great post bro thanks adult.junior
great post bro thanks adult.junior
ඔන්න මම අලුත් විදිහේ ඉංග්‍රීසි පාඩමක් පටන් ගන්නයි හදන්නේ. මේක ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. එළකිරි එකේ ගොඩක් අය ඉංග්‍රීසි දැනුම ලබා ගන්න ත්රෙඩ්ස් දානව. හැබැයි පොඩි අඩුවකට තියෙන්නේ එක්කෝ ඒවා මුල ඉඳල ෆලෝ කරන්න ඕන.
advice කියන්නේ නාම පදයක්. (noun එකක්.) ඒක යොදන්නේ හරියට මෙන්න මෙහෙම:
මම එයාට පොතක් දුන්නා. I gave her a book.
මේකේ book කියන්නේ නාම පදයක්.
එතෙන්ට advice කියන එක දාන්න පුළුවන්.
I gave her an advice. (මේක පොඩ්ඩක් ගැලපෙනවා මදි ඒත් නිවැරදියි.)
They need some good advice
advise කියන්නේ ක්‍රියා පදයක්. ඒක යොදන්නේ මෙහෙම.
මම එයාට කියන්නම්. I'll tell her.
එතෙන්ට අපිට මෙහෙම දාන්න පුළුවන්.
I'll advise her.
I advised her
මේ කියා දුන්නේ ලියද්දි අවශ්‍ය වෙන දෙයක්.
දවසක් ඇර දවසක් කියල ඉංග්‍රීසියෙන් කියන්නේ every other day කියල. එක්කෙනෙක් ඇර එක්කෙනෙක් නම් every other person කියල කියන්න පුළුවන්. දවස් තුනකට සැරයක් නම් every third day කියල.
උදාහරණ:
He goes to the bank every other day.
Every third seat is vacant.
Every fifth person was given a book.
corps කියන එක කියවන්නේ කෝ කියල. කෝප් නෙවෙයි. corps කියන්නේ මොනවා හරි දෙයක් කරන්න එකතු වුන කණ්ඩායමකට.
උදාහරණ: peace corps volunteers
armed corps (හමුදාවේ කණ්ඩායමක්. අහල ඇතිනේ)
Sri Lanka youth corps
corpse කියන එක කියවන්නේ කෝප්ස් කියලා. ඒ කියන්නේ මළ සිරුර.
අපි සිංහලෙන් කියනවා නේ මෙහෙම:
එයාට දොස්තර මහත්තය කිව්වා බත් කන්න එපා කියල.
පාන් කන්නත් එපා කිව්වද?
පාන් නම් කන්න පුළුවන්.
මෙතන නම් කියන එක ඉංග්‍රීසියෙන් මෙහෙම කියන්න පුළුවන්
Bread of course she can eat.
I don't like metal music. Classical music of course I like.
I won't be able to come to your birthday party. For the wedding of course I'll come.
(of course කියන එකේ තේරුම් ගොඩක් තියනවා. මේකත් එකක්.)
අපි සිංහලෙන් අහනවා, කවුද ඔයාට මේක කරන්න කිව්වේ? කවුද ඔයාව මේක කරන්න පෙළඹෙව්වේ? කියල. ඒක අහන්නේ මෙහෙමයි:
Who made you do this?
ඔයා තමයි මට ඒක කරන්න කිව්වේ
ඔයා කියපු හන්ද තමයි මම ඒක කරේ.
ඔයා තමයි ඒක කරන්න මාව පෙළඹෙව්වේ.
You made me do that.
තව ඒ වගේ වාක්‍ය ටිකක්.
My mother made me do it.
My friend made me steal it.
I made him sell it.
ignore කියන වචනෙයි ignorance කියන වචනෙයි තියෙන්නේ තේරුම් දෙකක්. ignore කියන්නේ නොසලකා හරිනවට. ඒත්ignoranceකියන්නේ මෝඩකම. හරියට අධ්‍යාපනයක් නැති නිසා ආපු මෝඩකම වගේ එකක්. තව නොදැනුවත් කමටත් ignoranceකියනවා. ගොඩක් අය හිතනවා ignore කියන එකේ noun එක තමයි ignorance කියල. ඒක වැරදියි.
අපි කතා කරද්දී උපහාසයට ත් මේක භාවිතා කරනවා.
උදාහරණයක්: තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ තාත්ත ඒක කරනකොට වැරදි නැද්ද?
මෙතන තරහ වෙන්න එපා මම දන්නේ නැති හින්ද අහන්නේ කියන එක අපිට කියන්න පුළුවන් මෙහෙම:
Pardon my ignorance, but is it not wrong when your father does it?
