මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

thanujaka

Well-known member
  • මහින්දට තව අවුරුදු 2ක් ඉඳලා 3 වෙනි පාරට ඉල්ලන්නත් බැරිනම්..එතකොට මචං උබ ගෙනාපු තර්කය මම කිව්වේ අර බයිසිකල් කතාව වරදිනවා නේද...
    ''ඔන්න හෙට පාර්ලිමේන්තුවෙන් නීතියක් ගේනවා හෙට මින් පස්සේ අත්කොට කමිස ඇදන් බයික් පදින්න බෑ කියල.. අන්න එහෙම නීතියක් ගෙනාවොත් ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි.. ඒ කියන්නේ අද නීතිය ගෙනල්ල ඊයේ අත්කොට කමිස ඇදන් බයික් පැදපු අයව අද අත්අඩංගුවට ගන්න බෑ.. ඒ වගේම තමයි දැන් නීතිය ගෙනල්ල මේ දැන් පාරේ මේ වෙනකොට අත්කොට කමිස ඇදන් බයික් පදින අයව අත්අඩංගුවට ගන්නත් බෑ.. ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට''
    ඒක එහෙම නම්.. හෙට නීතියක් දැම්මොත් හෙටින් පස්සේ ඉදන් එය නීතියට යටත් නේ... හෙට එයට බෑ නේ බන් අත් කොට අදින්න... ඒක එහෙම නම්... මහින්දට 2 වෙනි දුර කාලය අවසන් කරලා 3 වෙනි වර ඉල්ලන්න පුළුවන්නේ... එහෙම බැරිනම් ඒ කියන්නේ මොන නිතිය දැම්මත් හෙට ඉදන් අත් කොට අදින්න බෑ නමුත් අද අත්කොට ඇදන් ඉන්න මිනිහට හෙටත් අත්කොට අඳින්න පුළුවන් කියන එකද??? පොඩ්ඩක් පැහැදිලිකරපන් යාලු :yes: :yes: :yes:

    එතුමා පලවෙනි වර ජන්දෙට ඉදල දෙවැනි පාර ඉල්ලන්න කලින් ව්‍යවස්ථාව වෙනස් කරානං අන්න හරි.. මොකද එතුමා එතකොට දෙපාරක් ජන්දෙට ඉදල නුසුදුස්සෙක් වෙලා නැහැනේ... 2010 ජනවාරි වෙද්දීම තමයි එතුමා නුසුදුස්සෙක් උනේ.. මොකද එතකොට එතුමාව දෙපාරක් ජනතාව පත් කරන ඉවරයි.. 31(2) කියන්නේ දෙපාරක් ජනතාව විසින් තෝරා පත්කරගැනීමට නුසුදුසුයි කියන එක.. එතුමා පස්සේ දිව්රුන් දුන්නට ජනතාව එතුමාව තෝරාගත්තේ ජනවාරි නේ... ඒ කියන්නේ දෙවැනිවර තොර පත් කරගැනීම අවසන්... ඉන් පස්සේ එතුමා හැම දවසක්ම ගෙව්වේ ඒ නුසුදුසු කමත් තියාගෙන... අතීතයට බලපාන විදිහට එක වෙනස් කරේ නෑ.. ඒ හින්ද අදත් හෙටත් එතුමා නුසුදුසුම තමයි...:yes::yes:
     
    thanujaka

    Well-known member
  • අත්කොට කමිසයි බලයට පත්වීමයි ටිකක් උදාහරණ ටිඅක පරස්පර ගතියක් තියනවා. දැන් අපි අලුත් නිතිය හා පරණ නිතිය කියලා ගමු. එට කලින් කියලා තියනවා. නීතියක් බලපවත්වන්නේ කිසියම් දිනයක ඉදලා කියලා. එට කලින් ඒ නිතිය කඩ කරපු අයට දඩුවම් දෙන්න බැහැ . එහෙම දෙන්න නම් අලුත් නීතියේ තියෙන්නේ ඕනි මේක පරණ කඩ කරපු අයට ඒ කියන්නේ අතීතයටත් බලාතමක්යි කියලා.

    මහින්ද ජනාදිපති වෙලා තියෙන්නේ 18 වන ශ්න්ශෝදනයට කලින්. ඒ කියන්නේ පරණ නිතිය කියලා කියමු. ඒ නිසා මහින්දට බලපානේ මහින්ද ජනාදිපති වෙච්ච වයවස්තාව. එකේ හැටියට මහින්දට 3 වෙනි පාරට ඉල්ලන්න සුදුස්සෙක් නෙමයි.

    18 වෙනි සංශෝධනයෙන් ඇති වෙච්ච ව්‍යවස්ථාවන් බලයට පත් උන කෙනෙක්ට පමණයි එක බලපාන්නේ. ඒ කියන්න කලින් ව්‍යවස්ථාවේන් පත් වෙච්ච කෙනෙක්ට 3 පාරක් ඉල්ලන්න බැහැ.
    18 වෙනි සංශෝධනයෙන් බලයට ආපු කෙනෙක්ට පමණයි 3 පාරක් ඉල්ලන පුළුවන්.

