.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

monson

Well-known member
  • May 7, 2007
    25,423
    28,120
    113
    ශ්‍රීනිවාසන් හා නිශාන්ත ටූනමන්ට් ෆික්සින් කරලා ?

    Created on Wednesday, 05 November 2014 09:08

    හදිස්සි තීරණයකට අනුව දැන් පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව වෙතින් තරග 4 - 1 ක පරාජයක් ලැබුවහොත්, අන්තර් ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත්වනු ඇතැයි වාර්තා වේ.

    එය නවසීන්තයේ හා ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට පෙර ඉන්දියාවට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිට කටයුතු කිරීමට අවස්ථාව හිමිවීමක් බව විචාරක මතයවී තිබේ.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී ශ්‍රීනිවාසන් විසින් අදාල හදිස්සි තරග සංචාරයට ආරාධනා කිරීමත් එය ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස හෝ ක්‍රිකට් විධායක කිමිටුවේද අනුමැතියකින් තොරව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පුහුණුවීම් අතරමැද සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් පිළිගැනීමත් සැකකටයුතු ගණුදෙණුවක් බවට මේවන විට සැක මතුව තිබේ.

    නිශාන්ත හා ශ්‍රීනිවාසන් එක්ව ව්‍යාපාර සිදුකරනු ලබන බව මේවන විට ප්‍රසිද්ධ රහසක් වන අතර තරග පාවාදීමේ චෝදනා එල්ලව සිටින ශ්‍රීනිවාසන්ගේ බෑණා වන ගුරුනාත් මෙයියප්පන් ද නිහාන්තගේ ගජයෙක් බව පැවසේ.


    - http://anonymouse.org/cgi-bin/anon-...nkanewsweb.net/news/14321-2014-11-05-09-08-38

    :rolleyes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආ හරි පටන් ගත්ත කෝලි කුට්ටුව. දැන් ඉතින් බඩු පැකට්.. හයියෝ සල්ලි :angry: