



මේක එව්වට ස්තුත්යි එහෙමනම් ඒ බ්ලොග් තියෙන සමහරක් ඒවා මෙතනට දානවා වැඩි විස්තර ගිහින් බලන්න හොද ලිපි තියෙනවා
මුලින්ම මෙතනදි මතක් වෙන්නෙ ප්‍රශ්න අහද්දි අපට නැතිවම බැරි no කෑල්ල. “ඔයා ඒ අයට කිව්ව නේද?” , “එයා (ඔහු) ඒක දන්නව නේද?” “ එයා (ඇය) හෙට එනව නේද?” වැනි “නේද” යන්න අඩංගු ප්‍රශ්නවලදි අපි හැමෝම වගේ කියන්නෙ You told them, no? , He knows it, no? , She is coming tomorrow, no? කියලයි. ඒත් ජාත්‍යන්තර සම්මතය (Standard International English) අනුව නම් මේවා කියවෙන්නෙ තරමක් වෙනස් විදිහකට. You told them, didn’t you? , He knows it, doesn’t he? , She is coming tomorrow, isn’t she? ආදී වශයෙන් එහිදී question tags භාවිතා වෙනවා.
ලංකාවේ ඉංග්‍රීසි බස ඉතා හොඳින් දත් අය පවා බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතයේදී මේ no එක පාවිච්චි කරනවා. ලිඛිත භාෂාවේ (written language) හැරුණු විට ජාත්‍යන්තර සම්මතය අපේ රටේ අනුගමනය කෙරෙන්නේ ව්දේශිකයෙකු හා කතා කිරීමේදී හෝ වැදගත් සභාවක් ඉදිරියේ - එසේ නැතිනම් රූපවාහිණියේ - කතා කිරීම වැනි විධිමත් අවස්ථාවකදී (formal situation) පමණයි. එම නිසා no හි මෙම භාවිතය ශ්‍රී ලාංකික භාෂිත ඉංග්‍රීසියේ පිළිගත් අංගයක් (accepted form in Sri Lankan colloquial English) ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත් අඩු තරමිත් විදේශිකයන් සමග හා ලිඛිත බසේ භාවිතය සඳහා ජාත්‍යන්තර සමිමතයද (international standard ) දැන සීටීම අවශ්‍ය වෙනවා. එහිදී එකතු වන tag කොටස අදාළ වාක්‍යයේ උක්තය (noun) සහ ක්‍රියා පදය (verb) අනුව වෙනස් විය යුතු බව මතක තබා ගත යුතුයි. එසේ නැතිව අපේ සමහරෙක් මෙන් සැම විටම isn’t it? කියා යෙදීම නොගැලපෙයි.
This is correct, isn’t it?
මේක හරි නේද?
That car is Lal’s, isn’t it?
අර කාරෙක ලාල්ගෙ නේද?
Nimal is with you, isn’t he?
නිමල් ඔයා එක්ක ඉන්නව නේද?
Your parents are in Kandy, aren’t they?
ඔයාගෙ අම්මයි, තාත්තයි නුවර නේද?
Kamala loves music, doesn’t she?
කමලා සංගීතයට ගොඩක් ආසයි නේද?
These people live here, don’t they?
මේ මිනිස්සු ඉන්නෙ මෙහෙ නේද?
Your friend was here yesterday, wasn’t he?
ඔයාගෙ යාළුව ඊයෙ මෙහෙ හිටිය නේද?
All of them were very happy, weren’t they?
ඒ අය ඔක්කොම හුඟක් සතුටු උනා නේද?
Mahesh speaks English well, doesn’t he?
මහේෂ් හොඳට ඉංග්‍රීසි කතා කරනව නේද?
Both your children get good marks, don’t they?
ඔයාගෙ ලමයි දෙන්නම හොඳ ලකුණු ගන්නව නේද?
The baby is sleeping, isn’t he/she?
බබා නිදි නේද?
You are leaving now, aren’t you?
ඔයා දැන් යනව/පිටත් වෙනව නේද?
All the directors spoke yesterday, didn’t they?
ඔක්කොම අධ්යක්ෂවරු ඊයෙ කතා කළා නේද?
You have met my brother, haven’t you?
ඔයාට මගෙ අයියව/මල්ලිව හම්බ වෙලා තියනව නේද?
Most of your classmates will come tomorrow, won’t they?
ඔයාගෙ පන්තියෙන් ගොඩක් අය හෙට එයි නේද?
I am a good man, am I not? *
මම හොඳ මිනිහෙක් නේද?
*මේ ආකාරයට අනිත් tags ද සකස් කළ හැකියි. (උදා: He is here, is he not?; They saw it, did they not?) ඇතැම් අය am I not වෙනුවට aren’t I යෙදුවත් එය එතරම්ම පිළිගත් යෙදුමක් නොවෙයි.
නිෂේධාත්මක වාක්‍යවල tags යෙදෙන්නේ අනිත් අතටයි.
You didn’t go there, did you?
ඔයා එහෙ ගියේ නෑ නේද?
They aren’t here, are they?
ඒ අය මෙහෙ නෑ නේද?
එසේම never, hardly ආදී පද ආශ්රයෙන් ඇති නිෂේධාත්මක වාක්‍යවලදීත් යෙදෙන්නේ මේ ආකාරයටමයි.
She never came here, did she? එයා කවදාවත් මෙහෙ ආවෙ නැහැ නේද?
We hardly know them, do we? අපි ඒ අයව අඳුරන්නෙ නැති ගාණයි නේද?
හොඳයි, දැනට ඇති නේද? OK, that’s enough for now, isn’t it?
එහෙම නැත්නම් අපේ විදිහට කියමු OK, that’s enough for now, no?