    එක හරි ගස්සන්න නම් 18 වෙනි සංශෝදනය අතීතයට බලත්මකයි කියන එක වය්ව්ස්ත්වට ඇතුලත් වෙන්නේ ඕනි. එක ඇතුලත් කරලා මහින්දට ඉල්ලන්න පුළුවන්. එක ඇතුලත් කරන්න අයිත 2/3 බලයෙන් සම්මත වෙන්න ඕනිද කියලා තනුජකගෙන් අහන්න.

    දැනට කියන විදියට මහින්දට තුන්වෙනි පාර ඉල්ලන්න බැහැ කියලා තමයි කියන්නේ. මට ත්රුනෙත් තනුජක දාපු මේ ත්‍රෙඩ් එක දැකලා.තනුජක කියපුවා ටීක සරලවම කියනවා නම් ඔහොමයි.

    අන්න හරි..
    එක තමයි සිද්ධිය...:yes::yes:
     
    thanujaka

    Well-known member
  • මහින්ද කොහොමත් තමන්ව නිවැරදි කරගන්නවා. ඒ වගේම චන්දෙත් කොහොම හරි දිනවී. තමන්ට නීතිමය රමුවකුත් තියන බව පෙන්වලා තමයි කොහොමත් ජනාදිපති වෙන්නේ. නැත්තම් හොර ජනාදිපති කෙනෙක් වෙනවනේ. ඕනි පාලයකෙක් එක කරනවා විදායක බලතල තියනකොට. එත් මෙතන ඇත්ත නිතිඅම්ය තත්වේ දැන් ත්රෙනවා. එක තේරුනේ හරියටම මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ. නැත්තම් මත හිතන් හිටියේ මහින්දට නිතමය රාමුවක් ඇති කියලා ඉල්ලන්න. jvp සරත් එන සිල්වා බැහැ බැහැ කිවුවට.

    මෙතැනදී මිනිස්සු කලපනා කරලා බලන්න ඕනි මහින්දව තියාගන්නවද නැද්ද කියලා?
    රනිල් උනත් තමන්ට දිනන්න බැහැ කියලා තේරුණා ගමන් පොදු අපේක්ෂකයෙක් දාන එක ගැන සලකා බලාවි. මෙතැනදී රනිල් තමයි කොහොමත් අමාරුවේ වැටෙන්නේ. මොකද ජනදිපත්වරනෙට ඉල්ලුවොත් දිනන්නම ඕනි. නැත්තම් පක්ෂ නායකත්වයත් නැති වෙනවා. එනිසා දිනනන් බැහැ කියලා හිතුන ගමන් කරන්නේ පොඩි අපේක්ෂකයාට හරි කරුට හරි පටවන එක

    මටත් පෞද්ගලිකව හිතෙනවා මහින්දට පුළුවන් කියල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වෙයි කියල...
    මොකද මොහාන් පීරිස් කියන්නේ නිකං මහින්දගේ කැටයම් කොටාගන්න පාවිච්චි කරන අතකොළුවක් විතරයි..
    අපරාදේ බං.. හොද නමක් තියාගෙන ක්ෂේත්‍රයේ හොද පිළිගැනීමක් සහිතව හිටපු පුද්ගලයෙක්..
    අගවිනිසුරු වෙලා දැන් නිකං බලුවෙනවා බං එක එකාගේ පදේට නට නට...
    අධිකරණයේ ස්වාධීනතාවය කියන්නේ නිකම්ම නිකං ප්‍රින්සිපල් එකක් විතරයි දැන්..
    එකේ කිසිම ප්‍රයෝගික වලංගුභාවයක් අද නැතිම තරං...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වෙනස් කරපු එක හරි..
    නමුත් ඒ වෙනස් කීරීම දැන් ඉන්න ජනාධිපතිතුමාට අදාළ නෑ..
    ඒක බලපවත්වන්නේ ඉස්සරහට...:yes:

    ඇයි අදාල නැත්තේ? ජනාධිපති ආයෙ නොමිනේශන් දෙන්නේ 31(2) නැති කාලෙක ඉතින් කොහොමද කියන්නේ මිනිහට ඉල්ලන්න බැහැ කියල. මිනිහා 18 හදන්න කලින් නොමිනේශන් දෙන්න ගියේ නැහැනේ. එහෙම කලා නන් වැරදි.

    උඹලා ව්‍යවස්තාවෙ නැති වගන්තියක් අල්ලන්නේ කෑගහන්නේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බොහොම පැහැදිලිව ලියලා තියනවා..
    ස්තුතියි සහෝ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෑ මචං.. දැන් ඉන්න අගවිනිසුරු පත්වුණේ ව්‍යවස්ථානුකූලව තමයි.. එකේ කිසිම ගැටළුවක් නෑ.. ඒ නිසා එතුමාගේ ධූරයේ වැඩකටයුතු තීන්දු තීරණ ගැන කිසිම ගැටළුවක් නෑ...
    කලින් හිටපු අගවිනිසුරුතුමිය උනත් ඉවත් කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ක්‍රියාපටිපාටියටම තමයි.. ඉවත් කරපු විදිහ හරි, හේතුව තමයි මචං ඔතන වැරදි...

    මිත‍්‍රයා මෙතනදි මං එකඟ නෑ. ඉවත් කල විදියත්, ඉවත් කරන්න හේතු වුන කාරණයක් දෙකම වැරදියි. මේ පිලිබඳව පත් කල පාර්ලිමේන්තු කමිටුව කිසිම පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කල බවක් පෙනුනේ නෑ. ඒකපාර්ශවීය ස්වරුපයකින් කටයුතු කලේ, එල්ලවුන වුන චෝදනා සාධාරණය ඔප්පු කිරිමක් සිදුවුනේ නෑ. ඒ කෙසේ වෙතත් වැදගත්ම කාරණය නම් ශිරානි බණ්ඩාරණයක ධුරයෙන් පහකිරිම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත වී නොමැත. ඒ නිසා ඇයව ධුරයෙන් පහකිරිම නිත්‍යාණුකූල නෑ.
     
    thanujaka

    Well-known member
  • ඇයි අදාල නැත්තේ? ජනාධිපති ආයෙ නොමිනේශන් දෙන්නේ 31(2) නැති කාලෙක ඉතින් කොහොමද කියන්නේ මිනිහට ඉල්ලන්න බැහැ කියල. මිනිහා 18 හදන්න කලින් නොමිනේශන් දෙන්න ගියේ නැහැනේ. එහෙම කලා නන් වැරදි.

    උඹලා ව්‍යවස්තාවෙ නැති වගන්තියක් අල්ලන්නේ කෑගහන්නේ.

    මොකද්ද ඔතන තියෙන නීතිමය පසුබිම මහින්දට 18 වෙනි සංශෝධනය වලංගුයි කියන්න...
    31(2) ව්‍යවස්ථාව නැති වෙන්න ඉස්සරහට එන්න ඉන්න කෙනෙක්ට මිසක් දැන් ඉන්න ජනාධිපතිට නෙමෙයි..
    ජනාධිපතිතුමා දෙවැනි වරට ජනතාව විසින් තේරී පත්වෙනකොට ඒ නීතිම ක්‍රියාත්මක උනානං හරි..
    නමුත් එතුමා දෙවැනි වරට තේරී පත්වෙලා ඉවරයි සංශෝධනය එනකොට... අතීත කාලේ.. වෙලා ඉවරයි... අලුත් නීතිය ආයේ එන්නේ දෙපාරක් ඉදිරිපත් වෙලා නැති කෙනෙකුට... ජනාධිපතිතුමා තරග කරන්නේ කලින් ප්‍රතිපාදන යටතේ.. කලින් නීතියෙන් දෙවැනි පාරට ඉල්ලනකොටම එතුමා නුසුදුස්සෙක් වුනා..18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව කියල අතීතයේ වෙච්ච ඒ නුසුදුසු කම මකන්න බෑ...
    ඔව් හරි.. එක දැන් ව්‍යවස්ථාවේ නෑ.. නමුත් ඒ වෙච්ච වෙනස්වීම මහින්ද රාජපක්ෂට අදාළ නෑ... එක බලපවත්වන්නේ ඉස්සරහට...

    1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥා පනතේ කියනවා යම් පුද්ගලයකුට නීතිමය නොහැකියාවක් හෝ දඬුවමක් පනවා තිබේ නම් පසුව එන නීතියකින් එය ඉවත් කළ හැක්කේ, එම නීතියෙන් විශේෂයෙන් අතීතයට බලපාන පරිදි එම නොහැකියාව හෝ දඬුවම ප‍්‍රකාශිතවම ඉවත් කර තිබේ නම් පමණමයි.

    කලින් ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ මහින්ද රාජපක්ෂට නොහැකියාවක් තියෙනවා..
    අතීතයට බලපාන පරිදි එම නොහැකියාව ප‍්‍රකාශිතවම ඉවත් කරේ කොතනින්ද මොන ව්‍යවස්ථාවේ මොන වගන්තියෙන්ද...

    නෑ.. එහෙම කිසි දෙයක් ඔය ව්‍යවස්ථා සංශෝධනයේ නැහැනේ...
    18 ගෙන්කොට එතුමා නුසුදුස්සෙක්.. දෙපාරක් ඉල්ලලා ඉවරයි.. 18න් එක අතීතයට බලපාන පරිදි ප‍්‍රකාශිතවම ඉවත් කර ඒ නුසුදුසු කම අයින් කරේ නෑ...

    අන්න එක නිසා තමයි මහින්දට බෑ කියන්නේ..

    උබ ඔය නැහැයි කියන වගන්තිය මහින්දට තියෙනවා... ඉස්සරහට එන කෙනෙක්ටයි නැත්තේ...
     
    thanujaka

    Well-known member
  • මිත‍්‍රයා මෙතනදි මං එකඟ නෑ. ඉවත් කල විදියත්, ඉවත් කරන්න හේතු වුන කාරණයක් දෙකම වැරදියි. මේ පිලිබඳව පත් කල පාර්ලිමේන්තු කමිටුව කිසිම පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කල බවක් පෙනුනේ නෑ. ඒකපාර්ශවීය ස්වරුපයකින් කටයුතු කලේ, එල්ලවුන වුන චෝදනා සාධාරණය ඔප්පු කිරිමක් සිදුවුනේ නෑ. ඒ කෙසේ වෙතත් වැදගත්ම කාරණය නම් ශිරානි බණ්ඩාරණයක ධුරයෙන් පහකිරිම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත වී නොමැත. ඒ නිසා ඇයව ධුරයෙන් පහකිරිම නිත්‍යාණුකූල නෑ.

    ඔව්.. පාර්ලිමේන්තුව අන්තගාමි වුනා... එක හරි... එක කෙලින්ම මහින්දට ඇද්ද...
    නමුත් එල්ලවුණු චෝදනා ප්‍රමාණවත්ද නැද්ද කියන එක තීරණය කරන්නේ කථානායකවරයා... එක මචං එයාගේ අභිමතානුසාරී බලතලයක්..(එක හරිද නැද්ද බැලුවේ කවුද කියල ඉතින් දන්නවනේ)
    එය හරි චෝදනා ප්‍රමාණවත් කියනවනං පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රී වරුන්ද ඇතුළුව 2/3 කගේ බහුතර සම්මතයකින් එන පාර්ලිමේන්තු යෝජනාව ජනාධිපති අත්සන් කරපු ගමන්ම අගවිනිසුරුගේ ධූරය අහෝසි වෙනවා..
    සිද්ධ කරපු ක්‍රියාපටිපාටිය හරි මචං නමුත් වැඩේ කරේ මහ කුජීත විදිහට... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... එයාලම ගෙනල්ල, එයාල එයාලම හරි වැරැද්ද බලාගෙන, එයාල එයාලම සම්මත කරගෙන අත්සන් කරලා ගෙදර යැව්වා...
    අන්තිම කතා විදිහට වැඩේ උනේ.. නමුත් ව්‍යවස්ථානුකූලව එකේ වැරද්දක් කියන්න බැරි විදිහට වැඩේ උනා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකද්ද ඔතන තියෙන නීතිමය පසුබිම මහින්දට 18 වෙනි සංශෝධනය වලංගුයි කියන්න...
    31(2) ව්‍යවස්ථාව නැති වෙන්න ඉස්සරහට එන්න ඉන්න කෙනෙක්ට මිසක් දැන් ඉන්න ජනාධිපතිට නෙමෙයි..
    ජනාධිපතිතුමා දෙවැනි වරට ජනතාව විසින් තේරී පත්වෙනකොට ඒ නීතිම ක්‍රියාත්මක උනානං හරි..
    නමුත් එතුමා දෙවැනි වරට තේරී පත්වෙලා ඉවරයි සංශෝධනය එනකොට... අතීත කාලේ.. වෙලා ඉවරයි... අලුත් නීතිය ආයේ එන්නේ දෙපාරක් ඉදිරිපත් වෙලා නැති කෙනෙකුට... ජනාධිපතිතුමා තරග කරන්නේ කලින් ප්‍රතිපාදන යටතේ.. කලින් නීතියෙන් දෙවැනි පාරට ඉල්ලනකොටම එතුමා නුසුදුස්සෙක් වුනා..18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව කියල අතීතයේ වෙච්ච ඒ නුසුදුසු කම මකන්න බෑ...
    ඔව් හරි.. එක දැන් ව්‍යවස්ථාවේ නෑ.. නමුත් ඒ වෙච්ච වෙනස්වීම මහින්ද රාජපක්ෂට අදාළ නෑ... එක බලපවත්වන්නේ ඉස්සරහට...

    1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥා පනතේ කියනවා යම් පුද්ගලයකුට නීතිමය නොහැකියාවක් හෝ දඬුවමක් පනවා තිබේ නම් පසුව එන නීතියකින් එය ඉවත් කළ හැක්කේ, එම නීතියෙන් විශේෂයෙන් අතීතයට බලපාන පරිදි එම නොහැකියාව හෝ දඬුවම ප‍්‍රකාශිතවම ඉවත් කර තිබේ නම් පමණමයි.

    කලින් ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ මහින්ද රාජපක්ෂට නොහැකියාවක් තියෙනවා..
    අතීතයට බලපාන පරිදි එම නොහැකියාව ප‍්‍රකාශිතවම ඉවත් කරේ කොතනින්ද මොන ව්‍යවස්ථාවේ මොන වගන්තියෙන්ද...

    නෑ.. එහෙම කිසි දෙයක් ඔය ව්‍යවස්ථා සංශෝධනයේ නැහැනේ...
    18 ගෙන්කොට එතුමා නුසුදුස්සෙක්.. දෙපාරක් ඉල්ලලා ඉවරයි.. 18න් එක අතීතයට බලපාන පරිදි ප‍්‍රකාශිතවම ඉවත් කර ඒ නුසුදුසු කම අයින් කරේ නෑ...

