ජේසු තුමා

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    එහෙම නම් උබ කියන ඒවාත් පිළිගන්න බෑ නේ බන්. BBC එක කියන්නේ British එකක්, උන් එහෙම් පිටින්ම ක්‍රිස්තියන්.
    British != not catholic.

    කැතලික් තමා හරි එක. British උන් අදහන්නෙ anglican (church of England) Catholic වලින් කැඩිලා ආපු එකක්.

    තෝ හැමදේම දන්නවාලු මහලොකුවට ඒක දන්නෙ නෑ :rofl: :rofl:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්‍රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.

    Map-Route-Exodus-Israelites-Egypt.gif

    ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.

    අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.

    ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ
    ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.

    අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.

    ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.

    අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.

    අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.

    ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.
    :yes::yes::yes::yes: ela mcn.....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    British != not catholic.

    කැතලික් තමා හරි එක. British උන් අදහන්නෙ anglican (church of England) Catholic වලින් කැඩිලා ආපු එකක්.

    තෝ හැමදේම දන්නවාලු මහලොකුවට ඒක දන්නෙ නෑ :rofl: :rofl:

    :lol: catholic ,christian, අරවා මේවා ඔක්කොම එවුන් එකයි බන්. සුන්නිය් ,ෂීයා වගේ තමයි උබලත්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    එහෙම නම් උබ කියන ඒවාත් පිළිගන්න බෑ නේ බන්. BBC එක කියන්නේ British එකක්, උන් එහෙම් පිටින්ම ක්‍රිස්තියන්.

    කව්ද කියන්නේ බ්‍රිතාන්‍ය ක්‍රිස්තියන් කියලා?? දැන් ඔය BBC කොහොමද ක්‍රිස්තියන් කියන්නේ? කොහෙද එහෙම කියලා තියෙන්නේ? :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කව්ද කියන්නේ බ්‍රිතාන්‍ය ක්‍රිස්තියන් කියලා?? දැන් ඔය BBC කොහොමද ක්‍රිස්තියන් කියන්නේ? කොහෙද එහෙම කියලා තියෙන්නේ? :rolleyes:

    ක්‍රිස්තියන් කියන්නේ ඔක්කොටම. කැතලික් කියන්නේ ක්‍රිස්තියන් වල කොටසක්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ක්‍රිස්තියන් කියන්නේ ඔක්කොටම. කැතලික් කියන්නේ ක්‍රිස්තියන් වල කොටසක්.

    ඔව් ක්‍රිස්තියානි තමයි මුල. ලොකුම කොටස තමයි රෝමානු කතෝලික ආගම. අනික් කොටස් පොඩියට කැඩිලා යන්නේ. අපේ ආගමේ සක්‍රමේන්තු 7ක් පිළිපදිනවා. අනික් අය නෑ.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඇයි මචන් ඒක වැදගත් නැත්තේ ???
    උඹයි,මායි 2නම දන්නවා පිරිමියෙක්ගේ ජීවිතේ සැහෙන වෙනසක් වෙන්නේ ඔය කාල පරාසය තුල කියල
    අවුරුදු 12 සිට අවුරුදු 30 දක්වා අපි ගන්න තීරණ,ආකල්ප නිසයි අපේ ඉතුරු ජීවිත කාලෙම රඳා පවතින්නේ
    ජේසුතුමා ඇයි මේ වගේ දහමක් මිනිස්සුන්ට කියල දෙන්න හිතන්න ඇත්තේ කියල නිකමටවත්
    හිතුනේ නැද්ද බන් ???
    එහෙම හිතෙන්න නම් එතුමාට එතුමාගේ ජීවිත කාලය තුලදී ලබපු අත්දැකීම් හේතු වෙන්න ඇති නේද ?
    ජීවිතේ වැදගත්ම කාලය නොදැන මේවට උත්තර හොයන්නේ කොහොමද ? :rolleyes:

    මචං ඔන්න ඔතනයි වැරදුන තැන. එකක් තමයි ජේසුතුමා බෞද්ධ භික්ෂුවක් නම් මොකටද බෞද්ධ දර්ෂනය සම්පූර්ණයෙන්ම ඉවතලන සර්වබලධාරී දෙවියන්වහන්සේ ගැන ඉගැන්වීම් කරන්නේ. ජේසු තුමාගේ ප්‍රසිද්ද ජීවිතයේ ආරම්භය හෙවත් පළවෙනි ප්‍රාතිහාර්යය වශයෙන් සැලකෙන වතුර මිදි යුෂ බවට හැරවීමේ පටන් උන්වහන්සේ කුරුසගසේ ඉදගෙන තමාව කුරුසියේ ඇණ ගැසුව සෙබළුන්ට සමාව දෙනලෙස කරන අවසාන ඉල්ලීම දක්වාම ප්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේ සියල්ලටම ඉහලින් සිටින බවත් තමන් දෙවියන්වහන්සේගේ ඒක ජනිත පුත්‍රයානන් බවත්. මේ ඉගැන්වීම් වල කෙලෙසකවත් බෞද්ධ දර්ශණයක් සම්මිශ්‍රණය වෙලා නැහැ.

    කොටින්ම කිව්වොත් නැවත ඉපදීමක් ගැන ක්‍රිස්ත්‍රියානි ධර්මයේ විශ්වාශයක් නැහැ. මරණින් පසු ශරීරයෙන් ආත්මය වෙන්වී ස්වර්ගයට හෝ අපායට හෝ ඒ දෙකටම අයත් නොවන ශුද්ධිකස්ථානය වෙත ගමන් කරන බවයි ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ.

    කුමන ආකාරයකින් හැදින්වුවත් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නේ ආන්දෝලාත්මක චරිතයක්. බයිබලයේ නව ගිවිසුම කතෘ වරුන් සතර දෙනෙක් විසින් උන්වහන්සේගේ උකුත් වීමෙන් පසුව පළවන ශත වර්ෂයේ ග්‍රන්ථාරූඩ වූවක්. කතු වරුන් සතර දෙනාම වෙන් වෙන් වශයෙන් කියන්නේ උන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන පමණයි.

    උදාහරණයක් විදියට උන් වහන්සේගේ උපතින් මතු සත් දිනකින් එළඹෙන නම් තැබීමේ උත්සවයෙන් පස්සේ නැවත් සදහන් වන්නේ අවුරුදු 12දී උන් වහන්සේ එකළ තිබූ ප්‍රධාන දේවස්ථානයේ වේද පණ්ඩිතයන් සහ එකළ සිටි පූජකයන් සමග චතුර ලෙස වාද විවාද කර ගත් අවස්ථාවයි. එම අවස්ථාවේ උන් වහන්සේ තම දෙමව්පියන්ගෙන් දින තූනක කාලයක් මගහැරී ඇත්තේත් මේ වාද විවාද නිසයි. වයස අවුරුදු 12දී පණ්ඩිතයන් පුදුමයට පත් කරමින් දේව රාජ්‍ය ගැන කරුණු කිවූ උන් වහන්සේ තම මවට නැවත සම්බවූ පසු ඒ ගැන නොසතුටින් සිටින මවට උන්වහන්සේ පවසන්නේ මාගේ පියාගේ ගෘහයේ ඔබ මා නැතිවී යැයි සෙවූවේ මන්දැයි කියායි. එතැනින් පසුව නැවතත් උන්වහන්සේ ගැන බයිබලයේ සදහන් වන්නේ අවුරුදු 30 දී දේව වරමින් වතුර මිදියුෂ බවට පත් කරවන ප්‍රාතිහාර්යයෙනුයි.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඊශ්‍රායෙල් ජනතාව කියන්නේ පුදුම විදියට දුක් වින්ද ජනතාවක්, මේ ජනතාව අවුරුදු 4000 තිස්සේ යුදෙව්වන්ගෙ දාසයෝ විදියට තමයි ඉජිප්තුවේ ජීවත් වුනේ.

    මෝසෙස් කියන දිවැසිවරයා තමයි ඊස්‍රායෙල් ජනතාව වහල් බවින් මුදවා ගෙන පොරොන්දු දේශය (Israyel) කරා ගෙන ආවේ. මෝසෙස් පොරොන්දුවක් දුන්නා කවදහරි දවසක ඔවුන් අතරින් ගැලවුම්කාරයෙක් බිහිවෙන බවත් ඒ ගැලවුම් කාරයා ඔවුන්ව විමුක්තිය කරා ගෙනයන බවත්. ඉතින් කාලයක් තිස්සෙම ඊශ්‍රායෙල් ජනතාව මේ ගැලවුම්කාරයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ඔවුන් හිතුවේ බලවත් රජ කෙනෙක් ඔවුන් අතරින් බිහි වෙයි කියලා.

    Map-Route-Exodus-Israelites-Egypt.gif

    ජේසු තුමා තමයි මෝසෙස් කිව්ව ගැලවුම්කාරය හෙවත් දෙවියන්වහන්සේගේ පුත්‍රයා. ඒත් බොහෝ දෙනෙක් පිලිගත්තේ නැහැ ඔහුව. ඒකට හේතු කිහිපයක් තිබුනා, ජේසු ඉපදුනේ මාලිගාවක නෙවෙයි, ගව මඩුවක. ජේසු රැකියාවක් විදියට කලේ වඩු කර්මාන්තය. ඒ සමාජයේ තැනක් තිබුනේ බදු අයකරන්නන්ට, පූජකයන්ට සහ රජුගේ සේනාවේ හිටිය සෙබලුන්ට. නීතිය සහ බලය තිබුනේ රෝම අධිරාජ්‍යයා සහ ඒ කාලේ හිටිය පූජකයන් ගාව. ඔවුන් ජේසුව තඹ්යකටවථ් මායිම් කලේ නැහැ, ඒත් අසරණ මිනිස්සු සහ පීඩිතයන් දිනෙන් දින ජේසු වටා එක් රැස් වුනා.

    අවසානයේ ජේසුව පාලකයන්ටත් ප්‍රශ්නයක් වුනා. වැඩියෙන්ම ප්‍රශ්නයක් වුනේ පූජකයන්ට. ඒ පූජකයන්ගෙන් සමාජයට වෙන අසාධාරණය ජේසු බය නැතිව විවේචනය කලා. මේ නිසා තමයි ජේසුව කුරුසේ ඇණ ගහලා මැරුවේ. ඒත් සියල්ල කණපිට හැරුනේ ජේසු කුරුසේ උකුත් වුනායින් පස්සේ.

    ජේසු ලගින්ව ආශ්‍රය කල ගෝලයා තමයි පේදුරු කියන්නේ. ඒත් පාලකයන්ට ඔහු කොයි තරම් බයද කියනවා නම් ජේසු කුරුසියට ඇණ ගහන්න පෙර දින රාත්‍රියේ ඔහුව ජේසුගේ ගෝලයක් විදියට අදුනාගත්ත සෙබළුන්ට ඔහු දහ අතේ දිවුරනවා තමන් ජේසුව හදුනන්නේ නැති බවට. ජේසු උකුත් වුනායින් පස්සේ ජේසුත් එක්ක සිටිය ගෝලයන්ට කිහිපවතාවක්ම දර්ශනය වෙනවා. එච්චර කල් ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව පිලි ගන්න අදිමදි කරපු ගෝලයෝ
    ජේසු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව තහවූරු කර ගන්නවා. ඔවුනුත් බය නැතිව ජේසු දේශණා කරපු දේවල්ම දේසණා කරන්න පටන් ගන්නවා.

    අන්තිමේ මේ දේශනා කොයි තරම් නම් බලවත් වුනාද කියනවා නම් ජේසුව අදුනන්නේ නැති බව දහ අතේ දිවුරපු පේදුරු තුමා මරුමුවට පත් වෙන්නෙත් කුරුසියේ ඇණ ගහලා. එතනදී පේදුරු තුමා කියනවා ජේසුට කරන ගෞරවයක් විදියට තමන්ව ඔලුව පහලට සිටින විදියට කුරුසියේ ඇණ ගහලා මරලා දාන්න කියලා.

    ජේසුගේ දේශනා හැම එකක්ම පදනම් වෙලා තිබුනේ කරුණු දෙකක් මතයි.

    අපි හැමෝම දෙවියන්වහන්සේගේ දරුවෝ කියන එක.

    අනිත් එක තමයි හැම කෙනෙක්ටම එකම විදියට සාධරණව සලකන්න, ප්‍රේම කරන්න කියන එක.

    ඒත් අද ඉන්න අනුගාමිකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් නම් ඔය කරුණු දෙක ඒ විදියටම පිලිපදිනවද කියන එක අවිනිශ්චිතයි. එහෙම පිලිපදිනවා නම් ආගමේ නාමයෙන් යුද්ද ඇති නොවෙන්න ඕනි, දුප්පත් කියන වචනය සමාජයෙන් අතු ගෑවෙන්න ඕනි. පොලීසි උසාවි හිරගෙවල් මේ කිසි දෙයක් කිතුණු සමාජයට අවශ්‍ය නොවන දේවල් වෙන්න ඕනි.
    good post
     
    • Like
    Reactions: Robin*Hood

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං ඔන්න ඔතනයි වැරදුන තැන. එකක් තමයි ජේසුතුමා බෞද්ධ භික්ෂුවක් නම් මොකටද බෞද්ධ දර්ෂනය සම්පූර්ණයෙන්ම ඉවතලන සර්වබලධාරී දෙවියන්වහන්සේ ගැන ඉගැන්වීම් කරන්නේ. ජේසු තුමාගේ ප්‍රසිද්ද ජීවිතයේ ආරම්භය හෙවත් පළවෙනි ප්‍රාතිහාර්යය වශයෙන් සැලකෙන වතුර මිදි යුෂ බවට හැරවීමේ පටන් උන්වහන්සේ කුරුසගසේ ඉදගෙන තමාව කුරුසියේ ඇණ ගැසුව සෙබළුන්ට සමාව දෙනලෙස කරන අවසාන ඉල්ලීම දක්වාම ප්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේ සියල්ලටම ඉහලින් සිටින බවත් තමන් දෙවියන්වහන්සේගේ ඒක ජනිත පුත්‍රයානන් බවත්. මේ ඉගැන්වීම් වල කෙලෙසකවත් බෞද්ධ දර්ශණයක් සම්මිශ්‍රණය වෙලා නැහැ.

    කොටින්ම කිව්වොත් නැවත ඉපදීමක් ගැන ක්‍රිස්ත්‍රියානි ධර්මයේ විශ්වාශයක් නැහැ. මරණින් පසු ශරීරයෙන් ආත්මය වෙන්වී ස්වර්ගයට හෝ අපායට හෝ ඒ දෙකටම අයත් නොවන ශුද්ධිකස්ථානය වෙත ගමන් කරන බවයි ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ.

    කුමන ආකාරයකින් හැදින්වුවත් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නේ ආන්දෝලාත්මක චරිතයක්. බයිබලයේ නව ගිවිසුම කතෘ වරුන් සතර දෙනෙක් විසින් උන්වහන්සේගේ උකුත් වීමෙන් පසුව පළවන ශත වර්ෂයේ ග්‍රන්ථාරූඩ වූවක්. කතු වරුන් සතර දෙනාම වෙන් වෙන් වශයෙන් කියන්නේ උන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන පමණයි.

    උදාහරණයක් විදියට උන් වහන්සේගේ උපතින් මතු සත් දිනකින් එළඹෙන නම් තැබීමේ උත්සවයෙන් පස්සේ නැවත් සදහන් වන්නේ අවුරුදු 12දී උන් වහන්සේ එකළ තිබූ ප්‍රධාන දේවස්ථානයේ වේද පණ්ඩිතයන් සහ එකළ සිටි පූජකයන් සමග චතුර ලෙස වාද විවාද කර ගත් අවස්ථාවයි. එම අවස්ථාවේ උන් වහන්සේ තම දෙමව්පියන්ගෙන් දින තූනක කාලයක් මගහැරී ඇත්තේත් මේ වාද විවාද නිසයි. වයස අවුරුදු 12දී පණ්ඩිතයන් පුදුමයට පත් කරමින් දේව රාජ්‍ය ගැන කරුණු කිවූ උන් වහන්සේ තම මවට නැවත සම්බවූ පසු ඒ ගැන නොසතුටින් සිටින මවට උන්වහන්සේ පවසන්නේ මාගේ පියාගේ ගෘහයේ ඔබ මා නැතිවී යැයි සෙවූවේ මන්දැයි කියායි. එතැනින් පසුව නැවතත් උන්වහන්සේ ගැන බයිබලයේ සදහන් වන්නේ අවුරුදු 30 දී දේව වරමින් වතුර මිදියුෂ බවට පත් කරවන ප්‍රාතිහාර්යයෙනුයි.

    ඕකට උත්තරය කලින්ම දීලා ඇති මචන්.

    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් ක්‍රිස්තියානි තමයි මුල. ලොකුම කොටස තමයි රෝමානු කතෝලික ආගම. අනික් කොටස් පොඩියට කැඩිලා යන්නේ. අපේ ආගමේ සක්‍රමේන්තු 7ක් පිළිපදිනවා. අනික් අය නෑ.

    ඕක තමයි මම කිව්වොත්.
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    mama nam kiyanne, agamak wenne thamange hithe nidahasa,:dull: katawath karadarayak nathiwa sathutin jeewath weema... ai ban nikan e kale ewa allagena argue karaganne. adahana minissu adahai. ape agam dekama ara sakkili agama :angry: wage nathi eka gana sathutu wela, hamadema anithyayi kiyala hitha gena jeewath wunoth hodai kiyalai mage adahasa.
     
    • Like
    Reactions: Robin*Hood

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama nam kiyanne, agamak wenne thamange hithe nidahasa,:dull: katawath karadarayak nathiwa sathutin jeewath weema... ai ban nikan e kale ewa allagena argue karaganne. adahana minissu adahai. ape agam dekama ara sakkili agama :angry: wage nathi eka gana sathutu wela, hamadema anithyayi kiyala hitha gena jeewath wunoth hodai kiyalai mage adahasa.

    මේතන යන්නේ වැදගත් සංවාදයක් මචන්, ඒක විනාශ කරන්න හදන්න එපා. මේ සංවාදයේ නම තමයි ජේසු කියන්නේ කවුද? උබ ඒක දන්නවා නම් මේකේ මොනවා හරි වැදගත් දෙයක් ලියන්න නැත්නම් යන්න.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකට උත්තරය කලින්ම දීලා ඇති මචන්.

    බලාගෙන ගියාම මල්ලි ඔයා තනිකර හීන තියරියක්නේ මේ කියන්නේ? මෝසස් කොහෙද යුදෙව් ආගම හැදුවේ? මෝසස් කොහොමත් යුදෙව්වෙක්. මෝසස්ට කලින් ජෝශප්, ජාකොබ්, යුදෙව් ආගමේ ආරඹේ පියා ඒබ්‍රහම්. එබ්‍රහම්ගෙන් තමයි යුදෙව් ආගම පටන් ගන්නේ. දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගන්නේ. මෝසස්ගේ පළමු පුතාගේ ජනතාවෙන් මුස්ලිම් ආගම හැදෙන්නේ ජේසුට පස්සේ.

    ආබ්‍රහම්ගේ දෙවැනි පුතා ඊසක්ගෙන් තමයි යුදෙව් ජනතාව තව ගොඩක් හැදෙන්නේ. ඊට පස්සේ ඒසව් ජාකොබ්. ඊට පස්සේ ජෝසෆ්. ඊජිප්තුවේ තමයි මෝසස් ඉපදෙන්නේ යුදෙව්ක් හැටියට. පැනලා ගිහින් ආයේ ඊජිප්තුවට එනවා යුදෙව්වෝ ඊජිප්තු වහල් බවෙන් මුදවාගන්න. මෝසස් තමයි යුදෙව් ආගමේ අලුත් නීති හදලා ජනතාවට දෙන්නේ. ජෙසුත් යුදෙව්වෙක් හැබැයි යුදෙව් ආගමේ දරුණු දේවල් විවේචනය කරා. නැතුව ඉන්දියාවට ගිහින් බුදු දහම ඉගෙනගෙන ඇවිත් යුදෙව්වන්ට කිව්ව නිසා යුදෙව්වෝ අල්ලලා මැරුවේ නෑ. නිකන් තමුන්ට හිතෙන බොරු තර්ක දාන්න එපා මල්ලි.

    ජේසුගේ ගෝලයෝ විකුර්ති කරපු දෙයක් නෑ ජේසු උගන්නපු දේ යුදෙව් ජාතියට කියලා දෙන්න තමයි එයාලා ගියේ. එයාලවත් මරන්න හෙව්වා පැනලා ගිහින් වෙන පළාත් වලට ගිහින් ධර්මය දේශනා කරා.

    යුරෝපෙට කතෝලික ආගම එන්න කලින් හිටපු රජවරු ජේසුගේ දහම පිළිපැද්ද මිනිස්සු දුක් වින්දවලා මරලා දැම්මා. රෝමේ හිටපු කොන්ස්ටන්ටෙන් කියන නායකයා තමයි පළවෙන රෝමානු කතෝලිකයා. එහෙම තමයි යුරෝපෙට කතෝලික දහම ව්‍යාප්ත උනේ. නැතුව කව්රුත් මේ විකුර්ති කරා අරකද මේකද කනිකන් හිතට එන බොරු කියන්න එපා.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලාගෙන ගියාම මල්ලි ඔයා තනිකර හීන තියරියක්නේ මේ කියන්නේ? මෝසස් කොහෙද යුදෙව් ආගම හැදුවේ? මෝසස් කොහොමත් යුදෙව්වෙක්. මෝසස්ට කලින් ජෝශප්, ජාකොබ්, යුදෙව් ආගමේ ආරඹේ පියා ඒබ්‍රහම්. එබ්‍රහම්ගෙන් තමයි යුදෙව් ආගම පටන් ගන්නේ. දෙවියන් එක්ක ගිවිසුමක් ඇති කරගන්නේ. මෝසස්ගේ පළමු පුතාගේ ජනතාවෙන් මුස්ලිම් ආගම හැදෙන්නේ ජේසුට පස්සේ.

    ආබ්‍රහම්ගේ දෙවැනි පුතා ඊසක්ගෙන් තමයි යුදෙව් ජනතාව තව ගොඩක් හැදෙන්නේ. ඊට පස්සේ ඒසව් ජාකොබ්. ඊට පස්සේ ජෝසෆ්. ඊජිප්තුවේ තමයි මෝසස් ඉපදෙන්නේ යුදෙව්ක් හැටියට. පැනලා ගිහින් ආයේ ඊජිප්තුවට එනවා යුදෙව්වෝ ඊජිප්තු වහල් බවෙන් මුදවාගන්න. මෝසස් තමයි යුදෙව් ආගමේ අලුත් නීති හදලා ජනතාවට දෙන්නේ. ජෙසුත් යුදෙව්වෙක් හැබැයි යුදෙව් ආගමේ දරුණු දේවල් විවේචනය කරා. නැතුව ඉන්දියාවට ගිහින් බුදු දහම ඉගෙනගෙන ඇවිත් යුදෙව්වන්ට කිව්ව නිසා යුදෙව්වෝ අල්ලලා මැරුවේ නෑ. බනිකන් තමුන්ට හිතෙන බොරු තර්ක දාන්න එපා මල්ලි.

    ජේසුගේ ගෝලයෝ විකුර්ති කරපු දෙයක් නෑ ජේසු උගන්නපු දේ යුදෙව් ජාතියට කියලා දෙන්න තමයි එයාලා ගියේ. එයාලවත් මරන්න හෙව්වා පැනලා ගිහින් වෙන පළාත් වලට ගිහින් ධර්මය දේශනා කරා.

    යුරෝපෙට කතෝලික ආගම එන්න කලින් හිටපු රජවරු ජේසුගේ දහම පිළිපැද්ද මිනිස්සු දුක් වින්දවලා මරලා දැම්මා. රෝමේ හිටපු කොන්ස්ටන්ටෙන් කියන නායකයා තමයි පළවෙන රෝමානු කතෝලිකයා. එහෙම තමයි යුරෝපෙට කතෝලික දහම ව්‍යාප්ත උනේ. නැතුව කව්රුත් මේ විකුර්ති කරා අරකද මේකද කනිකන් හිතට එන බොරු කියන්න එපා.

    බලාගෙන ගියාම මල්ලි ඔයා තනිකර හීන තියරියක්නේ මේ කියන්නේ?

    තියෙන එක හැදුවේ සාධක පදනම් කරගෙන. උබ කියනවා BBC එකේ සාධක පිළිගන්න බෑ ලු, උබේ ඒවා පිළිගන්නලු. කියන්න බලන්න මොන පදනමෙන්ද කියලා එහෙම කියන්නේ කියලා? උබට ඕනේ උබ හරියි කියලා අපි පීලිගන්නයි. එහෙම බෑ මචන්. දන්න කෙනෙක් මොනවා හරි කිව්වා පිළිගත් සාක්ෂී ඇතුව ඒක පිළිගන්න ඕනේ. BBC එක කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ,Research කරන ආයතනයක්.

    මෝසස් කොහෙද යුදෙව් ආගම හැදුවේ? මෝසස් කොහොමත් යුදෙව්වෙක්. මෝසස්ට කලින් ජෝශප්, ජාකොබ්, යුදෙව් ආගමේ ආරඹේ පියා ඒබ්‍රහම්
    මම කිව්වේ තෝරා එකේ නිර්මාතෘත්වය ගැනයි. මෝසෙස් තමයි ඒක හැදුවේ. :yes:
    මෝසෙස් එක හැදුවේ තමන්ගේ පිරිසව පාලනය කරන්නයි. මෝසෙස්ගේ කාලයේ යුදෙව්වෝ හිටියේ ඊජිප්තුවේ , පස්සේ යුදෙව් පිරිසගේ වැඩිවීමක් වෙන්න ගත්තම එවකට ඊජ්ප්තුවේ හිටපු ෆාරාවෝ වරුන් බය වුනා යුදෙව්වෝ තමන්ගේ සතුරන්ට උදව් කරයි කියලා, මේක නිසා ෆාරාවෝ අණ කරා අළුත උපන් සෑම පිරිමි ලමයෙක්වම මරන්න කියලා. නමුත් මෝසෙස් බේරුනා, බේරුන මෝසෙස් තමන්ගේ කට්ටියව එක්කරගෙන රතු මුහුද තරනය කරලා අනෙක් පැත්තට ගියා, ඊට පස්සේ තමන්ගේ පිරිසව පාලනය කරන්නයි දෙවියගේ බයිලාවක් ඇදබෑවේ. :yes: මිනිස්සු කොහොමත් තමන්ට නොපෙනන, අත්භූත දේවල් වලට බයයි, මෝසෙස් මේකේන් ප්‍රයෝජන අරගෙන ලිව්වා තෝරා එක ඊට පස්සේ මිනිස්සුන්ව ඒකේ විදියට පාලනය කරන්න ගත්තා. :P කොහොමද හරියට age of empires වගේ නේ.
    නැතුව ඉන්දියාවට ගිහින් බුදු දහම ඉගෙනගෙන ඇවිත් යුදෙව්වන්ට කිව්ව නිසා යුදෙව්වෝ අල්ලලා මැරුවේ නෑ. බනිකන් තමුන්ට හිතෙන බොරු තර්ක දාන්න එපා මල්ලි.

    බොරු නෙවෙයි මචන්. උබ කියනවා බොරු කියලා, නමුත් උබේ ළග සාක්ෂී නෑ එහෙම නෙවෙයි කියලා. මම උබට BBC එකේ Research සාක්ෂී ඕන තරම් පෙන්වුවා. උබ ඒවා පිළිගන්නේ නෑ. ඉතින් මම මොනවා කරන්නද?

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තියෙන එක හැදුවේ සාධක පදනම් කරගෙන. උබ කියනවා BBC එකේ සාධක පිළිගන්න බෑ ලු, උබේ ඒවා පිළිගන්නලු. කියන්න බලන්න මොන පදනමෙන්ද කියලා එහෙම කියන්නේ කියලා? උබට ඕනේ උබ හරියි කියලා අපි පීලිගන්නයි. එහෙම බෑ මචන්. දන්න කෙනෙක් මොනවා හරි කිව්වා පිළිගත් සාක්ෂී ඇතුව ඒක පිළිගන්න ඕනේ. BBC එක කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ,Research කරන ආයතනයක්.

    මම කිව්වේ තෝරා එකේ නිර්මාතෘත්වය ගැනයි. මෝසෙස් තමයි ඒක හැදුවේ. :yes:
    මෝසෙස් එක හැදුවේ තමන්ගේ පිරිසව පාලනය කරන්නයි. මෝසෙස්ගේ කාලයේ යුදෙව්වෝ හිටියේ ඊජිප්තුවේ , පස්සේ යුදෙව් පිරිසගේ වැඩිවීමක් වෙන්න ගත්තම එවකට ඊජ්ප්තුවේ හිටපු ෆාරාවෝ වරුන් බය වුනා යුදෙව්වෝ තමන්ගේ සතුරන්ට උදව් කරයි කියලා, මේක නිසා ෆාරාවෝ අණ කරා අළුත උපන් සෑම පිරිමි ලමයෙක්වම මරන්න කියලා. නමුත් මෝසෙස් බේරුනා, බේරුන මෝසෙස් තමන්ගේ කට්ටියව එක්කරගෙන රතු මුහුද තරනය කරලා අනෙක් පැත්තට ගියා, ඊට පස්සේ තමන්ගේ පිරිසව පාලනය කරන්නයි දෙවියගේ බයිලාවක් ඇදබෑවේ. :yes: මිනිස්සු කොහොමත් තමන්ට නොපෙනන, අත්භූත දේවල් වලට බයයි, මෝසෙස් මේකේන් ප්‍රයෝජන අරගෙන ලිව්වා තෝරා එක ඊට පස්සේ මිනිස්සුන්ව ඒකේ විදියට පාලනය කරන්න ගත්තා. :P කොහොමද හරියට age of empires වගේ නේ.

    බොරු නෙවෙයි මචන්. උබ කියනවා බොරු කියලා, නමුත් උබේ ළග සාක්ෂී නෑ එහෙම නෙවෙයි කියලා. මම උබට BBC එකේ Research සාක්ෂී ඕන තරම් පෙන්වුවා. උබ ඒවා පිළිගන්නේ නෑ. ඉතින් මම මොනවා කරන්නද?

    විද්‍යාවයි ආගම දහමයි කවදාවත් එකට තියන්න බෑ. ඕවා හෙව්වට ඒ මිනිස්සුගේ නිගමනයක් විතරයිනේ. ඕනෙම එක්කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. හැබැයි මල්ලි කියන ඒවා කොහොමත් පිළිගන්න බෑ.

    ඔයා මෝසස්ගේ නික්මයාම ගැන තව හොඳට හොයලා බලන්න. රතු මුහුදෙන් එතෙර උන විදිය තාමත් සාක්ෂි හොයාගන්න තියනවා. අනික මෝසස්ට ඊජිප්තුවෙන් යුදෙව් මිනිස්සු නිකන් අරන් එන්න පුළුවන් උනේ නෑ? ඊජිප්තුවට කොච්චර විපත් ගේන්න උනාද අන්තිමට මුළු පළාතේම වැඩිමල් දරුවා මැරෙන තැනටම වැඩේ සිද්ද උනාට පස්සේ තමයි මෝසස්ට යුදෙව් ජනතාව පොරොන්දු දේශයට ගෙනියන්න පාරාවෝ අණ දෙන්නේ. ඉතින් ඕවා කරන්න මෝසස්ට කව්ද උදව් කරේ? බයිබලේ කියන විදියට දෙවියන් වහන්සේ. ඒ අනින් තමයි යුදෙව් ජනතාව පොරොන්දු දේශයට යන්නේ. ගියාට දෙවියෝ විවේචනය කරා. මෝසස් දස පනත ගේන්න දවස් 40 සීනායි කන්ද උඩට ගියාම බාගයක් මිනිස්සු රත්තරන් උණු කරලා ගවයෙක් හැදුවා අදහන්න. මෝසස් ඒ ගෙනාපු දස පනත ඒ වෙලාවේම ඒ ගවයාට ගහලා කඩලා දැම්මා. එහෙම කරපු මිනිස්සු මරලා දැම්මා. මෝසස්ට ඔච්චර දේවල් කරන්න පුලුවන්ද තනියම? බෑ. මෝසස් දෙවියන් නියම කරපු විදියට ගලෙන් වතුර අරන් දෙන වෙලාවේ ඒ අණ හරියට කරන්න බැරි උන නිසා පොරොන්දු දේශයට යන්න බැරි උනා. පස්සේ ජනතාව ගෙනිච්චේ ජොෂුවා.

    මම වෙලාවක ඔය BBC එක බලනම්. බලලා ඒක ගැන උත්තරයක් දෙන්නම්
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    "විද්‍යාවයි ආගම දහමයි කවදාවත් එකට තියන්න බෑ."
    sahathika atta. aagam walin karana claims godak aawa borui kiyala Science walin prove karanwa eg : Creationism