මම හැම තැනම හෙව්වා. පන දාගෙන හෙව්වා. කියන එක කියන්නේ මෙහෙමයි:
I searched high and low
go through කියල කියන්නේ මොකක් හරි හොඳින් කියවල බලනවට. අධ්‍යයනය කරනවට.
මම ඔයාගේ වාර්තාව කියවල බැලුව
I went through your report.
මම ඔයාගේ CV එක කියවල බැලුව. තව පොඩ්ඩක් එක්ස්පිරියන්ස් තිබුන නම් හොඳයි.
I went through your CV. It's better if you had a little more experience
මේ ලිස්ට් එක කියවල බලන්න
Go through this list please
work out කියන එකේ තේරුම් ගොඩක් තියනවා. එකක් තමයි අන්තිමේ (හොඳ)විසඳුමකට එන එක.
උදාහරණයක්:
බය වෙන්න එපා. ඒක හරියයි පස්සේ. හොඳ විදිහට ඉවර වෙයි.
Don't worry. Everything will work out all right.
ටිකක් ඉන්නකෝ අපි මොනවහරි විසඳුමකට එන්න බලමු. මොනවා හරි කරන්න බලමු.
Let's work out something.
I'm trying to work out a solution for this.
(තව තේරුමක් තමයි ව්‍යායාම කරනවා කියන එක. ඔය යකඩ උස්සන එක වගේ.
තව ගොඩක් තේරුම් තියෙනවා.)
have an axe to grind කියල කියන්නේ අපිට කවුරු හරි එක්ක විසඳ ගන්න පොඩි අවුලක් තියනවා නම්.
I am going to meet the manager. I have an axe to grind with him.
I want to meet you. I have an axe to grind.
have a bone to pick කියන එකත් මේකම තමයි.
තව තේරුමක් තමයි තමන්ගේ වාසියට යමක් කරනවා කියන එක.
He supports the manager because he has an axe to grind.
Private media is better because they have no axe to grind by being partial.
irrespective of කියල කියන්නේ මොකක් වුනත් කියනවා වගේ තේරුමක්.
Killing is wrong irrespective of religion.
ආගම මොකක් වුනත් මිනි මැරීම වැරදියි.
We denounce killing irrespective of religion.
ආගම මොකක් වුනත් අපි මිනී මැරීම හෙලා දකිනවා.
He served everybody irrespective of race.
ජාතිය ගැන බලන්නේ නැතුව එයා හැමෝටම සේවය කරා.
ලියුමක් ලියද්දි Yours Faithfully/Yours Sincerely කියන දෙක තමන්ට හිතුන විදිහට පාවිච්චි කරන්න බෑ. මෙන්න මෙහෙමයි:
ලිපිය Dear Sir, Dear Madam, Rev. Sir, Dear Miss වගේ එකකින් පටන් ගත්තොත් (නමක් සඳහන් නොකර) ඉවර කරන්නේYours Faithfullyකියල.
Dear Mr. Janz, Dear Ms Abeysinha වගේ එකකින් පටන් ගත්තොත් (ඒ කියන්නේ නමකින් ඇමතුවොත්) ඉවර කරන්නේ Yours Sincerely කියල.
මාරු කරොත් වැරදියි.
ata කියන එක තමයි බහු වචනය. datas කියල වචනයක් නැහැ.
එකක් නම් කියන්නේ datum කියල. කියවන්නේ ඩේටම් කියල. (හරි නම් ඩැටුම් කියලයි කියන්න ඕන ඒත් ඉංග්‍රීසියෙන් නම් ඩේටම්).
අදින් පස්සේ datas පාවිච්චි කරන්න එපා.
have a shot at කියන්නේ කරලා බලනවට. ඒ කියන්නේ නිකන් අත ඇරලා දාන්නේ නැතුව ට්‍රයි එකක් දීල බලනවා වගේ.
There will be a big crowd, of course. But I'll have a shot at it too.
කට්ටිය නම් ගොඩක් එයි. ඒත් මාත් පොඩි ට්‍රයි එකක් දෙනවා.
Why don't you have a shot at it?
ඔයත් පොඩි ට්‍රයි එකක් දීල බලන්න.
It's කියන එකෙන් කියන්නේ එහෙම තත්වයක් තියෙනවා කියල. තවත් විදිහකට කියනවනම්It's කියන ටිකේ තේරුමක් නෑ. ඒකේ තියෙන්නේ grammatical meaning එකක් විතරයි.
It's cold today කියන්නේ අද හීතලයි කියල. එහෙම නැතුව ඒක හීතලයි අද කියල නෙවෙයි.
It's dangerous to go there. කියන්නේ එහෙ යන එක භයානකයි කියල. එහෙම නැතුව ඒක එහෙ යන එක භයානකයි කියල නෙවෙයි.
It's good to drink tea. තේ බොන එක හොඳයි.
It's good to go there. එහෙ යන එක හොඳයි.
It's good to read newspapers everyday
It's foolish to talk to him now
මේ දෙක පාවිච්චි කරන විදිහ වෙනස්. ඒ කියන්නේ grammar වල යොදන ආකාරය.
There is often confusion over 'maybe' and 'may be'.
Maybe
Maybe (one word) can be substituted with 'perhaps' or 'possibly'. ('Maybe' is an adverb.) Try substituting the 'maybe' in these examples with 'perhaps':
Maybe this world is another planet's hell. (Aldous Huxley)
Courage is saying, "Maybe what I'm doing isn't working; maybe I should try something
else." (Anna Lappe)
Maybe you have to know darkness before you can appreciate the light. (Madeleine L'engle)
There are a lot of people who can't write and maybe shouldn't write. (Sarah Hepola)
May Be
May be (two words) is similar to 'might be', 'could be' or 'would be'. (The word 'may' in 'may be' is an auxiliary verb.)
Examples:
Conscience is the inner voice that warns us somebody may be looking. (H. L. Mencken)
If two men agree on everything, you may be sure that one of them is doing the thinking. (Lyndon B. Johnson)
The ability to delude yourself may be an important survival tool. (Jane Wagner)
layman කියන්නේ ගිහියාට. clergy/layman
එහෙමත් නැත්නම් මොනවහරි විෂයයක ට ආගන්තුක කෙනෙක් හරි සාමාන්‍ය කෙනෙක් හරි නම්.උදා: Please tell me all details about this medicine. I am a layman for medical profession.
He is just a layman for this field. We should explain everything to him.
Let me explain it to you in layman's terms.
මම ඔයාට කියන්නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙන භාෂාවෙන්.
Please explain it to me in layman's terms.
මට ඕක තේරෙන විදිහට කියන්න. මම ඔය විෂය ගැන දන්න කෙනෙක් නෙවෙයි.
made කියල කියන්නේ යමක් කෙරුව නැත්නම් කරන්න පුළුවන් වුනා කියන එකට.
එහෙ යන්න සාමාන්‍යයෙන් පැය හයක් යනවා. මම පැය 4 න් ගියා.
It usually takes 6 hours to go there. But I made it in 4 hours.
deliberately කියල කියන්නේ හිතාමතාම කියන එකට.
You did this deliberately
ඔයා හිතලමයි මේක කරේ.
You broke it deliberately
ඔයා හිතලමයි ඒක කැඩුවේ.
I didn’t do that deliberately. It was an accident.
forgive කියන්නේ ගොඩක් වෙලාවට අපිට හදවතට දැනෙන විදියට සමාව ඉල්ලන්න.
pardon කියන්නේ වැඩිපුරම අර පුරුද්දක් විදිහට නැත්නම් සම්මතයක් නිසා සමාව ඉල්ලන්න.
අපේ අතින් යාලුවෙකුට වැරද්දක් වුනොත් කියනවා please forgive me කියල.
ඒත් උසාවියේ ගිහිල්ල නඩු කාරයට කියන්නේ pardon me කියලා. කවුරු හරි කතා කරද්දී ඇහුනේ නැත්නම් කියන්නේ pardon? කියල.
e.g. කියලා කියන්නේ උදාහරණ වලට. ඒ කියන්නේ ගොඩක් තියෙන ඒවායින් කීපයක් පෙන්නනවා මෙන්න මේ වගේ ඒවා කියල. උදාහරණ:
cool drinks e.g. coca cola, red bull
බීම වර්ග e.g. කොකා කෝලා, රෙඩ් බුල්
මෙතන කොකා කෝලා, රෙඩ් බුල් කියන්නේ බීම වර්ග දහස් ගණනකින් දෙකක් විතරයි.
i.e. කියල කියන්නේ "ඒ කියන්නේ" කියන එක. උදාහරණ:
my brothers i.e. Ranil and Mahinda මගේ අයියල i.e.රනිල් සහ මහින්ද
මෙතන මට ඉන්නේ අයියල දෙන්නයි. ඒ දෙන්නගෙම නම් සඳහන් කරනවා.
මේ දෙක පටලව ගන්න එපා.
e.g. exempli gratia
i.e. id est
පොත හොඳට විකිනෙනවා කියන්නේ The book sells well කියල. ඒක The book is sold well කියල පැසිව් වොයිස් වලින් කියන්න අවශ්‍ය නැහැ.
තව ඒ වගේ ටිකක්:
Shop closes at 9 p.m.
Exhibition starts at 8 a.m.
Achilles' heel කියන්නේ කෙනෙකුගේ දුර්වල කමට. ඒ කියන්නේ කෙනෙකුගේ අවාසියට හිටින දුර්වල කමට.
He is very smart. But having too many friends is his achilles' heel.
එයා ගොඩක් දක්ෂයි. ඒත් යාළුවො වැඩි එක තමයි එයාගේ විනාසෙට හේතුව.
කියවන්නේ ඇකිලිස් හීල් කියල
despite කියල කියන්නේ "එහෙම වෙලත්, එහෙම වෙද්දීත්" වගේ එකක්.
He didnˈt stop it despite so much criticism
එච්චර විවේචනය කරත් එයා ඒක නැවැත්තුවේ නැහැ
He came despite heavy rain
වැස්ස තියෙද්දිත් එයා අවා.
He came in spite of heavy rain
කට්ටිය රෙප් ටිකක් දීල තියනවා අලුතෙන්. එහෙනම් මං ප්‍රති උපකාරයක් කරන්නම්කො. තව පොඩි පාඩම් ටිකක් දාන්නම්.
අපි සිංහලෙන් කෝල් එකක් ගන්නවා කියන එක ට ඉංග්‍රීසියෙන් කියන්නේ Make a call කියල.
Take a call කියල කියන්නේ අපිට එන කෝල් එක ගන්නවට. එහෙම නැත්නම් කට්ටිය කියන්නේ කෝල් එක උස්සනවා කියල. අන්න ඒකට.
Hang කියන වචනෙට අතීත කාල දෙකක් තියනවා. Hung සහ Hanged.වෙනස තමයි hung කියන්නේ මොනවහරි දෙයක් ලස්සනට හිටින්න වගේ එල්ලනවට නැත්නම් එල්ලුවට එහෙම.
උදා.
She hung a picture on the wall.
ඇය බිත්තියෙ පින්තුරයක් එල්ලුව.
This picture should be hung on that wall.
මේ පින්තුරේ අර බිත්තියෙ එල්ලන්න ඕන.
hanged කියන්නේ කවුරු හරි මරන්න එල්ලනවට නැත්නම් එල්ලුවට.
උදා.
They hanged the pirate this afternoon.
ඒගොල්ලෝ අර මුහුදු මංකොල්ල කාරය අද හවස එල්ලලා මැරුව.
The pirate should be hanged in the early morning.
මුහුදු මංකොල්ල කාරය පාන්දරින් ම එල්ලල මරන්න ඕන.
මං පොඩි දෙයක් කියන්නම්. අපි බුරුවෙක් ගේ පිටේ පිදුරු ටිකක් පටවනවා. ඌ ඔහේ ඉඳියි. තව ටිකක් පටවනවා. කමක් නෑ. හැබැයි ඔහොම ගිහින් ඌට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ට පස්සේ තව එක පිදුරු ගහක් හරි පටෙව්වොත් උගේ කොන්ද කැඩෙනවා. එතකොට කොන්ද කැඩුනේ අර අන්තිම පිදුරු ගහ හින්ද ද නැත්නම් කලින් පිදුරු හින්දද? කලින් පිදුරු තමයි ප්‍රධානම හේතුව නේ. අන්තිම එක හින්දම නෙවෙයි නේ.
ඉංග්‍රීසි වල ඔන්න ඕක හන්ද තියනවා කියමනක් The last straw that broke the camel's back කියල.
අපි කියමු මහා චාටර් ඩයල් එකක් ඉන්නවා ඌ වැරදි කරලා කරලා ඉන්නේ. අන්තිමට මොනවා හරි කරපු ගමන් දෙකක් දීල පොලිසියට බාර දෙනවා. එතකොට අර අන්තිමට කරපු එක ගැන අපි කියන්නේ the last straw කියල.
He stole my watch. That was the last straw. I broke his hands.
He came late today too, that was the last straw, and I fired him.
adult.junior
Senior Member
Posts: 3,056
Join Date: Mar 2011
Location: Wilderness
03-23-2012, 10:41 AM
I think now that you understand what happens here you can contribute. And it’s all yours now. To keep or to kill.
great post bro thanks adult.junior