    අන්න එක නිසා තමයි මහින්දට බෑ කියන්නේ..

    උබ ඔය නැහැයි කියන වගන්තිය මහින්දට තියෙනවා... ඉස්සරහට එන කෙනෙක්ටයි නැත්තේ...

    ඉතින් මනුස්සයෝ මහින්ද 31(2) ව්‍යවස්ථාව නැති වෙන්න ඉස්සර නො‍මිනේශන් දුන්නානන් තමා ඉල්ලන්න බැරි වෙන්නේ. මහින්ද දැන් ඉල්ලනවා කියන්නේ 31(2) වගන්තිය ව්‍යවස්තාවෙ නැති වෙලාවක. ඉතින් තවදුරටත් ව්‍යවස්තාවෙ නැති නීතියක් පස්සේ දුවන්නේ මොකද?

    හරි අපි මෙහෙම හිතමු. ඊයෙ පුද්ගකලයෙක් යම් වරදකට දඩුවම් ලබනව. අද ඒ නීතිය වෙනස් කරනවා ඒ වරදට දඩුවම් දෙන්න බෑ කියල. හෙට අ‍ායෙම ඒ පුද්ගලය ඒ වරද කලාම ඒ මිනිහට දඩුවම් දෙන්නේ පරණ නීතියටද අලුත් එකටද? ඒ මිනිහා ඊයෙ නුසුදුස්සෙක් උනා කියල හෙටත් නුසුදුසු වෙනවද?

    මොනවාහරි නීතියක් අතීතයටත් බලපාන විදියට වෙනස් කරන්නේ අතීතේ වෙච්ච දේකට නීතිමය භාවයක් ලබා දෙන්න. වර්තමානෙ වෙන දේකට අතීතයට බලපාන විදියට නීති වෙනස් කරලා තේරැමක් නැහැනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඇයි අදාල නැත්තේ? ජනාධිපති ආයෙ නොමිනේශන් දෙන්නේ 31(2) නැති කාලෙක ඉතින් කොහොමද කියන්නේ මිනිහට ඉල්ලන්න බැහැ කියල. මිනිහා 18 හදන්න කලින් නොමිනේශන් දෙන්න ගියේ නැහැනේ. එහෙම කලා නන් වැරදි.

    උඹලා ව්‍යවස්තාවෙ නැති වගන්තියක් අල්ලන්නේ කෑගහන්නේ.

    වගන්තිය තිබීම හෝ නැතිවීම ගැන සරල සිංහලෙන් කියලා තියෙන්නේ බන්

    උවමනාවට වඩා ගොනා වෙන්න් එපා බන්. මු අදහස් දක්වලා තියෙන්නේ ස්වාදීනව. මුගෙන් විග්‍රහයක් බල්පොරොත්තු උනේ මු කිසිම දෙශපාලන පක්ෂේකට නැතුව කතා කරන නිසා. ඔය මමත් ගැන මුලුත් කතා නොකලෙත් මට නිතිය ගැන සාමාන්‍ය අවබෝදයක් පණක් තියනවා නිසා. හරිදේ මොකද්ද කියලා දැනගන්න. උ ත්‍රෙඩ් එක දැම්මේ උබේ අසහාය ස්වාමියා මහින්දට බැහැ කියන්න නෙමයි. අපි ගොඩක් දෙනෙක් කියපු නිසා. හරි නීතිමය තත්වය මොකද්ද කියලා දැනගන්න. උබ ඒ ගැන දන්නේ නැත්තම් දන්නා එකෙක් කියන ඒවා අහලා දැනගනින් අපි වගේ. ඇත්ත කතා කරනකොට උබට රිදුන පලියට තප්පුලන්න එපා. මොකද නිතිය ගැන අවබෝදයක් තියන් එකක් කියපු දෙයක්. ප්‍රදානමදේ මු කිසි පක්ෂෙකට පක්ෂග්‍රාහී නොවන එකෙක් නිසා. උබ දන්නේ නැතුව කතා කරන්න එපා
     
    • Like
    Reactions: djjaya

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඔව්.. පාර්ලිමේන්තුව අන්තගාමි වුනා... එක හරි... එක කෙලින්ම මහින්දට ඇද්ද...
    නමුත් එල්ලවුණු චෝදනා ප්‍රමාණවත්ද නැද්ද කියන එක තීරණය කරන්නේ කථානායකවරයා... එක මචං එයාගේ අභිමතානුසාරී බලතලයක්..(එක හරිද නැද්ද බැලුවේ කවුද කියල ඉතින් දන්නවනේ)
    එය හරි චෝදනා ප්‍රමාණවත් කියනවනං පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රී වරුන්ද ඇතුළුව 2/3 කගේ බහුතර සම්මතයකින් එන පාර්ලිමේන්තු යෝජනාව ජනාධිපති අත්සන් කරපු ගමන්ම අගවිනිසුරුගේ ධූරය අහෝසි වෙනවා..
    සිද්ධ කරපු ක්‍රියාපටිපාටිය හරි මචං නමුත් වැඩේ කරේ මහ කුජීත විදිහට... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... එයාලම ගෙනල්ල, එයාල එයාලම හරි වැරැද්ද බලාගෙන, එයාල එයාලම සම්මත කරගෙන අත්සන් කරලා ගෙදර යැව්වා...
    අන්තිම කතා විදිහට වැඩේ උනේ.. නමුත් ව්‍යවස්ථානුකූලව එකේ වැරද්දක් කියන්න බැරි විදිහට වැඩේ උනා...

    උඹ කියන එක හරි, එත් මචං ඡන්දයට අදාල පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ තියෙන්නේ ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරිම සඳහා යෝජනාවක් නෙමේ, එහි තිබෙන්නේ මේ සඳහා කමිටුවක් පත්කරන්න ඡන්ද විමසිමක් ගැන, ඡන්දය තිබුනේ ඒකට අදාලව, න්‍යාය පුස්තකයේ පිටපතක් මං ලඟ තිබුනා. පුළුවන් වුනොත් හොයලා දාන්නම්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වගන්තිය තිබීම හෝ නැතිවීම ගැන සරල සිංහලෙන් කියලා තියෙන්නේ බන්

    උවමනාවට වඩා ගොනා වෙන්න් එපා බන්. මු අදහස් දක්වලා තියෙන්නේ ස්වාදීනව. මුගෙන් විග්‍රහයක් බල්පොරොත්තු උනේ මු කිසිම දෙශපාලන පක්ෂේකට නැතුව කතා කරන නිසා. ඔය මමත් ගැන මුලුත් කතා නොකලෙත් මට නිතිය ගැන සාමාන්‍ය අවබෝදයක් පණක් තියනවා නිසා. හරිදේ මොකද්ද කියලා දැනගන්න. උ ත්‍රෙඩ් එක දැම්මේ උබේ අසහාය ස්වාමියා මහින්දට බැහැ කියන්න නෙමයි. අපි ගොඩක් දෙනෙක් කියපු නිසා. හරි නීතිමය තත්වය මොකද්ද කියලා දැනගන්න. උබ ඒ ගැන දන්නේ නැත්තම් දන්නා එකෙක් කියන ඒවා අහලා දැනගනින් අපි වගේ. ඇත්ත කතා කරනකොට උබට රිදුන පලියට තප්පුලන්න එපා. මොකද නිතිය ගැන අවබෝදයක් තියන් එකක් කියපු දෙයක්. ප්‍රදානමදේ මු කිසි පක්ෂෙකට පක්ෂග්‍රාහී නොවන එකෙක් නිසා. උබ දන්නේ නැතුව කතා කරන්න එපා

    ඉතින් මමත් කාටවත් කෙඩේ යන්න නෙමේ මගේ අදහස් දක්වන්නේ. මම විරැද්ධ මතේ ඉදිරිපත් කරන්නේ මේක බලන අයට දෙපැත්තෙම මත දෙක ගැන අව‍බෝදයක් ගන්න. උඹ නිකන් කුලප්පු වෙලා දගලන්න එපා. පුලුවන්නන් මගේ තර්ක ටික බ්දපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නමුත් මීට ප්‍රතිවිරුද්ධ ප්‍රධාන නීති තර්කය මතු කරන පාර්ශවයේ ප්‍රබලයෙකු ලෙස සැලකිය හැකි නීතිඥ ගෝමින් දයාසිරි මහතා ඒ පිළිබඳ පැහැදිලි කරන්නේ මෙසේය. ගෝමින් දයාසිරි යනු උතුර හා නැගෙනහිර පලාත් නීත්‍යානුකූලව වෙන් කිරීම , සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම ආදී පසුගිය ඉතිහාසයේ රටට දායාද කල තීරණාත්මක ජයග්‍රහණයන්හිදී නීතිය ඉදිරියේ පෙනීසිටී යෝධ ත්‍රයිකාවේ (එස් එල් - එච් එල් - ගෝමින් ) එක් ප්‍රබලයෙකි.

    "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 (2) උප වගන්තිය අනුව ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි වාර ගණන 2 කට සීමා කර තිබුණා. එහෙත් 18 වැනි සංශෝධනයෙන් එම කොන්දේසිය ඉවත් කර තිබෙනවා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබඳ කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබඳව කතා කරනවා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. දැනට ව්‍යවස්‌ථාවේ පවතින ආකාරයට ජනාධිපතිවරයකුට තරග කිරීමට හා තනතුරේ සිටින වාර ගණන සීමා කිරීමක්‌ නැහැ. නමුත් මෙහිදී වැදගත් වන්නේ 31 (2) වගන්තිය අවලංගු කිරීම පමණක්‌ නොවේ. ව්‍යවස්‌ථාවේ 92 වගන්තියේ කොන්දේසිය මගින් ජනාධිපති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තරග කළ හැකි වාර ගණන දෙකක්‌ බව සඳහන් වෙතත් එයද 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත්කොට තිබෙනවා.
    ජනාධිපතිවරණයකදී අප විමසා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ‍ ජනාධිපතිවරයාට ඒ සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් තිබේද නැද්ද යන්නයි. 92 වගන්තිය 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත් කිරීම නිසා ඔහුට තරග කිරීමට අවස්‌ථාව තිබෙනවා. මෙයට කෙටි උදාහරණයක්‌ ගනිමු. අතීතයේදී බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට ඡන්ද බලය නොතිබූ අතර අපේක්ෂකයන් වීමට ද අයිතියක්‌ තිබුණේ නැහැ. නමුත් පසු කාලයකදී සර්වජන ඡන්ද බලය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිමි වූ නිසා කාන්තාවන්ට ද අපේක්ෂටකයන් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවස්‌ථාව ලැබුණා. මාග්‍රට් තැචර්ට බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමට ලැබුණේ ද ඒ නිසයි. නීතියක්‌ වෙනස්‌ කළ පසු එහි කලින් තිබූ කොන්දේසි වෙනස්‌ වෙනවා
    .

