරක් ජන්දෙට ඉදල නුසුදුස්සෙක් වෙලා නැහැනේ... 2010 ජනවාරි වෙද්දීම තමයි එතුමා නුසුදුස්සෙක් උනේ.. මොකද එතකොට එතුමාව දෙපාරක් ජනතාව පත් කරන ඉවරයි.. 31(2) කියන්නේ දෙපාරක් ජනතාව විසින් තෝරා පත්කරගැනීමට නුසුදුසුයි කියන එක.. එතුමා පස්සේ දිව්රුන් දුන්නට ජනතාව එතුමාව තෝරාගත්තේ ජනවාරි නේ... ඒ කියන්නේ දෙවැනිවර තොර පත් කරගැනීම අවසන්... ඉන් පස්සේ එතුමා හැම දවසක්ම ගෙව්වේ ඒ නුසුදුසු කමත් තියාගෙන... අතීතයට බලපාන විදිහට එක වෙනස් කරේ නෑ.. ඒ හින්ද අදත් හෙටත් එතුමා නුසුදුසුම තමයි...


