ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ ඔව් ආයේ අධිකරණයට යන්න පුළුවන්...
එත් ඒ තීන්දුව අතික්‍රමණය කරන්න අමාරුයි.. ඒ නිසා ගිහින් වැඩක් නෑ..
ඔව් එක තමයි මම කිව්වේ.. මෙතන පොදු වැදගත්කම කියන එක නෑ මචං.. ඒ හින්ද ඒ කරපු යොමු කිරීම ගැනත් ගැටළුවක් තියෙනවා...
නා තීන්දුව දුන්නොත් දුන්න... එක නැවත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න අවශ්‍ය නෑ...
පොදු වැදගත් කමක් නැහැ කියන්න බැහැ මොකද ජනාධිපති කියන්නේ ජනතාවගේ ජාතික නායකය. ඉතින් මිනිහ චන්දෙට එනවද නැද්ද කියන එක පොදු වැදගත් කමකින් යුතු දෙයක් නෙමේද?
අනික අධිකරණය කොහොම අර්ථ නිරෑපණය කළත් පාර්ලිමේන්තුවට පුලුවන් තමන්ට ඔනි විදියට නීතිය වෙනස් කර ගන්න අධිකරණය කිව්ව එකට ගැළපෙන්න.