    http://www.yuthukama.com/2014/10/MahindataThunWarakBayaWeema.html
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉතින් මනුස්සයෝ මහින්ද 31(2) ව්‍යවස්ථාව නැති වෙන්න ඉස්සර නො‍මිනේශන් දුන්නානන් තමා ඉල්ලන්න බැරි වෙන්නේ. මහින්ද දැන් ඉල්ලනවා කියන්නේ 31(2) වගන්තිය ව්‍යවස්තාවෙ නැති වෙලාවක. ඉතින් තවදුරටත් ව්‍යවස්තාවෙ නැති නීතියක් පස්සේ දුවන්නේ මොකද?

    හරි අපි මෙහෙම හිතමු. ඊයෙ පුද්ගකලයෙක් යම් වරදකට දඩුවම් ලබනව. අද ඒ නීතිය වෙනස් කරනවා ඒ වරදට දඩුවම් දෙන්න බෑ කියල. හෙට අ‍ායෙම ඒ පුද්ගලය ඒ වරද කලාම ඒ මිනිහට දඩුවම් දෙන්නේ පරණ නීතියටද අලුත් එකටද? ඒ මිනිහා ඊයෙ නුසුදුස්සෙක් උනා කියල හෙටත් නුසුදුසු වෙනවද?

    මොනවාහරි නීතියක් අතීතයටත් බලපාන විදියට වෙනස් කරන්නේ අතීතේ වෙච්ච දේකට නීතිමය භාවයක් ලබා දෙන්න. වර්තමානෙ වෙන දේකට අතීතයට බලපාන විදියට නීති වෙනස් කරලා තේරැමක් නැහැනේ.

    නිතිය කලරාමුවට බලපාන විදිය ගැන කියලා තියෙන්නේ බන් සිංහලෙන් උබට එක ත්රෙන්නේ නැද්ද. එක නීතියේ හැටි මචං උබටවත් මට වත් ඕනි විදියට ස්වායත්ත කරන්න බහ එක.

    නිතිය හැදිලා තියන විදිය අනුව මහින්දට බලපාන්නේ පරණ වයව්ස්ත්තව කියන එක. එක නීතියේ වැරැද්දක අඩුපාඩුවක් වෙන්නේ පුළුවන්. එත් එක තමයි නිතිය. එහෙමයි හැදිලා තියෙන්නේ
    .එකයි මු මේ කියලා තියෙන්නේ දැන්වත් ත්රුනාද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෝමින් දයාසිරි මහතා මතුකරන මෙම කරුණට අමතරව සරත් එන් සිලවා මහතාගේ තර්කය දුබල කරන තවත් වැදගත් කරුණක් ඒ මහතාගේම කතාව තුලම අන්තර්ගතවේ. එනම් 31/2 වෙනි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණු ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යන වගන්තිය අතීතයට බලපාන පරිදි 18 වන සංශෝධනයේදී වෙනස් කරගැනීමට අතපසු වී ඇති බව සරත් එන් සිල්වා මහතා පවසයි. එහිදී ඔහු දෙවන වතාවට පත් වීම යන කරුණ සලකා බලන්නේ ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරි 26 දිනයි.

    නමුත් නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතුන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි ජනාධිපතිවරයා තම දෙවනි ධූර කාලය නිල වශයෙන් ආරම්භ කලේ 2010 ජනවාරි 26 දින නොව 2010 නොවැම්බර් 19 වන දිනයි. එලෙස දෙවන ධූර කාලය ආරම්භ කරන්නට පෙර , එනම් 2010 සැප්තැම්බර් 09 වන දින 18 වන සංශෝධනය සම්මත කරගෙන ඇත. ඒ අතින් බැලූකල ජනාධිපතිවරයා දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ආරම්භ කරන නොවැම්බර් 19 වන දින වන විට 31/2 වගන්තියක් ව්‍යවස්ථාවේ අඩංගු නොවේ. ධූර කාලය ආරම්භවන්නේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය නිසාම ජනාධිපතිවරයා විසින්ම ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය යතතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනුයේ දෙවනි ධූර කාලය ආරම්භ වන්නේ 2010 නොවැම්බර් 19 වන දින බවයි.

    http://www.yuthukama.com/2014/10/Mah...BayaWeema.html
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉතින් මමත් කාටවත් කෙඩේ යන්න නෙමේ මගේ අදහස් දක්වන්නේ. මම විරැද්ධ මතේ ඉදිරිපත් කරන්නේ මේක බලන අයට දෙපැත්තෙම මත දෙක ගැන අව‍බෝදයක් ගන්න. උඹ නිකන් කුලප්පු වෙලා දගලන්න එපා. පුලුවන්නන් මගේ තර්ක ටික බ්දපන්.

    උබ කොහෙද පක්ෂග්‍රාහී නොවන්නේ..... උබේ තර්ක උබ දාන්නත් ඉස්සල්ල ත්‍රෙඩ් එක එක්ක ගලපනකොට බිදිලා පුස් වෙනවනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිතිය කලරාමුවට බලපාන විදිය ගැන කියලා තියෙන්නේ බන් සිංහලෙන් උබට එක ත්රෙන්නේ නැද්ද. එක නීතියේ හැටි මචං උබටවත් මට වත් ඕනි විදියට ස්වායත්ත කරන්න බහ එක.

    නිතිය හැදිලා තියන විදිය අනුව මහින්දට බලපාන්නේ පරණ වයව්ස්ත්තව කියන එක. එක නීතියේ වැරැද්දක අඩුපාඩුවක් වෙන්නේ පුළුවන්. එත් එක තමයි නිතිය. එහෙමයි හැදිලා තියෙන්නේ
    .එකයි මු මේ කියලා තියෙන්නේ දැන්වත් ත්රුනාද

    දැන් තියන්නේ අලුත් ව්‍යවස්තාවනේ. ඉතින් ඒකේ කොහේද දෙපාරට වඩා ඉල්ලන්න බැහැ කියල තියෙන්නේ? මහින්ද ඉල්ලන්නේ අලුත් ව්‍යවස්තාවටනේ.
     
    thanujaka

    Well-known member
  • ඉතින් මනුස්සයෝ මහින්ද 31(2) ව්‍යවස්ථාව නැති වෙන්න ඉස්සර නො‍මිනේශන් දුන්නානන් තමා ඉල්ලන්න බැරි වෙන්නේ. මහින්ද දැන් ඉල්ලනවා කියන්නේ 31(2) වගන්තිය ව්‍යවස්තාවෙ නැති වෙලාවක. ඉතින් තවදුරටත් ව්‍යවස්තාවෙ නැති නීතියක් පස්සේ දුවන්නේ මොකද?

    හරි අපි මෙහෙම හිතමු. ඊයෙ පුද්ගකලයෙක් යම් වරදකට දඩුවම් ලබනව. අද ඒ නීතිය වෙනස් කරනවා ඒ වරදට දඩුවම් දෙන්න බෑ කියල. හෙට අ‍ායෙම ඒ පුද්ගලය ඒ වරද කලාම ඒ මිනිහට දඩුවම් දෙන්නේ පරණ නීතියටද අලුත් එකටද? ඒ මිනිහා ඊයෙ නුසුදුස්සෙක් උනා කියල හෙටත් නුසුදුසු වෙනවද?

    මොනවාහරි නීතියක් අතීතයටත් බලපාන විදියට වෙනස් කරන්නේ අතීතේ වෙච්ච දේකට නීතිමය භාවයක් ලබා දෙන්න. වර්තමානෙ වෙන දේකට අතීතයට බලපාන විදියට නීති වෙනස් කරලා තේරැමක් නැහැනේ.

    31(2) ව්‍යවස්ථාව මහින්දට තියෙනවා බං... එක මහින්දට නැති උනේ නෑ... උබ කතා කරන්නෙම 31(2) නැති උන නැති උනා කියන මතේ ඉදන් නේ ඔය.. 31(2) මහින්දට නැති උනේ නෑ..
    එකයි මම පුන පුනා මේ කියන්නේ...

    අන්න ඒක තමයි මාත් මේ කියන්නේ... හෙට කරාම ප්‍රශ්නයක් නැතිවෙන්න පුළුවන්.. නමුත් මේ දැන් කරන එක කරන එක වැරද්දක්.. උබේ ඔය උදාහරණයට අනුව..

    මහින්ද කියන්නේ හට ඉන්න කෙනා නෙමෙයි.. මේ අද ඉන්න කෙනා..

    2010 මහින්ද රාජපක්ෂ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ ජන්දේ ඉල්ලුවනන් ඔව් එහෙමනං ගැටළුවක් නෑ..

    ඉල්ලුවේ 18 නැති එකෙන්.. ඒ කියන්නේ පරණ නීතියෙන්... පරණ නීතියේ තියෙන නුසුදුසුකම එයා සම්පූර්ණ කරලා ඉවරයි.. දැන් කොහොමද විශේෂ සටහනක් නැතුව එක ආයේ වෙනස් වෙන්නේ...:confused: